Saturday, July 28, 2012

පොතක් සමග ඇදට ගිය චන්ද්‍රානිගේ පාලු කැපූ අපේ ජනපති


රට පුරා z ස්කෝර් අවුල නිසාත් වංචා දූෂණ උද්ඝෝෂණ වලින් පිරී යද්දී මේ සියල්ලටම සංවේදී නායකයා නම් මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමායි. 24දින උදෑසනම අපේ ජනපති මහින්ද රාජපක්ෂ මහතා උදේ 5.48ට දුරකථන ඇමතුමක් දී ඇත්තේ පොතක් සමග නින්දට ගිය අනුරාධපුර දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මියටයි. ඒ ඇයගේ 50 වන උපන් දිනයේදී සුභ පැතීම සදහායි. (ඇය ඇදට යන්නේ පොතක් සමග බව සති අන්ත පුවත් පතකට පවසා තිබුණි.)

ඇයට ජනපති සුභ පැතූ ආකාරය මාධ්‍ය වෙත දැනෙන්නට ඉඩ හල ඇය ජනපති සමග සංවාදය මෙසේ හෙළි කොට ඇත.
හලෝ.. ආ කොහොමද?
ගුඞ් මෝනිං සර්.. ඇය කටහඬ හඳුනා ගත්තාය.
අද හොඳ දවසක්ලූ නේද?.. සුබ උපන් දිනයක්. ඔබතුමිය තවත් තරුණ වෙන්න කියලා අපි ප‍්‍රාර්ථනා කරනවා.
අනේ බොහොම ස්තුතියි සර්.. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එසේ ස්තුති කල ඇය සිනාසෙමින් දුරකතනය විසන්ධි කොට ඇත. 

No comments:

Post a Comment