Friday, February 3, 2012

ආණ්ඩුව ඉතිහාසයට පයින් ගහනවා - ශ්‍රී ලංකා නීතිඥයින්


lankahotnews.org
අලුත්ක‍ඩේ මහේස්ත්‍රාත් අධිකරණය කොටස් කර වෙනත් ස්ථානවල පිහිටුවීමේ සූදානමක් ඇතැයි පවසමින් නීතිඥවරුන් පිරිසක් අද විරෝධතාවක නිරත විය.
අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අසළ විරෝධතාවයේ නිරත වූ පිරිස පසුව නීතිඥ සංගම් කාර්යාලය දක්වා ගමන් කළේය.


ඔවුන් පෙන්වා දෙන්නේ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට වසර 100කට වඩා පැරණි ඉතිහාසයක් ඇති බවය.

එහි කොළඹ හා තදාසන්න ප්‍රදේශන්හි පොලිස් වසම්වල නඩු විභාගයට ගැනේ.

එහෙත් මෙය ඉවත් කිරිමට ගෙන ඇතැයි කියන තීරණයත් සමග පොලිස් වසම් සදහා වෙන වෙනම අධිකරණ පිහිටුවීමේ සූදානමක් ඇතැයි ද නීතිඥවරුන් ප්‍රකාශ කළේය.

ඔවුන් අවධාරණය කරන්නේ ඉන් සේවා ලාභීන්ට මෙන්ම නීතිඥයින්ට ද ගැටලු රැසකට මුහුණදීමට සිදුවිය හැකි බවය.

මෙම ඉවත් කිරිම සම්බන්ධයෙන් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇතැයි ද ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමය  පැවසූවත්  ආණ්ඩුව ප්‍රකාශ කලේ තාම කැබිනට් පත්‍රිකාවක් නම් ආ‍වේ ති බවත් ඒ සම්බන්ධයෙන් නීතිඥ මහත්වරුන්ගෙන්ම ප්‍රශ්ණ කල යුතු බවත්ය.

No comments:

Post a Comment