Wednesday, June 27, 2012

ටිරාන් අලස් මහතාගේ පියා පාරේ පේමන්ට් එකක් උඩ වාඩිවෙලා සිටියදී මාධ්‍යෙව්දීන්ට හමුවෙලා


සිලොන් ටුඬේ පුවත් පතේ ප‍්‍රධාන කර්තෘවරයා ලෙස හා කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ ලෙස ද කටයුතු කළ ලලිත් අලහකෝන් මහතා සහ කාටූන් ශිල්පි වසන්ත සිරිවර්ධන මහතා සේවයෙන් ඉවත් කිරිමට සිලොන් ටුඬේ පේපර්ස් ආයතනයේ කළමණාකාරීත්වය ගෙන ඇති තීරණය පිළිබඳව රජයේ මාධ්‍ය  විවිධ අදහස් පල කරයි. අද දින එක් මාධ්‍යයක් මේ පිළිබද අප්‍රසාදය පලකරමින් කියා සිටියේ ටිරාන් අලස් මහතාගේ මුදල් වලට හොද මාධ්‍යවේදියකුගේ මයිල් ගහක්වත් මිලදී ගත නොහැකි බවයි.

සිලොන් ටුඬේ පේපර්ස් ආයතනයේ සභාපති ටිරාන් අලස් මහතාවන අතර විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂය සමඟ සබඳතා ඇතැයි චෝදනා කරමින් සිලෝන්
නිවුස්පේපර්ස් සමාගමේ විධයාක අධ්‍යක්ෂ දුෂ්‍යන්ත බස්නායක මහතා ලලිත් අලහකෝන් මහතාව ඉවත් කොට  තිබේ.
මීට අමතරව මව්බිම පුවත්පතේ උතුරුමැද හා සබරගමු පළාත් සභා මැතිවරණ පැවැත්වීමෙන් අනතුරුව 2013 වසරේ අගෝස්තු මාසය වනවිට සියලුම පළාත් සභා මැතිවරණ පවත්වා අවසන් කොට හදිසි ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි වූ ප්‍රකාශයටත් රජයේ මාධ්‍ය ටිරාන් අලස් මහතාව දැඩි දෝෂ දර්ශණයට ලක් කලේය.
ටිරාන් අලස් මහතා අත්අඩංගුවට ගත් මොහොතේ ඔහුගේ පියා පාරේ පේමන්ට් එකක් උඩ වාඩිවෙලා ඉන්න පිංතූර පුවත්පත්වල පල කරමින් ((ටිරාන් අලස් මහතාගේ පියා කොළඹ ඩී.ඇස්. සේනානායක විද්‍යාලයේ විදුහල්පතිවරයෙකි) ටිරාන් අලස් මහතාත් ඔහුගේ පියාත් මහජන අනුකම්පාවට ලක්කලේ මාධ්‍යවේදීන් බවත්  ටිරාන් අලස් මහතාගේ මුදල් වලට හොද මාධ්‍යෙව්දියකුගේ මයිල් ගහක්වත් මිලදී ගත නොහැකි බවත් සදහන් කලේය. ටිරාන් අලස් මහතා මෙතරම් මුදලක් හම්බකලේ  කෙසේදැයි සැකයක් මතුවන බවද ‍මෙහිදී සදහන් විය.

1 comment: