Thursday, May 31, 2012

ධනේශ්වර ආර්ථීකයේ අවසානයට හේතුව මිත්‍ය ප්‍රාග්ධනයයි

lankahotnews.org
ලෝකයේ කිසිම රටක නැති ආකාරයට ආණ්ඩුව මැදිහත් වී බැලූම් බෝලයක් මෙන් පිම්බූ කොටස් වෙළඳපොළ අද බිඳවැටෙමින් පවතින බවත් එයට ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරයි. එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද(31) එම පක‍ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති ජනමාධ්‍ය හමුවකදී මෙම චෝදනාව ආණ්ඩුවට එල්ල කළේය.

Wednesday, May 30, 2012

රටවල් 2ක් ඇති වීම වැලැක්වීමට යුද්ධ කලාට ඇතිවී තිබෙන්නේ රටවල් 2ක්

lankahotnews.org
රටවල් 2ක් ඇති වීම වැලැක්වීමට යුද්ධ කලාට ඇතිවී තිබෙන්නේ රටවල් 2ක් යනුවෙන් වාසුදේව නානයක්කාර මහතා පවසයි. එක රටක එක විදිහේ පාලනයකුත් උතුරේ තව විදිහේ පාලනයකුත් ඇති වී ඇතැයිද ප්‍රකාශ කළේය. උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරනු යනුවෙන් රටපුරා සම්මන්ත්‍රණ පවත්වමින් වාසුදේව මහතා ප්‍රකාශ කොට ඇත. අධිරාජ්‍යවාදය පරදා විජයග්‍රහණය කිරීමට මහින්ද රාජපක්ෂ ගෙනයන වැඩ පිළවෙල

ජනතාව බිය නොවන්න රාජ්‍ය බැංකු තැන්පතු ආරක්ෂිතයි

lankahotnews.org
මෙරට බැංකු පද්ධතියේ ගිණුම්කරුවන් වෙනුවෙන් ඔවුන්ගේ තැන්පතු ආරක්ෂා කිරීමට රජය කැපවන බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන පවසයි.
ඒ අනුව රාජ්‍ය බැංකු සතුව පවතින තැන්පතු ආරක්ෂා කිරීමට රජය විශේෂ පියවර රැසක් ගෙන ඇති බවද නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා සඳහන් කරයි.
මීට අමතරව මෙරට බැංකු කඩා වැටීමටද රජය කිසිදු අවස්ථාවක ඉඩ නොතබන බවත් මහින්ද රාජපක්ෂ මහතා නිරන්තර ඒ පිළිබද

බඩු මිල අඩු කරනු කියා ගොවියෙක් හා කම්කරුවෙක් මහ පාරේ නිදි

lankahotnews.org
බඩු මිල පහත දමා ජනතාවට සහන දෙනු! නැතිනම් ගෙදර යනු ! යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ උද්ඝෝෂණයක් 29 කුරුණෑගල නගර මධ්‍යයේ ඔරලෝසු කණුව අසලදී පැවැත් විය. මෙම උද්ඝෝෂණය සදහා ජවිපෙ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා සහභාගී වූ අතර සහභාගී වූ පිරිස විවිධ සටන් පාඨ කියමින් බඩු මිල වහා අඩු කරනු වශයෙන් උද්ඝෝෂනයේ යෙදුනි. මේ අතර වර්ථමාන ගොවියෙක් හා කම්කරුවෙක් නිරූපනය කරමින් ඔවුන්

Sunday, May 27, 2012

සැබෑ අධිරාජ්‍ය විරෝධී අරගලයකින් තොරව ආණ්ඩුවේ මේ ක්‍රියාකාරිත්වය ආපසු හරවන්න බැහැ

lankahotnews.org
අධ්රාජ්‍ය විරෝධී ජනතා ව්‍යපාරය නමින් සංවිධානයක් අද බිහිවූ අතර එහි සම කැදවුම්කරු කේ.ඩී ලාල් කාන්ත මහතා අදහස් දැක්වීමක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදු කරන ලදි. ඉතිහාසයේ අන් කවරදාටත් වඩා වේගයෙන් අධිරාජ්‍යවාදී මැදිහත්වීම් සිදුකරමින් තිඛෙනවා. ආර්ථීක දේශපාලනකි සංස්කෘතික සහ සාමාජීය සියලූම අංශ ගිල ගනිමින් සිටිනවා. පසුගිය 18 වෙනිදා ජී.එල්.පීරිස් ඇමතිවරයා හිලරි ක්ලින්ටන්ට දින වකවානු සහිතව ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කිරීම

රවී කිපෙයි - මී මැස්සා වහන්නෙ හොඳ තැන්වල නිල මැස්සා වහන්නේ කුණු ගොඩවල් වල


දැඩි ඉවසීමකින් පක්ෂ අර්බුදය දෙස බැලූ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණායක මහතා එජාප විකල්ප කණ්ඩායමේ නායක සජිත් ප්‍රේමදාස මහතා තම පක්ෂයට කරන හානිය අන්තර්ජාල පුවත්පතකට මෙසේ හෙලිදරව් කොට ඇත. ආණ්ඩුව පේ‍්‍රමදාස ගුණානුස්මරණයට විශාල සහයෝගයක් ලබා දුන්නා. අපි යාපනයේ මැයි දිනය පවත්වන්න යන කොට,

නැගෙනහිර මහ ඇමති කමට පොර, මුස්ලිම් කොන්ග්‍රස් කාර්යාලයට ගිනි

lankahotnews.org
මඩකළපුව, කාත්තන්කුඩි ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නව කාර්යාලයට අද(26) අලුයම කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇති බව කාත්තන්කුඩිය පොලිසිය පවසයි.

අද පස්වරුවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, අමාත්‍ය රවුෆ් හකීම් මහතා විසින් මෙම නව කාර්යාලය විවෘත කිරීමට නියමිතව තිබූ බව ද සඳහන්ය.

Saturday, May 26, 2012

පුද්ගලික රසායනාගාර සදහා රජයේ අනුග්‍රහය

lankahotnews.org
මෛත්‍රීපාල සිරිසේන මහතා සෞබ්‍ය අමාත්‍ය වරයා ගිය වසරේ ජාතික රෝහලේ කල සංචාරයකදී රජයේ රසායනාගාර පහසුකම් අවශ්‍ය පමනටත් වඩා ඇති බවත් එහි විශ්වාසය පිළිබද කිසිදු ගැටලුවක්ද නැති නිසා පුද්ගලික රසායනාගාර වලට රජයේ රෝහල් වලින් යොමු කිරීම වහා නතර කරන ලදි. නමුත් එහි ප්‍රතිඵලයක් නොලැබුන අතර රජයේ රෝහල් පුද්ගලික රසායනාගාර වෙත රෝගීන් යොමු කිරීම ජයටම කෙරුනේ ඇමතිතුමා ගේ අණ නොතකාය. මේ පිලිබද මහින්ද රාජපක්ෂ

පූර්ණ ගෝලාඩ් ඩිජිටල් ප්‍රක්ෂේපණ යන්ත්‍රය ග්‍රහ ලෝකාගාරයට

lankahotnews.org
අධ්‍යාපනික වශයෙන් වැදගත්කමක් උසුලන ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයට විශ්වය හා සම්බන්ධිත අධ්‍යාපනික කරුණු ගණනාවක් ප්‍රදර්ශනය කර පෙන්වීමේ හැකියාව සහිත පූර්ණ ගෝලාඩ් ඩිජිටල් ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් ලබා ගැනීමට, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට මහින්ද රාජපක්ෂ මහතා විසින් දක්වන ලද අදහසකට අනුව අමාත්‍ය මණ්ඩලයට කල යෝජනාව අමාත්‍ය මණ්ඩලයේ

Friday, May 25, 2012

මෙවන් යුගයක වැඩි පඩි ඉල්ලීම මෝඩ කමක් පඩියට වඩා වැඩ කිරීමයි වැදගත් - ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමය

lankahotnews.org
පඩි ඉල්ලලා උද්ඝෝෂණ කරලා කෑගහනවාට වැඩිය ලබන වැටුපට වඩා වැඩි සේවයක් කිරීම ලංවිමට වගේ ම අද මේ රටටත් අවශ්‍යයි. ඒ සඳහා පෙළගැසෙන ලෙස ලංවිම ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමය සිය සහෝදර සේවකයන්ගෙන් ඉල්ලා සිටී.

සේවකයින් වෙනුවෙන් කතා කරනවා යැයි කියන බොහෝ වෘත්තීය සමිති සිදුකරන්නේ තම තමන්ගේ දේශපාලන න්‍යාය පත‍්‍ර ඒ ඒ ආයතන තුළ ක‍්‍රියාත්මක කිරීමයි. සෑම අවස්ථාවක ම

නොතාරිස් වරුන්ට දැඩි නීති රීති වලට යටත් කිරීමට ජනපති අණ

lankahotnews.org 
අවශ්‍යතාවලට ගැළපෙන පරිදි හා වංචනික ක්‍රියාවන් මැඩ පැවැත්වීම සඳහා නොතාරිස් ආඥා පනත සංශෝධනය  කිරීමට මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

ශ්‍රී ලංකාවේ ලේඛන ලියා සහතික කිරීමේ දී නොතාරිස්වරුන් පිළිපැදිය යුතු රීති මෙමගින් දැඩි කෙරේ.

තවද ලේඛන ‍ලියාපදිංචියේ දී නොතාරිස්වරුන් වංචනික

එස්.බී අධිකරනය ඉදිරියේ අසරනවේ

lankahotnews.org
පසුගිය උසස් පෙළ විභාගයේ Z-score ලකුණු ප්‍රදානය කිරීමේදී ඇතිවූ ගැටලු පිළිබඳ අධ්‍යයනය කිරීමට කමිටවුක් පත්කිරීමට අවසර ඉල්ලා උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක මහතා විසින් නීතිපතිනිය මාර්ගයෙන් කරන ලද ඉල්ලීමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම ඉල්ලීම

නීති විරෝධී ජංගම දුරකතන ආනයනය නැවතීමට ජිල්මාට් එකක්

lankahotnews.org
ජංගම දුරකතනයක් මිල දී ගැනීමේ දී එහි තත්ත්වය පිළිබඳව පාරිභෝගිකයින්ට පූර්ණ විශ්වාසයක් ලබා ගත හැකි නව තාක්ෂණික ක්‍රමවේදයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දෙන ලදි.
දැනට වෙළෙඳපොළ කරා පැමිණෙන නීති විරෝධී දුරකතන ආනයනය කිරීම වළක්වාලීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට නොහැකි බැවින් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම පමණක් සිදු‍ කෙරේ.

Thursday, May 24, 2012

ලාඕසය, කාම්බෝජියාව ජනාධිපතිවරුන්ට පමණක් මහින්ද රාජපක්ෂ පරදී

lankahotnews.org
අමෙරිකානු ජනමත විමසුම් සමාගමක් වන Gallup විසින් ආසියාවට අදාළව කරන ලද නවතම ජනමත විමසුමේදී ශ්‍රී ලාංකිකයින් 91% ක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙළ අනුමත කරන බව සඳහන් කරයි.

එසේම 6% ක පිරිසක් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ අනුමත නොකරන බවත්,තවත් 3% ක පිරිසක් ඒ පිළිබඳ සිය කැමැත්ත හෝ අකමැත්ත ප්‍රකාශ කර නොමැති බවත් Gallup නිල වෙබ්

භාග නිදහසක් දුන්නත් රැස්වීම් තබා ජනතාව දැනුවත් කිරීම නතර කරන්නේ නෑ

lankahotnews.org
තමාට මැතිවරණයකට තරගකිරීම හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාවක් නැතත් දේශපාලනය කිරීමට හැකියාව ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.

බන්ධනාගාරගතව සිටි සරත් ෆොන්සේකා මහතා ජනාධිපති සමාව ලැබීමෙන් පසු රොයිටර් පුවත් සේවය හා දුරකථනයෙන් එක්වෙමින් හෙතෙම මේ බව පවසා තිබේ.

ලොව උසම කුලුන ‘ස්කයිට්‍රී’ ජපානයේ

lankahotnews.org 
 ලෝකයේ උසින් විශාලතම විකාශන කුලුන (22) ජපානයේ ටෝනියෝ නුවරදී විවෘත විය. මෙම කුලුන නම් කර ඇත්තේ ‘ස්කයිට්‍රී’නමිනි. පැරීසියේ පිහිටි අයිෆල් කුලුන මෙන් දෙගුණයක උසින් සමන්විත මෙහි උස මීටර් 634කි. මෙය නිම කිරීමට වසර තුනහමාරක පමණ කාලයක් ගත වී ඇති බව වාර්තාවේ. ‘ස්කයිට්‍රී’කුලුන ඉදිකිරීම සඳහා ජපන් යෙන් බිලියන 65ක මුදලක් වැය වී ඇති අතර ලබන වසරේ සිට විකාශන

පළාත් සභා වලට කලින් පොලීසියේ ස්ථාන මාරු

lankahotnews.org
සේවා අවශ්‍යතාවය මතපොලිස් පරීක්‍ෂකවරුන් 09දෙනෙකුට පොලිස් මූලස්ථානය විසින් ස්ථාන මාරුවීමි ලබා දී ඇත.
ඒ අනුව ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අයි.යූ.කේ. ලොකුහෙට්ටි මහතා බස්නාහිර පළාත් බුද්ධි ඒකකයේ සිට වත්තල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසත් ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඒ.ඞී. සී.කේ වීරසිංහ මහතා මන්නාරම කොට්ඨාසයේ සිට කිලිනොච්චිය මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ලෙස පත් කර තිබේ.
මොණරාගල ප‍්‍රධාන පොලිස් පරීක්ෂක බී.ඩබ්ලිව්.එච්. කළණසිරි මහතා ග‍්‍රෑන්ඞ්පාස් පොලීසියේ ස්ථානාපති ධුරයටත්

සරත් ෆොන්සේකා සමග සාකච්ජා මැයිදින පෙළපාලියට සහභාගී නොවූවන් ගැන තීරණයෙන් පසු

lankahotnews.org
නිදහස ලැබු සරත් ෆොන්සේකා මහතා සමඟ ඒකාබද්ධ විපක්ෂයක් ලෙස ඉදිරි දේශපාලන වැඩ කටයුතු සිදුකි‍රීම සම්බන්ධයෙන් ද කෘත්‍යාධිකාරී මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වී ඇත. යාපනයේ පැවති මැයි දින පෙළපාලිය සඳහා සහභාගී නොවූ පුද්ගලයින්ගෙන් නිදහසට කරුණු විමසීමක්ද මේ අනුව හදිසියේ අවශ්‍ය බවයි එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේන්නේ.

Tuesday, May 22, 2012

Yahoo සමාගම චීනයේ Alibaba සමාගමට කොටස් විකුණයි

lankahotnews.org
ඇමරිකානු අන්තර්ජාල සමාගමක් වන Yahoo පසුගිය කාලයේදී Yahoo සමාගමට Google හා Facebook සමාගම් වලින් එල්ලවූ දැඩි තරගය හමුවේ අන්තර් ජාල වෙළඳ දැන්වීම් වෙළඳ පොළ සැලකිය යුතු ලෙස අහිමිවෙමින් ගියේය.

 මේ අතර Yahoo සමාගම ඩොලර් බිලියන 7.1 ක් උපයා ගැනීමට සැලසුම් කර තිබෙන්නේ සිය කොටස් වලින් සියයට 20 ක් පමණ චීනයේ විශාලතම අන්තර් ජාල සමාගම වන Alibaba සමාගම්

ෆොන්සේකා මහතා පැහැරගැනීම, සිරගත කිරීම, නිදහස් කිරීම යන සමස්ත ක‍්‍රියාදාමයට ජනාධිපතිවරයා නියෝග දුන්නා

lankahotnews.org
මේ වනවිට ආණ්ඩුවේ මාධ්‍ය සහ ආණ්ඩු හිතවාදී මාධ්‍ය වාර්තා කරන්නේ වෙන කිසිවෙකු විසින් ෆොන්සේකා මහතාව පැහැරගෙන ගිහින් දඩුවම් පැමිණවීමෙන් අනතුරුව ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් නිදහස් කරනවා යන්න තහවුරු වන වාර්තාවන්. නමුත් මේ අවස්ථාවේදී අවධාරණය කළ යුතු වන්නේ ෆොන්සේකා මහතා පැහැරගැනීම, සිරගත කිරීම, නිදහස් කිරීම යන සමස්ත ක‍්‍රියාදාමයට ජනාධිපතිවරයා නියෝග දුන් බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර

Sunday, May 20, 2012

ජවිපෙ කැරලිකාර කණ්ඩායම බිහිකිරීමේ ප්‍රබලයා පෙරටුගාමීන්ට අහිමිවේ

lankahotnews.org
ජවිපෙ කට්ටිවාදී න් ජවිපෙ කඩා දැමීමේ පුරෝගමියා හා එහි න්‍යායාචාර්ය පණ්ඩුක මහතා මේ වන විට පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් ඉවත් වී ඇත. ධනපති සමාජ උත්තර නිර්මිතයේ යෝධයෙක් වූ ධනපති දෘෂ්ටිවාදය මුළු මහත් ධනපති සමාජයම වෙලාගෙන ඇති මොහොතක මෙහි ග්‍රහණයට බලපෑමට නිර්ධන පංතියේ බහුතරයම ඇදවැටී ඇති මොහොතක ධනේශ්වර සමාජය පුරා විහිදී ගිය ධනේෂ්වර දෘෂ්ටිවාදයට එරෙහිව යෝධ මතවාදී අරගලයක යෙදෙමින් පීඩිත පංතිය

දොරට තට්ටු කරන සද්දෙට මිදුලට ගියාම මිදුල පෙරලෙනවා

lankahotnews.org
දිවයිනේ ප්‍රදේශ තුනකට අද(20) අලුයම භූකම්පන තත්ත්වයක් බලපා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
නුවරඑළිය, බදුල්ල  සහ මාතලේ දිස්ත්‍රික්කයන්ට එම කම්පන තත්ත්වය විනාඩි 02ක පමණ කාලයක් බලපා ඇති අතර භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ පල්ලේකැලේ පිහිටි භූකම්පන මානවලද එම තත්ත්වය සටහන්ව තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන ලද්දේ මෙම

ජනාධිපති රට ගියේ ෆොන්සේකාට නිදහස ලබා දීම සදහා ලේඛණ වලට අත්සන් කරලා

lankahotnews.org
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා‍ට නිදහස ලබා දීම සඳහා වන ලිපි ලේඛනවලට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අත්සන් තබා තිබේ. ඉකුත් 18වනදා ජනාධිපතිතුමා එම ‍‍ලේඛන සඳහා අත්සන් තැබූ බව ජනාධිපති ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය උපදේශක බන්දුල ජයසේකර මහතා පැවසීය.

අනතුරුව අදාළ ලේඛන ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහතා වෙත ජනාධිපතිතුමා භාරදී ඇත. ඒ අනුව

මිල්ටරි පාලනය දිගටම

lankahotnews.org
විජයග්‍රහණ දින සැමරුම් උත්සවයේදී පැමිණි සියල්ලන්ම අමතමින් කල කතාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේ, දෙමල ඩයස්පෝරාව තවමත් ශ්‍රී ලංකාව ඊලාම් රාජ්‍යයක් බවට පත්කර ගැනීමට උත්සහ දරන බැවින් උතුරේ තිබෙන කිසිම හමුදා කඳවුරක් හෝ එම ප්‍රදෙශයෙට ලබාදෙන හමුදා ආරක්ෂාව කිසිම විටෙකත් ඉවත් නොකරන බවයි.

Friday, May 18, 2012

ද්විද්ව පුරවැසි භාවය ලියාපදිංචියකින් තොරවම දෙන්න ජනපති අණ කරයි

lankahotnews.org
ශ්‍රී ලංකා පුරවැසිභාවය අවසන් කළ තැනැත්තන් වෙත ද්විත්ව පුරවැසිභාවය පිරිනැමීම විධිමත් කිරීම සහ ඔවුන් හා ඔවුන්ගේ දරුවන්ට නැවත මෙරටට පැමිණීමට හා ශ්‍රී ලංකාවේ රැදී සිටීමේ විධිමත් ක්‍රමවේදයක් සඳහා පාරිසමුද්‍රීය ශ්‍රී ලාංකිකයෝ යනුවෙන් නව යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.
රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ මෙම යෝජනාවට අනුව

ෆොන්සේකා නිදහස්කරදෙන ලෙස ජනපති කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ඉල්ලයි

lankahotnews.org
හිටපු යුද හමුදාපති සරත් ‍ෆොන්සේකා මහතා නිදහස් කිරීම සදහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගත් බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක බන්දුල ජයසේකර මහතා සඳහන් කළේය.
මේ අතර සරත් ෆොන්සේකා මහතාගේ නීතිඥයන් විසින් ඒ මහතා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා කොළඹ මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

ඇඳුම් ගලවා ඉවත දමනු - ලොව වැඩිම පිරිසක් නිරුවතින් සහභාගීවූ ජායාරූපයේ හිමිකරු

 lankahotnews.org
ලොව වැඩිම නිරුවත් පිරිසක් (1000ක් පමණ) සහභාගී වූ ඡයාරූපය අමෙරිකානු ඡයාරූප ශිල්පි Tunick ජර්මනියේදී සිදු කරන ලදි. මේ සඳහා පුද්ගලයන් දහස් ගණනක් සහභාගී කර ගෙන ඇති අතර ප‍්‍රදේශයේ පැවති ඔපෙරා ජාතික රඟහල ඉදිරිපිට මේ සඳහා යොදාගෙන ඇත.
ඔහු විසින් සම්මුඛ පරීක්ෂනයේදී ඔවුන් වෙත පවසා ඇත්තේ ඇඳුම් ගලවා ඉවත් දමන

චීනය සහ ජපානය අතර දූපත් ප්‍රශ්ණයට නැවත සාකච්ජා

lankahotnews.org
චීනය සහ ජපානය අතර දෙරට මුහුදු සීමාවන් පිළිබඳ තිබෙන ගැටලූකාරි තත්ත්වය නිරාකරණය කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් 16දින චීනයේ ගැන්ෂු නගරයේදී පැවැත්වෙනවා. වසර ගණනාවක් තිස්සේ චීනය සහ ජපානය අතර සෙන්කකු සහ ෂියායු

Thursday, May 17, 2012

සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත්වීම සඳහා පැවැත්වෙන ප්‍රායෝගික පරීක්ෂණ පවත්වන්නේ නෑ

lankahotnews.org
සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ දී පැවැති ප්‍රායෝගික පරීක්ෂණ මින් ඉදිරියට නොපවත්වන බවත් උසස් පෙළ සෞන්දර්ය විෂයන් සඳහා පැවැත්වෙන ප්‍රායෝගික පරීක්ෂණවල ගුණාත්මක බව ඉහළ නංවන බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි. සෞන්දර්ය විශ්වවිද්‍යාලයට අලුතින් සිසුන් ඇතුළත් කරගැනීමේ දී පැවැති ප්‍රායෝගික පරීක්ෂණ අහෝසි කිරීම

පෙ.ස.ප. හැරගිය නායකයින් දිමුතු ආටිගල හෙලි කරයි

lankahotnews.org
ජවිපෙ කට්ටිවාදීන් විසින් ගොඩනගන ලද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන පෙලේ නායකයන් කිහිප දෙනෙකුම පක්ෂ හැර යද්දී පෙ.ස.ප. නායකයින් ප්‍රකාශ කලේ අපට ඇත්තේ මතවාදී ප්‍රශ්ණයක් බවත් ඒ සදහා දොරගුළු විවෘත්ත බවත්ය.
මෙවර පොලොන්නරුවේදී පණ්ඩුක හා දිමුතු අබේකෝන් යන මහත්වරුන් පක්ෂය හැර ගොස් ඇති බව එහි දේශපාලන මණ්ඩල සභික දිමුතු ආටිගල මහත්මිය පිළිගෙන ඇත. දිගු වේළාවක් මේ සම්බන්දයෙන් අදහස් දැක්වූ දිමුතු ආටිගල මහත්මිය පණ්ඩුක හා දිමුතු යන අයට විප්ලවවාදී කඩිකුලප්පුවක්

Tuesday, May 15, 2012

ෆොන්සේකා නිදහස් කරන බව මම දන්නෙත් මාධ්‍යවලින් - ජනපති

lankahotnews.org
හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන බවට පැතිර යන ආරංචි තමන්ද දැන ගත්තේ මාධ්‍ය වාර්තා හරහා බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ. ඊයේ  උදැසන ලහි ලහියේ අරලියගහ මන්දිරයට පැමිණි එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් හමුවු අවස්ථාවෙදි ජනාධිපතිවරයා

ශිව ලිංගයත් යෝනි ගලත් සොරකම් කරයි - ශිව දේවාලය අනාරක්ෂිතයි

lankahotnews.org
පොළොන්නරුව පූජා භූමියේ පිහිටි විශාලතම ශිව දේවාලය නිධන් සොරුන් විසින් විනාශ කර තිබේ.

අඩි 4ක් පමණ උසින් යුත් ශිව ලිංගය ද සොරුන් විසින් රැගෙන ගොස් ඇති බවද ශිව දේවාලය ඇතුලේ ශිව ලිංගය තැන්පත් කර ඇති ගර්භ ගෘහයේ යෝනි ගල ඉවත් කර අඩි තුනහමාරක වලක් හාරා ඇතැයි ඒ පිළිබදව පරික්ෂණ සිදුකරන පුරාවිද්‍යා නිළධාරින් කියා සිටි.

නිධන් හොරු සමග දරුවා ගියේ කැමැත්තෙන්, බිලි දීම බොරුවක් පොලීසිය කියයි

lankahotnews.org
වාලච්චේන ප‍්‍රදේශයේ දරුවෙකු නිධන් හෑරීම සඳහා බිලි දීමට රැගෙන ගියේ යයි පැවසෙන මාධ්‍ය වාර්තා අසත්‍ය බව පොලීසිය පවසයි. පොලීසියේ උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවේ මාදම්පෙ ප‍්‍රදේශයේ කුකුල් ගොවිපලක සේවය සඳහා සිය කැමැත්තෙන් දරුවා අදාල වාහනයට වාලච්චේනදී නැඟ

නැවත පදිංචිකරවීමේ වැඩපිළිවෙලට ඇමෙරිකාවෙන් ජනපතිට පැසසුම්

lankahotnews.org
රජය විසින් ක්‍රියාත්මක කර ඇති නැවත පදිංචිකරවීමේ වැඩපිළිවෙළ අමෙරිකානු ජාත්‍යන්තර සංවර්ධන ආයතනයේ පැසසුමට ලක්ව තිබේ

14 පෙරවරුවේ නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතා සමඟ පැවති විශේෂ සාකච්ඡාවක දී එම ආයතනයේ මානූෂීය කටයුතු පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ට්‍රෙවර් හියුබ්ලින්ග් මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

Sunday, May 13, 2012

ඒඩ්ස් මර්ධනයට ඖෂධයක් සොයාගනී

lankahotnews.org
 ඒඞ්ස් රෝගයෙන් වැලකී HIV අසාධනය මර්ධනය කල හැකි බෙහෙතක් නිර්මාණය කර ඇති බවට අමෙරිකාවෙන් වාර්තා වේ. Truveda නම් වන මෙම පෙති වර්ගය HIV රෝග නිවාරකයක් ලෙස භාවිතා කල හැකි බවත් මෙම බෙහෙත සොයාගත් අමෙරිකානු රාජ්‍ය ආධාරක වෛද්‍ය කණ්ඩායමේ හා තවත් විද්‍යාඥයින් පිරිසකගේ මතය වේ. අමෙරිකානු ආහාර හා ඖෂධ අධිකාරිය

වීර කැප්පෙටිපොල සමග ඇමති මර්වින් එක්ව සටන් කරලා

lankahotnews.org
රට පුරා වංචාකාරී දේශප්‍රේමී ඇමති වරු බිහි වී ඇති යුගයක අධිරාජ්‍ය විරෝධී සටනකදී මරාගෙන මැරෙන සේනාංකයක් සාදමින් එහි සැබෑ උවමනාව රටට හෙළි කළේ  මර්වින් සිල්වා මැති තුමායි. ඔහුට මෙම දේශප්‍රේමී අරගලයට මැදමුලනේ සහයෝගය උපරිමයෙන් ලැබී තිබේ. ඒ සදහා මෑත කාළීන සාක්ෂිය නැවතත් කැළණියේ සංවිධායක ධූරයට මහජන සබඳතා සහ මහජන කටයුතු අමාත්‍යා මවින් සිල්වා මහතා පත් කිරීමෙනි.
 මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ දේශප්‍රේමයෙන් ඔදවැඩුනු ඇමති මවින් සිල්වා මහජන සබඳතා සහ මහජන කටයුතු අමාත්‍යාංශය මගින් ප‍්‍රතිසංස්කරණය කළ අනුරාධපුර - පරවහගම ප‍්‍රදේශයේ  වීර කැප්පෙටිපොල පිළිරුවක් විවෘත්ත කරමින් වීර කැප්පෙටිපොලට ඇති සමීපත්වය පැහැදිලි කළේ, 

ජනපති දෙල්කද වෙළෙදුන්ට මැයි දින දුන් පොරොන්දුව කඩ කරයි

lankahotnews.org
නුගේගොඩ , දෙල්කඳ පොළ පිහිටි භූමිය වෙළෙඳාම සඳහා ලබානොදීමට එම ඉඩම් හිමිකරු ගෙන ඇති තීරණය හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව තිබේ.

පෞද්ගලික හිමිකරුවෙකුට අයත් භූමියක් තුළ දෙල්කඳ පොළ පවත්වාගෙන යන අතර එය වසර 100කට අධික කාලයක් තිස්සේ පවත්වාගෙන යන බව එහි වෙළෙඳ පිරිස් පවසති.

කැනේඩියානු පුරවැසියා උතුරේ දී මරා දැමීම ගැන පරීක්ෂණයක් කැනේඩියාව ඉල්ලයි

lankahotnews.org
පසුගිය සතියේ දී අභිරහස් අන්දමින් මරා දමා තිබූ කැනේඩියානු පුරවැසියකුගේ මරණය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන ලෙස කැනේඩියානු රජය ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර ඇත. මෙම ඝාතනය පිළිබඳව ප‍්‍රකාශයක් කර ඇති ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහා කොමසාරිස් බෲස් ලෙවි පවසන්නේ කැනේඩියානු පුරවැසියෙක් වන අන්තෝනිපිල්ලෙයි මහේන්ද්‍රරාජා

Saturday, May 12, 2012

භාෂාවන් නිවරදිව පහසුවෙන් හැදෑරීමේ අවස්ථාව අන්තර්ජාලයෙන් ලබාදෙන්න ජනපති උපදෙස්

lankahotnews.org
අන්තර්ජාලය ඔස්සේ භාෂා පුහුණුව ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍යංශය සැලසුම් කර තිබේ. මෙම වැඩසටහන යටතේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව යටතේ ඇති භාෂා විද්‍යාගාර තුළ පවත්වනු ලබන පාඨමාලා අන්තර්ජාලය ඔස්සේ ලබාදීම මෙන්ම, එම වැඩසටහන් සඳහා සජීවීව සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීමද සිදු කිරීමට නියමිතය.

ජංගම දුරකතන හිමයන් විදුලි සංරක්ෂණයේ බුද්ධිමත් බලවේගයයි

lankahotnews.org
 බලශක්ති සුරක්ෂිත ශ්‍රී ලංකාවක් සඳහා යන ගමනේ දී බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතය ඉතා වැදගත් යැයි හඳුනාගනිමින් සියලු ම අමාත්‍යාංශ, පළාත් සභා, රාජ්‍ය දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලයන්හි සමස්ත රාජ්‍ය සේවකයන් ඒ පිළිබඳ ව දැනුවත් කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයත්, ජනාධිපති ලේකම් කාර්යාලයත් ඒකාබද්ධ ව විශේෂ වැඩපිළිවෙළක් දියත් කෙරිණ.

රජයේ නිලධාරීන්ට ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයන් හි පශ්චාත් උපාධි හැදෑරීමට අවස්ථාව

lankahotnews.org
වඩාත් කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් මහජනතාවට ලබාදීම සඳහා රාජ්‍ය අංශයේ සමාන ව සම්පත් සංවර්ධනය කිරීම සඳහා ජපාන මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ජපාන යෙන් මිලියන 211ක ( රු.මි. 340) ජපාන රජයෙන් ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ජපන් රජය එකඟතාවය පළ කර තිබේ.

ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය මගින් පශ්චාත් උපාධි ප්‍රදානය කිරීමට ජනපති උපදෙස්

lankahotnews.org
රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කළ යෝජනාවක් අනුව 2008 අංක 05 දරණ ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාල පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

IMF ගණු දෙණු දිගටම පැවැත්වීමට ජනපති උපදෙස්

lankahotnews.org
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින ණය වැඩසටහන 2012 ජූලි මාසයේදී අවසන් වුවත් ආයෝජකයින්ගේ විශ්වාසය තහවුරු කරමින් මූල්‍ය අරමුදල සමග තවත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ලංකාව සාකච්ඡා කරමින් සිටින බව මහ බැංකු අධිපතිවරයා කියයි.

Friday, May 11, 2012

ප්‍රමිතියෙන් තොර සුවද විලවුන් අල්ලන්න ජනපති උපදෙස්

lankahotnews.org
මෙරට භාවිතයට ගන්නා විලවුන් වර්ග සඳහා නව ප්‍රමිතිකරණයක් ලබාදීමට ජාතික විලවුන් උපකරණ සහ ඖෂධ අධිකාරිය පියවර‍ ගෙන ඇති බව එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත බෙනරගම මහතා පැවසීය.
නිසි ප්‍රමිතියකින් තොරව නිෂ්පාදනය කරනු ලබන විලවුන් වර්ග සම්බන්ධයෙන් විලවුන් අධිකාරියට පැමිණිලි රැසක් ලැබීම‍ හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

රටට අධිරාජ්‍ය විරෝධී පළල් පෙරමුණක් අවශ්‍යයි

ගිය අවුරුද්දේ වෙසක් පෝය ලබන කොට විදේශ ඇමති ජී.එල්. පීරිස් මහතා හිටියේ ඉන්දියාවේ. ඒ රාජතාන්ත‍්‍රික ගමනේ ප‍්‍රතිඵලයක් විදියට උතුරු දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කොන්ත‍්‍රාත්තුව ඉන්දියාවට ලබාදුන්නා. අපේ දුම්රිය දෙපාර්තමේන්තුවට සාර්ථකව ඉදිකිරීම් කළ හැකිව තිබියදී මේ වැඬේ කළා. මෙවර වෙසක් උත්සවය ලබන විට පෙරදා මධ්‍යම රාත‍්‍රියේ කිරි පිටි ගෑස්, සිමෙන්ති මිල විශාල වශයෙන් වැඩි කළා. මේ තත්වය යටතේ ජාතික වැදගත්කමකින් යුතු උත්සවයක් ලබන අවස්ථාවලදී මේ රටේ ජනතාව පීඩනයකට පත්වෙමින් සිටිනවා ආණ්ඩුව කුමන ක‍්‍රියාමාර්ගයක් ගනු ලැබුවත්

Thursday, May 10, 2012

සරසවි සිසුන්ට හමුදා පුහුණුව නැවතත්

lankahotnews.org
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සඳහා වන නායකත්ව සහ ධනාත්මක හැකියා වර්ධනය කිරීමේ පාඨමාලාව මැයි මස 27වන දින ආරම්භ කෙරෙන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පී. ජී. ජයසිංහ මහතා පවසයි.
මෙහි පළමු කණ්ඩායමට ශිෂ්‍යයන් 10,000කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිත අතර එම ශිෂ්‍යයින් 27වනදා සවස 06.00ට පෙර අදාළ පුහුණු මධ්‍යස්ථානවලට පැමිණිය යුතුව ඇත.

Wednesday, May 9, 2012

පෙරටුගාමී කුරුණෑගල දිස්ත්‍රික් නායක පක්ෂය හැර යයි

lankahotnews.org
ජවිපෙ කට්ටිවාදීන් පිහිටුවාගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් තව තවත් උග්‍රවී ඇති බව වාර්ථා වේ. සාමාජිකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ගරු නොකරන බවටත් නිලධාරිවාදී නායකත්වයක් බිහිවී ඇති බවටත් ජවිපෙදී දියාරු ලක්ෂණ දැරූ නායකයන් නැවත් දේශපාලන මණ්ඩලයට එක්ව ඇති බවටත් පංතියේ කාර්ය ඉටුකිරීමේලා පක්ෂයේ කාර්ය භාරය

Tuesday, May 8, 2012

කුස පබා විජය කුවේනි සමග ගැටේ

lankahotnews.org
ඉතිහාසය තේමා කොට ගත් සිනමා සම්ප්‍රදාය අද රැල්ලක් බවට පත්වී ගැටුමක් බවටද පත්වී ඇත. ඉතිහාසය තේමා කරගනිමින් වෙළදපොලට නිකුත් වී ඇති කුස පබාත් , විජය කුවේනිත් තරගයට තිරගත වෙමින් පවතී. මේ සදහා නරඹන්නන් දිනා ගැනීමට උපරිම ප්‍රචාරයක් ලබා දීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක වේ. ප්‍රේක්ෂකයන් දිනාගැනීමේ සීතල යුද්ධය පුපුරා යන්නේ කුලියාපිටියෙනි.

පිච්ච මලට ධාතුන් වහන්සේ වැඩම කලා

lankahotnews.org
වාරියපොල, ගෝනගම අළුපොතගම ආරාමයේ පැවති වෙසක් පිංකම් මාළාවේ ධාතු ප්‍රධර්ශණය වැදගත් තැනක් උසුලන ලදි. ඊට යාබද වැල්ලාගලට ධාතුන් වැඩම කරවීමට 06 අළුපොතගම ආරාමයේ මෙහෙනින් වහන්සේ නමක් ගම් වාසීහු ඉදිරියේ ධාතුන් වහන්සේ විවර කළෝය. ජායා රූප ගැනීම තහනම් කල මෙහෙනින්

ප‍්‍රංශයේ නව ජනාධිපති එරට සමාජවාදී පක්ෂයේ ෆැන්සුවා හොලන්ඩේ

lankahotnews.org
ප‍්‍රංශයේ හිටපුජනාධිපති නිකොලොස්සාර්කෝසි පරාජයට පත් කරමින් ඔලන්ඩ් මෙම ජයග්‍රහණය හිමි කරගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරනුයේ ප්‍රංශ ජනාධිපතිවරණයේ දෙවන වටයෙන් ෆැන්සුවා හොලන්ඩේ ජය හිමිකර ගෙන ඇත්තේ සියයට 51.7ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමිනි. නිකොලොස්සාර්කෝසි ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 48.3කි.

Monday, May 7, 2012

විවාහක හිමිනම අධිකරණය හමුවට

lankahotnews.org
වෙනත් නමකින් පෙනී සිටිමින් තරුණියක් විවාහ කරගත් හිමිනමක් නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.නාවලපිටිය, අළුත්ගොඩ,දෙකිඳ ප්‍රදේශයේ විහාරස්ථානයක වයස අවුරුදු 25ක් වන හිමිනමක් වෙනත් නමකින් පෙනී සිටිමින් 2010 වර්ෂයේදී කැටගොඩ,උඩුගම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියක් විවාහ

බාල ගුවන් යානා තෙල් නිසා ගුවනේ අනතුරු නෑ

lankahotnews.org
පසුගිය කාලයේදී මෙරටට ගෙන්වූ බාල පෙට්‍රල් තොගයක්‌ නිසා මෝටර් රථ වාහන මහමඟ නතර වූ අතර අවසානයේ තෙල් සංස්‌ථාවට ඒ වෙනුවෙන් වන්දි ගෙවීමට ද සිදුවිය.  මෙවරද සිංගප්පූරු බිට්‍රිෂ් පෙ‍ට්‍රෝලියම් සමාගමෙන් මෙරටට ආනයනය කරන ලද ගුවන් යානා තෙල්

ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යයට, ත්‍රී පෝෂ පිටරටට


lankahotnews.org
මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ ඉදිරි මාස තුන ඇතුළත ත්‍රිපෝෂ අපනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.
පෞද්ගලික අංශය යටතේ ක්‍රියාත්මක වූ ත්‍රිපෝෂ නිෂ්පාදන කර්මාන්තශාලාව මීට වසර කිහිපයකට පෙර රජයට පවරා ගැනීමත් සමඟ ත්‍රිපෝෂ නිෂ්පාදන සීඝ්‍ර ලෙස ඉහළ ගිය බවද සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.