Thursday, January 2, 2014

දරුවන් හා කාන්තාවන් වෙනුවෙන් සේවය කිරීම සුවිශාල පුණ්‍යකර්මයක් - අමාත්‍ය තිස්ස කරල්ලියද්ද


මේ රටේ අහිංසක දරුවන් හා කාන්තාවන් වෙනුවෙන් සේවය කිරීම රැකියාවකට වඩා සුවිශාල පුණ්‍යකර්මයක් ලෙස සිතිය යුතු බවත්, නිදහස් අධ්‍යාපනයේ නිසි ඵල ලබාගත් සියලුදෙනා ජනතා මුදලින් වැටුප් ලබමින් රටට ජනතාවට නිසි සේවයක් කළයුතු බවත්, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය  තිස්ස කරල්ලියද්ද මහතා පවසයි.


2014  නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම සඳහා රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව කියවීමෙන් අනතුරුව 01 සෙත්සිරිපාය පිහිටි ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයීය ශ්‍රවණාගාරයේ පැවති උත්සව සභාව අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

AK47 නිපදවූ සෝවියට් පුරවැසියා මිය යයි


AK47 යනු   යුදලොව පුරා භාවිතයට ගැනුණු ජනප්‍රිය ස්වයංක්‍රීය රයිපලයයි. එය නිර්මාණය කළේ රුසියානු ජාතික මිහායිල් කලෂ්නිකොව්ය.  පසුගියදා ඔහු මියගිය පුවත රුසියානු මාධ්‍යය විසින් වාර්තාකරනු ලැබීය..
මියයන විට ඔහුගේ වයස අවුරුදු 94කි. ඔහු ඉපදුනේ 1919 රුසියාවේ අල්තායි ප්‍රත්‍යන්ත කඳුකරයේය. ඔහුගේ පවුලේ සහෝදර සහෝදරියන් ගණන 17කි.

11වන ලෝක යුද්දයේදී නාසි ජර්මනිය සමාජවාදී සෝවියට්