Saturday, February 25, 2017

මාධ්‍යවේදි කීත් නෝයාර්ට පහර දීම පැවති රජයට කිසිදු වගකීමක් නෑ මහින්ද රාජපක්ෂ කියයි

ද නේෂන් සතිපතා ඉංග‍්‍රීසි පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සහ ආරක්ෂක තොරතුරු විශ්ලේෂක කීත් නෝයාර් මහතා 2008 මැයි 22 දින වැඩ අවසන්ව නිවෙසට පැමිණෙමින් තිබියදී පැහැර ගෙන  අයුතු ලෙස සිරකර තබා ගැනීම සහ පහරදීමක් සිදු විය.  බරපතල ලෙස පහර දෙනු ලැබූ කීත් මහතා එදින පාන්දර නැවත ඔහුගේ නිවසට ගෙනවිත් දමා තිබුනි.
පෙරදින 2008 මැයි 21 රාත‍්‍රී 10.30 ට පමණ සිය කාර්යාලයෙන් පිටත් වූ කීත් මහතා සුපුරුදු පරිදි නිවසට පැමිණියේ නැත. විදුලි පහන් දැල්වෙමින් එන්ජිම ක‍්‍රියාත්මක වෙමින් තිබූ ඔහුුගේ වාහනය ගේට්ටුව ඉදිරිපිට නවතා තිබියදී සොයා ගැනුනි. තම නිවස දෙසට වාහනය හරවා, ගේට්ටුව විවෘත කිරීමට වාහනයෙන් බැස්ස අවස්ථාවේදී ඔහුව පැහැරගෙන යන්නට ඇති බව සැක කෙරුණි.
උතුරේ යුද්ධය පිළිබඳව ස්වාධීනව විග‍්‍රහ කරමින් වාර්තාකරණයේ යෙදීම නිසා කීත් නෝයාර් මහතාව පැහැරගෙන යෑමේ එකම හේතුව ලෙස එකල ප්‍රකට විය. ඔහුගේ ලිපි සහ වාර්තා බොහොමයක් යුද්ධය සම්බන්ධයෙන් ආණ්ඩුවේ පිළිවෙත සහ ඉහළ පෙළේ හමුදා නිලධාරීන් පිළිබඳ විවේචනාත්මක ඒවා විය. රාජපක්ෂ සමයේ දිගින් දිගටම එල්ලවු තර්ජන හමුවේ කීත් නෝයාර් මහතාට තම ආරක්ෂාව සම්බන්ධයෙන්  යම් යම් පියවර ගැනීමට පවා සිදු විය.
නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා  තම පැවති රජයට කිසිදු වගකීමක් නැති බව පවසයි.

කීත් නොයර් මාධ්‍යවේදියා හට පහරදීම හා සිය රජය අතර සම්බන්ධතාවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රත්නපුර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් පිරිසක් අමතමින් රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ද  කල කථිකාවේදී මෙසේ පැහැදිලි කළේය.

ඔහු පවසන්නේ මීට පෙරද මාධ්‍යවේදීන්හට කරදර සිදුවූ අවස්ථාවන් ඇතත් ඒ සඳහා වගකීමක් සිය රජයට නොමැති බවය.

No comments:

Post a Comment