Thursday, January 2, 2014

දරුවන් හා කාන්තාවන් වෙනුවෙන් සේවය කිරීම සුවිශාල පුණ්‍යකර්මයක් - අමාත්‍ය තිස්ස කරල්ලියද්ද


මේ රටේ අහිංසක දරුවන් හා කාන්තාවන් වෙනුවෙන් සේවය කිරීම රැකියාවකට වඩා සුවිශාල පුණ්‍යකර්මයක් ලෙස සිතිය යුතු බවත්, නිදහස් අධ්‍යාපනයේ නිසි ඵල ලබාගත් සියලුදෙනා ජනතා මුදලින් වැටුප් ලබමින් රටට ජනතාවට නිසි සේවයක් කළයුතු බවත්, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය  තිස්ස කරල්ලියද්ද මහතා පවසයි.


2014  නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම සඳහා රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව කියවීමෙන් අනතුරුව 01 සෙත්සිරිපාය පිහිටි ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයීය ශ්‍රවණාගාරයේ පැවති උත්සව සභාව අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.


''කාන්තාවන් සහ දරුවන්  වෙනුවෙන්  හොඳ සේවයක් කිරීමට නම් මේ අමාත්‍යාංශයේ සියලු ම අංශ ප්‍රධානීන්, සෙසු සේවකයන් එක්ව පොදු ඉලක්කයක් සාමූහික එකමුතුකමක් ඇතිව කටයුතු කළයුතුයි. . තමන් ජනතා මුදලින් යැපෙන බව රාජ්‍ය සේවකයා සෑමවිටම සිහිතබාගත යුතුයි. ඒ අනුව කටයුතු කළ යුතුයි. ජනාධිපතිතුමන්ගේ ආශිර්වාද ඇතිව අප අමාත්‍යාංශයේ සියලු ම අංශවල සේවක පුරප්පාඩු සඳහා පසුගිය වසරවල උපාධිධාරීන් බඳවා ගත්තා. දැන් එම නවක නිලධාරීන්ගේද සහය ඇතිව උතුරු නැගෙනහිර ඇතුළුව රටේ සියලු ම පළාත්වල ළමා සංවර්ධන හා කාන්තා කටයුතු වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදුකරමින් සිටිනවා.ඔහු පැවසීය.ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එරික් ඉලයප්ආරච්චි මහතා ද මෙහිදී අදහස් දැක්විය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ සියලු ම අංශ ප්‍රධානීන් ඇතුළුව එම අමාත්‍යාංශයේ නිලධාරීහු සහභාගිවූහ.


No comments:

Post a Comment