Wednesday, February 29, 2012

උගත් පාඩම් වාර්ථාවත් ඇමෙරිකා අධිරාජ්‍යවාදයේ ජිනීවා යෝජනාත් සමානයි රජය පිලිගනි


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සම්මේලනයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත්වන යෝජනාව හෙළා දකිමින් අඛණ්ඩව විරෝධතා පවත්වන බව ආණ්ඩුව මුලදී ප්‍රකාශ කළේය. රජය ඉදිරිපත් කල උගත් පාඩම් කොමිසම් වාර්ථාවත් ජිනීවා යෝජනාත් එකම බව දැන් පිළිගෙන තිබේ. 2009දී IMF

හමුදාවට පොලීසියට පෝස්ටර් ගැලවීමේ බලකායන්


පවතින ආර්ථික අර්බුධයෙන් ගොඩඒමට නොහැකි බව දන්නා ආණ්ඩුව තමන්ට එරෙහි ක්‍රියා මාර්ග මර්ධනය කිරීමට පොලීසිය හමුදාව යොදාගෙන ඇත. ඔවුන්ව පොස්ටර් ඉරීමට යෙදවීම ගැන ජනතාවගේ දෝෂදර්ශණයට ලක්ව තිබේ. තෙල් මිල බස්ගාස්තු වහා අඩු කරනු ජවිපෙ

Friday, February 17, 2012

කුණු පුච්චන මැෂිමෙන් මිණී පුච්චන කුරුණෑගල නගර සභාව


lankahotnews.org
කුරුණෑගල මහ නගර සභාවෙන් පාලනය වන මල්කඩුවාව පොදු සුසාන භූමියේ මළ සිරුරු ධාහකය කුණු දහනයට පමණක් සුදුසු තත්වයකට පත්ව ඇති බැවින් අවට ජනතාවට  මහත් සෞඛ්‍ය ගැටලුවකට මුහුණ දීමට සිදුව ඇත. මේ පිළිබදව පරිසර අධිකාරිය නගර සභාවට ඉදිරිපකත් කල වාර්ථාව නගර සභාව නොසලකා හැර තිබේ.

ඉන්දියාව බටහිර සමග LLRC වාර්ථාවට UNP සහායත්


lankahotnews.org
උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කොමිෂන් වාර්තාව ඉදිරිපත් වීමත් සමග ඉන්දියාව හා බටහිර ඊට සහාය පලකරමින් එය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන ලෙස බලපෑම් කළේය. උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කොමිෂන් වාර්තාව පදනම් කර ගනිමින් දේශීය විසඳුමක් කරා යා හැකි බවත් ඊට අවශ්‍ය සහයෝගය

සිමෙන්ති, මීටර් ටැක්සි ගාස්තු ඉහලට මාළු, දුම්රිය,ජල ගාස්තු වැඩි නොකරන බවට පම්පෝරි


lankahotnews.org
තෙල්, විදුලිය වැඩි වී ජනතාව පීඩාවෙන් සිටිද්දී සිමෙන්ති මිල ඉදිරි දෙසතිය තුළ ඉහළ දැමීමට සිදුවන බවත් කර්මාන්තය පවත්වාගෙන යාමට නොහැකි මට්ටමට පත්ව ඇති බවත් ජාතික සමුපකාර මණ්ඩලය පවසයි. එම නිසා සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 5ත් 10ත් අතර ප්‍රමාණයකින් ඉහළ නැංවීමට තීරණය කර ඇතැයිද රජය පවසයි.

මහපාරේ අරගල කර ජනතාවට ජයග‍්‍රහණ ලබා දෙනවා


යුද්ධය අවසන්කළා සේම ආර්ථික සංවර්ධනය ඇති කරන බව ආණ්ඩුව ප‍්‍රකාශකර අවුරුදු 3කට ආසන්න වුවද සුදුඅලින් වූ ව්‍යාපෘති කිහිපයක් නඩත්තු කිරීම හැර රටේ සංවර්ධනයට අදාල කිසිවක් නොකළ ආණ්ඩුව තෙල් මිල, බස්ගාස්තු සහ විදුලි බිල විශාල වශයෙන් වැඩිකර ජනතාව දැඩි පීඩනයකට පත්කිරීමට එරෙහිව විරෝධතා අඛණ්ඩව පවත්වන බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.

Wednesday, February 15, 2012

වැඩි කළ තෙල් මිල පහත දමා සහන සලසනතුරු ජවිපෙ සටන් කරනවා


lankahotnews.org
ආණ්ඩුවේ බාධාකිරීම් ඉදිරියේ තෙල් මිල වැඩි කිරීම සහ මීගමු ධීවරයකු මරා දැමී යැයි කියන සිද්ධියට විරෝධය පළ කරමින්  අද ජවිපෙ විසින් මාලිගාවත්ත පීඩී සිරිසේන ක්‍රීඩාංගනයේ සිට අරඹන ලද උද්ඝෝෂණ පාගමන සදහා විශාල ජනතාවක් එකවී සිටි අතර මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රිඩාංගනයේ සිට කොටුව දෙසට යන්නට තැත් කළ නමුත් කඳළු ගෑස් හා ජල ප්‍රහාර

ආණ්ඩුව ඉන්ධන හා විදුලිය මිල ගලපා විදුලි බිල වහා ඉහල දමයි


lankahotnews.org
ඉහළ දැමූ ඉන්ධන මිලට සැලකිල්ලට ගනිමින් අද(16) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිලට ඉන්ධන ගැලපුම් ගාස්තුවක් එක් කිරීමට තීරණය කළ බව රජයේ මාධ්‍ය පවසයි. ඒ අනුව ගෘහස්ත විදුලි පාරිභෝගික අංශයේ මසකට කිලෝවොට් ඒකක 0 සිට 30 දක්වා ඒකක සඳහා සියයට 25කින් ද කිලෝවොට් ඒකක 31 සිට 60 දක්වා සියයට 35කින් සහ කිලෝවොට් ඒකක 60ට වැඩි සෑම ඒකකයක් සඳහාම සියයට 40කින් ද ඉන්ධන ගැලපුම් ගාස්තුවක් එක් කෙරේ.

හලාවත විරෝධතා දරුණු අතට-පුද්ගලයෙක් වෙඩිතබා මරාදමයි


lankahotnews.org
ඉන්ධන මිල ඉහළයාමට විරෝධය දක්වමින් දහස් ගණනක ජනකායක් මේ මොහොතේ විරෝධතාවයේ නිරත වෙමින් ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ මාලාවක නිරත විය. ආණ්ඩුවේ සහනාධාර ප්‍රතික්‍ෂේප කල මෙම පිරිස් ඉල්ලා සිටියේ ඉන්ධන මිල පහත හෙලන ලෙසයි. මෙම පිරිස් විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග බලවත් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත් අතර මෙම විරෝධතාවය අතරතුරදී කිසියම් වෙඩිතැබීමක්

ධීවර ප්‍රශ්ණ වෙනුවෙන් මැදිහත් වූ ජවිපෙ හිටපු මන්ත්‍රීට ආණ්ඩුවෙන් මැර ප්‍රහාර


lankahotnews.org
ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව සමස්‌ත ලංකා පොදු ධීවර සම්මේලනය මගින් ඊයේ (14) පෙරවරු 8.00 ට පමණ කුඩාවැල්ල ධීවර වරාය පරිශ්‍රයේදී පැවැත්වීමට සූදානම් කරතිබූ ධීවර උද්ඝෝෂණයට 500කට අධීක පොලිස් කණ්ඩායමක් සහ මැර පිරිසක් සමග කඩා වැදුනු දකුණු පළාත් ධීවර අමාත්‍ය ඩී. වී. උපුල් අතුළු පිරිසක්‌ විසින් උද්ඝෝෂණයට සහභාගීවූ ධීවර ජනතාව බිවද්දා එය කඩාකප්පල් කිරීමට

Monday, February 13, 2012

තෙල් මිල වැඩි කිරීමට එරෙහිව ජවිපෙ වීදි බසී

lankahotnews.org
මෙයට අමතරව අද දින රටපුරා තෙල් මිල අඩු කරනු යනුවෙන් පෝසටරයක්ද අලවා තිබෙනු දැක ගත හැකි විය.
මේක සමස්ත ආර්ථිකයටම දරාගන්න අමාරු තත්ත්වයක්. දැඩි අර්බුදයකට මුහුණ දීමට හේතු වන තත්වයක්. මේ නිසා අපි ආණ්ඩුවට බලකරනවා ආණ්ඩුවේ නාස්තිකාර වියදම් ආවරණය කර ගැනීමට තෙල් මිල ඉහළ දැමීම වහාම නතර කරන ලෙස. ඒ සඳහා බල කිරීමට රට පුරා විවිධ ප‍්‍රදේශවල අපි උද්ඝෝෂණ පවත්වනවා. අනුරාධපුර, මාතර සහ කොළඹදී සවස 4.00ට (13) දිනයේදීද තවත් බොහෝ ප්‍රදේශයන් ප්‍රමාණයක 14දිනද උද්ඝෝෂණ පවත්වන බවද උද්ඝෝෂණ පවත්වනවා ජවිපෙ කියා සිටී.

අවසන් දින දැයට කිරුල සෙනග අඩුයි


lankahotnews.org
නුරාධපුරය, ඔයාමඩුවේදී පසුගිය 04 වන දින ආරම්භ වූ 2012 දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනය පෙබරවාරි 10 වන දින අවසන් කිරීමට නියමිතව තිබුණ ද විශාල ජනකායක් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණීම හේතුවෙන් එය 12 දින දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අණ කොට තිබුණි.

Thursday, February 9, 2012

ජනරාල් සරත් ෆොන්සේකා මහතා සිරගත කර වසර දෙකයි - කොළඹට මහ සෙනගක්


lankahotnews.org
ජනරාල් සරත් ෆොන්සේකා මහතා සිරගත කර වසර දෙකක් පිරෙන අද දිනයේදී ඔහු නිදහස් කරන්නැයි ඉල්ලා අලුත් කඩේ ශ්‍රේෂ්ඨාධිකරන සංකීර්ණයේ සිට වැලිකඩ දක්වා විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණි. මෙම විරෝධතා පාගමන සදහා දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන මෙන්ම කලාකරුවන් ද

නෝර්වේ,ජර්මනිය කොටි ලාංජනය සහිත මුද්දර නිකුත් කරයි


lankahotnews.org
ප්‍රංශය, එංගලන්තය, ඇමෙරිකාව , ස්විස්ටර්ලන්තය ආදී රටවල කොටි මුද්දර නිකුත් කිරීමෙන් අනතුරුව ජර්මනියේදී හා නොර්වේ රාජ්‍යයන් තුලද මෙවැනිම මුද්දර මාලාවක් නිකුත් කොට තිබේ. ප්‍රභාකරන්ගේ රුව, නියගලා මල, ඊළම් සිතියම සහ ඊළම් කොඩිය ආදී  සංකේත ඇතුළත් මෙම මුද්දර

ආපන ශාලාවල සීනි නැතිව තේ බොන නීතියක් පනවයි


lankahotnews.org
දිවයිනපුරා ආපන ශාලාවල අලෙවි කරන තේ ,කෝපි හා කිරිවලට සිනී නොදැමීම වහාම ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කරයි. බෝ නොවන රෝග ඉහළයාම පාලනය කිරීමේ අරමුණින්  මෙම නිතීය ක්‍රියාත්මක කර ඇත. මේ අනුව දිවයින පුරා පිහිටි හෝටල් සහ ආපනශාලා

සෝමාලියානු කොල්ලකරුවන් පැහැරගත් 'නිමේෂා දුව' ගැන අනුර කුමාර ප්‍රශ්ණ කරයි


lankahotnews.org
සෝමාලියානු කොල්ලකරුවන් විසින් රඳවා තබාගෙන ඇති 'නිමේෂා දුව' ධීවර යාත්‍රාවේ සිටි  ්‍රී ලාංකික ධීවරයින් පිරිස මුදවාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය අනුගමනය කරනු ලබන වැඩපිළිවෙළ කුමක්දැයි  ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා  අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන ලදි.

පේරාදෙණිය සිසුහු මහනුවර විරෝධයක එස්.බී. භාෂා වෙනසක


lankahotnews.org
පේරාදෙණිය සරසවියේ සිසුන් මහනුවර නගර මධ්‍යයේ අද(08) උද්ඝෝෂණයක නිරත විය. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පේරාදෙණිය සරසවි සිසුන් තිදෙනා නිදහස් කිරීම, පන්ති තහනමට ලක්ව සිටින ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගම් සභාපතිවරයාගේ පන්ති තහනම ඉවත් කිරීම හා සමස්ත ශිෂ්‍ය මර්දනය

දැයට කිරුළ දින දෙකකින් දීර්ඝ කිරීමට ජනපති අණ කරයි


lankahotnews.org
අනුරාධපුර - ඔයාමඩුව ප‍්‍රදේශයේ පැවැත්වෙන දැයට කිරුළ ප‍්‍රදර්ශනය ලබන 12 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අණ කර තිබෙනවා. දැයට කිරුළ ජාතික ප‍්‍රදර්ශනය ලබන 10 වැනිදා අවසන්වීමට මීට පෙර නියමිතව තිබුණ ද පාසල් දරු දැරියන් සහ ජනතාව ප‍්‍රදර්ශනය නැරීඹීම සඳහා දක්වන උනන්දුව මත ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි

Tuesday, February 7, 2012

සරත් ෆොන්සේකා ඇතුළු සියළු දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරනන්න

lankahotnews.org
ෆොන්සේකා මහතා ඇතුළු දේශපාලන සිරකරුවන් නිදහස් කර ආණ්ඩුව රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ යුතු බව, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන එකතුව විසින් 06 දින කෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී පැවැත්වූ මාධ්‍ය හමුවට ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්  විජිත හේරත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී අර්ජුණ රණතුංග, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් සහ අනෝමා ෆොන්සේකා මහ?්මිය එක්ව සිටියා.

IMF බලපෑම් හමුවේ රුපියල පාවේ

lankahotnews.org
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද සත 20කින් පමණ පහළ ගොස් ඇත.
ලංකාවට පැමිණි  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස රජයට බලකර සිටියේ  ශ්‍රී ලංකා ආර්ථිකය බරපතල තත්වයක් කරා ගමන් නොකිරීමටනම් රුපියලේ අගය පහත දැමිය යුතු බවයි.

ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකානු යෝජනා ගැන සාකච්ජාවට G.L. පීරිස්

lankahotnews.org
 ඉදිරි සති දෙක ඇතුළත ඇමෙරිකාවට පැමිණෙන ලෙස විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා වෙත ඇමෙරිකානු රාජ්‍ය ‍ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මිය ආරාධනා කර ඇති බවද ඇමෙරිකානු තානාපති ආරංචි මාර්ග අනාවරණය කරයි.

‘දැයට කිරුළ’ එල්ලුම් ගස ගැන ජනතා මතය විමසන වේදිකාවක්

lankahotnews.org
 එල්ලුම් ගස යළි කි‍්‍රයාත්මක කිරීම සමාජයේ දැනට පවතින බිහිසුණු අපරාධ රැල්ල මර්ධනය කිරීම හේතුවක් විය හැකිද යන්න පිළිබඳ ජනතා මතය විමසන සමීක්‍ෂණයක් ක්‍රියාත්මක කර ඇත.

‘දැයට කිරුළ’ ප‍්‍රදර්ශන භූමියේ ඉදිකර ඇති බන්ධනාගාර ප‍්‍රදර්ශන කුටියේදී එම සමීක්‍ෂණය සිදු කෙරෙන බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කළේය.

ජාතික ප්‍රශ්ණයේදී සිදුවූ වැරදි වෙනුවෙන් ජනාධිපතිතුමා ප්‍රසිද්ධියේ සමාව ගනී?


lankahotnews.org
 අනුරාධපුර ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මාවත පරිශ්‍රයේ දී පැවැති 64වන නිදහස් දින සමරු උළෙල අමතමින් ජනාධිපතිතුමා කියා සිටියේ ජාතික ප්‍රශ්ණයට සියලු දෙනා වගකිව යුතු බව උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවෙන් කරුණු හෙළි කර ඇති බවත් එම වාර්තාවේ නිර්දේශයන්ට අනුව රජය දැනටමත් ක්‍රියාත්මක වෙමින්

Friday, February 3, 2012

තමිල්නාඩුවේදී ශ්‍රී ලංකා කොඩිය පාගා දමයි

lankahotnews.org
ශ්‍රී ලජකාවේ 64වන නිදහස් උළෙල වෙනුවෙන් තමිල්නාඩුවේ ප්‍රදර්ශණය කල, ශ්‍රී ලංකා ජාතික කොඩිය එසවීමට නොදී භාදා කොට ඇත.
තමිල්නාඩුවේ සංවිධානාත්මක පිරිසක් ශ්‍රී ලංකා ජාතික කොඩිය බිම දමා පාගා සෙරෙප්පු වලින් සටහන් දැමීමට තරම් සාහසික වෛරයක්

හෙදියන් තම වගකීම් ඉටුකොට වැඩි වැටුප් ඉල්ලිය යුතුයි

lankahotnews.org
ආරම්භ කිරීමට නියමිතව තිබු හෙද වැඩ වර්ජනය තවකාලිකව අත්හිටවු බව රාජ්‍යය සේවා එක්සත් හෙද සංගමය පවසයි.

හෙද ඉල්ලීම් වලට විසඳුම් ලබාදීමට සෞඛ්‍යය බලධාරීන් එකඟවීමත් සමඟ වර්ජනය අත්හිටවීමට තීරණය කළ බව සංගමයේ සභාපති පුජ්ය මුරුත්තේට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කළහ.

13 ප්ල්ස් කතාවෙන් අපේ 10,000 වැටුප් සටන යට යනවා

lankahotnews.org
ලංකා තැපැල් සේවා සංගමයේ 12 වන මහ සමුළුව ඊයේ (02) දින කොළඹ මහජන පුස්ථකාල ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙහි ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත මහතා සහභාගී වී ඇත.

සුදු වෑන් පැහැර ගැනීම් වේගවත් කරයි

lankahotnews.org
කොළොන්නාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරාගේ සහෝදරයා වන ජානක ප්‍රභාත් නැමැත්තා මෙලෙස සුදුපැහැති වෑන්රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇතැයි වාර්තාවෙයි. මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ වැල්ලම්පිටිය, මීතොටමුල්ල ප‍්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවරිදි වියේ පසුවූවෙකි.
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුවෙකුද සුදු පැහැති වෑන් රථයකින් පැහැ‍රගෙන

ආණ්ඩුව ඉතිහාසයට පයින් ගහනවා - ශ්‍රී ලංකා නීතිඥයින්


lankahotnews.org
අලුත්ක‍ඩේ මහේස්ත්‍රාත් අධිකරණය කොටස් කර වෙනත් ස්ථානවල පිහිටුවීමේ සූදානමක් ඇතැයි පවසමින් නීතිඥවරුන් පිරිසක් අද විරෝධතාවක නිරත විය.
අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අසළ විරෝධතාවයේ නිරත වූ පිරිස පසුව නීතිඥ සංගම් කාර්යාලය දක්වා ගමන් කළේය.

නැගෙනහිර මුස්ලිම්වරු ‍ඉඩම්,පොලිස් බලතල ඉල්ලයි


lankahotnews.org
ජාතික ප්‍රශ්නයට 13වන ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ඔබ්බට ගිය දේශපාලන විසඳුමක්‌ ක්‍රියාත්මක කිරීමේදී නැගෙනහිර මුස්‌ලිම් ප්‍රජාව වෙනුවෙන් වෙනම පරිපාලන ඒකකයක්‌ ස්‌ථාපිත කිරීමට රජය කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය පවසයි. එයට 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට එහා ගිය පොලිස්‌ හා ඉඩම් බලතල සහිත පරිපාලන ව්‍යුහයක්‌ ස්‌ථාපිත කළ යුතු බවත් මහ ලේකම් හසන් අලි මහතා පවසා ඇත.

Thursday, February 2, 2012

හදිසි දුම්රිය වර්ජනය අවසන්


lankahotnews.org
 දුම්රිය නියාමකවරු, ස්ථානාධිපති, දුම්රිය පාලකවරු හා ෆෝමන්වරු 1දින හිටිගමන් සවස හතරේ සිට දුම්රිය වර්ජනයක් ආරම්භ කිරීමත් සමග දුම්රිය ධාවනය නතර විය.
කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිත සියලුම දුම්රිය වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් හදිසියේම නවත්වා ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළ අතර පසුව දිවයින පුරාම දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවිය.

හෙදියනි සටන් නොකරනු සියළු විසදුම් මා සතුය


lankahotnews.org
 ජනාධිපතිවරයා විසින් හෙද නිලධාරීන්ගේ සියලු ගැටලූවලට විසඳුම් ලබාදීමට සූදානම් වන මේ මොහොතේ විරෝධතා අවශ්‍ය නොවන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසූයෝය. ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසය තබන ලෙසත් ඒ සදහා වූ පොරොන්දුව

ජනඅරගල කණ්ඩායම පිල්ලෙයාන් සමග එකගතාවය හෙළිදරව් වේ


lankahotnews.org
 දමිල ජනතාවගේ ගැටළුවට දේශපාලන විසඳුමක් ලබාගැනීමේ ස්ථාවරයේදී එක්ව සටන් කරන බව නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන්(පිල්ලෙයාන්) මහතා පවසා තිබුණි. නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන්(පිල්ලෙයාන්) මහතා සමග ජනඅරගල කණ්ඩාමය රහස් සාකච්ජා පැවැත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්ථාකලේ

උපාධිධාරීන්ගේ වෘත්තීය අයිතීන් හෑල්ලූ කරනවා


lankahotnews.org
 රාජ්‍ය සේවය තුල දැනට සිටින ආශ‍්‍රිත සේවා උපාධිධාරීන් සඳහා ‘ශ‍්‍රී ලංකා සංවර්ධන නිලධාරී සේවාව’’ නමින් සේවා ව්‍යවස්ථාවක් අනුමත කර ඇති බවට ආණ්ඩුවේ ඇමතිවරු හා රජයේ ඇතැම් නිලධාරීන් බොරු හා වංචනික ප‍්‍රකාශ නිකුත් කරන බවත් මෙම ප්‍රෝඩාව හරහා නොමග නොයන ලෙසත් රාජ්‍ය සේවයේ උපාධිධාරීන්ගෙන් ඉල්ලා සිටිමින් රැුකියාලාභී උපාධිධාරීන්ගේ

Wednesday, February 1, 2012

ඉන්දියාව ශ්‍රී ලංකාවේ පෙනීසිටීම පිටුපස දේශපාලන බලපෑම් කරනවා?


lankahotnews.org
 චීනය,ශ්‍රී ලංකාවේ පෙනීසිටීම හුදු වානිජ අභිමතාර්ථයන් සඳහා පමණක් බවත්,කිසිදු දේශපාලන යටි අරමුණක් එහි නොමැති බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබුනේ අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී ශ්‍රී ලංකාවේ නේවාසික විදේශීය මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදීය.
පෑළදොරෙහි චීන නාවික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ අභිප්‍රාය ඇත්දැයි මාධ්‍යවේදියකු

නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් පෙරමුණු දෙකක සටනක් ඇවිලී තිබෙනවා - සමාජවාදී ශිෂ්‍ය සංගමය


lankahotnews.org
නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ජාතික ව්‍යාපාය විසින් ඊයේ (30) කොළඹ මහජන පුස්තකාලයේ පැවැත්වූ සම්මන්ත්‍රණයේදී  නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් මේ වන විට පෙරමුණු දෙකක සටනක් ඇවිලී තිබෙන බව සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක වෛද්‍ය නලීන්ද ජයතිස්ස මහතා පැවසීය.

ප්‍රථමයෙන් ආන්ඩුව සමග එකගතාවය, ඉන්පසුව තේරිම් කාරක සභාවට නියෝජිතයින්


lankahotnews.org
රජය සමඟ සිදුකරනු ලබන සාකච්ඡා සඳහා එකඟතාවයකට පැමිණෙන තුරු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නියෝජිතයෙකු පත් නොකරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

ඒ සම්බන්ධයෙන් වෙනත් සාකච්ඡාවලට ද ‍තම පක්ෂය සහභාගී නොවන බව එම සංගමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේය.

ආසන පටි නොපළඳින රියදුරන්ට එවේලේම දඩුවම් දෙන්න ජනපති පොලිස්පතිට නියෝග කරයි


lankahotnews.org
ආසන පටි නොපළදින රියදුරන් උසාවියට ඉදිරිපත් නොකර එම ස්ථානයේම දඩුවම් ලබා දිමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට නියෝග කර ඇත.

දැනට පවතින නීතියට අනුව ආසන පටි පැළඳ නොයාම සම්බන්ධයෙන් වැරදිකරුවන් අධිකරණයට