Wednesday, May 29, 2013

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නුවර ඒළිය දිස්ත්‍රික් ලේකම් ආසිරි පක්ෂය හැර යයි


ගම්පහ දිස්ත්‍රික්කයේ ජවිපෙ සතු සම්පත් මංකොල්ල කෑමේ ලොකුම කාර්ය භාරය ඉටු කළේ ආසිරි තිලකරත්න මහතායි. ඒ කාර්යභාරය නිසාම දිස්ත්‍රික් ලේකම් කමකින් පිදුම් ලැබීය. නමුත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජාතික ගැටලුව සම්බන්ධ විවාදයේදී වරුණ හා අශෝක පිල නියෝජනය කරන ප්‍රභලම චරිතයක් වුනා.  දැනට දේශපාලන කටයුතු නවතා ගෙදරට වී සිටින ආසිරි මහතාට පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් ගැටුලුව සාකච්ජා කිරීමේ දිනයක් ලබා දී ඇත.

සාම්පූර් නොරොච්චෝල තෙවන අදියර කොහොම හරි අවසන් කරනවා එතකන් විදුලිය පාඩුපිට


විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය යනු ඉතා වගකීමෙන් වැඩරමින් මහින්ද චින්තන ප්‍රතිපත්තිය රටතුල තහවුරු කරන වීර කාන්තාවකි. ඇය බොරු නොකියයි. විදුලි බලයෙන් රට ඒකාලෝක කිරීම හැර ඇයට වෙනත්කිසිම අදහසක් නැත. මහින්ද චින්තන ඉදිරිදැක්මට අනුව ශ‍්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කරා යන ගමනේදී ශ‍්‍රී ලංකාවේ සියලුම ගම්මාන විදුලියෙන් ඒකාලෝක කිරීමේ වැඩසටහන යටතේ බලංගොඩ මැතිවරණ කොට්ඨාසයේ

ධර්මාශෝක පිඹුරෙක්වී ඉපදුනා මම පිරිත් අහනවා-මර්වින්, රටේ ප්‍රශ්ණ වලට හේතුව පනසල් නොමැතිකම-ගොඨාභය


ඊළඟ ආත්මය තීරණය වන්නේ ජීවිතයේ අවසන් අවස්‌ථාවේ සිහියට නැගෙන සිතුවිල්ල අනුව බව තමා හොඳින් අවබෝධ කරගෙන සිටින බැවින්, තමා දිනපතා පිරිත් කියන බවත්, පිරිත් අහන බවත් අමාත්‍ය මර්වින් සිල්වා මහතා සඳහන් කරයි.
වෙහෙර විහාර අසූහාර දහසක්‌ කළ බව කියන ධර්මාශෝක අධිරාජයා තම ජීවිතයේ අවසන් අවස්‌ථාවේ පහළ වූ පාපී සිතුවිල්ලක්‌ නිසා මහා පිඹුරෙකුව ඉපදුන බව පැවසු ඇමතිවරයා, එනිසාම හැම විටම දැහැමි සිතුවිලි ඇතිව ජීවත්වීමේ වැදගත්කම පැහැදිලි කළේය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩලය 08ට බසී


පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජී කුලරත්න මහතා කලින් වාර්ථා වූ පරිදි එහි දේශපාලන මණ්ඩලයෙන් ඉවත් වුනා නොවේ. දැනට මාස 03කට කලින් එහි මධ්‍යම කමිටුවට යෝජනාවක් ගෙන එමින් ජන්ද විමසීමකින් අනතුරුව ඉවත් කොට ඇත. ඊට හේතු ලෙස 1 පක්ෂය පිහිටවූ දින සිට වැඩ වලට සම්බන්ධ නොවීම 2 ඔහු තුල පිහටා ඇතැයි සැලකෙන ජාත්‍යන්තර සභාගවාදී ස්වභාවය පිළිබද පද පුබුදු ජාගෙඩ මහතා ඇතුලු පිරිසට ඇතිසැකය. 3 මුදල් ලේකම් කම පිළිබද විශේෂ

Tuesday, May 28, 2013

පැරණි ජාතිවාදී ව්‍යාපාරයේ ගෙරි මස් විරෝධය සමාජගත කිරීමේ අවුල


ශ්‍රී ලංකාවේ නිදහස් අරගලයේ ජාතික ව්‍යාපාරයක් නොතිබුණි ඒ වෙනුවට තිබුණේ ජාතිවාදී ව්‍යාපාරයන්. සිංහල ජාතිවාදී ව්‍යාපාරවල ප්‍රභලම ඉල්ලීම වූයේ බුද්ධාගම ඇදහීමේ නිදහස සදහා අවශ්‍ය පරිසරය අධිරාජ්‍යවාදීන්ගෙන් ලබා ගැනීමටයි. එදා ඔවුන් සිංහලයාට සුද්දෝ ගෙරි මස් කෑමට පුරුදු කොට ඇති බව පවසමින් විරෝධතා දැක්වීය. නමුත් අධීරාජ්‍යගැති පාලනයන් රටේ තහවුරු වූ අතර ඉන් අනතුරුවද ජාතිවාදී ව්‍යාපාර එම අධිරාජ්‍යගැති පාලනයනයේ ආරක්ෂකයන් බවට පත් විය. නමුත් ඔවුන්ගේ ජාතිවාදී අතීත සටන් පාඨ අකුලා ගැනීමේ කැමැත්තක් දිස්නොවුන අතර හදිසියේ මතුවූ හරක්මස් කෑමේ

උතුරු පළාත් මැතිවරණය දික්ගැෙසන ලකුණු


උතුරු පළාත් සභා මැතිවරණය සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට ආණ්ඩුව කලින් සැලසුම් කර තිබුනත් අඩුම තරමේ එය ඔක්‌තෝබර් මාසට හෝ කල්තැබිය යුතුයැයි ආණ්ඩුපක්ෂය තුල තහවුරු වී අැත.
පළාත් සභා බලතල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් පැණ නැග ඇති ආණ්ඩුවේ අර්බුදය හැකි ඉක්මනින් විසඳා කෙසේ හෝ ඡන්දයකට යායතු බවට ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ ස්ථාවරය වී

Thursday, May 16, 2013

ජී කුලරත්න දේශපාලනෙයන් ඉවතට


පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ජී කුලරත්න මහතා දේශපාලන ජීවිතයෙන් සමුගෙන තම බිරිදගේ ආචාර්ය උපාධිය සදහා එංගලන්තය සදහා පිටත් වීමට තීරණය කොට තිබේ. මධ්‍යස්ථ ස්වරෑපයක් මවා පෑවද කට්ටිවාදී දේශපාලනයේ ආරම්භක සමාජිකයෙක් වු කුලරත්න මහතා එම දේශපාලන තීරණයට බොහෝ කාලයක් ගනිමින් සම්බන්ධ විය. සංවිධාන විශ්වාසයට වඩා පුද්ගල විශ්වාසයත් වූ ස්වභාවයත් ඒ වන විට කුලරත්න මහතාගේ දේශපාලන පිරිහීමත් මූල්‍ය විනය පිරිහීමත් කට්ටිවාදී දේශපාලනයට ගොදුරු වීමට හේතු විය. මෙවැනි දේශපාලන පිරිහීමක් මීට පෙර ජී කුලරත්න මහතාගෙන් දිස් නොවීය. කට්ටිවාදය ආරම්භයත් සමග පියවර කිහිපයකින් ජවිපෙ බලය

Tuesday, May 14, 2013

ප්‍රේම කුමාර ගුණරත්නම්ගේ කොන්ඩම් ස්වයං විවේචනය මග හැරීම


පෙරටුගාමී සමාජවාදී පක්ෂය උපතේ සිටම ගොඩ නැගුවේ ව්‍යාජ දේශපාලන සම්ප්‍රදායකි. එහි නායක ප්‍රේම කුමාර ගුණරත්නම් මහතා ශ්‍රී ලංකාවේ දී අත්අඩංගුවට පත්වන විට  ඔහුට අවශ්‍යව තිබුනේ තම අනන්‍යතාවය ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකාවතුල දේශපාලනය කිරීමේ උවමනාවක් නොව ඕස්ට්‍රේලියාවේ තම පුද්ගලික ජීවිතය ගෙවා දැමීමට උනන්දු වීම බව ප්‍රකාශයට පත් විය. අනෙක අත්අඩංගුවට පත්වන විට තමන්ට කිසිදු චෝදනාවක් නොතිබුණ බවද එසේ තිබුණා නම් ස්ථිර ලෙසම ධනපති පොලීසිය තමන්ව ඕස්ට්‍රේලියාවට නොයවන බවත් එසේ වූයේ එවැනි චෝදනා නොමැති නිසා බවද ප්‍රේම කුමාර ගුණරත්නම් මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වීය. (2012 /04/12 ඉරිදා ලක්බිම කුමාර් ගුණරත්නම් හා දිමුතු

ජමින්ද සිරිවර්ධන කට්ටිවාදී දේශපාලනයෙන් ඉවතට

ජවිපෙ කට්වාදී දේශපාලන ප්‍රවනතාවය මේ වන විට තම උපතින්ම උරුම වූ අවසානය අත්පත් කොට ගනිමින් සිටියි. ජවිපෙ දේශපාලනය පත්තර වලින් කරන්නේ යැයි හඩ තැලූ මෙම ප්‍රවනතාවය තම මධ්‍යමකාරක සභාව රැස්වන දිනය හා එහි ගැටලු මාධ්‍ය වල පිටු සැරසීමට යොදා ගනී. උපතින්ම අවස්ථාවාදී නිර්ධන පංති දේශපාලනයකට ප්‍රෙව්ශවූ මෙම ප්‍රවනතාවය නවතම ගොදුර මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් දේශපාලන කරලියට පැමිණි ජමින්ද සිරිවර්ධනයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වරුණ දීප්ත රාජපක්ෂ මහතා

Sunday, May 12, 2013

ඇමති විමල් ආණ්ඩුවේ ඉදල තියෙන්නේ බුරුලෙන් අල්ලන්


ජාතික අරගලයේ නිමා නොවුන කර්තව්‍යන් ඉටුකල හැක්කේ ජනාධිපති මහින්ද රාජපක්ෂට බව නිතර නිතර මාධ්‍ය  හමුවේ අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා දැන් පවසන්නේ තමන් මෙපමණ කලක් ඇමති කම අල්ලන් හිටියේ බුරුලෙන් බවයි.
යුද්ධය වකවානුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතා උනන්දුවකින් කැපවීමකින් තමන්ව යුද්ධය සදහා සම්බන්ධ කරගත්තා පමණක් නොව ත්‍රීරෝද රථ රියැදුරාද එම ක්‍රියාන්විතයට සම්බන්ධ කරගත්තා යැයි ද, එවැනි කණ්ඩායම් ක්‍රියා කාරීත්වයක් අද නැති බවද විමල් මහතා පවසයි. තමන්ව එවැනි දේශපාලන උනන්දුවක් හැදීමට සමත්වූ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් කලේ අති ගරු මහින්ද රාජපක්ෂ ජනපති බවත්  එවැනි