Thursday, June 14, 2012

මිනිසා දේශපාලන සත්වයෙකියැයි වදාලේ බුදුන්ද ඇරිස්ටෝටල්ද

භික්ෂුන් වහන්සේ ඇතුළු පූජකවරුන් මන්ත්‍රී පදවි දැරීම වලක්වා ලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවට විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබෙන පෞද්ගලික මන්ත්‍රීවරයෙකුගේ යෝජනාවට පක්ෂ විපක්ෂ අදහස් මතුවෙමින් පවතී.
බෞද්ධ භික්ෂූන් පාර්ලිමේන්තුවට යෑම නිවැරදි බවත් ඊට එරෙහි වීම බටහිර රටවල උවමනාවක් බව ජාතික හෙල උරුමය පවසයි. භික්ෂුව පාර්ලිමේන්තුවට පැමිනීම නිසා රටේ ප්‍රශ්ණ විසදුන බවත් ඔවුන්
පවසයි.
මිනිසා දේශපාලන සත්වයෙක් බව කියාසිටියේ ඇරිස්ටෝටල්ය. ඒ නිසා ඕනෑම පුද්ගලයෙක් දේශපාලනය කල යුතුය. මෙම ඇරිස්ටෝලියානු තර්කයට අනුව භික්ෂූන් දේශපාලනය කලාට කම් නැත.

මෙම ප්‍රශ්ණයට මැදිහත් වූ අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය උඩුගම ශ‍්‍රී බුද්ධ රක්ඛිත මහ නාහිමියන් අස්ගිරි මහා විහාරය පිහිටුවා වසර 700 ක් පිරීම නිමිත්තෙන් පැවති රාජ්‍ය මහෝස්ත්සවය අමතමින් ප්‍රකාශ කලේ භික්ෂුවකට රටට සේවය කිරීමට නම් පාර්ලිමේන්තුවට යෑමට අවශ්‍යතාවයක් නොමැති බවයි. එනම් භික්ෂුවකට දේශපාලනය කිරීමට පාර්ලිමෙන්තුවට අනිවාර්යයක් නොවන බවයි.

ඇරිස්ටෝලියානු මතය තහවුරු කල  ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රකාශ කලේ මහනායක හිමි වරුන් ස්වාධීන පුද්ගලයින් නොවන බවත් මහනායක හිමිවරු ඍජුවම දේශපාලන කටයුතුවල නිරතවන බවත්ය.

කෙසේ නමුදු දැන් පෙනී යන්නේ භික්ෂූන් පාර්ලිමේන්තුවට යා යතුද නැද්ද යන කරුණ කෙසේ වෙතත් භික්ෂූන් දේශපාලනය කල යුතුය යන කරුණට සියළු පාර්ශව එකග බවයි. දැන් ගැටළුව වී ඇත්තේ භික්ෂූන් දේශපාලනය කරන ආකෘති පිළිබද ප්‍රශ්ණයකි.

5 comments:

  1. ඇරිස්ටෝටල්ට (ක්‍රි.පූ. 384-322) බුදුදහමේ බලපෑම තිබුණා ඇරිස්ටෝල් රජවාසලේ ඉදල බණ කියපු කෙනෙක්.

    ReplyDelete
  2. lankawe janathawagen 90%la hamuduruwo deshapalanaya karanawata kamathi na

    ReplyDelete
    Replies
    1. niwaradi kirimak 99.99999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999.............................................................................%

      Delete
  3. ඇරිස්ටෝටල් කිව්වේ ප්ලේටෝ ලෝකයේ අනන්ත විවිධත්වය පැහැදිලි කිරීමට ගොස් අතරමං වූ වගයි.
    රටක දේශපාලනය කිරීමට ජාතිවාදය ඇවිස්සීම සාමාන්‍ය වුවද ඊට ආගමද ඈදා ගැනීමෙන් ජාතිවාදීන් නන්නත්තාරවී ඇත.

    ReplyDelete
  4. ඇරිස්ටෝටල්ගේ ethics වල තමා පුද්ගලයා රාජ්‍ය සමග දක්වන සම්බන්ධයේදී සමාජ සදාචාරය ගොඩනැගීම දේශපාලන කර්තව්‍යයක් බව පවසන්නේ. ඔහු මිනිසා සමත්විය යුත්තේ දේවත්වයට පත්වීම නොව සැබෑ මානව නිදහස බවත් එය දේශපාලනමය විසදුමක් බවත් සදහන් කලා. ඒ අනුව නම් මේ හාමුදුරුවන් කරනදේ හරි. ඒත් බෞද්ධ දර්ශණය බටහිර දර්ශණයට වඩා වෙනස්. ඇත්තටම බටහිර මතවාදය තහවුරු කිරීමක් තමා අපේ හාමුදුරුවරු පාර්ලිමේන්තුවට ගිහිල්ලා කරන්නේ

    ReplyDelete