Sunday, April 29, 2012

පාන් මිල අද සිටම වැඩිවෙලා

ලබන සඳුදා(30) සිට ක්‍රියාත්මක වන පරිදි පාන් රාත්තලක මිල රුපියල් 03 න් ඉහළ නැංවෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

‍ අද(28) පස්වරුවේ රැස්වූ සංගමයේ විධායක සභාවේ දී මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්ය.

Saturday, April 28, 2012

විදේශිකයින්ට හිරිහැර කල කප්පම් කරුවන් දැලේ

www.lankahotnews.org
විදේශිකයින් තිදෙනෙකුගෙන් කප්පම් මුදල් ලබා ගැනිමට තැත් කළ පුද්ගලයින් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූවේ, මුදල් ලබා ගැනීමේ අරමුණින් සැකකරුවන් එක් විදේශිකයෙකු ගල්කිස්ස ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් ඇති බවයි.

කාලගුණ අනාවැකි හරියටම කියන රේඩාර් පද්ධතිය ජනපති අනින්

www.lankahotnews.org
කාලගුණ අනාවැකි නිශ්චිතවම කිව හැකි ඩුප්ලෝ රේඩාර් පද්ධතියක් ගොංගල කන්දේ ස්ථාපිත කිරීමට පියවර ගත් බවත් ඒ ඔස්සේ ඉදිරියේ දී කාලගුණ අනාවැකි සාර්ථකව ඉදිරිපත් කළ හැකි බව ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
නිශ්චිත ලෙසම කාලගුණ අනාවැකි ප්‍රකාශයට පත් කළ නොහැකි බවට සමාජයේ මතයක් පවතින බවත් නමුත් පසුගිය කාලයේ දී මෙම තත්ත්ත්වය තරමක් දුරට හෝ වෙනස් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සමත්ව ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය. මේ සදහා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ

කළු ගගේ පාලම කැඩී කළුතර තරුණියක් මරුට

lankahotnews.org
කළුතර උතුර, කළු ගඟේ දුම්රිය මාර්ගයට පිටතින් සවිකර තිඛෙන මගී පාලමේ ගමන් කරමින් සිටි තරුණියක් (26) ගඟට වැටී මරණයට පත්ව ඇත.
26 සවස 03.40ට පමණ එම තරුණිය ගඟ වැටී ඇති අතර තරුණියගේ පෙම්වතාද ඒ සමඟ ඇය බේරා ගැනීමට ගඟට පැන තිබේ.

සෙවනගල සීනිකර්මාන්තායතනයේ නැවත උද්ඝෝෂණ නෑ

lankahotnews.org
ඌන උපයෝජිත වත්කම් පනත යටතේ පසුගියදා රජයට පවරාගනු ලැබූ සෙවණගල සීනිකර්මාන්තායතනයේ උක් අස්වනු නෙළීමේ උත්සවය ඵලදායීතා ප්‍රවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් සෙනෙවිරත්නමහතා ඇතුළු මොණරාගල දිස්ත්‍රික් දේශපාලන නායකයන් රැසකගේ සහභාගීත්වයෙන් පසුගියදා  සිදුවිය.

Friday, April 27, 2012

නුවර ජන අරගල 3ට කැඩේ

lankahotnews.org
ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්වී ගිය ජන අරගල කණ්ඩායම ආරම්භ කල පෙරටුගාමී සමාජවාදී පක්ෂය බරපතල බෙදීම් ගනනාවකට ලක්ව ඇත. මෙම කණ්ඩායම් වලට ජාතික මට්ටමේ නායකත්වය දෙන
දිමුතු අබේකෝන් මහතා නියෝජනය කරන නුවර දිස්ත්‍රික්කයේ ප්‍රතිවිරෝධය උපරිම තලයකට පැමිණ ඇති අතර දිමුතු කණ්ඩායම එහි බලය තහවුරු කර ගනිමින් සිටී. ජනඅරගල කණ්ඩායමේ නුවර දිස්ත්‍රික්කයේ

Thursday, April 26, 2012

රෝහලේදී කාන්තාවට අතවර කිරීමට තැත්කල වෛද්‍යවරයා අත්අඩංගුවට

lankahotnews.org
කිරිබත්ගොඩ,දලුගම පෞද්ගලික රෝහල වෙත දත් පරීක්ෂා කිරීම සඳහා  පැමිණි කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත්කළ රාගම රෝහලේ වෛද්‍යවරයෙකුව කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
දත් පරීක්ෂා කිරීම සඳහා පසුගිය 24වෙනි දින එම කාන්තාව අදාළ වෛද්‍යවරයා‍‍වෙත

කෘෂිකර්මය සඳහා න්‍යෂ්ටික තාක්ෂණය යෙදවුමට ජනපති උපදෙස්

lankahotnews.org
"කෘෂිකර්මය සඳහා න්‍යෂ්ටික තාක්ෂණයේ ඉදිරි ගමන් මඟ" මැයෙන් සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු පරමාණුක ශක්ති අධිකාරියේ සභාපති ආචාර්ය රංජිත් විජේවර්ධන මහතාගේ මෙහෙයවීම යටතේ අප්‍රේල් 26 සහ 27 යන දෙදින තුළ පේරාදෙණියේ ජාන සම්පත් කේන්ද්‍රයේ දී පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබේ.


ලෝකයේ බොහෝ රටවල මෙන් ම ශ්‍රී ලංකාව තුළත් න්‍යෂ්ටික තාක්ෂණය

පාසැල් ලමුන්ට චීන භාෂාව විෂයක් ලෙස හැදෑරීමට අවස්ථාව


lankahotnews.org
ලෝකයට අළුත් අදහස් රැසක් එක් කළ රටක් වශයෙන් චීනය අතීතයේ සිටම ශ්‍රී ලංකාව සමඟ සමීප සම්බන්ධතා ගොඩනගා ගෙන ඇති  බවත් එම සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන්ට චීන භාෂාව විෂයක් ලෙස හැදෑරීමට අවස්ථාව සලසාදීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Tuesday, April 24, 2012

පළාත් සභා මැතිවරණයට පෙර මත්තල ගුවන් තොටුපොලේ විවෘත්ත කිරීමක්

www.lankahotnews.org
ශ‍්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපොල මත්තල මේ දිනවල ඉදිවෙමින් තිබේ. ඉන් 70%ක වැඩ කටයුතු අවසන් බවයි රජය පවසන්නේ. චීන ජාතිකයන් සහ ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් දහසකට වැඩි ප්‍රමාණයක් මෙහි ඉදිකිරීම් කටයුතු වල නිරත වන බවත් ලෝකයේ නවීනතම ගුවන් තොටුපළක ගොඩබැස්සවිය හැකි නවීනතම ගුවන් යානය

විදේශගත රැකියා නියුක්තිකයින්ට විශ‍්‍රාම වැටුප් ලබාදීම මහින්ද චින්තන ඉදිරි දැක්ම ප‍්‍රතිපත්තියට අනුවයි

lankahotnews.org
මහින්ද චින්තන ඉදිරි දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙහි දැක්වෙන පරිදි “සැමට විශ‍්‍රාම වැටුපක්” යන තේමාව යටතේ විශ‍්‍රාම වැටුප් නොලබන සැමට විශ‍්‍රාම වැටුප් ලබාදීම හා හා  පුළුල් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීමට සමාජ ආරක්ෂණ මණ්ඩලය විවිධ වැඩසටහන් හඳුන්වා දෙමින් සිටී.

මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ ඛනිජ තෙල්

lankahotnews.org
මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ ඛනිජ තෙල් ගවේෂණයේ යෙදෙන Cairn India සමාගම සිය ගවේෂණ කටයුතු පිළිබඳ නවතම තොරතුරු අනාවරණය කරයි.

මේ අනුව, සමාගම පවසා තිබෙන්නේ දැනට ගෑස් ඇතැයි සොයාගෙන තිබෙන ලිං දෙකෙන් අඩුම තරමේ එකකින්වත් වාණිජ මට්ටමින් ගෑස් නිපදවීමට හැකියැයි තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බවයි.
සමාගම විසින් පසුගිය වසරේදී මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ කණින

ඊශ‍්‍රායලයට අපකීර්තියක් එක්කරමින් ඊජිප්තුව, ඊශ‍්‍රායලයේ ගෑස් සැපයුම නවතා දමයි

lankahotnews.org
ඊජිප්තුව විසින් ඊශ‍්‍රායලයට ලබා දෙන ලද ස්වභාවික ගෑස් සැපයුම නවත්වන්නට තීරණය කර ඇති බව විදෙස්  මාධ්‍ය වාර්තා කරයි. ඊජිප්තු ස්වභාවික ගෑස් සපයන ආයතන විසින් පසුගිය ඉරිදා  දින සිට මෙම අත්හිටවීම කි‍්‍රියාත්මක වන බවට දැනුම් දී ඇති අතර ඊශ‍්‍රායලය මාස 4 කින් තම බිලියන 8 ක පමන වන ගෙවිම් සිදු කර නැති බවත් මෙම ආයතන අතර ප‍්‍රධානි මොහොමඩි සොහිබි පෙන්වා දෙයි.

ඉන්දියාව අවුරුදු නෑගම් ආවේ නෑ ජවිපෙ කියයි

lankahotnews.orgඉන්දියාවේ විශේෂ නියෝජිතයින් ශ්‍රී ලංකාවට අවුරුදු නෑගම් ආවේ නැති බව ජ.වි.පෙ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
ජාතික ප්‍රශ්නය සෙල්ලමක් නොවන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා හා සුනිල් හදුන්නෙත්ති මහතා   කියා සිටියේ (23)කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගීවෙමිනි.

රාජපක්ෂවරුන් බලයේ සිටින තාක් කල් මට අත තියන්න කාටවත් බෑ

lankahotnews.org
කැලණියේ සම්බන්ධීකරණ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද කියා සිටියේ ආසන සංවිධායකවරයෙකු ඉවත් කළ හැක්කේත් ,සංවිධායකවරයෙකුට එරෙහිව
 විනය ක්‍රියා මාර්ගයක් ගත හැක්කේත් ජනාධිපතිවරයාට පමණක් බවයි. ඒ නිසාම ඉදිරියටත් කැලණිය මැතිවරණ බල ප්‍රදේශයේ ආසන සංවිධායකවරයා

මුස්ලිම් නායකයන් තම ජාතිකත්වය ඉදිරියේ වීරයින් වීමේ පොරයක

පොදු ජනතාව ආගමික සීමා ඔස්සේ බේද භින්න කොට තම තමන්ගේ පටු අරමුණු ඉටුකරගැනීමට මාන බලන ආණ්ඩුවේත් විවිධ කණ්ඩායම්වල උත්සාහයත් එවැනි අවස්ථාවකදී තම ජාතිකත්වය ඉදිරියේ බාල දේශපාලන රංගනයක යෙදෙමින් තම ජන්ද පදනම් රැක ගැනීමේ දේශපාලකයින්ගේ උත්සාහයත් ජාතිවාදී ගිණි ඇවිලෙද්දී ඒ දෙස වගකීම් විරහිතව හැසිරෙන ආණ්ඩුවේ

රට පුරා ටොර්නාඩෝ අවදානමක්

lankahotnews.org
ශ‍්‍රී ලංකාවේ අන්තර් මෝසම් කාළගුණය සක‍්‍රිය වී තිබීම හේතුවෙන් වැසි සහ අකුණු ගැසීම් මෙන්ම ටොර්නාඩෝ (tornado) තත්වයන්ද රටපුරා ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එවැනි ටොර්නාඩෝ තත්වයක් කුරුණෑගල ගල්ගමුවේ ප්‍රෙදේශ 02ක ඇතිවූ අතර මේ හේතුවෙන්  නිසා නිවාස ඇතුළු ගොඩනැඟිලි කිහිපයකට අලාභ හානි සිදුව තිබේ.

Sunday, April 22, 2012

ආසියානු දේශපාලනය ගිණියම් කරමින් චීන රුසියා ඒකාබද්ධ යුධ අභ්‍යාසයක්


lankahotnews.org
චීන රුසියානු ඒකාබද්ධ යුධ අභ්‍යාසය ඇරඹී බව චීන රජය ප්‍රකාශ කලා. 2005 සිට දෙරට මිල්ටරි ගිවිසුම් වලට පිවිසියා. චීන රුසියා ඒකාබද්ධ නාවික යුධ අභ්‍යාසයක් මීට පෙර පවත්වා නොතිබුනත් මෙය වර්ශිකව පැවැත්වීමට දෙරට සැලසුම් කොට ඇත. දෙරටේ ආරක්ෂාවත් කළාපයේ සාමයත්

ප්‍රංශ ජනාධිපති වරණය සාර්කෝසිට ප්‍රභල අභියෝගයක්

lankahotnews.org
ප‍්‍රංශ ජනාධිපති නිකලස් සාර්කෝසිට ප‍්‍රබල අභියෝගයක් එල්ල වනු ඇතැයි සැලකෙන ප‍්‍රංශ ජනාධිපතිවරණය අද පැවැත්වේ. ශක්තිමත් ප‍්‍රංශයක් ගොඩනගමු යන්න ජනාධිපති සාර්කෝසිගේ මෙවර ප‍්‍රචාරක තේමාව වී ඇත.

 වමටත් අවස්ථාවක් යන්න තේමා කර ගත් සමාජවාදී පක්ෂ අපේක්ෂක ෆ‍්‍රාන්සුවා හොලන්ඬේගෙන් ජනාධිපති සාර්කෝසිට දැඩි අභියෝගයක් එල්ල වී ඇත. අපේක්ෂකයන් දස

මට කරන චෝදනා චැනල් 4න් කරන චෝදනා වගේ එකක්

lankahotnews.org
ජිනීවා යෝජනාත් සමග ශ්‍රී ලංකාවේ විදෙස් ප්‍රතිපත්තිය සොයා බැලිය යුතු බවත් තමා ජිනීවා සිටියදී ලැබූ ජය ඉන් අනතුරුව නොලද බවත් පරාජයට හේතු සෙවිය යුතු බවත් මුලින් ශ්‍රී ලංකාව සමග සිටි රටවල් මෙවර අහිමිවූයේ ඇයි අදී ප්‍රශ්ණ කිරීම් නිසා රාජ උදහසට ලක්වීමට ඉඩ ඇති ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක මහතා තමන්ට නිල වශයෙන් විරුද්ධව චෝදනා පත්‍රයකුත් නැති බව ප්‍රකාශ කළේය. ඒත් පිටු පහක ෆැක්ස් පණිවුඩයක්

මත භේදයට තුඩු දුන් මොරගහ කන්ද ජලාශ කොන්ත්‍රාත්තුවට කැබිනට් අනුමැතිය

lankahotnews.org
චීනයේ Sinohydro Corp. සමාගම ඇමරිකානු ඩොලර් විසිපන්කෝටි විසිතුන්ලක්ෂ දෙදහස්දෙසීය විසිඑකක් (ඇ.ඩො.25,23,02,221) වටිනා මෙරට යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියක කොන්ත්‍රාත්තුව දිනා ගැනීමට සමත්ව ඇත.

එනම් මෙම සමාගමට මොරගහකන්ද ජලාශයේ මූලස්ථායි වැඩ ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව (Construction of Head-Works of Moragahakanda Reservoir) ඉංජිනේරු- ප්‍රසම්පාදන හා ඉදිකිරීම්

එක්සත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ බලය පෙසපට අහිමිවේ

lankahotnews.org
ජවිපෙ කට්ටිවාදීන් විසින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය බිහිකිරීමට  පෙර  එක්සත් ජාතන්ත‍්‍රවාදී පෙරමුණේ බලය අල්ලා ගන්නා ලදි. නවතම ආරංචි මාර්ග අනුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයට එම එක්සත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ බලය අහිමිවී ඇත. මේවන විට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජාගොඩ

Saturday, April 21, 2012

මානව හිමිකම්, බලය බෙදීම අධීක්‍ෂණයට නවදිල්ලියේ කාර්යාලයක්

lankahotnews.org
 ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්‍ෂා කරන ආකාරය හා බලය බෙදීමක් හරහා දේශපාලන විසඳුමකට යාම පිළිබඳව අධීක්‍ෂණය කිරීම සඳහා වෙනම කාර්යාලයක් පිහිටුවන ලෙසට ඉන්දීය රජයට දැනුම් දීමට මෙරට සංචාරය කල ඉන්දීය නියෝජිත කණ්ඩායම තීරණය තර ඇත.ඉන්දීය විපක්‍ෂ නායිකා සුෂ්මා ස්වරාජ් ඇතුළු කණ්ඩායම මේ පිළිබඳව ඔවුන් හමුවූ දේශපාලන පක්‍ෂවලට මේ බව දැනුම් දී තිබේ

සගරාවක පිටු අතර සැගවුන හෂීස් ලැබුනේ ජනප්‍රිය නිලි ඇන්ජෙලාට?


lankahotnews.org
 ජනප්‍රිය චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිලියක් වන ඇන්ජෙලා සෙනෙවිරත්න නමින් ඉන්දියාවේ සිට මධ්‍යම තැපෑලට ලද හෂීස් පාර්සලය රැගෙන යාමට පැමිණි විදේශිකයෙකු ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය අංශය
 විසින්  (18) අත්අඩංගුවට ගන්නා ලදි. බ්‍රිතාන්‍ය ජාතික මෙම තරුණයා මෙරට රැඳීසිට ඇත්තේ මෙරට  තානාපති කාර්යාලයක සේවය කරන විජාතික කාන්තාවකගේ කොල්ලුපිටියේ 67, හඩ්සන් පාර,

පියා තම දියණිය වසර 7 ක් බිරිඳ ලෙස තබාගෙන

lankahotnews.org
15 හැවිරිදි සිය දියණිය සමග අඹුසැමි සබඳතාවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අරලගංවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට‍ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගත් සැකකරු ගලතලාව, අඩි 3 ඇලපාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ සම්බන්ධයෙන් අදාළ දියණියගෙන් ද පොලිසිය ප්‍රශ්න කර ඇත.

දඹුල්ලේ ජාතිවාදී ගිණි කාටද?

lankahotnews.org
 දඹුල්ල රජ මහා විහාරස්ථානයට අයත් අක්කර 300 ක් පමණ වන ඉඩම් පූජා භූමි සංවර්ධනයට යැයි පවසමින් රජය විසින් පවරාගෙන ඇති  නමුත්, ඒවා දේශපාලනඥයින්ගේ අවශ්‍යතා මත අන්‍යාගමික සිද්ධස්ථාන ඉදිකිරිම සදහා ලබා දී ඇති  බවට චෝදනා කරමින්, 20 පෙරවරුවේ සිට දඹුල්ලේ උද්ඝෝෂණයක් පැවැත්වුනි. සියම් මහා නිකායේ රංගිරි දඹුලූ පාර්ශවයේ මහානායක ඉනාමලූවේ ශ‍්‍රී සුමංගල හිමියන් එහි පෙරමුණ ගත්තෝය.
දඹුල්ලේ පිහිටි මුස්‌ලිම් පල්ලිය කඩා විනාශ කර මුස්‌ලිම් බැතිමතුන් පලවා හැර තිබෙන්නේ මේ පල්ලිය

ඉන්දුනීසියාවේ අදත් භූ කම්පන දෙකක්

lankahotnews.org
 ඉන්දුනීසියාවේ සුමාත‍්‍රා දිවයින් ආසන්නයේ සහ පැපුවා කලාපයේ අද (21) උදෑසන භූ කම්පන දෙකක් සිදුවිය. අද (21) අලූයම සුමාත‍්‍රා දිවයිනට ඔබ්බෙන් ඇතිවූ භූ කම්පනයේ ප‍්‍රබලතාව රික්ටර් පරිමාණය අනුව 6.1කි. ඉන් පැය කිහිපයක් ඇතුළත පැපුවා කලාපයට ඇතිවූ රික්ටර් පරිමාණයේ 6.6ක භූ කම්පනය හේතුවෙන් එහි ජනයා කලබලයට පත් විය.

අවුන් සාන් සුකී පාර්ලිමේන්තු වර්ජනයකට

lankahotnews.org
මියන්මාරයේ විපක්ෂ නායිකා අවුන්සාන් සුකී එරට පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට සූදානම් වේ. වසර ගණනාවක් නිවාස අඩස්සියේ සිටි ඇය පසුගියදා පාර්ලිමේන්තුවට තේරී පත්වුණේ ඇගේ ජාතික ලීගයට ආසන රැසක් දිනා දෙමින්. පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමේදී භාවිතා

යාපනය නගරයේ අඩක් පිරිසිදු කිරීම පුද්ගලික අංශයට පවරනවා

lankahotnews.org
 යාපනය මහ නගර සභා බල ප‍්‍රදේශය තුළ පිරිසිදු කිරීමේ කටයුතු මෙතෙක් මහ නගර සභාව විසින් කර ගෙන යනු ලැබුව ද එම කාර්යය නිසියාකාර ව සිදු නොකරන බැවින් මේ පිළිබඳ ව අත්හදා බැලීමක් ලෙස ඉදිරියේ දී නාගරික බල ප‍්‍රදේශයේ අඩක් ශුද්ධ පවිත‍්‍ර කිරීමේ කටයුතු පුද්ගලික අංශයට පැවරීමට කටයුතු කරන බව සම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.

ලෝක වෙළද පොලේ තේ මිල වැඩිවුනත් රටට ලාභයක් නෑ

lankahotnews.org
 ගිය වසරට සාපේක්ෂව 2011 මෙවර තේ මිල ඉහල යමින් පවතී. නමුත් රුපියලේ බිද වැටීම නිසා තේ වල මිල ගිය වසරටත් වඩා පහල මිලක පවතී. ඒ නිසා තේ කර්මාන්තයේ මේ දිනවල ලැබිය යුතු ලාභය රටට ගලා එන්නේ නැත. මේ සතියේ තේ කිලෝවක සාමාන්‍ය මිල රුපියල් 396.54 ක් පමණ වූ අතර එය ඩොලර් වටිනාකම අනුව ගත්විට ඩොලර් 3.06 කි. 2011 අදාළ කාලයේදී

ජනතාව කුකුල් මස් නිශ්පාදනයෙන් මුදවා ගැනීමේ වැඩපිළිවෙලක

2016 වනවිට මෙරට ඒක පුද්ගල කුකුළු මස් පරිභෝජනය වසරකට කිලෝ 08 ක් වැනි අගයක් දක්වා වැඩිවුවත් කුකුළු පාලන කර්මාන්තයේ ලාභ පරාස තවදුරටත් අඩුවනු ඇතැයි අනාවරණය වේ. අධික සැපයුම මෙම කුකුල් මස් මිල අඩු වීම කෙරෙහි බලපා ඇත. මෙම කර්මාන්තයේ සිටින ප්‍රධාන නිෂ්පාදකයින් සිය නිෂ්පාදන කටයුතු පුළුල් කිරීම නිසා, ඉදිරියේදී ලාභ පරාස අඩුවන බවට අනුමාන කළ හැකියි. ධනවාදී වෙළද පොලේ

ඉන්දීය විපක්ෂ නායිකා ජනාධිපතිතුමා හමුවේ

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ඉන්දීය විපක්ෂ නායිකා සුෂ්මා ස්වරාජ් මහත්මිය ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාව අද (20) හමුවූවාය.

Friday, April 20, 2012

ජවිපෙ චීන සබදතා පළුදු වී නැතැයි වාර්ථා වේ

ජනතා විමුක්ති පෙරමුණ හා ශී‍්‍ර ලංකාවේ චීන තානාපතිවරිය යැංග් ෂියු පිං මහත්මිය අතර විශේෂ හමුවක්  (19)දින පෙ.ව. 10.00 ට පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි. ඒ සඳහා සෝමවංශ අමරසිංහ මහතා සහ විජිත හේරත් මහතා සහභාගී වූ බව පක්ෂයේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.තානාපතිතුමිය තමන්ගේ ධූර කාලය අවසන් කර

මහින්ද චින්තනය ඵල දරයි - කොරියා පැටවීමේ මුල් තැන ශ්‍රී ලංකාවට

රටවල් 17ක් අභිභවමින් කොරියාවට ශ්‍රමිකයින් සැපයීම පිළිබඳ පළමු තැන හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් ව තිබේ.ලොව කිසිදු රටක් මෙවැනි උනන්දුවකින් තම පුරවැසියන් කොරියා යැවීමට උත්සාහ කොට නොමැත.
ඊට අදාළ සහතිකය කොරියානු තානාපති ජෝන් මූන් චෝයි මහතා විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ

ඉන්දීය නියෝජිතයන්ට කොකු ගහන්න රජයේ මාධ්‍ය

ඉන්දීය විපක්ෂ නායිකා සුෂ්මා යුවරාජ් ඇතුළු මන්ත්‍රී පිරිස ලංකාවේ සංචාරයේ යෙ‍දෙමින් ඉන්දීය රජයේ දේශපාලන මතය තහවුරු කිීමේ වැඩසටහන්වලට සහභාගී වූ රජයේ මාධ්‍යෙව්දීන් පවසන්නේ තමන් ඔවුන්ට කොකු ගසමින් සිටින බවයි. නමුත් ඔවුන්ගේ බලපෑම් හමුවේ ඔවුන් මුන ගැසුන පිරිස් බලතල බෙදීම සම්බන්ධයෙන් එකගත්වය පළකර සිටිමින් ඇති බව අනාවරණය වේ.

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය දියකර හැරීමේ උත්සාහයක්

වෙන් කර ඇති ප්‍රතිපාදන වසරින් වසර කපා හරිමින් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය දියකර හැරීමේ උත්සාහයක් පවතින බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා ඇත.

මේදක්වා විශ්වවිද්‍යාල මගින් පාලනය වූ ඇතැමි අරමුදල්

ලෝක බැංකු සභාපති නම් කරයි

ලෝක බැංකුවේ නව සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ සාමාජික රටවල ඡන්දවිමසීමේදී ඇමරිකාව නියෝජනය කළ ජිම් යොන් කිම් මහතා ජයගත්තේය. ලෝක බැංකුවේ කොටස් ප්‍රමාණයක් හිමි ඇමරිකාණු නියෝජිතයෙකු හෝ ඔවුන්ගේ අභිලාශයන් නියෝජනය කරන පුද්ගලයෙකු සාමාන්‍යයෙන් මෙම තනතුරට පත්වේ.

Tuesday, April 17, 2012

ඉන්දීය නියෝජිත පිරිස දිවයිනට

ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායිකා සුෂ්මිතා ස්වරාජ්ගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිස දිවයිනට පැමිණ තිබේ. (16) රාත්‍රී 10.45 ට පමණ ඉන්දීය නියෝජිත පිරිස දිවයිනට ළඟාවූහ. ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායිකා සුෂ්මිතා ස්වරාජ්ගේ ප්‍රධානත්වයෙන් 16‍ දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ ඇති අතර ඔවුන් ලබන 21 වැනිදින දක්වා මෙරටට රැදීසිටීමට නියමිතය.

ටයිම්ස් ඔෆ් ඉන්දියා ඉන්දු ශ්‍රී ලංකා සබදතා බිදදමනවා

පරමාණු බලශක්ති අධිකාරිය නිකුත් කළ නිවේදන‍යක් නිකුත් කරමින් පවසන්නේ පසුගිය අප්‍රේල් 10 දා ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත, ශ්‍රී ලංකාවේ ගරු විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් ඉන්දියාවේ කූඩන්කුලම් න්‍යෂ්ඨික බලාගාරය නිසා ජපානයේ ෆුකුෂිමා අනතුරක් වැන්නකින්  ශ්‍රී ලංකාවට තර්ජනයක් වන බවට ප්‍රකාශ කළ බව වාර්ථා කොට ඇති අතර ගරු ඇමතිතුමා විසින් ඉදිරි සැප්තැම්බර් මාසයේදී මේ පිළිබඳව ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සියට