Friday, June 8, 2012

අන්තරය රැක ගැනීමට ජවය, ශක්තිය එකතු කිරීම සමස්ත ශිෂ්‍ය ව්‍යාපාරයේ වගකීමක් - සමාජවාදී ශිෂ්‍ය සංගමය

lankahotnews.org
දැන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තහනම් කරන්න, එහි ප‍්‍රතිරූපයට හානි කරනන ආණ්ඩුවේ හෙංචයියන් විසින් වැඩ පිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. නිදහස් අධ්‍යාපනය රැකගැනීම සඳහා අ.වි.ශි.බ.ම. විශාල ඓතිහාසික කාර්යභාරයක් ඉටුකළා. එම අරගලවලදී අ.වි.ශි.බ.ම. කැඳවුම්කරුවන් 11 දෙනෙක් ජීවිත පරිත්‍යාග කළා. අන්තරය රැක ගැනීමට ජවය, ශක්තිය එකතු කිරීම සමස්ත ශිෂ්‍ය ව්‍යාපාරයේ වගකීමක්. ආණ්ඩුවේ
මර්දනකාරී කුමන්ත‍්‍රණයට හසු නොවී ශිෂ්‍ය ව්‍යාපාරය රැකගැනීමට පෙළගැසෙන ලෙසට අපි සමස්ත ශිෂ්‍ය ප‍්‍රජාවගෙන්ම ඉල්ලා සිටිනවා යනුවෙන් අදහස් දැක්වූයේ සමාජවාදී ශිෂ්‍ය සංගමය මාධ්‍ය සාක්ච්ජාවක් කැදවමින්.



නිදහස් අධ්‍යාපනය රැකගත හැක්කේ අධිරාජ්‍යවාදයත්, ධනපති ක‍්‍රමයත් රාජපක්‍ෂ ආණ්ඩුවත් එකවර පැරදවීමෙන් පමණයි. නිදහස් අධ්‍යාපනය රැකගන්න ඉදිරියට එන ශිෂ්‍යයින්ට ආණ්ඩුව මර්දනය දියත්කර තියෙනවා. ආණ්ඩුව මේ අවුරුද්ද පටන්  ගන්න විටම ශිෂ්‍ය සංගම් 25ක් තහනම් කළා. දැන් ඉලක්ක සහගත ලෙස ශිෂ්‍ය කි‍්‍රයාකාරින්ට පහර දෙනවා. යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ පරමලිංගම් දර්ශාන් ශිෂ්‍යයාට විශ්වවිද්‍යාලය අසලදී හමුදා මුර පොළක් අසලදී අමානුෂික ලෙස යකඩ පොලූවලින් පහර දුන්නා. ඊට මාස 6කට පෙර එම ශිෂ්‍ය සංගමයේම ලේකම් සුබ‍්‍රමනියම් තවපාලන් ශිෂ්‍යයාටත් මෙලෙසම පහර දුන්නා. දැන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තහනම් කරන්න, එහි ප‍්‍රතිරූපයට හානි කරන් ආණ්ඩුවේ හෙංචයියන් විසින් වැඩ පිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. නිදහස් අධ්‍යාපනය රැුකගැනීම සඳහා අ.වි.ශි.බ.ම. විශාල ඓතිහාසික කාර්යභාරයක් ඉටුකළා. එම අරගලවලදී අ.වි.ශි.බ.ම. කැඳවුම්කරුවන් 11 දෙනෙක් ජීවිත පරිත්‍යාග කළා. අන්තරය රැක ගැනීමට ජවය, ශක්තිය එකතු කිරීම සමස්ත ශිෂ්‍ය ව්‍යාපාරයේ වගකීමක්. ආණ්ඩුවේ මර්දනකාරී කුමන්ත‍්‍රණයට හසු නොවී ශිෂ්‍ය ව්‍යාපාරය රැුකගැනීමට පෙළගැසෙන ලෙසට අපි සමස්ත ශිෂ්‍ය ප‍්‍රජාවගෙන්ම ඉල්ලා සිටිනවා.
ලංකාවේ ශිෂ්‍ය මර්දනය සහ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වැඩවලට එරෙහිව ලංකාවේ ආණ්ඩුවට බලපෑම්කරන යෝජනාවක් ලෝක ප‍්‍රජාතන්ත‍්‍රවාදී තරුණ සම්මේලනයේ මහා සභාවේදී සම්මත කර ගැනීමට සමාජවාදී ශිෂ්‍ය සංගමයට හැකි වුණා. ඒ වගේම නිදහස් අධ්‍යාපන සුරැකීම සඳහා වෘත්තීය සමිති, ශිෂ්‍ය සංගම්, බහුජන ව්‍යාපාර එකතු කරගත් පුළුල් පෙරමුණක් අප ගොඩනගා තිබෙනවා. ඒ වගේම නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ අරගලය වඩා ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට සමාජවාදී ශිෂ්‍ය සංගමයේ 4 වන ජාතික මහා සමුළුව 2012 ජූනි 11 වන දින සවස 3.00ට කොළඹ නව නගර ශාලාවේදී පවත්වනවා. සමාජවාදී ශිෂ්‍ය සංගමය තමන්ගේ ජාතික සමුළු 1980, 2002හා 2008 යන වසරවලදී පැවැත්වූවා. මෙවර සමුළුවේ තේමාව ‘‘අධ්‍යාපනයේ සම අයිතිය වෙනුවෙන් - සමාජවාදය සඳහා සටන් කරමු’’ යන්නයි. රට පුරා විසිරී සිටින සමාජවාදී ශිෂ්‍ය සංගමයේ නියෝජිතයන් හා විදෙස් නියෝජිතයන් සමුළුවට සහභාගී වීමට නියමිතයි.
මෙම මාධ්‍ය සාකච්ඡුාව සඳහා මොරටුව විශ්ව විද්‍යාලයේ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ලේකම් දසුන් උදාර, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ලේකම් රංගන ලක්මාල් දේවපි‍්‍රය හා බුද්ධිකා හේෂානි යන අයද සහභාගී විය.

7 comments:

  1. ay anthare rakaganna unp enne nathuwa jvp ekama enne

    ReplyDelete
  2. oya kalakani sagwidana nathi karana eka nam hodai.....ung ge wasiyata hada gathu ewa....mag nag asi athu gala danawanag ....

    ReplyDelete
  3. රටේ මේතරම් ප්‍රශ්ණ වලට හේතුව අන්තරය. අන්තරව තහනම් කිරීම කියන්නේ LTTE තහනම් කිරීම හා සමානයි.

    ReplyDelete
  4. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයයි නිදහස් අධ්‍යාපනයයි කියන්නේ 2ක් නොවේ 1ක්

    ReplyDelete
  5. anthre 11k maruna kiyanne boru. jiwathun athrama kiyak innawada ratt barak wela.

    ReplyDelete
  6. හා හා තොපි ඊයේ සමුළුව තිබ්බේ ආපහු වැඩකට සෙට් ‍වෙන්න වගේ....

    ReplyDelete