Friday, February 3, 2012

නැගෙනහිර මුස්ලිම්වරු ‍ඉඩම්,පොලිස් බලතල ඉල්ලයි


lankahotnews.org
ජාතික ප්‍රශ්නයට 13වන ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ඔබ්බට ගිය දේශපාලන විසඳුමක්‌ ක්‍රියාත්මක කිරීමේදී නැගෙනහිර මුස්‌ලිම් ප්‍රජාව වෙනුවෙන් වෙනම පරිපාලන ඒකකයක්‌ ස්‌ථාපිත කිරීමට රජය කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය පවසයි. එයට 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට එහා ගිය පොලිස්‌ හා ඉඩම් බලතල සහිත පරිපාලන ව්‍යුහයක්‌ ස්‌ථාපිත කළ යුතු බවත් මහ ලේකම් හසන් අලි මහතා පවසා ඇත.


පොලිස්‌ හා ඉඩම් බලතල සහිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ දහතුන්වැනි සංශෝධනයට එහා ගිය දේශපාලන විසඳුම ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කළ යුතු බවත් ඒ සඳහා තම පක්‍ෂයේ කිසිදු විරුද්ධත්වයක්‌ නැති බවත් ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ මහ ලේකම් ටී. එම්. හසන් අලි මහතා 02දින පුවත් පතකට සදහන්කර ඇත.

නැගෙනහිර පළාතේ මුස්‌ලිම් කොංග්‍රසය යටතේ ඇති ප්‍රදේශ වන ත්‍රිකුණාමලය, මඩකලපුව, පොතුවිල්, සමන්තුරේ හා කල්මුණේ ප්‍රාදේශීය සභාවන් සහ මුස්‌ලිම් ජනතාව වෙසෙන අනෙකුත් නැගෙනහිර පළාතේ ප්‍රදේශ ඒකාබද්ධ කර එම නව පරිපාලන ඒකකය ස්‌ථාපිත කළ යුතු බවත් එයට 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට එහා ගිය පොලිස්‌ හා ඉඩම් බලතල සහිත පරිපාලන ව්‍යුහයක්‌ ස්‌ථාපිත කළ යුතු බවත් මහ ලේකම් හසන් අලි මහතා පවසා ඇත.

මේ පිළිබඳව ඉදිරියේදී රජය සමග සාකච්ඡා කිරීමට සිය කොංග්‍රසය තීරණය කර ඇති බවත් රජය දෙමළ ජාතික සන්ධානය සමග පමණක්‌ පවත්වන සාකච්ඡාවලින් සියලු ජන කොටස්‌වලට සාධාරණය හිමි නොවන බවත් සඳහන් කර ඇත.

නැගෙනහිරට වෙනම පරිපාලන ඒකකයක්‌ ස්‌ථාපිත කර 13 වැනි සංශෝධනයෙන් ඔබ්බට ගිය විසඳුමක්‌ ඊට ලබාදීම මගින් මහජනතාවට ප්‍රතිලාභ හිමිවන බැවින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කැඳවා ඇති සර්ව පාක්‍ෂික සමුළුව සඳහා තම පක්‍ෂය ඕනෑම අවස්‌ථාවකදී එකතුවීමට සූදානම් බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment