Tuesday, July 31, 2012

හම්බන්තොට ජනතාවගේ දැඩි ඉල්ලීමක් වූ සෆාරි උද්‍යනය ලබාදීමට ජනපති අනුමැතිය


ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් කරන ලද යෝජනාවක් අනුව දෙස් විදෙස් සංචාරකයින්ට නවමු අත්දැකීම් ලබා දෙන හම්බන්තොට සෆාරි උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු 2014 වන විට අවසන් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය.
 
·        මෙම උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු බාධාවකින් තොරව කරගෙන යාම සඳහා අවශ්‍ය මුදල් වාර්ෂික ඇස්තමේන්තුගත    ප්‍රතිපාදනවලට අමතර ව සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ

වීදි ලාම්පුවටත් බද්දක්


අගෝස්තු 01වනදා සිට දිවයිනේ වීදි ලාම්පු වලින් සියයට 50ක් නිවාදැමීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර ඇත.
පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් සහ පළාත් පාලන ආයතන නියෝජිතයන් සමග අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (31) පැවති
විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹ තිබේ.
දිවයින පුරා ස්ථාපිත කර ඇති මුළු වීදි ලාම්පු සංඛ්‍යාව ලක්ෂ 08 ඉක්මවයි. ලංකා විදුලිබල මණ්ඩලයේ හෝ ලෙකෝ ආයතනයේ

අධ්‍යපන ක්ෂේත්‍රයේ පැනනැගි අර්බුද විසදන්න මොරටුව විශ්වවිද්‍යාලය සටන් බිමට


විශ්වවිද්‍යාල ආචාර්යවරුන්‍‍ගේ ගැටළුවලට වහා විසඳුම් ලබාදී සරසවි වහා විවෘත කරන ‍ලෙසත්, උසස්‍‍පෙළ Z Score ගැටළු‍වෙන් අසාධාරණයට පත් සිසුන්ට වහා සාධාරණය ඉටු කරන ‍ලෙසත්
ආණ්ඩුවට බල ‍කරමින් ‍මොරටුව විශ්වවිද්‍යාල‍යේ සිසුන් අද දින උද්‍‍ඝෝෂණ පාගමනක් පවත්වන ලදී.

‍මොරටුව විශ්වවිද්‍යාලයීය සිසු සංගම් එකමුතුව විසින් පැවැත්වූ ‍මෙම උද්‍‍‍ඝෝෂණය විශ්වවිද්‍යාලය අසලින් ‍උදෑසන 10.00ට ගමන්

තැපැල් කාර්යාලයක් මැතිවරණ කාර්යාලයක් බවට


මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නැගෙනහිර පළාත් සභාවට තරගවදින පළාත් සභා අපේක්‍ෂක එම්.එස්.සුබෙයිර් මහතා (හිටපු සෞඛ්‍ය අමාත්‍ය) එරාවූර් තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලේ පළමු මහලේ සිය මැතිවරණ කාර්යාලයක් පවත්වාගෙන යන බව කැෆේ සංවිධානය පවසයි.
එහි විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා‍ගේ අත්සනින් යුතුව මැතිවරණ කොමසාරිස්වරයා වෙත යොමු කළ ලිපියක මේ බව දැක්වෙයි. එහි මෙසේද සඳහන්ය.
මඩකළපුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා

ආණ්ඩුව දූෂිතයි කියනවානම් අල්ලස් කොමිෂමට ගිහින් පැමිණිලි කරන්න

ආණ්ඩුව දූෂිත නම් අල්ලස් කොමිෂමට ගිහින් පැමිණිලි කරන්න. මම කියන්නේ බොරුවට දූෂිතයි නොකියා මේ පිළිබඳව යථාර්ථවාදීව බලන්න කියලා පරිසර අමාත්‍ය          අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කරයි.
අපි විශාල වරායන් හදනවා. කොළඹ වරාය සංවර්ධනය කරනවා. දෙසැම්බර් මාසයේ අපි ගාලු මුවදොර අක්කර 500ක් ගොඩකරලා එය සම්පූර්ණ නගරයක් බවට පත් කරනවා. ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය වෙනවා. ගාලු

Saturday, July 28, 2012

උතුරේ හමුදා පාලනය විහිළුවක් - හමුදාව පාසැල් විභාගයක් නවතා ක්‍රීඩා උත්සවයකයකට සිසුන් බලෙන් ගෙන යයි



මේ දිනවල පාසල්වල දෙවන වාරයෙහි විභාගයන් පැවත්වෙමින් තිබේ. මෙවැනි තත්වයක පූනගරි කොඨශයට අයත් 30කට අධික පාසල්වල ඉගෙනුම් ලබන 3000කට අධික සිසුන් විභාගයට පෙනී සිටින අතරවාරයේ හමුදාව විසින් ජෙයපුරම් හා අවට ගම්මානවල සිටන සිසුන්ව තුනුක්කායිවල ක්‍රීඩා උත්සවයක් සඳහා බලයෙන් රැගෙන ගොස් තිබේ. මෙම නිසා අධ්‍යාපන දෙපාර්තුමෙන්තුවෙහි විභාග විදි විධානවලට එපිට පූනගරි කොඨාශයෙහි විභාගයන් නවතාදමා තිබේ.

පොතක් සමග ඇදට ගිය චන්ද්‍රානිගේ පාලු කැපූ අපේ ජනපති


රට පුරා z ස්කෝර් අවුල නිසාත් වංචා දූෂණ උද්ඝෝෂණ වලින් පිරී යද්දී මේ සියල්ලටම සංවේදී නායකයා නම් මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමායි. 24දින උදෑසනම අපේ ජනපති මහින්ද රාජපක්ෂ මහතා උදේ 5.48ට දුරකථන ඇමතුමක් දී ඇත්තේ පොතක් සමග නින්දට ගිය අනුරාධපුර දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මියටයි. ඒ ඇයගේ 50 වන උපන් දිනයේදී සුභ පැතීම සදහායි. (ඇය ඇදට යන්නේ පොතක් සමග බව සති අන්ත පුවත් පතකට පවසා තිබුණි.)

Friday, July 27, 2012

ජනතාව පෙළන පාලනයට එරෙහිව දෙවුන්දර තුඩුවේ සිට ‍පේදුරු තුඩුව දක්වා ජවිපෙ රථ පෙළපාලියක


වර්තමාන ආණ්ඩුව දිගින් දිගටම පවත්වාගෙන යන හිතුවක්කාර, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, අත්තනෝමතික පාලනයට විරුද්ධව ජනතාව දැනුවත්කිරීමේ සහ සංවිධානය කිරීමේ ව්‍යාපාරයක් ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කොට ඇති අතර  ‘‘ජනතාව පෙළන පාලනයට එරෙහිව ජන පෙළගැස්ම’’ යන තේමාවෙන් ජනතාව ඒකරාශී කිරීම මෙහි අරමුණයි. මේ සඳහා විවිධ කි‍්‍රයාමාර්ග අතරේ මූලික පියවලෙස ජූලි 27 සිට අගෝස්තු 1 දක්වා රථ පෙළපාලියක් දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා

දයාසිරි ජයසේකර සමග අශෝක් අබේසිංහත් ආණ්ඩුවට


එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේසිංහ මහතා ද ආණ්ඩුවට එක්වීමේ සූදානමක් පවතින බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.
දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයා ආණ්ඩුවට එක්වුවහොත් ඔහු සමග අශෝක අබේසිංහ මහතා ද ආණ්ඩුවට එක්වන බව එම වාර්තා සදහන් කරයි.
එක්සත් ජාතික පක්ෂය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොමැති බවත්තමන් සෑමවිටම හෘද සාක්ෂියට අනුව කටයුතු කරන බවද අශෝක් අබේසිංහ මන්ත‍්‍රීවරයා පවසා තිබේ.

එංගන්ත ඔලිම්පික් සංවිධායයින්ට උතුර දකුණ මාරු වෙලා

ඔලිම්පික් පාපන්දු පුහුණු තරගයකදී උතුරු කොරියානු කාන්තා පාපන්දු කණ්ඩායම හඳුන්වාදීමේදී ඔවුන්ගේ ධජය වෙනුවට දකුණු කොරියාවේ ධජය ප‍්‍රදර්ශනය කිරීම නිසා උතුරු කොරියාව එම තරගයෙන් ඉවත් වී ඇත. ඔවුන් පවසන්නේ මෙය තමන්ට කල අවමසානයක් බවයි. මේ සම්බන්ධයෙන් තරග සංවිධායකයින් උතුරු කොරියාවට සිය කණගාටුව පළකර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරයි.
මේ පිළිබද විවිධ අදහස් පලවන අතර එංගලන්ත ඔලිම්පික් උළෙලදී  ශ්‍රී ලංකා කොඩිය වෙනුවට කොටි කොඩිය දැමීමද සිදු

ජනපති සොයා බැලීමෙන් ගිලන් රථ 250ක් මිලදී ගනී


රටේ ප්‍රශ්ණ පිළිබද දැඩි අවදානයකින් සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි රොහල් සදහා ගිලන් රථ 250ක් මිලදී ලන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයට අණ කොට තිබේ. ඒ අනුව ක්‍රියාත්මක වූ මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට ගෙනා  යෝජනාවක් අනුව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව තුළ දැනට පවත්නා ගිලන් රථ සංඛ්‍යාව සැලකිල්ලට ගෙන ගිලන් රථ 250ක් මිලදී ගෙන අවශ්‍ය රෝහල් වෙත බෙදා දිමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද ලැබි තිබේ.

Thursday, July 26, 2012

කොරහේ කිඹුලන් දුටු ඇමති බන්දුල


පසුගිය උසස් පෙළ ප්‍රතිඵල සම්බන්ධයෙන් ඉසෙඩ් ලකුණු පිළිබද විපක්ෂය මේ බව පෙන්වා දුන් විට බන්දුල ගුණවර්ධන, එස්බී ඇමතිවරු විපක්ෂය තලියේ කිඹුලන් දකින ප්‍රකාශ කල බව ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ  ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා,
අධ්‍යාපනයේ තිබෙන බරපතල ගැටළු දිනෙන් දින වර්ධනය වෙමින් පවතිනවා. විශ්වවිද්‍යාල සේවකයින් පවා අචාර්ය මහාචාර්යවරුන්ගේ සාධාරණ ඉල්ලීම්වලට ඇහුම්කන් නොදී

අතුරුදහන්වූවන් ගැන පිල්ලෙයාන් සොයාබලා නෑ TNA චෝදනා කරයි


නැගෙනහිර ඡන්ද සටන උණුසුම් වන්නේ නැවත වරක් ජාතිවාදී දේශපාලනය කරලියට පැමිණි නිසාය. දමිළ ජනතාවගේ ජන්ද ඉලක්කකොට ගනිමින් විවිධ ප්‍රකාශ නිකුත් වෙමින් පවතී. මෙහිදී නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරයි චන්ද්‍රකාන්දන්ගේ වසර තුනක පාලන සමයේදී 130 දෙනෙකු අතුරුදහන්වී ඇතයි දෙමළ ජාතික සන්ධානයෙහි පාර්ලිමෙන්තු මන්ත්‍රී යෝගේස්වරන් මහතා පවසා තිබේ.

Wednesday, July 25, 2012

සමාජවාදී තරුණ සංගමයට වව්නියාවේදී කුළු පොලු කිලිනොච්චියේදී බාදා කිරීම්


කිලිෙනාච්චිෙය්දී
ලංකා ඉතිහාසයේ විවිධ අවස්ථාවලදී ජාතිවාදී කළකෝලාහල ඇතිවී තිබුණ නමුත් ඒ ඉතිහාසය සියලූම අවස්ථාවලට වඩා 83 කළු ජූලිය මේ රට තීරණාත්මකව වෙනස් කරන අවස්ථාවක් බවට පත්වුණා. රට විශාල යුද්ධයකට ඇදදැමූ මූලික හේතුව බවට පත්වුණා. 83 ජූලි 23 දින කළුජූලිය ආරම්භ කළ

දුමින්ද සිල්වාට වෙඩි තැබූ බව මතක නෑ


ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයවීමට අදාල කොලොන්නාව වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධව තමන්ට කිසිදු මතකයක් නැතැයි දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා සිංගප්පූරුවේදී තමන්ට පැවසූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ඊෙය් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වා තිබේ.

Tuesday, July 24, 2012

පාසලේදී ඉංග්‍රීසි කථා කරන්න, කියවන්න උගැන්වීම කරන ගමන් ශබ්ධකෝෂකුත් දුන්නනම් අධ්‍යාපනය ඉදිරියට ගත හැකියි

අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පාසලක් දියුණුව ලබන්නේ විදුහල්පති මතයි. හොඳ කළමනාකාරීත්වයෙන් යුක්ත දක්ෂ විදුහල්පතිවරු ඉන්නවා නම් ඒ පාසල දියුණු වීම නැවැත්විය නොහැකි බව දොඩම්පොත්ත කණිෂ්ඨ විද්‍යාලයේ නව විද්‍යාගාර ගොඩනැගිල්ලට  මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමින් පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

IMF ණය වැඩසටහනක් ශ්‍රී ලංකාවේදී සාර්ථකව අවසන් කල එකම නායකයා මහින්ද රාජපක්ෂයි


ගෙවුම් ශේෂ අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පැවති ගිවිසුම යම් යම් ගැටලු හමුවේ වුවද පසුගිය සිකුරාදා නිම විය. අර්බුධ හමුවේ වුවද IMF සමග ලංකාව ණය වැඩසටහනක් සාර්ථක අවසන් කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ රාජ්‍ය පාලන යුගයේදීය. මහින්ද රාජපක්ෂ මහතා මෙම මෙම ණය වැඩ සටහන සාර්ථක කිරීමට ගත් අවංක අව්‍යජ

Friday, July 20, 2012

අධිරාජ්‍යවාදී නිෂ්පාදන සබදතා බිදවැටීම ලංකාවට විප්ලවයක්


දැනට ලංකාවේ පවතින ATM යන්ත්‍ර ලංකාව තුළ එකම පද්ධතියකට සම්බන්ධ වී නැත. ඒනිසා එම ගණු දෙනු නිශ්කාශන කටයුතු සිදුවන්නේ ඇමරිකාව වැනි රටවල නිසා විශාල  පිරිවැයක් යන නිසා විවිධ බැංකුවල ATM යන්ත්‍ර වලින් ගනුදෙනු කරුවන් මුදල් ගැනීමේදී ගනුදෙනුවකට රුපියල් 30-60 අතර අමතර

දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමුවුණේ

සුවහසක් රසික ජනතාවගේ හදවත් සනසාලූ වික්ටර් රත්නායකගේ ප්‍රසංගයේ සමාප්තිය ප්‍රසංගය ඇරැඹි හැව්ලොක් ටවුන්හි ලුම්බිණි රඟහලේ දී මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ප්‍රධානත්වයෙන් අද ලුම්බිණි රඟහලේදී පැවැත්වේ.
වික්ටර් රත්නායකගේ ප්‍රසංගය මෙරට ඒක පුද්ගල ගී ප්‍රසංගවල ආරම්භයයි. ඉතා සාර්ථක ලෙස පුරා වසර තිස් නවයක් තිස්සේ දෙස් - විදෙස් හී ඉදිරිපත් කළ ප්‍රසංගය තරම් අන්

එස්.බී. මෝඩකම ප්‍රදර්ශණය කිරීම හා උගත් කම සගවා ගැනීම

රටක දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන්කළ යුතු බවට යුනෙස්කෝව කර ඇති නිර්දේශය තමන් පිළිගන්නා නමුදු එම 6%ට ආණ්ඩුව අධ්‍යාපනයට වියදම් කරන මුදල පමණක් නොව දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දෙමව්පියන් වෙන්කරන මුදලද ඇතුලත් විය යුතු යැයි උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.
ආණ්ඩුව අධ්‍යාපනය සඳහා වෙන්කරන්නේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 2.2ක් පමණක් බව කී ඔහු දෙමව්පියන් හා වෙනත්

කියුබානු තානාපතිකම තමරා කුගනායගම් මත පැටවූවක්


ශ‍්‍රී ලංකා රජය ඇමරිකානු ගැති ප‍්‍රතිපත්තියක කටයුතු කරන බව ප්‍රකාශකල තමරා කුගනායගම් ජනපති කියුබා සංචාරයේදී අත්තනෝමතික ලෙස කියුබාවේ තානාපතිනිය ලෙස නම් කොට ඇත. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතවරිය ලෙස කටයුතු කල තමරා කුගනායගම් මහත්මිය වෙනිසියුලාවේ කැරකස්හි අලුතින් ආරම්භ කෙරෙන නව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තානාපති ධූරය ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති අතර ඇගේ එම ඉල්ලීම බලධාරීන් විසින්

Thursday, July 19, 2012

යාපනය මහරෝහලේ අර්බුදයට ජනපති මැදිහත් වේ



යාපනය මහ රෝහල ආශ්‍රිතව පැන නැගී ඇති සිද්ධීන් සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ දැඩි අවධානයට ලක්ව තිබේ. යාපනයේ මහ රෝහලේ ඉදිවන නව ගොඩනැගිල්ලට අවශ්‍ය යකඩ මිලදී ගැනීම සම්බන්ධයෙන් එම රෝහල් අධ්‍යක්ෂවරයාට එල්ල වී ඇති චෝදනාව ප්‍රධාන තැනක් ගනී. මේ සම්බන්ධ විමර්ශනයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය යොමුකල මහින්ද රාජපක්ෂ මහතා එම වාර්ථාව මත ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමට සූදානමින් සිටී. සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතාද

නැවත පදිංචි වූවන්ගේ දේපල හදමුදාවෙන් පවරාගනී


පසුගිය සතියේ  මුල්ලතිව් මුල්ලිවායිකාල් බටහිර ප්‍රදේශයේදි පවුල් 21ක ජනතාව නැවත පදිංචිකරන ලදි. ඔවුන් සියළු දෙනා වවුනියාව අවතැන් කඳවුරුවල සිට තම නිවෙස්වලට පැමිණියේ තවත් කදවුරකට යැවීමට දේශීයව හා විදේශීයව පැමිණි බලපෑම නිසයි. මෙම පිරිස්වල මුල් නිවාස බොහොමයක් ජීවත් වීමට සුදුසු මට්ටමක තිබුණු අතර රජය එම නිවාස වල පදිංචිය අනුමත කළේද එම නිසාය.
තම නිවාස බැලිමට ගිය එහි පදිංචිකරුවන්ට නිවසතුලට යෑමට

Wednesday, July 18, 2012

සරණාගතයින් ඕස්ට්‍රේලියානු මුහුදු සීමාවේ නම්, පිටුවහල් කල නොහැකියි


ඕස්ට්‍රේලියාවට පැමිණි සරණාගතයින් ලෙස පැමිණි එරට පුරවැසිභාවය ඉල්ලන්නන් ආපසු දිවයිනට පිටුවහල් කරන්නයි ශ්‍රී ලංකා රජය ඉල්ලා සිටිය නමුත්  ශ්‍රී ලංකා මුහුදු කලාපය තුල ශ්‍රී ලංකා සරණාගතයින් එරට නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීම හෝ ආපසු හරවා යැවීමේදී කිසිම ගැටළුවක් නොමැති මුත් ජාත්‍යන්තර මුහුදු කලාපයෙහි හෝ ඔස්ට්‍රේලියානු මුහුදු කලාපයතුල පුරවැසි ඉල්ලුම්කරුවන්ව ආපසු හරවා යැවීමේදී ජාත්‍යයන්තර නීතිරීති පිළිපැදිය යුතුයැයි ඕස්ට්‍රෙලියානු ආගමන අමාත්‍ය ක්‍රිස් බෝවන් මහතා පවසා තිබේ.

ඕස්ට්‍රේලියාවට පැමිණෙන සරණාගතයින්ව පිටුවහල් කල යුතුයි


ඕස්ට්‍රේලියාවට පුරවැසි භාවය ඉල්ලුම් කරමින් මෑත කාලයේ දී වැඩි වශයෙන් ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට ශ්‍රී ලාංකිකයින් දරන උත්සාහය ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තරය තුළ අපකීර්තියක් ඇති කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටින බවත් නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට පුද්ගලයින් ගෙනයාමේ ජාවාරම ඉන් එක් පියවරක් බවත් ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අද්මිරාල් තිසර සමරසිංහ මහතා පවසයි.

Tuesday, July 17, 2012

බෞද්ධ භික්ෂූන්ට සංවර්ධන නිලධාරී තනතුරු දීම ශාසනික පරිහානියක්


උපාධිධාරී සහ වෙනත් අධ්‍යාපන සුදුසුකම් ලැබු භික්ෂූන් වහන්සේ සංවර්ධන නිලධාරීන් ලෙස බඳවාගෙන ඇති බව ත්‍රෛයිනිකායික මහනායක ස්වාමීන් වහන්සේ පවසයි.

ත්‍රෛයිනිකායික මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අධ්‍යාපන අමාත්‍යවරයාට විශේෂ ලිපියක් යොමුකරමින් මේ පිළිබඳව දැනුම් දී ඇත.

උපාධිධාරී මෙන්ම වෙනත් අධ්‍යාපනික සුදුසුකම් ලැබු මෙම

Monday, July 16, 2012

එජනිස අභ්‍යන්තර ගැටුම් උග්‍ර අතට - හෙළ උරුමය ජන්ද වර්ජනයක, ජනිපෙ පංචායුධයෙන්

එළඹෙන පළාත් සභා මැතිවරණය සඳහා අපේක්ෂකයන් තේරීම පිළිබඳ සාකච්ඡාවේදී සන්ධාන නායකයින් අතර උණුසුම් තත්වයක් ඇති වී ඇත. සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීම පාලනය කරගැනීමට නොහැකි වූ තැන බැසිල් රාජපක්ෂ මහතා පැමිණ ඇති අතර ඔහු සුපුරුදු ලෙස නිදහසේ වචන හසුරවමින් රාජපක්ෂ පවුලේ ආධිපත්‍ය පතුරවමින් සිටියද පෙර පරිදි ඒවාට සවන් දීමට සන්ධාන නායකයන් සූදානම් නොවී ඇත. එහිදී ඇමති බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ඉතා උණුසුම් වාග් ප්‍රහාරයක් එල්ල වී

උගතුන්ට බහරේනයටද විකිණෙනු හැකිය - ඩිලාන් පෙරේරා


ජාතික සහ ජාත්‍යන්තරව පිළිගත් වෘත්තීය සුදුසුකම් සහිත ශ්‍රී ලාංකිකයන්ගේ නූතන දැනුම හා පළපුරුද්ද ගැඹුරින් සලකා බහරේන්හි රැකියා අවස්ථා විවෘත කරදෙන බව අමාත්‍ය ඩිලාන් පෙ‍රේරා මහතා පවසයි. වෘත්තීය සුදුසුකම් සහිත මිනිසකු රටට උකහා ගැනීම සදහා ආර්ථිකයක් නිර්මාණය නොකරන මහින්ද චින්තන ප්‍රතිපත්තිය වෘත්තීය සුදුසුකම් සහිත මිනිසුන් විදේශයන්ට විකුණා ලැබෙන විදේශ විනිමය රටේ ප්‍රධානතම ආදායම් මාර්ගය කර ගනිමින් සිටියි.

Saturday, July 14, 2012

රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව රජයට බරක් නිදහස් අධ්‍යාපනය?


2013 වසර සඳහා අවශ්‍ය පාසල් පෙළ පොත් මුද්‍රණය කිරීම මුද්‍රණාල 18ක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි.
අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කළ මෙම යෝජනාවට අනුව වර්ග 322කට අයත් පාසල් පෙළ පොත් මිලියන 29ක් පමණ මුද්‍රණය කරනු ලබන අතර මේ සඳහා පත්කරන ලද අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කමිටුවේ තීරණය අනුව පෙළපොත් මුද්‍රණය කිරීම සඳහා මුද්‍රණ ආයතන 18ක් වෙත වගකීම් පවරනු ලැබේ.

මධ්‍යම ඌව පළාත් ඡන්දයේදී බඩු මිල වැඩි කොට දේශීය ගොවිතැන රැක ගන්නවා


මහින්ද චින්තන ජාතික පුනර්ජීවන වැඩපිළිවෙළෙහි මූලික හරය ලෙස වන්නේ දේශයේ සම්පත් සහ අප රටේ ජනතාව කෙරෙහි ඉහළ විශ්වාසයක් තබමින් රටෙහි නිමැවුම, ආදායම, සේවා නියුක්තිය ඉහළ නංවා, මිල ස්ථාවරත්වයක් ඇති කොට ජනතාවගේ ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගෙන ඒමයි. මෙහි ව්‍යාතිරේකයක් එක් විය යුතු බවයි ජනතාවගේ අදහස වී ඇත්තේ. සහල්, අර්තාපල්, ලොකු ලූනු, රතු ලූනු, මුං ඇට, වියළි මිරිස්, කව්පි, ටින් මාළු, හාල්මැස්සන්, කරවල යන ආදි ජන