Tuesday, April 24, 2012

විදේශගත රැකියා නියුක්තිකයින්ට විශ‍්‍රාම වැටුප් ලබාදීම මහින්ද චින්තන ඉදිරි දැක්ම ප‍්‍රතිපත්තියට අනුවයි

lankahotnews.org
මහින්ද චින්තන ඉදිරි දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙහි දැක්වෙන පරිදි “සැමට විශ‍්‍රාම වැටුපක්” යන තේමාව යටතේ විශ‍්‍රාම වැටුප් නොලබන සැමට විශ‍්‍රාම වැටුප් ලබාදීම හා හා  පුළුල් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීමට සමාජ ආරක්ෂණ මණ්ඩලය විවිධ වැඩසටහන් හඳුන්වා දෙමින් සිටී.



ඒ යටතේ විදේශයන්හි සේවය කරන ඉහළ වැටුප් ලබන ශී‍්‍ර ලාංකිකයින්ට වැඩි මුදලක විශ‍්‍රාම වැටුපක් ලබාදීමේ සමාජ ආරක්ෂණ මණ්ඩලයේ අරමුණ සාක්ෂාත් කිරීමේ පළමු පියවර ලෙස මෙය ආරම්භ විය. මේ යටතේ මදුරංගනී කාරියවසම් මෙනවිය කාර්තුවකට රුපියල් 19, 800ක් වන මුදලක් මේ සඳහා දායක කළේය. ඇය මේ මෙම විශ‍්‍රාම වැටුපට දායකවූයේ වයස අවුරුදු 31 දී වන අතර, ඒ අනුව ඇයට වයස අවුරුදු 60 වනවිට මසකට රුපියල් හැට දහසක විශ‍්‍රාම වැටුපක් ලැබීමට නියමිත වේ. මේ සඳහා කාර්තුවකට ගෙවන ලද මුදල හැකි ඇයට වසර 5, 10, 15 සහ 20 ආදී වශයෙන් තමන්ට හැකි ආකාරයට එකවර වුව ද, ගෙවා නිමකිරීමේ පහසුව සපයා ඇත. මේ අනුව ඇය වයස අවුරුදු 60 වනවිට රුපියල් 2,138,400 ක මුදලක මුළු මුදලක් ගෙවා අවසන් වේ.

විදේශයන්හි මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කිරීමේ දී තානාපති කාර්යාල, විදේශ රැකියා නියෝජිතයන්ගේ සංගම්, සේවා නියුක්තිකයින්ගේ සංගම් ආදියෙහි සේවය ලබාගැනීමට කටයුතු කර ඇති අතර, කුවේට් රාජ්‍යයේ හා
 සිංගප්පූරුවේ ප‍්‍රවර්ධන වැඩසටහන් මේ වනවිටත් සාර්ථක ව කි‍්‍රයාවට නංවා ඇති බව සමාජ ආරක්ෂණ මණ්ඩලයේ වැඩබලන සභාපති මොන්ටේගු සරච්චන්ද්‍ර මහතා පවසයි.


ඉදිරියේ දී මෙම විශ‍්‍රාම වැටුප් වැඩසටහනට විදේශගත සියලු ශී‍්‍ර ලාංකිකයින්ට ආරාධනා කිරීමට තීරණය කර ඇත්තේ විවිධ රැකියා කරමින් සිට ශී‍්‍ර ලංකාවට පැමිණ තම සැදෑ සමය සුරක්ෂිත ව ගතකිරීමට අවස්ථාවක්
 සැලසීමක් වශයෙනි.

No comments:

Post a Comment