Friday, June 29, 2012

කතරගම මැණික් ගල් 124ට සොච්චමක් ගෙවා මාරුවෙන ලකුණු


කතරගම, තම්මැන්නාව මැණික්‌ ඉඩමේ ගම්මුන්ට වෙන් කළ කොටසේ තිබී සොයාගත් මැණික්‌ ගල් 124 නිසි පරිදි වෙන්දේසි කර අදාළ පවුල් 54ට සාධාරණය ඉටු කරන ලෙස ප්‍රදේශවාසීහු වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති.
ජාතික මැණික්‌ සහ ස්‌වර්ණාභරණ අධිකාරිය පසුගියදා වෙන්දේසියක්‌ කැඳවා තිබුණද එය ක්‍ෂණිකව සංවිධානය කළ එකක්‌ බැවින් මැණික්‌ ගල් මිලදී ගැනීමට ව්‍යාපාරිකයන් නොපැමිණි බවද ගම්මු පවසති.
මේ නිසා අදාළ මැණික්‌ ගල් 124 ට ලක්‍ෂ හතරක්‌ ලන්සුවක්‌ ලැබුණ බවත් ඊට විරෝධය පළකළ බවත් මැණික්‌ සොයාගත් ප්‍රදේශවාසීහු පවසති.

Thursday, June 28, 2012

නුවරඑළිය ගුවන්තොටුපළ කඩිනම් කිරීමට ජනපති බලපෑම්


නුවරඑළිය ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත අභ්‍යන්තර ගුවන් තොටුපළේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භකරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

යෝජිත නුවරඑළිය ගුවන් තොටුපළ පිළිබඳ අරලියගහ මන්දිරයේ අද(28) පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇති බව සඳහන්ය.

සංචාරක

මඩ සොදා ගැනීමටවත් ජලාශ සිදුණු මහින්ද රාජපක්ෂ යුගයේ ගොවියා රජවී ඇත


ඩී.එස්. සේනානායක යුගයේ සිට පවතින රජයන් විවිධ උත්සාහයන් දැරූව ද ගොවියා සැබවින් ම රජ කර වූයේ මහින්ද රාජපක්ෂ රජය බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

පොහොර සහනාධාරය ආදී දිරිමත් කිරීම් හා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් කෘෂිකර්මාන්තය නගාසිටුවීමටත්, එය ලාභ ලබන ව්‍යාපෘතියක් බවට පත් කිරීමටත් රජය කටයුතු කර ඇත. එසේ ම වී මිල දී ගැනීමටත් මිල ස්ථාවර ව පවත්වා ගැනීමටත්

Wednesday, June 27, 2012

ටිරාන් අලස් මහතාගේ පියා පාරේ පේමන්ට් එකක් උඩ වාඩිවෙලා සිටියදී මාධ්‍යෙව්දීන්ට හමුවෙලා


සිලොන් ටුඬේ පුවත් පතේ ප‍්‍රධාන කර්තෘවරයා ලෙස හා කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ ලෙස ද කටයුතු කළ ලලිත් අලහකෝන් මහතා සහ කාටූන් ශිල්පි වසන්ත සිරිවර්ධන මහතා සේවයෙන් ඉවත් කිරිමට සිලොන් ටුඬේ පේපර්ස් ආයතනයේ කළමණාකාරීත්වය ගෙන ඇති තීරණය පිළිබඳව රජයේ මාධ්‍ය  විවිධ අදහස් පල කරයි. අද දින එක් මාධ්‍යයක් මේ පිළිබද අප්‍රසාදය පලකරමින් කියා සිටියේ ටිරාන් අලස් මහතාගේ මුදල් වලට හොද මාධ්‍යවේදියකුගේ මයිල් ගහක්වත් මිලදී ගත නොහැකි බවයි.

හොරෙන් විදුලිය කැපීම අරඹයි


ල විදුලි බලාගාර ආශිත ප්‍රදේශ වලට වැසි නොලැබීම හමුවේ ජල විදුලි උත්පාදනය විශාල ලෙස අඩුවී තිබෙද්දී විවිධ ප්ර‍දේශවල විදුලිය බිඳ වැටීම් වාර්තාවන අතර මෙය නොදන්වා විදුලිය කැපීමකැයි අදාළ ප්රලදේශයන්හි වැසියෝ චෝදනා කරති.  පසුගිය දින කිහිපයේම ප්‍රදේශ කිහිපයකම විදුලි බලය බිඳ වැටී තිබෙන අතර එම ප්‍රදේශවල ජනතාව විදුලි බල මණ්ඩලයෙන් විමසීම් කළවිට පවසා තිබෙන්නේ හදිසි බිඳ වැටීමක් නිසා විදුලි බලය විසන්ධි කර තිබෙන බවයි.

අවස්ථා දෙකේදීම විශ්වවිද්‍යල සුදුසුකම් ලබන සියලු සිසුන් විශ්වවිද්‍යාල වලට බඳවාගත යුතුයි


ධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී දිසානායක මහතාගේ කාර්යයභාරය වී ඇත්තේ දෙබානක් ලෙස හැමතැනටම ඇනීම බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි.

එස්.බි. දිසානායක අධ්‍යාපන ඇමති වුවද ළමුන් , ආචාර්යවරුන්, අනධ්‍යන සේවක මණ්ඩලය පාරට බැස ඇති බව දිසානායක මහතා සඳහන් කරයි.

නිර්දේශ 02 ක් යටතේ උසස් පෙළ විභාගය පැවැත්වීමේ දී z-score අසාර්ථකයි


z-score ලකුණු ක්‍රමය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට ගරු කරන බවත්, නිර්දේශ 02 ක් යටතේ උසස් පෙළ විභාගය පැවැත්වීමේ දී අදාළ ක්‍රමය සාර්ථක නොවන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

පසුගිය උසස් පෙළ විභාගයේ z-score ලකුණු සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයක් පැනනැගුණ ද එම ලකුණු ක්‍රමයෙහි වරදක් නොවන බව එම අමාත්‍යවරුන් දෙදෙනාම පැවසූ බව අත්තනායක මහතා සඳහන් කරයි.

Tuesday, June 26, 2012

ගණිතය විසින් විසදිය යුතු ගැටළුව අධිකරණය විසදා ඇත


පසුගිය උසස් පෙළ විභාගයේ z-score ලකුණු ක්‍රමවේදය අහෝසි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද නියෝග කර තිබේ.

පසුගිය උසස් පෙළ විභාගයේ z-score ලකුණු ක්‍රමවේදය අහෝසි කරන ලෙස ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ලබාදෙමින් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දී ඇත.

ඒ අනුව පසුගිය උසස් පෙළ විභාගයේ z-score ලකුණු ක්‍රමවේදයෙන් නිර්දේශ කරන ලද ගණනය කිරීම් අහෝසිකොට පැරණි හා නව නිර්දේශ යටතේ විභාගයට පෙනී සිටි සිසුන්ට වෙන වෙනම

Monday, June 25, 2012

වැව් හිදී කෘෂිකර්මාන්තය වැනසෙද්දී තේ කර්මාන්තයත් අනතුරේ


නියගය නිසා මෙරට තේ නිෂ්පාදනය අඩුවී තිබෙන අතර පසුගිය මැයි මාසයේදී මෙරට තේ නිෂ්පාදනය සියයට 8.4 කින් අඩුවී කිලෝ මිලියන 30.8 ක්
මේ අනුව, උඩරට තේ නිෂ්පාදනය කිලෝ මිලියන 9.0 ක සිට මිලියන 7.36 ක් දක්වා අඩුවී තිබෙන අතර මැදරට තේ නිෂ්පාදනය කිලෝ මිලියන 6.0 ක සිට කිලෝ මිලියන 5.58 ක් දක්වා අඩුවී තිබේ.
මීට අමතරව, පහත රට තේ නිෂ්පාදනය කිලෝ මිලියන 18.6 ක සිට කිලෝ මිලියන 17.8 ක් දක්වා අඩුවී ඇත. 

නියඟය නිසා මෙරට තේ නිෂ්පාදනය අඩුවී තිබෙන අතර පසුගිය මැයි මාසයේදී මෙරට තේ

Sunday, June 24, 2012

ආණ්ඩුවේ කෘෂිකර්මික වැඩපිළිවෙල අනතුරේ ජනපති කෘෂිකර්ම උපදේශක හේමකුමාර නානායක්කාර ඉල්ලා අස්වේ


කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාල භූමියෙන් කොටසක් ගුවන්තොටුපළක් ඉදිකිරීම සඳහා ලබාගැනීම සම්බන්ධයෙන් ජනතා විරෝධයක් මතුවෙද්දී නැවත බීජ අර්තාපල් ගොවිපළක ගුවන්තොටුපළක් ඉදිකිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින නිසාත් කෘෂිකර්මාන්තයට එරෙහි ගොවිජනතාවට හානිකර තීන්දු මේ රජය ගනිමින් සිටින නිසාත් යුද්ධයෙන් පසු මේ රජය යෝධ සංවර්ධන පියවරක් ගනී යැයි බලාපොරොත්තු වුවත් එම සංවර්ධනය ආපසු හරවමින් සිටින නිසා තමාට තව දුරටත් ආණ්ඩුව සමග එක්ව ගමනක් යා නොහැකි බවත් එමනිසා ජනාධිපති කෘෂිකර්ම උපදේශක තනතු‍රෙන් තමා ඉල්ලා අස්වූ බව හේමකුමාර නානායක්කාර මහතා පවසයි.  තමාගේ

Thursday, June 21, 2012

ජූලම්පිටියේ අමරේ මාධ්‍ය කියන තරම් නරක නෑ පොලීසිය කියයි


ජූලම්පිටියේ අමරේ නොහොත්"ගීගන ගමගේ අමරේ" නැමැත්තාට මාධ්‍යවල පළවන අන්දමේ වරෙන්තු ප්‍රමාණයක් නොමැති බවත් ඔහුට එරෙහිව ඇත්තේ වරෙන්තු 5ක් පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා‍ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඒ අනුව ඔහුට එරෙහිව වසර 2005 දී මිද්දෙනිය ප‍්‍රදේශයේදී ති‍්‍රරොද රථයකට ගිනි තබා රු. 110000/- අනර්ථයක් සිදුකිරිම සම්බන්ධයෙන් වලස්මුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේද, 1998දී වීරකැටිය

එදා සුසන්තිකා ඉදිරියෙත් අද සරසවි සිසුවියන් ඉදිරියේත් හෙළිවන එස්.බී. ගේ ලිංගික පීඩනය

අද උසස් අධ්‍යාපන ඇමතිව සිටින එස්.බී. දිසානායක මහතා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනපති සමයේ ක්‍රීඩා ඇමති කම දැරුවේය. එහිදී සුසන්තිකා ජයසිංහ මහත්මියව ලිංගික පීඩනයකට පත් කොට ඇයගේ ක්‍රීඩා ජීවිතයට මහත් බලපෑමක් එල්ල කළේය. සුසන්තිකා ජයසිංහ මහත්මිය යුක්තිය ඉල්ලද්දී එස්.බී. දිසානායක මහතා පැවසූයේ සුසන්තිකා වැනි කළු, රළු කාන්තාවකට තමන් ආසානොකරන බවයි.
අද එස්.බී දිසානායක මහතා සරසවි සිසුවියක් ලියුවායැයි කියමින් සරසවි සංස්කෘතියට නොගැලපෙන විකෘති ලිංගික හැසිරීම් සහිත ලිපියක් ප්‍රසිද්ධියට පත් කොට ඇත. මෙම ලිපිය කියවා බැලීමේදී

Wednesday, June 20, 2012

අමෙරෙලා නිර්මාණය කරන සමාජ ක්‍රමයයි වෙනස්කල යුත්තේ


මරේ අත්අඩංගුවට ගැනීමෙන් ගැටළුව විසදෙන්නේ නෑ අමරෙලා තවතවත් නිර්මාණය කරන සමාජ ක්‍රමය වෙනස් කිරීමට සටන් කිරීමටි ජවිපෙ කරන්නේ. කටුවන ද්විත්ව ඝාතනයට විරෝධය පළ කරමින් (19) පස්වරුවේ පැවති උද්ඝෝෂණයේදී ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසීය.
එම උද්ඝෝෂණය ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර තිබූ අතර එයට විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
තමන් විසින් කිරිපොවා හදා වඩා ගන්නා මැරයන් නීතිය හමුවට නොගෙන නිදැල්ලේ සැරිසරීමට ඉඩදී සිටින මේ ආණ්ඩුව ගෙදරයැවීමට රටේ ජනතාව සූදානම් බව ඒ මහතා පැවසීය.
ටිල්වින් සිල්වා මහතා තව දුරටත් පවසා සිටියේ මහින්ද

ගොවීන් SMS මගින් කෘෂිකාර්මික කටයුතු සැලසුම් කරනයට පොලබවයි



මහවැලි ජලාශයන්හි ජල මට්ටම පිළිබද තොරතුරු කෙටි පණිවිඩ (SMS) මගින් ජංගම දුරකතනයට ලබා දීම පිළිබදව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ අවධානය යොමු වී තිබේ.
විශේෂයෙන්ම මෙම වැඩපිළිවෙල මඟින් ගොවි ප්‍රජාවට සිය කෘෂිකාර්මික කටයුතු විධිමත්ව සැලසුම් කර ගැනීම සදහා විශාල පහසුවක් වනු ඇත.ජලාශයන්හි ජල මට්ටම සියයට හතලිහ දක්වා අඩු වු විටදී සහ ජල මට්ටම සියයට අනුවත් අනුපහත්  අතරට පැමිණි විටදී මෙසේ කෙටි පණිවිඩ මගින් ගොවි ජනතාව දැනුවත් කිරීමට සැලසුම් කර තිබේ.
ජලාශයන්හි ජල මට්ටම ඉහළ ගිය අවස්ථාවන්හි එම

Monday, June 18, 2012

මැදමුලනෙන් කිරිපොවන දඩබල්ලා බැඳ දමනු


කටුවන ඝාතනයත් සමග ආණ්ඩුව දිගින් දිගටම රැකගැනීමට වසංකිරීමට තැත්කරන පුද්ගලයෙක් අපට හමුවේ. ඒ ඝාතන 22 - ස්ත්‍රී දූෂණ 11 - කොල්ලකෑම් 13 කට සම්බන්ධ ජුලම්පිටියේ අමරේ නැමති මැරයාය.  ජුලම්පිටියේ අමරේ ආණ්ඩුවට කොතරම් වැදගත්ද යත් කටුවන ඝාතනය සිදුවූ සැනින් ආණ්ඩුව ප්‍රකාශ කලේ මෙම සිදුවීම ජවිපෙ අභ්‍යන්තර ගැටුමක් බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කලේ ජවිපෙ තුලම වූ සිද්ධියක් විය හැකි බවයි. කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කලේ තවම

අපිට පඩි නැත්තේ නයනට දෙන නිසාද?


ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ 74 ක සේවකයන්ට පසු ගිය මාසයට අදාල වැටුප් මේ වන තෙක් ගෙවා නැතැයි වාර්තාවේ. පසු ගිය මස වැටුප් ලැබී නොමැති සේවකයන් ගණන දසදහසකට අධික වන අතර වැටුප් ලද සේවකයන්ට පවා හිමිව ඇත්තේ වැටුපෙන් කොටසක් පමණි.ගෙවීමට ඇති සම්පූර්ණ මුදල රැපියල් මිලියන 200කට අධිකය වන අතරමහා භාණ්ඩාගාරය මගින් ලංගම වෙත නිකුත් කරන මුදල් වැටුප් ගෙවීමට තරම් ප්‍රමාණවත් නොවන බවද වාර්තාවේ. අපිට පඩි නොදුන්නාට ඇමති තුමා නයනා කුමාරිට නම් වෙලාවට පඩි

බ්‍රසීලයේ කාන්දම් කොලුවා ජනප්‍රියත්වයෙන් ඉදිරියටම


 අවුරුදු 11 වයසැති පෝල් ඩෙවිඩ් අමෝරිම්  එරට මිනිසුන් නිතර කතා බහ කරන ජනප්‍රිය චරිතයක් වී ඇත.එයට හේතුව මොහුගේ සිරුරේ විශේෂිත කානදම් ශක්තියක් තිබීමයි. මෙම අසාමන්‍ය පිරිමි දරුවාට එම කාන්දම් බලය නිසා යකඩ භාවිතකර තැනූ හැදි,ගෑරප්පු,පිහි වනි ඕනෑම දෙයක් තම ශරීයේ අලවා තබා ගත හැක. රූපවාහිනී කැමරා ඉදිරියේදීද ඔහු මෙම අසාමාන්‍ය ලක්ෂණය තහවුරු වුනා.
මෙවැනි අසමානතා සහිත දරුවෙක්

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්විය යුතුයි


හම්බන්තොට, කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමට සිදුකළ වෙඩි තැබීමෙන් ජීවිත දෙකක් බිලි ගනිමින් හා තවත් පිරිසකට තුවාල සිදුකරමින් එම රැස්වීම කඩාකප්පල් කිරීමේ පූර්ණ වගකීම භාරගත යුත්තේ ආණ්ඩුව බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර, එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය කමිටු කැඳවුම්කරු මංගල සමරවීර මහතා පවසයි.

වෙඩි තැබීම් සිදුවූ මෙම ප‍්‍රදේශය රාජපක්ෂ පවුලේ දේශපාලන අධිකාරය පවත්වාගන්නා

IMF අවසන් ණය වාරිකය සදහා තවත් කොන්දේසි

ඉදිරි මාස කිහිපය ශ්‍රී ලංකා ආර්ථිකය තවත් විනාශයන් කරා ලගා වේ යැයි ජාත්‍යත්තර මූල්‍ය අරමුදල විශ්වාස කරන නිසා ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිමය රාමුව සහ සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අවසන් ණය වාරිකය ලබාදීම සම්බන්ධයෙන් තීරණය කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

අදාළ කරුණු පිළිබඳව සෑහීමකට පත්වන්නේ නම් ණය මුදලේ අවසන් වාරිකය ශ්‍රී ලංකාවට

ලක්‍ෂ්මන් හුළුගල්ල ප්‍රකාශ නිකුත් කරන්නේ රෙදි ඇදගෙනද?

 පසුගිය 15දා කටුවනදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් විවිධ අර්ථකථන සහ වැරදි චිත‍්‍රයන් නිර්මාණය කරමින් තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ විසින් (17) පැවත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී අනාවරණය කළේය.
එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති එම සාක්ච්ඡාවේදී එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික අනුර දිසානායක මහතා අදහස් දක්වමින් වැඩිදුරටත් පවසා සිටියේ "පසුගිය 15 දා කටුවනදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුව

Saturday, June 16, 2012

ඩෙංගු මාරයා ලාංකීය මිනිස් ප්‍රතිදේහ ඉක්මවද්දී මහින්ද කියුබාවේ


ඩෙංගු රෝග ලක්ෂණ මතු නොකර ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති හෙයින් ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු යැයි රිජ්වේ ආර්යා ළමා රෝ‍හලේ ළමා ‍රෝග පිළිබඳ  විශේෂඥ වෛද්‍ය දේවන් මෙන්ඩිස් මහතා පැවසීය.
මේ අනුව මොළයේ උණ,පාචනය ,නියුමෝනියාව,කැස්ස වැළඳුණ රෝගීන්ගේ රුධිරය පරීක්ෂා කිරීමෙන් පසුව ඔවුන්ටද ‍ඩෙංගු රෝගය වැලදී ඇති බව තහවුරු වීමෙන් මේ බව

කොළඹ සරසවි සිසුන්ගෙන් ඉපයූ මුදල් විදෙස් සිසුන්ගේ පහසුකම් සදහා


ජාත්‍යන්තර සිසුන්ගේ අවශ්‍යතාවයන්ටද ගැලපෙන ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ ඉදිකිරීමට යන සය මහල් බහු කාර්ය ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් සඳහා වැයවන මුදල් වලින් රුපියල් මිලියන 150 ක වියදමක් දැරීමට කොළඹ විශ්වවිද්‍යාලය සූදානම් වේ.
සිය පශ්චාත් උපාධි පාඨමාලා වලින් ආදායම් ලැබෙන බවත් එම ආදායම් වලින් කොටසක් රුපියල් මිලියන 150 ක් මෙම

ශ්‍රී ලංකාවට හංගේරියානු උපදේශණ සේවා අරඹන්න ජනපති යෝජනා කරයි


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අදහසක්  අනුව හංගේරියානු රජය සමග උපදේශනය හා සහයෝගිතාවය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළැඹීමට රජය තීරණය කොට තිබේ.

මෙම අවබෝධතා ගිවිසුම යටතේ දෙරට අතර දේශපාලන, ආර්ථික, වෙළෙඳ, මුල්‍ය, කෘෂිකර්ම, සංස්කෘතික, තාක්ෂණික හා විද්‍යාත්මක සහයෝගිතා මෙන් ම  ජාත්‍යන්තරව පවතින අන්‍යෝන වශයෙන් උනන්දුවක් දක්වන කරුණු

ජනපති මැදමුලන වලව්ව අසල ගමක, ජවිපෙ ජනහමුවකට වෙඩි වරුසාවක් - දෙදෙනෙක් මරුට

හජනතාව මර්ධනය කරමින් පාලනය පවත්වාගෙන යාම ප‍්‍රතිපත්තිය කරගෙන සිටින ආණ්ඩුව කටුවන පැවති ජනතා විමුක්ති පෙරමුණේ ජනහමුවකට පහරදී දෙදෙනෙකු ඝාතනය කිරීමේ වගකීම, මැර කණ්ඩායම් නඩත්තුකරමින් පවත්වාගෙන යන ආණ්ඩුව භාරගත යුතවබවද, මැර කල්ලිවලින් අවසරගෙන දේශපාලනය කිරීමේ සූදානමක් ජනතා විමුක්ති පෙරමුණට නැතැයි ජවිපෙ

වාහනවල දුම් පරීක්ෂාවට නව ක්‍රමවේදයක් හදන්න ජනපති උපදෙස්

රථවාහන වලින් පිටවන දුම් පරීක්ෂා කිරීම සඳහා නව ක්‍රමවේදයක් ගෙන ඒමට ජනපති මහින්ද රාජපක්ෂ මහතා  පියවර ගෙන ඇත.

 ඒ අනුව මෙම ක්‍රමවේදය හඳුන්වාදීමට අමාත්‍යවරු කිහිපදෙනෙකුගේ සමාජිකත්වයෙන් කමිටුවක්ද පත් කර ඇති අතර එහි සභාපතිවරයා ලෙස අන්තර් ජාතික මුල්‍ය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සරත් අමුණුගම මහතා කටයුතු කරනු ලැබේ.

Friday, June 15, 2012

සරත් ෆොන්සේකා සිරගෙදර සිටියදී ජවිපෙ සොයා බලා නෑ

ප්‍රජාත්‍රන්තවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතා 14 දින පැවැත්වූ මාධ්‍ය හමුවේදී එතුමාගේ සිරගත කළ ජීවිතය, නිදහස ලබාගැනීම, මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට දුන් පිලිතුරු හා ඉදිරි දේශපාලන ගමන් මඟ හා ප්‍රතිපත්ති පිලිබඳවත් සිරගෙදරදී තමාට සැබෑ ලෙසම උදව් කල අයගේ නම් පිළිබදවත් මෙහිදී සැකැවින් විස්තර කළේය. නිදහස ලැබීමෙන් පසු ප්‍රථම මාධ්‍ය හමු‍වේදීම සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ කිසිසේත් මෙම දුෂිත ආණ්ඩුව සමඟ එක්වීමට කිසිඳු

රජ රට වැව් හිදුනද හින්දුවා ද?

ආණ්ඩුවේ සංචාරක ව්‍යාපාරය රටේ එකම ආදායම් මාර්ගය කොට ගත් නිසා අනෙක් ක්ෂේත්‍රයන්ට තැබූ අවධානය අඩු විය. ලහි ලහියේ රට පුරා පිහිටි වැව් වලට සී ප්ලේන් බෑමේ ව්‍යාපෘතිය හා ඒ හරහා මතු වන ආර්ථික සාධක උරා ගැනීම සදහා ඉදිකිරීම්ද ඇරඹූයේ කළුවා සියඹල ගහ කැපුවා සේය. අද සී ප්ලේන් අසාර්ථක වූනිසා බෙරේ පලුවක් නැතිවීමේ පාඩුව ගොවියාට දරාගැනීමට සිදුව තිබේ. 
ඉදිරි දින කිහිපයල තුල වැසි නොලැබුණහොත් මහවැලි “එච්” කලාපයේ අක්කර තුන් ලක්ෂයකට

මයික්‍රොසොෆ්ට් සමාගමට ජාතිය පාවදීමේ ප්‍රමුඛයා තාරුණ්‍යයට හෙටක්

මයික්‍රොසොෆ්ට් සමාගමේ මෘදුකාංග ශ්‍රී ලාංකීය ජාතියට හුරු කිරීම සදහා මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා ආයතනය මේවන විට මෙරට  අධ්‍යාපන අමාත්‍යාශය හා තාරුණ්‍යයට හෙටක් සමග එක්ව විවිධ වැඩසටහන්  රාශියකයක් සංවිධානය කර ඇත. දිගින් දිගටම අධික මුදල් සම්භාරයක් පොම්පකරමින් ශ්‍රී ලංකාව මයික්‍රොසොෆ්ට් සමාගමෙන් මිදීමේ අවස්ථා අහුරමින්  අති අසාර්ථක ව්‍යාපෘති හදුන්වා දෙමින් ලාංකීය ජාතිය මයික්‍රොසොෆ්ට් සමාගමේ වහළුන් බවට පත්කිරීමේ වැඩපිළිවෙලට අතහිත දීමේ වැඩසටහනක් උතුරේ පැවැත්විනි.

Thursday, June 14, 2012

මිනිසා දේශපාලන සත්වයෙකියැයි වදාලේ බුදුන්ද ඇරිස්ටෝටල්ද

භික්ෂුන් වහන්සේ ඇතුළු පූජකවරුන් මන්ත්‍රී පදවි දැරීම වලක්වා ලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවට විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබෙන පෞද්ගලික මන්ත්‍රීවරයෙකුගේ යෝජනාවට පක්ෂ විපක්ෂ අදහස් මතුවෙමින් පවතී.
බෞද්ධ භික්ෂූන් පාර්ලිමේන්තුවට යෑම නිවැරදි බවත් ඊට එරෙහි වීම බටහිර රටවල උවමනාවක් බව ජාතික හෙල උරුමය පවසයි. භික්ෂුව පාර්ලිමේන්තුවට පැමිනීම නිසා රටේ ප්‍රශ්ණ විසදුන බවත් ඔවුන්

ලොව වේගවත්ම ධාවක යුසේන් බෝල්ට් යට කල තරුණියට මඩ


පසුගියදා නෝර්වේ ඔස්ලෝ නුවර පැවැති මීටර් 100 ධාවන තරඟයක් අවසන් වීමත් සමඟ ලොව වේගවත්ම ධාවකයා ලෙස සැලකෙන ජැමෙයිකාවේ යුසේන් බෝල්ට් හට පැමිණි වේගය පාලනය කර ගත නොහැකිව සුබ පැතීමට මල් කළඹක්ද සමඟ ධාවන පථයට පැමිණි තරුණියක්වද පෙරළාගෙන යාමට සිදුව ඇත.
මෙම තරගයේදී බෝල්ට් මීටර සියය තරඟය ජයගෙන ඇත්තේ තත්පර 9.79 කිනි.

ජනාධිපතිට බ්‍රිතාන්‍යයේදී සිදුවූ අපහාසය රටටම සිදුවූ අපහාසයක්

බ්‍රිතාන්‍ය මහ රැජිනගේ දියමන්ති ජුබිලිය සැමරීමේ උළෙලට සහභාගී වීමට ගිය ජනාධිපතිතුමාට මුහුණ දීම‍ට සිදුවූ අපහසුතාවන් හා විරෝධතා තමා අනුමත නොකරන බව එ.ජා.ප හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසූරිය මහතා සදහන් කරයි.

කුමන දේශපාලන පක්ෂය නියෝජනය කළත්, කුමන මත දැරුවත්, ශ්‍රී ලංකා ජන නායකයාට අපහාසාත්මක සිදුවීමක් වුවහොත් එය මුළු රටටම ඇතිවූ

Wednesday, June 13, 2012

සමාජවාදී ශිෂ්‍ය සංගමයට එරෙහිව දියත්වී තිබූ දැවැන්ත කුමන්ත‍්‍රණය පරාජයට පත්කලා

lankahotnews.org
"සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජතික සංවිධායක ලෙස නලින්ද ජයතිස්ස මහතා පත්වන්වන්නේ ජවිපෙ කට්ටිවාදී  දේශපාලනයේ ආරම්භයත් සමගයි. ඒ වන විටත් එහි ජාතික සංවිධායක ධූරය දැරූ චමීර කොස්වත්ත මහතා හැකි ඉක්මනින් මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රකාශ කලේ නලින්ද ජයතිස්ස සහෝදරයා සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික කමිටු සමාජිකයෙක් මිස ජාතික සංවිධායක නොවන බවයි. තමා තව දුරටත් ජාතික සංවිධායක බවත් රට පුරා සමාජිකයන්ට නොමග නොයන මෙහිදී ඉල්ලා සිටියේය. මීට අමතරව ජවිපෙ දේපල

ලසිත් මාලිංග දන්නවාද ටිඕපිලෝ ස්ටීවන්සන් - අපේ කාලයේ ක‍්‍රීඩාවේ පරමාදර්ශයයි

lankahotnews.org
කියුබානු ශ්‍රේෂ්ඨ ඔලිම්පික් බොක්සිං ක‍්‍රීඩක ටිඕපිලෝ ස්ටීවන්සන්ගේ හදිසි වියෝව සම්බන්ධයෙන් සමාජවාදී තරුණ සංගමය සිය බලවත් ශෝකය පළකර නිකුත් කොට ඇත. ක‍්‍රීඩාව වෙනුවට මුදල් පසුපස දුවන ක‍්‍රීඩකයන්ට ටිඕපිලෝ ස්ටීවන්සන් මහඟු ආදර්ශයක් බව සමාජවාදී තරුණ සංගමය පවසයි.

එම නිවේදනය හරහා සමාජවාදී තරුණ සංගමය ලාංකීය ක්‍රීඩා ක්ෂේත්‍රයට කරන බරපතල පහර දීම

Tuesday, June 12, 2012

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ශ්‍රී ලංකාවට ඇතුල් වීමට ඉඩ නොදෙන තත්වයක්?

lankahotnews.org
මෙරට නිල සංචාරයක් සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් නවනීදම් පිල්ලෙයි මහත්මිය අදාළ ඉල්ලීම පසුගියදා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගෙන් සිදුකර තිබුණි.

Monday, June 11, 2012

ගුවන් තොටුපලේදීම රෝගීන් හදුනා ගැනීමට ඒකකයක් හදන්න ජනපති උපදෙස්

lankahotnews.org
ශ්‍රී ලංකාවේ සිට විදේශීය රට‍වල රැකියාව සඳහා පිටත්ව යන පුද්ගලයින් නැවත මෙරටට පැමිණීමේදී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදීම වෛද්‍ය පරීක්ෂණයන්ට භාජනය කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට ජනපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ. 
 විදේශීය රැකියා සඳහා ගොස් නැවත මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් බොහෝ පිරිසක් බෝ නොවන රෝගවලට ගොදුරුවී ඇති බවට තොරතුරු

මතට තිත ගුවන් මගීන්ටත් අදාලයි

lankahotnews.orgගුවන් යානා තුල බීමතින් පිස්සු කෙලීමේ වර්ධනයක් ඇති වී තිබේ. විශේෂයෙන් පසුගිය මාස 02ක කාලය තුල ඩුබායි සිට පැමිණි ගුවන් යානා 2කම මෙසේ බීමතින් හැසිරුණු පුද්ගලයන් කිහිපදෙනෙක්ම අත්අඩංගුවට ගන්නා ලදි.
(09) රාත්‍රී 09.00 ට පමණ ශ්‍රී ලංකාව බලා ඩුබායි සිට ගුවන් ගත කල ගුවන් යානයක් තුලදී ගුවන් මගියකු බීමත්ව කලහකාරී ලෙස හැසිරෙමින් ගුවන් යානයේ අසුනකට සවිකර තිබූ රූපවාහිනී තිරයකට අලාභ සිදුකර ඇත.

රනිල් සතියක නිල සංචාරයකට චීනයට යයි

lankahotnews.org
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා චීනයේ නිල සංචාරයක නිරත වේ.

ජුනි 10 අලුයම විපක්ෂ නායකවරයා දිවයිනෙන් පිටත්ව ගිය බව විපක්ෂ නායක කාර්යාලය සඳහන් කරයි.

චීන කොමියුනිට්ස් පක්ෂයේ ආරාධනයකට අනුව සිදුකරන මෙම සංචාරය සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රුවන් විජයවර්ධන සහ එරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ද සහභාගී වී සිටිති.

CSN පවුලේ නාලිකාවට SYU විරෝධය

lankahotnews.org
ක‍්‍රීඩා ගුවන්විදුලි විකාශන අයිතිය CSN නාලිකාවට විකිණීමට විරෝධය පළ කරන බව සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා  පවසයි.
ක‍්‍රීඩා රූපවාහිනි විකාශන අයිතිය රජයට පමණක් අයිති වී තිබිය දී එම විකාශන අයිතිය මේ වන විට රාජපක්‍ෂ පවුලේ නාලිකාවක් වන CSN නාලිකාවට රුපියල් මිලියන 125කට අවුරුදු 3කට විකුණා ඇති බව මුළු රටම දන්නා කරුණකි.

එහි දෙවැනි පියවර ලෙස ක‍්‍රීඩා ගුවන් විදුලි විකාශන

Sunday, June 10, 2012

එළදෙනගේ පස්ස ඇමෙරිකාවට, ඉන්දියාවට හිස ලංකාවට - ජවිපෙන් චෝදනා

lankahotnews.org
ආණ්ඩුවට තෙල් ගහන්න සෑම පුරවැසියෙක්ම වසරකට රු 2500ක් ගෙවනවායැයි අපූරු ගණිත සූත්‍රයක්  අද හදුන්වා දුන්නේ කොළඹ පැවති මාධ්‍ය සාකච්ජාවකදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතායි. අපූරු අදහස් කිහිපයක්ම ඉදිරිපත් කල ටිල්වින් සිල්වා මහතා තෙල් සංස්ථාව නඩත්තු කිරීම ලංකා ආණ්ඩුව දරණ අතර ලාභ ලැබීම් ඉන්දියාවට සහ ඇමරිකාවට පවරා දීමේ මෝඩ තීරණය නිසා ජනතාව මත බරපටවා තිබෙන බවත් සදහන් කලා.

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් සහ පිරිපහදු තෙල් මිල සාමාන්තර වශයෙන් අඩුවී තිබෙනවා. මේ

ජනපති පබෝදාගේ අඩ නිරුවත අනුමත කරයි

lankahotnews.org
ලංකාවේ සිනමා ශාලා පිරී ඉතිර වීමට උදාර පල්ලියගුරුගේ  සුපර් සික්ස් සිනමා කෘතිය අධ්‍යක්ෂණය කොට ඇත. ලංකාවේ වැඩිම වියදමක් දැරූ චිත්‍රපටිය මෙය බවයි උදාර පල්ලියගුරුගේ හදුන්වන්නේ. මෙතරම් මුදලක් වියදම් කොට කරපු දේ කුමක් දැයි ඇසූ විට උදාර පල්ලියගුරුගේ පවසන්නේ අපි මල් පෝච්චිය ගෙදරින් ගෙනිච්චෙ නැහැ. ඒවා වෙනම ගෙනාවා. අපි ඇඳුම් නළුවන්ට ගේන්න කිව්වෙ නැහැ. මයිකල් විජේසූරිය ඒවා නිර්මාණය කළා. අනික අපි රටවල් විශාල ප්‍රමාණයකට ගියා රූගත කරන්න. අපි ඒවට ගියේ