Monday, February 25, 2013

22වැනි ජිනීවා සමුළුව අද ඉන්දියාව මෙවරත් ශ්‍රී ලංකාවට එරෙහිවේ


22 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව අද 25 ජිනීවා නුවරදී ආරම්භ වේ. ඒ සඳහා අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්‌ඩායමක්‌ ජිනීවා බලා ගොස් ඇත. ඊට අමතරව මෙරට අධිකරණ සහ ආරක්‌ෂක අංශවලට සම්බන්ධ නිලධාරීහු දස දෙනෙක්‌ දැනටමත් ජිනීවා වෙත ගොස්‌ තිබේ.
මෙහිදී ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‌ෂාවට සෘජුව මැදිහත්වෙමින් ඇමරිකාව විසින් ඉදිරිපත් කරන යෝජනාවට ස්‌විට්‌සර්ලන්තයදකුණු අප්‍රිකාව සහ යුරෝපා සංගමයද සහාය දැක්‌වීමට ඉදිරිපත්වී තිබේ.

වයඹ, මධ්‍යම සහ උතුර පළාත් සභා මැතිවරණය ලබන අගෝස්‌තු මාසයේ


වයඹමධ්‍යම සහ උතුර පළාත් සභා මැතිවරණය ලබන අගෝස්‌තු මාසයේ පැවැත්වීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
වයඹ සහ මධ්‍යම පළාත් සභා මාර්තු මාසයේදී විසුරුවා හැර මාස තුනක්‌ ඇතුළත මැතිවරණය පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණදමැතිවරණය කල්දැමිය යුතු බවට වූ යෝජනාවක් ක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පක්‍ෂ නායකයන් විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ඉදිරිපත්කර තිබේ.

Sunday, February 24, 2013

පෙට්‍රල් රුපියල් 3කින් ඩීසල් රුපියල් 6කින් වැඩි කිරීමට ජනපති අණ කරයි


23 සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3.00න් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

ඒ අනුව රුපියල් 167ක්ව පැවැති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 170කි.

ඔක්ටේන් 90 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් ද රුපියල් 159 සිට 162 දක්වා ඉහළ දමා ඇත. 

උතුරු කොරියානු ප්‍රහාර වලින් ජපානය ආරක්ෂා කරන බව ඇමෙරිකාව කියයි

ජපානය උතුරු කොරියානු න්‍යෂ්ටික ප්‍රහාරවලින් මුදා ගැනිම සහ එරටට පූර්ණ අරක්ෂාව ලබාදිමට  ඇපකැප වන බව ජනාධිපති ඔබාමා පවසයි.
උතුරු කොරියාවේ තුන්වන න්‍යෂ්ටික පරීක්ෂණයත් සමඟ උතුරු කොරියාව ජාත්‍යන්තර බැඳීම් නොතකා තදබල ප්‍රකෝපකාරි ක්‍රියාවක් කිරිම සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය සම්බන්ධයෙන් ඔබාමා ජපන් අගමැති ෂින්සෝ අබේ සමඟ දුරකථනයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමින් මේ බව පවසා තිබේ.

Wednesday, February 13, 2013

පොලිස්පතිතුමා මේ ගැරන්ටි එක දෙනවා අම්මා ළමයි බලා ගන්නවා කියලා. එහෙමනම් හෙට ළමයව නිදහස් කරන්න.


යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් ලෙස කටයුතු කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත් වූ දරුවන් දෙදෙනාගේ මව්වරුන් තම දරුවන් නිදහස් කරගැනීමට කොතෙකුත් උත්සාහ ගත්තද පොලීසිය පවසා සිටියේ දරුවන් නිදහස් කිරීමට පුනරුත්තාපනය කල යුතු බවයි. නමුත් යාපනයේ සංචාරය කල මහින්ද රාජපක්ෂ මහතා යාපනයේ මවක ඉදිරිපත් කළ ඉල්ලීමට කාරුණිකව සවන්දී එම සිසුන් අද (13) වන විට නිදහස් කළ යුතු බවට පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතාට උපදෙස් දුන්නේය. අතිගරු

Tuesday, February 12, 2013

බිමල් රත්නායක කුරුණෑගල, වැවගෙදරදී කාන්තාවන් 5ස් දෙනෙකු‍‍ගේ සත්‍ය ජීවිත හෙලි කරයි

පසුගිය (10) දින කුරුණෑගල වැව ගෙදර ප‍්‍රදේශයේ පැවති "ජනතාව පෙළන පාලනයට එරෙහිව පෙළ ගැසෙමු" ජන හමුව අවස්ථාවේ මෙම කාන්තාවන් පිළිබද බිමල් රත්නායක මහතා දැක්වූ  අදහස
"අපි මේ දවස්වල කාන්තාවෝ පස් දෙනෙක් ගැන කථා කරනවා. දෙසැම්බර් වල කථා කළා ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ගැන. ජනවාරි මාසේ කථා කලා රිසානා ගැන. ඊට පස්සේ කථා කළා අර

ගංජා බොන්න කෝටි 1600, දිනකට ස්ත්‍රී දූෂණ 05යි - චම්පික රණවක


සංවර්ධනය කියමින් මංමාත් ගොඩනැගිලි ඉදිකරණ රටේ ජනතාව දුරාචාරය සඳහා බිලියන 150ක පමණ මුදල් වියදම්කරන්නේයැයි තාක්ෂණ පර්යේෂණ හා පරමාණුක ශක්ති ඇමති පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඔහු මේ බව පවසන්නේ පසුගිය සතිඅන්තයේ පුවත් පතක් සමග සංවාදයකට එක්වෙමිණි.
එහිදී ඇමතිවරයා වැඩිදුරටත් වැඩිදුරටත් පවසන්නේ "කණගාටුවේ වුවත් කියන්න වෙනවා ගංජා බොන්න මේ රටේ කෝටි 1600ක්

Sunday, February 10, 2013

පවිත්‍රාට විදුලිබල ඇමති කම ලැබුණු හැටි චන්දන සූරියආරච්චි දොඩංගස්ලන්දේදී පැහැදිලි කරයි


ජනතා විමුක්ති පෙරමුණ විසින් මේ දිනවල රට පුරා පවත්වමින් යනු ලබන "ජනතාව පෙළන පාලනයට එරෙහි වෙමු" ජනහමු මාලාවේ තවත් ජන හමුවක් පසුගිය 02වන දින දොඩන්ගස්ලනද ප‍්‍රදේශයේ ඔගොඩපොල නගරයේ පැවැත් විය. එහිදී අදහස් දැක්වූ අභ්‍යාස ලාභි උපාධිධාරීන්ගේ සංගමයේ කැදවුම්කරු චන්දන සුරීයආරච්චි මහතා පවසා සිටියේ 
ආණ්ඩුව දෝෂාභියෝගයේදී සෑහෙන දෙනෙකුට පොරොන්දු දුන්නා.

Tuesday, February 5, 2013

හයිබ්‍රිඩ් සතුරා පැරදවීමට 06වැනිදා හයිඩ් එන්න-පූජ්‍ය දඹර අමිල හිමි

අධිරාජ්‍යවාදයරටට විජාතික බලවේග කැඳවන ආණ්ඩුව ලෙසිනුත් ආණ්ඩුව නිර්මාණය කරන අර්බුදවල ගැලවුම්කරුවා ලෙසිනුත් ආකර දෙකකින් පෙනී සිටිමින් සිටින බවත් ඔවුන්ගේ කුමන්ත්‍රණ පරදා රටට වන විනාශය නතර කිරීම සඳහා පුළුල් ජනතා බලවේග ඒකරාශී විය යුතු බවත් අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.

මාතලේ සමූහ මිනී වල ගැන ජවිපෙ කතා කරයි - 88-89 ඝාතනයන්ට වගකිව යුත්තන් වත්මන් ආණ්ඩුවෙත් ඉන්නවා... සාධාරණයක් ඉටුවේ යැයි අපි හිතන්නේ නැහැ


මාතලේ සමූහ ඝාතනයට මෙන්ම 1988 - 1989 ඝාතනයන්ට සෘජුව හා වක‍්‍රව වගකිව යුත්තන් වත්මන් ආණ්ඩුවෙත් ඉන්නා බවත් ඝාතනය වූවන්ට මෙම ආණ්ඩුවෙන් සාධාරණයක් ඉටුවේ යැයි තමන් නොසිතන බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික,පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර දිසානායක මහතා අද (05) බත්තරමුල්ලපැලවත්ත පිහිටි ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පැවසීය.
එහිදී ඒ මහතා දැක්වූ සම්පූර්ණ අදහස් පහත පළවේ.

Monday, February 4, 2013

සිරියාවට පහර දීමට ඊශ්‍රායලය සැරසේ - දේශසීමා ඉක්මවූ අරගලයකට සිරියාව සූදානමින්


හිස්බුල්ලා වරුන්ට යැවෙන බවට සැලකෙන අවි දුටුවොත් නැවත සිරියාවට පහර දෙන බව ඊශ‍්‍රායලය කියන අතර ඇමරිකාව කියන්නේ අන්තවාදීන් ගේ අතට අවි ලැබීම වැලැක්වීමට  ඕනෑම සහයක් දෙන බවයි. සිරියානු ප‍්‍රදේශයේ හමුදා පර්යේෂණ මධ්‍යස්ථානයට පහර දීමෙන් පසු කලාපයේ ආතතිය වැඩි වී ඇත.
ඊශ‍්‍රායෙල් ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊබ‍්‍රාහිම් කැම් කියා ඇත්තේ අවි ප‍්‍රවාහන වලට පහර දීමට තමන් සූදානම් බවත් ඊශ‍්‍රායලය තුන්වන අයන්ඩ්‍රෝම් බල ඇණියද උතුරට යවා සිදුකල බදාදා ප‍්‍රහාරය අනතුරු ඇඟවීමක්

මට ආලෝකේ ගෙන දේවි සංසාරයේ ගීතයේ පද මාලාව සොරකම් කලයි ඉරාජ්ට කෝටියක් ඉල්ලා නඩු


"මට ආලෝකෙ ගෙන දේවි සංසාරයේ" පැරණි ගීතයේ පද මාලාව වෙනස් කර තමන්ගේ ගීතයක් ලෙස ඉදිරිපත් කළැයි ඉරාජ් වීරරත්නට එරෙහිව රුපියල් කෝටියක වන්දි ඉල්ලා කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු පවරා තිබේ.

එම ගීතය ලියා තිබෙන්නේ 1950 වසරේදී හර්බට් එම් සෙනවිරත්න මහතා විසිනි. නඩුව පවරා ඇත්තේ දැන් ගීතයේ දැන් හිමිකරුවන් වන ඔහුගේ බිරිඳ වන ස්වර්ණා ලක්ෂ්මී

65 වන නිදහස් සමරුම මහ ඉහලින් ත්‍රීකුණාමලයේදී, ජනපති ආර්යාව ශිරන්ති රාජපක්ෂත් සම්බන්ධ‍වේ.

65 වන ජාතික නිදහස් දින උළෙල ත්‍රිකුණාමලය ෆෙඩ්රික් කොටුව මාවත පරිශ්‍රයේ දී අද (04) උදෑසන 09.22ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජාතික ධජය එසවීමෙන් අනතුරු ව අභිමානවත් අයුරින් ආරම්භ විණි.

මෙවර ජාතික දින උළෙලේ තේමාව වන්නේ  'අසිරිමත් මව්බිමක් - ඉසුරුමත් හෙට දිනක්' යන්නයි.

උත්සව පරිශ්‍රයට පොලිස්පතිවරයාගේ හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ

Sunday, February 3, 2013

මධ්‍යම-වයඹ පළාත් සභා විසිරුවා හැරීමට සූදානම්, මැතිවරණය අපේ‍්‍රල් අග හෝ මැයි මුල


මධ්‍යම සහ වයඹ පළාත් සභා විසුරුවා හැර  මැතිවරණය පැවැත්වීමට රජය තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මතුවන අාර්ථික අර්බුධ වලට අාණ්ඩුෙව් විසදුම ෙමවැනි කුඩා මැතිවරණ තැබීමයි.
වාර්තා වන අකාරයට ඉදිරි සති කිහිපය ඇතුලත මෙම පළාත් සභා දෙක විසුරුවා හැර මැතිවරණය අපේ‍්‍රල් අග භාගයේ හෝ මැයි මස මුලදී පැවැත්වීමට ඉඩ ඇත.
මෙම මැතිවරණයෙන් පසුව වසර අවසානයේදී තවත් පළාත් සභා

අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරය එළඹෙන 06වනදා පා ගමන් දෙකක් සහිත දැවැන්ත රැලියක් හයිඩ් පිටියේ සූදානම්කරයි


අධිරාජ්‍යවාදයරටට විජාතික බලවේග කැඳවන ආණ්ඩුව ලෙසිනුත් ආණ්ඩුව නිර්මාණය කරන අර්බුදවල ගැලවුම්කරුවා ලෙසිනුත් ආකර දෙකකින් පෙනී සිටිමින් සිටින බවත් ඔවුන්ගේ කුමන්ත්‍රණ පරදා රටට වන විනාශය නතර කිරීම සඳහා පුළුල් ජනතා බලවේග ඒකරාශී විය යුතු බවත් අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.

කියුබානු BTI බැක්ටීරියාව ගුවනින් ඉසීම කොළඹ නගර සභා බල ප්‍රදේශයෙන් අරඹයි


නියාමන ව්‍යාපෘතියක් වශයෙන් ඩෙංගු මර්දනයේ දී බී.ටී.අයි. බැක්ටීරියාව ගුවනින් ඉසීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මීට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වනවිට සකස් කර අවසන් කර තිබේ. එය ඉදිරි දින කීපය තුළ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මුස්ලිම් ජනතාවට එ‍රෙහිව ප්‍රචණ්ඩත්වයක් මතුවුවත් ඊට එරෙහිව ආණ්ඩුවේ පියවර ප්‍රශංසනීයයි - මුස්ලිම් නායකයෝ කියති


ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට එරෙහිව ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සහ ඇතැම් බෞද්ධ සංවිධාන මගින් කලක් මුළුල්ලේ ගෙන යන ප්‍රචාරවලට ප්‍රතිචාරය පළ කිරීම පිණිස කොළඹ පැවති මාධ්‍ය හමුවක් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය කැදවා තිබුණි. මුස්ලිම් ජනතාවට එරෙහිව රට තුලින් මතුවෙමින් තිබෙන ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම් වස් ආණ්ඩුව ගෙන තිබෙන පියවර පිළිබඳව සෑහීමකට පත්වන බව මෙහිදී මුස්ලිම් නායකයෝ අවදාරණය කලහ.

ජාත්‍යන්තර නීතීඥයින්ගේ වීසා අවලංගු කරයි


ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව සොයා බැලීම පිණිස ඉහල පෙළේ ජාත්‍යන්තර විනිශ්චයකරුවන් ඇතුළු දූත පිරිසක් (ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයේ මානව හිමිකම් පිළිබඳ ආයතනය (ඉබාරි)) පෙබරවාරි පළමු වැනි දින සිට දස වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදීමට නියමිතව තිබිණ.
දූත පිරිසේ එක් සාමාජිකයෙකුට ජනවාරි වැනි දින වීසා බලපත් නිකුත් කළ ශ්‍රී ලංකා ආණ්ඩුව, අවසාන මොහොතේ එනම්

දේශසීමා අතර දිවෙන ගංගාවන්ගේ උපයෝජනය සම්බන්ධයෙන් වගකීමෙන් ක්‍රියාකරන බව චීනය කියයි


ඉන්දියාවත් අසල්වැසි තිබ්බතයත් අතර ජලය බෙදාහදා ගන්නා බ්‍රහ්ම පුත්‍ර (තිබ්බතයේදී යාලුන් සැංපෝ) ගංගාවේ අලුතින් ජල විදුලි බලාගාර 03ක් ඉදිකිරීමට චීනය සැලසුම් කරන බවට පළවුණු මාධ්‍ය වාර්තාවකට පසු තම රටේ ගංගා අයිතින් කෙරේ ගරු කරන ලෙස ඉන්දියාව පෙරේදා චීනයෙන් ඉල්ලා තිබේ.
බ්‍රහ්මපුත්‍ර නදියේ සිදුවන වර්ධනයන්පිළිබඳව ඉන්දීය රජය ප්‍රවේශමෙන් නිරීක්ෂණය කරමින් සිටින බව පවසන ඉන්දීය විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක සයිද් අක්බරුදින් ඉහළ නදී ප්‍රදේශවල

සමාජවාදය හැර වෙන කිසිම උත්තරයක් නැහැ - ටිල්වින් සිල්වා කියයි

වී.අයි. ලෙනින් මරණයට පත්වී දැනට වසර 89ක් ගෙවී හමාරය. ඒ වෙනුවෙන් ලෙනින සමරුවක් සමාජවාදී කම්කරු සංගමය විසින් පැවැත්වූ අතර එහි ප්‍රධාන දේශනය සිදුකරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිලිවින් සිල්වා මහතා විසිනි. එම දේශනය කොළඹමහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී 2013.01.21 දින පැවැත්විණි. එහිදී ‍ජවිපෙ ප්‍රධාන ලෙකම් ටිල්වින් සිල්වා මහතා විසින් කළ සමරැ දේශනය මෙසේ පල කර සිටිමු.


Saturday, February 2, 2013

මහින්ද චින්තනය ඉදිරියට ගන්න මේ ඇමතිකමට අමාරුයි


අයවැය ප‍්‍රතිපාදන අඩුවෙන්ම වෙන් කෙරුණු අමාත්‍යංශයක් නව කැබිනට් මණ්ඩල සංශේධනයේදී තමන්ට පැවරී ඇති බව තාක්ෂණ පර්යේෂණ හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප‍්‍රකාශ කරයි.
තමන් මහින්ද චින්තනය හිස් මුදුනෙන්ම පිළිගන්නා බවත් රටේ අනාගතය ආසියාවේ ආශ්චර්යය රැදි ඇත්තේ මහින්ද චින්තනයේ වුවත් තාක්ෂණ පර්යේෂණ හා බලශක්ති අමාත්‍යංශ්‍යට 2013 අයවැයෙන් වෙන් කෙරෙන බවට පොරොන්දු වූ ප‍්‍රතිපාදන වලින් සිය අමාත්‍යංශ්‍යට  හිමි වී ඇත්තේ  0.04‍%  වැනි මුදලකින් නිසා ඉදිරි

කුරුණෑගල ව්‍යාජ කච්චේරියක් වටලයි

කුරුණෑගල ඔරලෝසු කණුව හන්දිය අසළ දී ව්‍යාජ කච්චේරියක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

මොහු විසින් ව්‍යාජ උප්පැන්න, මරණ, විවාහ සහතික ඇතුළු වෙනත් ලිපි ලේඛන සකස් කර ඇති බව සඳහන්ය. 

අත්අඩංගුවට ගෙන ඇත්තේ 62 හැවිරිදි වූ පොතුහැර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි . 

දෝෂාභියෝගය පැරදුනා දැන් අවශ්‍ය ජනතාව සමග කරන අරගලයක්


"අග‍්‍රවිනිශ්චයකාරවරිව දෝෂාභියෝගයට ලක්කළාට වඩා බරපතළ කාරණයක් තමයි දැන් මතුවෙලා තිබෙන්නේ. නීතියේ ස්වාධිපත්‍ය නැවත පිහිටුවීමේ අරගලයකයි දැන් අපට නියලීමට සිදුවෙලා තිබෙන්නේ. මගේ මතය අනුව ඒ දෙස බැලීමයි දැන් අවශ්‍ය වන්නේ.
මේකේදී නීතිඥ මහත්වරුන්ට නෝනලාට ප‍්‍රශ්නයක් වන්නේ නැහැ. ජනතාවගේ නඩුවලට සහ ජනතාවට තමයි මේකෙන් බලපෑම් සිදුවන්නේ. අවසාන වශයෙන් මහජනතාවට කියන්න

Friday, February 1, 2013

මොහාන් පීරිස් තමන්ගේ නඩුව තමන්ම ඇසීමට යයි නඩුව ගෙනා නාගානන්දට තර්ජන


ශ්‍රී ලංකා රේගුව, ඩොක්යාර්ඩ් (Dockyard) සමාගමට එරෙහිව පවරා තිබූ නඩුවක් අගවිනිසුරු මොහාන් පීරිස් නීතිපතිවරයාව සිටිය දී ඉවත් කරගැනීමෙන් රජයට රුපියල් බිලියන 600 කට වැඩි මුදලක පාඩුවක් සිදු කළ බව පවසමින් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවා තිබිණ. එම අවස්ථාවේ එහි විනිසුරු මඩුල්ලේ මොහාන් පීරීස් මහතා අසුන්ගෙන තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නඩුව විභාගයට ගත් අවස්ථාවේ අගවිනිසුරු මොහාන් පීරිස්