Tuesday, April 24, 2012

මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ ඛනිජ තෙල්

lankahotnews.org
මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ ඛනිජ තෙල් ගවේෂණයේ යෙදෙන Cairn India සමාගම සිය ගවේෂණ කටයුතු පිළිබඳ නවතම තොරතුරු අනාවරණය කරයි.

මේ අනුව, සමාගම පවසා තිබෙන්නේ දැනට ගෑස් ඇතැයි සොයාගෙන තිබෙන ලිං දෙකෙන් අඩුම තරමේ එකකින්වත් වාණිජ මට්ටමින් ගෑස් නිපදවීමට හැකියැයි තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බවයි.
සමාගම විසින් පසුගිය වසරේදී මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ කණින
ලද තෙල් ලිං තුනෙන් දෙකක ස්වභාවික ගෑස් ඇතැයි හෙළිදරව් කර ගැනීමට සමත්විය.
මේ අනුව, වාණිජ මට්ටමෙන් ගෑස් නිපදවීමේ හැකියාවක් ඇතැයි හෙළිදරව් කරගෙන තිබෙන බවත් ඒ බව ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බවත් හෙතෙම සඳහන් කරයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ නිළධාරියෙකු පැවසුවේ වාණිජ මට්ටමෙන් ගෑස් නිපදවීමේ හැකියාවක් ඇතැයි සමාගම විසින් රජයට දැනුම් දී තිබුණත් ඇගයීම් වාර්තාව තවමත් ලබාදී නොමැති බවයි.

No comments:

Post a Comment