Thursday, June 28, 2012

මඩ සොදා ගැනීමටවත් ජලාශ සිදුණු මහින්ද රාජපක්ෂ යුගයේ ගොවියා රජවී ඇත


ඩී.එස්. සේනානායක යුගයේ සිට පවතින රජයන් විවිධ උත්සාහයන් දැරූව ද ගොවියා සැබවින් ම රජ කර වූයේ මහින්ද රාජපක්ෂ රජය බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

පොහොර සහනාධාරය ආදී දිරිමත් කිරීම් හා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් කෘෂිකර්මාන්තය නගාසිටුවීමටත්, එය ලාභ ලබන ව්‍යාපෘතියක් බවට පත් කිරීමටත් රජය කටයුතු කර ඇත. එසේ ම වී මිල දී ගැනීමටත් මිල ස්ථාවර ව පවත්වා ගැනීමටත්
මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 5ක් වෙන් කර ඇත.

පවතින නියං තත්ත්වය පිළිබඳ ව ද ජනාධිපතිතුමා පුළුල් සාකච්ඡාවක් පවත්වා, අමාත්‍යාංශ 5ක් එක්කොට කමිටුවක් පත් කර ඇති අතර සහන ලබාදීමට මේ වන විට දැවැන්ත වූත්, කඩිනම් වූත් වැඩපිළිවෙළක් දියත් කර ඇති බව ද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.


මහා පරිමාණ වාරි ජලාශවල වතුර හිදී ගියද අද ගොවියන් රජවීම රටේ භාග්‍යයකි. කෘෂි කර්මාන්තයෙන් නම් ගොවියන්ට රජ වීමට නොහැකි වුවද මහින්ද රාජපක්ෂ යුගයේදී වෙනත් මාර්ග වලින් ගොවීන් රජකරවීම මහින්ද රාජපක්ෂ මහතාගේ හාස්කමකි. මඩසොදාගත් කල ගොවියා රජකමට සුදුසු වුවත් අද දවසේ ඔහු කෙළින්ම රජ කරවා ඇත.

No comments:

Post a Comment