Thursday, February 2, 2012

හදිසි දුම්රිය වර්ජනය අවසන්


lankahotnews.org
 දුම්රිය නියාමකවරු, ස්ථානාධිපති, දුම්රිය පාලකවරු හා ෆෝමන්වරු 1දින හිටිගමන් සවස හතරේ සිට දුම්රිය වර්ජනයක් ආරම්භ කිරීමත් සමග දුම්රිය ධාවනය නතර විය.
කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිත සියලුම දුම්රිය වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් හදිසියේම නවත්වා ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළ අතර පසුව දිවයින පුරාම දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවිය.

මෙසේ රට පුරා දුම්රිය ධාවනය හිටීමත් සමග විශේෂයෙන් කාර්යාලය අවසන් වී නිවෙස් බලා යාමට කොළඹ - කොටුව දුම්රියපලට රැස්වී සිටි මගීන් පත්වුණේ දැඩි අපහසුතාවකටයි. එම අවස්ථාවේ කොටුව දුම්රියපලේ සිටි මගීන් නොසන්සුන්කාරී ලෙස හැසිරුණා.

කෙසේ නමුදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති කිහිපයක් එක්ව ගනු ලැබූ වෘත්තීය ක්‍රියාමාර්ගය ප්‍රවාහන අමාත්‍යවරයා සහ අමාත්‍යංශ ලේකම් ඇතුළු බලධාරීන් සමග කළ සාකච්ඡාවකින් අනතුරුව අත්හිටුවීමට තීරණය කර තිබේ.

2 comments:

  1. ඈත්තමයි මම් ගාර්ඩි මහත්තය කෙන්ක් බාවනව ආපහු ස්ට්‍රයික් කලොත්

    ReplyDelete
  2. මම ගාර්ඩ් කෙනෙක්......මම කොහෙටද එන්න ඕන බෑවෙන්න?

    ReplyDelete