ලංකාවේ සිනමා ශාලා පිරී ඉතිර වීමට උදාර පල්ලියගුරුගේ සුපර් සික්ස් සිනමා කෘතිය අධ්‍යක්ෂණය කොට ඇත. ලංකාවේ වැඩිම වියදමක් දැරූ චිත්‍රපටිය මෙය බවයි උදාර පල්ලියගුරුගේ හදුන්වන්නේ. මෙතරම් මුදලක් වියදම් කොට කරපු දේ කුමක් දැයි ඇසූ විට උදාර පල්ලියගුරුගේ පවසන්නේ අපි මල් පෝච්චිය ගෙදරින් ගෙනිච්චෙ නැහැ. ඒවා වෙනම ගෙනාවා. අපි ඇඳුම් නළුවන්ට ගේන්න කිව්වෙ නැහැ. මයිකල් විජේසූරිය ඒවා නිර්මාණය කළා. අනික අපි රටවල් විශාල ප්‍රමාණයකට ගියා රූගත කරන්න. අපි ඒවට ගියේ
වෘත්තීය චිත්‍රපට කරුවො විදිහට මිසක් සංචාරකයෝ හැටියට නෙවෙයි, අපි හෙලිකොප්ටර් වලින් ගිහින් රූගත කලා ඒත් ඒ දසුන් නොසෙලවෙන විදිහට එන්න ගැජට් එකකකුත් දැම්මා යනුවෙනි. ඔහු මෙම වියදම් කිරීම හදුන්වන්නේ වානිජ සිනමාවේ ආරම්භය බවයි. මෙය මහින්ද රාජපක්ෂ රට පාලන කල යුගයට සමානය. ණයට සල්ලි ලැබෙන නිසා මහා පරිමාණ ව්‍යපෘති කලා. සොබන වියදම විතරයි ලාභයක් නෑ.

තරුණ නිෂ්පාදක දෙපලක්වන ඒස්. සදේශ් කුමාර් හා ශී‍්‍රමතී සදේශ් කුමාර් මේ සදහා මුදල් වියදම් කොට ඇත. ඔවුන් දෙපල මුදල් වියදම් කරන ආකාරයෙන් පෙනී යන්නේ ලාංකීය සිනමා කර්මාන්තය තම අනසකට ගැනීමේ සැලැස්මක් ඇතිව කටයුතු කරන බවයි. තරුණ චිත‍්‍රපට නිෂ්පාදක යුවල විසින් පිහිටුවාගන්නා ලද රියල් ඉමේඡ් ප‍්‍රයිවට් ලිමිටඞ් චිත‍්‍රපට සමාගම විසින් කුස පබා සදහාද හවුලේ මුදල් වියදකොට ඇත. ඔහු මේ වන විට ජැක්සන් ඇන්තනි සමග මාර්තු 23 මනමේ සිනමා කෘතියේ නිෂ්පාදන කටයුතු ආරම්භකොට ඇත. ප්‍රවේගය හා මායා සිනමා කෘතීන්ට මුදල් දායකත්වය මෙම දෙපලගෙනි. ඔවුන් මේවාට යටකරන මුදල් සම්භාරයන් දකිද්දී සිනමා කේෂ්ත්‍රයේ දැඩි කථා බහට ලක්වී ඇත.
මෙම මුදල් වියදම් කිරීමට රජගෙදර අනුමැතියනම් ලැබී තිබේ. සුපර් සික්ස් චිත්‍ර පටයේ ගීත ඇල්බමය ජනාධිපතිතුමාට පිළිගැන්වීමක් මහනුවර ජනාධිපති මන්දීරයේදී සිදුවුනි. එහිදී චිත්‍රපටයේ නිෂ්පාදක සදේශ් කුමාර් මහතා විසින් ඇල්බමය ජනාධිපතිතුමා හට පිළිගන්වන ලද අතර එම අවස්ථාවට චිත්‍රපටියේ අධ්‍යක්ෂ උදාර පල්ලියගුරුගේ මහතාත් සම නිෂ්පාදක ශ්‍රීමති සදේශ් කුමාර් මහත්මියත් සහභාගීවිය.
නමුත් ජනාධිපති තුමාත් නැරඹූ මෙම සුපර් සික්ස් ජවනිකා වලට කිසිදු විරෝධයක් මෙවන තෙක්ම දක්වා නැත. ජනාධිපතිතුමාද මෙම සිනමා කෘතිය පවුලේ සැමට නැරඹිය හැක්කක් ලෙස අනුමත කරන්නට ඇත.
නමුත් සුපර් සික්ස් යනු ලංකාවේ ලිංගික වෙලදපොල ඉලක්ක කොටගෙන සැකසූවක් බවයි විචාරකයින් පවසන්නේ. මෙහි කථාව සදේශ් කුමාර්ගේ අදහසකි. උදාර පල්ලියගුරුගේ තම තාක්ෂණික අත්හදා බැලීම් සදහාත් අධික මුදල් ගෙවා නිලියන්ගේ අඩ නිරුවත පෙන්වා හොද ලිංගික වෙළද පොලක් සකස් කොට ගන්නට ඇත.
චිත‍්‍රපට හා ටෙලි නාට්‍ය නිළියක් වන රශී පබෝධා සංදීපනීගේ සරාගී පෙනුමට අධ්‍යක්ෂක වරයා අසා ඇත්තේ කවුද අර කෑල්ල කියායි. එහි සවිස්තරාත්මක විස්තරය නම් නකල්ස් කඳුවැටියේදී රූගතවූ දර්ශනයකට ඉතා සරාගී පෙනුමක් ආරූඪ වන අකාරයට පබෝදාව වේශ නිරූපනය කර තිබූ අතර, සිද්ධිය නොදත් අධ්‍යක්ෂවරයා ඇය දුටු පමණින් ළඟ සිටි අයකුගෙන් ‘කවුද අර කෑල්ල’ යැයි විමසූ බව පැවසේ. මීට පිළිතුරු ලෙස චිත‍්‍රපටයටදායක වූ අයෙක් පවසා ඇත්තේ ‘අපි දන්න කෑල්ලක්’ බවයි. එම දර්ශනය අවසන්වීමෙන් පසුව සිද්ධිය පිළිබඳව දැනගත් පබෝදා අදාළ අධ්‍යක්ෂවරයාගෙන් සුවදුක් විමසන්නට පැමිණ ඇති අතර, ඔහු ඇය මගහැර ගිය බවද වාර්තා වේ.
මෙසේ අධ්‍යක්ෂක වරුන්ද ලිංගික උත්තේජනයට පත්කරමින් බිහිවූ සුපර් සික්ස් යනු තනිකරම නිලියන්ගේ අඩ නිරුවත ප්‍රදර්ශණය කිරීම හා ඒ හරහා ගොඩනැගෙන වෙලදපොල ඉලක්කයක් පමණි.
මේ පිළිබද වෙබ් අඩවියක මෙම කවි පංතිය පලවී තිබුනි
කලු ගල් සුදු ගල්ද එක එක ගල් පෙන්නා

බොලිවුඩ් සිහිනයෙන් මුසපත්වී ඉන්නා
අපේ අයට බොලිවුඩ් දැන් පෙන්වන්නා
සිංදු වලට විෂුවල් නියමෙට ඇතිය
බොලිවුඩ් තරමටම තියෙනව එහි ගතිය
අන්දල ගත්තොතින් සිටිනා රූමතිය
පෙන්විය හැකිය අපහට හොලිවුඩ් ගතිය
වියතක් දිගට ඇති සායක් ඉනෙහි සිට
ඇඳගෙන සිටියි බොලිවුඩ් නිලියක ලෙසට
රෑබර ගතිය තරමක් වැඩිකර ගන්ට
ගවුමක් ඇන්දුවා ඒකත් තව කොටට
කොටට ඇඳන් ඔය විදිහට සිටින විට
වාඩිවෙන්න නොහැකිය සිතු සිතු ලෙසට
අඩ නිරුවත නුඹෙ ලොවටම පෙනෙන කොට
මොකටද ඇඹරෙන්නෙ නංගියෙ ඔය ලෙසට
ඇඳගෙන මෙලෙස වයිවාරණ ඇඳුම් කැඩුම්
පානව ලොවට මේ විදියට අනග රැඟුම්
ආවත් මෙලෙස නුඹලාහට රැවුම් ගෙරුම්
පෙන්නාපන් අක්කෙ තව කැවුම් කැවුම්
රාගය කාම තණ්හා ඉස්මතු වේය
මිනිසුන් කෙරෙන් ලැජ්ජා බය දුරු වේය
දූෂණ රටේ තවදුරටත් වැඩි වේය
කොසොල් රජුගෙ සිහිනය ඇත්තක් වේය





මේ KPගේ සල්ලි නේද?
ReplyDeleteනාමල්ට () බඩු සපයන්නේ පල්ලියගුරු
ReplyDeleteටෙලි ගණිකාවන් හිග හින්ද සල්ලි දීලා කෙල්ලෝ අයාලේ යවන්න හදපු වැඩක් මේක
ReplyDeletesadesh kumarge history eka mokadda?
ReplyDeletemohuta salli labena krama monawada?
මහින්ද රාජපක්ෂ ඔය CD එක බැළුවද කියල හරියටම හොයන්න ඕනේ. මට නම් හිතෙන්නේ එතුමට තියෙන වැඩත් එක්ක ඕක බලන්නේ නැතිව ඇති. ඒත් උත්සවයට සහභාගී වෙන්න කලින් කාගෙන් හරි අහන්න තිබ්බනේ.
ReplyDeleteපබෝදාට නම් සහේලිට වුන වැඩේ වෙන්නේ නෑ
ReplyDeleteela pabo ela
ReplyDeletejangi galawana sinamawa
ReplyDeletesaheli dan wada
ReplyDeleteTeli natya niliyan thamange gawurawaya raka ganna ona.
ReplyDeletewhat is wrong with this film?
ReplyDeleteumbala websayit thahanam karanakota kiyanne sadhaachaara police kiyalaa.
Ai ape kello gala pennuwama monawaa wenawadha?
anika oya film ekea kaamuka theamawaak nAa
gala pennuwaama kulappu wenne wal hith thiyana hora upaasakayanta
ඒකිගේ මිනිහට අව්ලක් නැත්නම් උඹලට පාන්ද?
ReplyDeleteGala newe katha ubalage hitha kathay eakai aula
ReplyDelete