වැඩි කළ තෙල් මිල පහත දමන තුරු

යුද්ධය අවසන්කළා සේම ආර්ථික සංවර්ධනය ඇති කරන බව ආණ්ඩුව ප‍්‍රකාශකර අවුරුදු 3කට ආසන්න වුවද සුදුඅලින් වූ ව්‍යාපෘති කිහිපයක් නඩත්තු කිරීම හැර රටේ සංවර්ධනයට අදාල කිසිවක් නොකළ ආණ්ඩුව තෙල් මිල, බස්ගාස්තු සහ විදුලි බිල විශාල වශයෙන් වැඩිකර ජනතාව දැඩි පීඩනයකට පත්කිරීමට එරෙහිව විරෝධතා අඛණ්ඩව පවත්වන බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.


 ඉන්ධන, බස්ගාස්තු සහ විදුලි බිල විශාල වශයෙන් ඉහළ දැමීම සමස්ත ජනතාව මතම දැඩි පීඩනයක් ඇති කරන බවය. මෙයට පෙර අවස්ථාවක විශ‍්‍රාම වැටුප් පනත හඳුන්වාදීමට උත්සාහ කිරීම, පෞද්ගලික අංශයේ සේවකයන්ට සීමා වූ අතර එළවළු කූඩ බලහත්කාරය සෘජුවම ගොවීන්ට බලපෑ අතර එම අවස්ථා දෙකේදීම ආණ්ඩුවේ ඒකාධිපති තීරණ පරාජය කළ බවද මේ අවස්ථාවේ විශාල වශයෙන් ජනතාව මත ජීවන වියදම් බර පැටවීමද පරාජය කළ හැකි බව පෙන්වාදුන්නේය. ජනමාධ්‍යවේදීන්, කලාකරුවන්, විවිධ වෘත්තිකයන්, කම්කරුවන් ගොවියන් ධීවරයන් සහ වතු කම්කරුවන් ඇතුළු සමස්ත මහජනතාව මතම තෙල් වැඩිකිරීමේ ප‍්‍රතිවිපාක චක‍්‍රාකාරව පැටවෙන බව පැවසීය.

තෙල්මිල වැඩිකිරීමට සිදුවූයේ, ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළයාම නිසා බව හුවාදැක්වීමට ආණ්ඩුව උත්සාහ කළද සත්‍ය වශයෙන්ම සිදුවී ඇත්තේ, එයටත්වඩාආණ්ඩුවේ බොරු සංදර්ශන වියදම් ජනතාව මත පැටවීම සහදේශපේ‍්‍රමී සළුපිළි පැළඳ ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර අධිරාජ්‍යවාදීන් ඉදිරියේ අවනතවීම බව කීය. මෙයට හොදම උදාහරණය IMF කොන්දේසි ඉදිරියේ පසුගිය අයවැයේදී රුපියලේ අගය 3%කින් බාල්දුකිරීම සහ මේ වන විට එහි අගය පාවීමට ඉඩහැර තිබීම බව පෙන්වාදුන්නේය.

ආණ්ඩුවට ආදායම් උපයාගැනීම සදහා ණය ගැනීම දඩ ගැසීම සහ බදු බර පැටවීම හැර වෙනත් කිසිදු විකල්පයක් නැති බවද මෙසේ මහජනතාව පීඩාවට පත්කරමින් ලබාගන්නා ආදායම් රජදරුවන්ගේ කාර්රේස් සඳහාත් සිය ගණන් පිරිවෙර සමග විදේශ සංචාරවල යෙදීමටත් සංදර්ශන ආර්ථිකයක් මගින් ජනතාව මුලාකිරීමටත් පමණක් යොදාගන්නා බවට මෙහි ප‍්‍රතිඵලයක් දිනෙන් දින ජීවන වියදම ඉහළයාමට ඉඩහැර ජනතාව පීඩාවට පත්කිරීමට විරුද්ධව සාමකාමී උද්ඝෝෂණවල යෙදෙන නිරායුධ ජනතාවට වෙඩිතබා ඝාතනය කරන තත්වයකට ආණ්ඩුව ඇදවැටී ඇති බව කීය.

ප්‍රෝඩාකාරී විශ‍්‍රාමවැටුප් පනතට විරුද්ධව නිදහස් වෙළඳකලාප කම්කරුවන් ගෙනගිය උද්ඝෝෂණයට වෙඩිතබා රොෂේන් චානක ඝාතනය කර එහි මතකයේ උනුසුම යාමටත් පෙර සාමකාමී ධීවර උද්ඝෝෂණයට වෙඩිතබා ඇන්තනී ප‍්‍රනාන්දු නම් දෙරු පියෙකු ඝාතනයකර ඇතැයි කීය. මෙම ඝාතනය ජනතා විමුක්ති පෙරමුණ දැඩි පිළිකුලෙන් හෙලාදකින බවද ආණ්ඩුවේ මෙම වියරු ක‍්‍රියාමාර්ග පරාජය කිරීමට සමස්ථ ජනතාවටත් නායකත්වය දීමේ හැකියාව තම පක්ෂයට ඇතැයි පැවසීය. එනිසා තෙල්, බස් ගාස්තු, සහ විදුලි බිල ඉහළ දැමීමෙන් පීඩාවට පත් සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජනකොටස්වල අයිතීන් දිනාදීම සඳහා ආණ්ඩුවේ කුමන මර්දන මැද්දේ උවද තම පක්‍ෂය නායකත්වය ලබාදෙන බවත් ඒ සඳහා පාරට බැස උද්ඝෝෂණය කරන බවත් කීය.

ජනතා ප‍්‍රශ්න ඉදිරියේ විසඳුම් ලබාදෙනවා වෙනුවට මර්දනය දියත් කළ ඒකාධිපති නායකයන් අවසානයේ ජන බලය ඉදිරියේ ගෙදර ගිය බවද සමහර ඒකාධිපති නායකයන් සිරගත කෙරුණු බවටද ලෝක අත්දැකීම්වලින් උදාහරණ තිබේයැයි කීය. ජනතා විමුක්ති පෙරමුණ ජනතාවගේ දැවෙන ප‍්‍රශ්න වෙනුවෙන් අඛණ්ඩව අරගල කරමින් ජයග‍්‍රහණ ලබාදීමට නායකත්වය දෙන බවත් එම සාමකාමී උද්ඝෝෂණ සඳහා සියලූ දෙනාට ඒකරාශීවන ලෙසත් ඉල්ලා සිටියේය.

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සමග අත්වැල් බැඳගනිමින් මෙම අරගල දියත්කීරීමට ජනතා විමුක්ති පෙරමුණ ‘‘එක්සත් ජාතික පක්ෂය සමග එක්වී උද්ඝෝෂණවල යෙදෙන බවට පසුගිය කාලයේ ඇතැම් මාධ්‍ය වාර්තාකර තිබුණා. එම වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නැහැ. එක්සත් ජාතික පක්‍ෂය සමග එක්වී ජනතා විමුක්ති පෙරමුණ අරගල කරන්නේ නැහැ. දැන් ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයට මුල එක්සත් ජාතික පක්ෂය හඳුන්වාදුන් විවෘත ආර්ථිකයයි. ඒ නිසා වර්තමාන ප‍්‍රශ්නයේ ප‍්‍රධාන වගඋත්තරකරුවෙක් සමග අපි කිසිඳු අවස්ථාවක අරගල කරන්නේ නැහැ. අපි අපේ දේශපාලන අනන්‍යතාවය යටතේ මහපාරේ අරගල කර ජනතාවට ජයග‍්‍රහණ ලබා දෙනවා. අපේ පක්‍ෂයට ඒක කරන්න පුළුවන්’’

1 comment: