Tuesday, April 24, 2012

ඊශ‍්‍රායලයට අපකීර්තියක් එක්කරමින් ඊජිප්තුව, ඊශ‍්‍රායලයේ ගෑස් සැපයුම නවතා දමයි

lankahotnews.org
ඊජිප්තුව විසින් ඊශ‍්‍රායලයට ලබා දෙන ලද ස්වභාවික ගෑස් සැපයුම නවත්වන්නට තීරණය කර ඇති බව විදෙස්  මාධ්‍ය වාර්තා කරයි. ඊජිප්තු ස්වභාවික ගෑස් සපයන ආයතන විසින් පසුගිය ඉරිදා  දින සිට මෙම අත්හිටවීම කි‍්‍රියාත්මක වන බවට දැනුම් දී ඇති අතර ඊශ‍්‍රායලය මාස 4 කින් තම බිලියන 8 ක පමන වන ගෙවිම් සිදු කර නැති බවත් මෙම ආයතන අතර ප‍්‍රධානි මොහොමඩි සොහිබි පෙන්වා දෙයි.

අනෙකුත් පරිභාහිර වෙලද සබදතා පිලිබද සිතා මේ පිලිබද කල හැකි කිසිවක් ඔවුන් සතුව නැති බවත් තව දුරටත් පෙන්වා දෙයි.
මේ පිලිබඳ අදහස් දක්වන ඊශ‍්‍රායල් විදේශ ඇමති විසින් පෙන්වා දී ඇත්තේ මෙය ඔවුන්ට විශාල අපකීර්තියක් බවත් ඊජිප්තුව සමඟ මේ පිලිබද වඩාත් හොඳින් බේරුම් කර ගැනීමට බලාපොරොත්තු වන බවත් සඳහන් කර ඇත.

No comments:

Post a Comment