Wednesday, August 22, 2012

අද සිට කපිලවස්තු සර්වඥ ධාතූන් වහන්සේ ජන්ද වැඩට


ලෝක ප්‍රජාවගේ ඉමහත් ගෞරවයට හා පූජනීයත්වයට පාත්‍රවූ කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ 19 දින ශ්‍රී ලංකාවට වැඩම කළහ. ඉන්දියාවේ දිල්ලි කෞතුකාගාරයේ තැන්පත්කර ඇති එම ධාතූන් වහන්සේ අවසන් වරට 1978 වසරේදී ශ්‍රී ලංකාවට වැඩම කරවන ලද අතර එය බුදුරජාණන් වහන්සේගේ පස්වැනි ශ්‍රී ලංකා ගමනය ලෙස ද සැලකේ. වසර 34 කට පසුව ශ්‍රී ලංකාවට වැඩි මේ ධාතූන් වහන්සේලා ලාංකීය බෞද්ධයන්ගේ නොමඳ ගෞරවයට පාත්‍ර වෙති.
ඉන්දියාවේ සිට වැඩම කළ කපිලවස්තු සර්වඥ ධාතූන් වහන්සේ ඉන්දියාවේ සංස්කෘතික කටයුතු ඇමැතිනි කුමාරි සෙල්ජා මහත්මිය අතින් ජනාධිපති මහින්ද රාජපක්ෂ

අධ්‍යාපනයේ අර්බුද මැද ජනපති සීෂෙල්ස් ජනරජය සමඟ අවබෝධතා ගිවිසුමකට බන්දුලව යොමු කරයි


අතිගරු මහින්ද රාජපක්ෂ මහතා අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට දුන් උපදෙස් අනුව සීෂෙල්ස් ජනරජය හා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යංශය අතර අධ්‍යාපනය හා පුහුණුව සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට එළැඹීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි.
 
    මේ යටතේ අදාළ රජයන් දෙක අතර පාසැල් අධ්‍යාපනය හා ඒ ආශ්‍රිත කාර්යයන්ට අදාළ වන මානව හා භෞතික සම්පත් සංවර්ධනය, අවශ්‍යතාවය හා හැකියාව පරිදි එකී සම්පත් හුවමාරු කරගැනීම, පුහුණු හුවමාරු අවස්ථා හා අධ්‍යයන චාරිකා සඳහා සහභාගීවීම යන කරුණු

උසස් පෙළ වැනි තීරණාත්මක කඩඉම් විභාගයක මෙතරම් පිස්සු කෙලින්නේ ඇයි

උසස් පෙළ වැනි තීරණාත්මක කඩඉම් විභාගයක මෙතරම් පිස්සු කෙලින්නේ ඇයි
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැන නැගි ගැටලූ ගණනාවක් සම්බන්ධයෙන් අප මෙම ගරු සභාවේ අවධානය විටින් විට යොමු කළා. එහෙත් ඒ කිසිදු ගැටලූවකට තවම නිසි විසඳුම් ලබාදීමට ආණ්ඩුව අසමත්වී තිබෙන යැයි ජවිපෙ පා.ම. අනුර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා උසස් අධ්‍යාපන ඇමති තුමාගෙන් ප්‍රශණ 4ක් ද අසා සිටියේය. අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් පිළිතුරක් අපේක්ෂාවෙන් ස්ථාවර නියෝග 23/2 යටතේ යොමු කළ මෙම ප්‍රකාශයට පිළිතුරු ලබාදීම අමාත්‍යවරයා විසින් හෙටට කල් තැබුවා.

Tuesday, August 21, 2012

2012 ලෝක රූ රැජිණ කිරුළ දිනා ගැනීමට චීනයේ යූ වෙන්සියා සමත් වේ


චීනයේ ඔඩෝස්හිදී ඊයේ රාත්‍රියේ පැවති ලෝක රූ රැජිණ අවසන් මහා තරගයට ලොව පුරා රටවල් 100ක් පමණ නියෝජනය කරමින් තරගකාරියෝ සහභාගී වූවෝය.
එහිදී ලෝක රූ රැජිණ ලෙස කිරුළු පැළදි 23 හැවිරිදි වෙන්සියා සංගීතය හදාරණ සිසුවියකි.ගියවර ලෝක රූ රැජිණ වූ ඉවාන් සාර්කෝසි විසින් නව රූ රැජිණට කිරුළ පළදනු ලැබූවාය.
චීනය ලෝක රූ රැජිණ කිරුළ හිමිකරගත් 2 වැනි අවස්ථාව මෙය වේ.
ශ්‍රි ලංකාව නියෝජනය කල සුමුදු ප්‍රසාදිකාට මෙම අවස්ථාවේ කිසිම තරගයකින් කිසිම ස්ථානයක්

උසස් අධ්‍යාපන ඇමති විශ්වවිද්‍යාල වසා දමයි


විශ්වවිද්‍යාල පනතේ අංක 16 යටතේ තමාට පැවරී ඇති බලතල අනුව නැවත දැනුම් දෙන තුරු සියළුම විශ්වවිද්‍යාල වසා දමන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි.
විශ්විවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය පිළිබඳව ඊයේ (20) උපකුලපතිවරුන්, අධ්‍යක්ෂවරුන් හා ආචාර්යවරුන් සමග පවත්වන ලද රැස්වීමකදී මෙම තීරණය ගත් බව ඔහු කියයි.
වෛද්‍ය පීඨ වසා දැමීම සම්බන්ධයෙන් සලකා බලන බවද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියා මාර්ගය මීට තදම

චීනයට විකිනෙන ඉඩම් ගැන ඉන්දියාව කලබලයෙන්


ඉන්දීය රජයේ සංස්‌කෘතික මධ්‍යස්‌ථානයක්‌ ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ලබා දුන් පෞද්ගලික සමාගමක්‌ සතුව තිබූ කොළඹ ගාලු පාරේ ඉඩම චීනයට විකුණන ලදැයි ඉන්දීය විදේශකටයුතු අමාත්‍යංශය චෝදනා කරයි.
චීනයේ ගුවන් යානා නිපදවන කැටික්‌ සමාගමට මෙම ඉඩම ලබා දී ඇති අතර ඉන්දීය  විදේශකටයුතු අමාත්‍යංශය මේ ඉඩම විකිණීම පිළිබඳ තම රජයේ අප්‍රසාදය නවදිල්ලියේ ඉන්දීය මහ කොමසාරිස්‌ ප්‍රසාද් කාරියවසම් මහතා වෙත දැනුම් දී ඇත.
ඉන්දියාවට නොදන්වා මෙම ඉඩම චීනයේ කැටික්‌ සමාගමට විකුණා ඇති බව හෙළිවීමෙන් පසු

Wednesday, August 15, 2012

කෑගල්ල දිනවන සමාජවාදී වැඩ පිළිවෙල එලි දැකීමට යයි


සමාජවාදී සමානතා පක්ෂය මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින්නේ ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය සඳහා ගෙනගිය අරගලයේ පාඩම් සමාජගත කරමින්. මේ පිළිබද එම පක්ෂයේ 64 වියැති ආනන්ද දවුලගල අපේක්ෂකයා තම මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණා. ඔහු කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වන කණ්ඩායම් නායකයා. ඔහු සදහන් කරන්නේ  මේ වන විටත් කෑගල්ල ප්‍රදේශය තුල මැතිවරන ප්‍රකාශනයේ පිටපත් දහස් ගනනක් බෙදාහැරිය බවයි. වැඩකරන ජනතාවට සිය සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂාකරගත හැක්කේත්, යුද්ධයේ තර්ජනය පරාජය කල හැක්කේත්, අධිරාජ්‍යවාදයටත් එහි

Saturday, August 11, 2012

දේශපාලන සිරකරුවන් පිළිබදව රටේ ජාතික නීතියටත් ජිනීවා සම්මුතියටත් පටහැනියි


සිරකරුවන් ඝාතනය කරීම සියලු මානව සම්මුතීන්ට පටහැනිව යාමක් යැයි මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදය මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි. එම සංසදයේ ප්‍රචාරක ලේකම් නීතීඥ චමින්ද ගුණසේකර මහතාගේ අත්සනින් යුතුව එවා ඇති එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළවේ.
"පසුගිය ජුනි 28 දින වවිනියාව බන්ධනාගාරයේදී එහි රැදවියන් සහ ආරක්ෂක නිලධාරින් අතර ඇතිවු ගැටුමේදී තවාල ලැබු දෙවන රැදවියෙකුද රාගම මහරෝහලේ දඩිසත්කාර ඒකකයේදි මියයාම නීතියේ රාමුව අබිබවමින් මෙහෙයවන අත්තනෝමතික හස්තයක කෲරත්වය සහ රජයේ වගකිමි විරහිත ක‍්‍රියාකලාපය නැවත නැවතත් තහවුරු කරන

නඩු නැතිව රදවාගෙන සිටි තවත් LTTE සැකකරුවකුගේ අවසන් කටයුතු අද


වවුනියාව බන්ධනාගාරයේ ජුනි මස අගදී රජයේ සන්නද්ධ අංශ හා ගැටුණු දේශපාලන සිරකරුවන් අතුරින් තවත් අයෙක් අත්අඩංගුවේ දී මරුමුවට පත් විය. තිස් හය හැවිරිදි මරියදාස් නවිස් දිල්රුක්ෂන් වවුනියාව බන්ධනාගාරයෙන් ගෙන එනු ලැබ බන්ධනාගාර නිලධාරීන් විසින් රාගම රෝහලට ඇතුල් කරන ලද්දේ ජුලි මස මුලදී එතැන් පටන් ඔහු රෝහලේ රඳවා සිටියේ කෘතිම ශ්වසන යන්ත්‍රයකට සම්බන්ධ කොටයි. යාපනය පාසෛයූර් හි පදිංචි කරුවකු වූ 36 හැවිරිදි දිල්රුක්ෂන් අත්අඩංගුවට ගන්නා ලද්දේ 2009 ඔක්තෝබර් මාසයේදීය.
නඩු පැවරීමකින් තොරවයි රඳවා තබා ඇති  මෙම පිරිස රජයේ ආයතනයක් තුල සිදුවූ ඝාතනයක් සම්බන්ධයෙන් මසක් ඉක්මවා ගොස් තිබියදීත් වරද කරුවන් හට දඬුවම් පැමිණවීමට නොහැකි වී ඇත. මරියදාසන්

සමාජවාදී ජනතා පෙරමුණේ සමාජවාදයත්, ජනතාවාදයත් නෑ


නැගෙනහිර පළාත් සභාවට අම්පාර දිස්ත්‍රික්කයෙන් තරග වදින සමාජවාදී ජනතා පෙරමුණේ අපේක්ෂකයන් දෙදෙනෙක් එක්සත් ජාතික පක්ෂයට එක්වී ඇත. වාසුදේව නානායක්කාර ඩියුගුණසේකර, චන්ද්‍රසිරි ගජධීර යන අයගෙන් සැදුම් ලත් සමාජවාදී ජනතා පෙරමුණ නමින් මෙසේ නාම යෝජනා ලබාදී ඇත්තේ මධ්‍යම ආණ්ඩුවේ සන්ධානය යටතේ සිටින සම සමාජ, කොමියුනිස්ට්, ප්‍රජාතන්ත්‍රවාදී වාමාශිංක පෙරමුණ යන පක්ෂවල එකතුවයි. මෙසේ එක්සත් ජාතික පක්ෂයට එක්වූයේ සමාජවාදී ජනතා පෙරමුණේ  චමින්ද පුෂ්පකුමාර සහ එම්.පී. අශෝකා

දකුණු කොරියාව නිදහස් දිනයදා ජපන් විරෝධය පෙන්වයි


දකුණු කොරියාව දෙවැනි ලෝක මහා සංග්‍රාමයෙන් පසු ජපානයෙන් නිදහස ලැබීමේ 67 වැනි සංවත්සරය උදාවීමට දින කීපයක් තිබියදී යි ජනාධිපති ලී මයුන්ග් බක්, ඩොකදෝ දූපත් වල සංචාරයක නිරත වීම නිසා දකුණු කොරියාවේ සිටින තම තානාපතිවරයා ආපසු කැඳවීමට ජපානය පියවර ගෙන තිබේ. ජපානය ටකෙෂිමා හැටියටත් නම් කරනු ලැබ ඇති දූපත් කීපයේ අයිතිය සම්බන්ධයෙන් දෙරට අතර මතබේද පවතී. 
නමුත් එකම අධිරාජ්‍යවාදී කදවුරක සිටින ජපානය හා දකුණු කොරියාව මහා රාජ තාන්ත්‍රික වියවුලක් ඇති නොකර ගන්නා බවත් නිදහස් දින තම ජනතාවට ව්‍යාජ දේශප්‍රේමී හැගීම් මුසු කරමින් තම පාලනය පවත්වාගැනීමට මෙවැනි අර්බුදයක්

ලයිට් නැතිව උසස් පෙළ සිසුන් අපහසුතාවයක


මේ දිනවල සිදුකෙරෙන විදුලි කප්පාදුව නිසා උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් දැඩි අපහසු තාවයකට පත්ව ඇත. ඉදිරි දින කිහිපය තුළ වැසි නොලැබුණහොත් රන්දෙණිගල සහ වික්ටෝරියා ජලාශවලින් විදුලිය නිෂ්පාදනය කිරීමේ කටයුතු අත්හිටුවීමේ අවධානමක් මතුවී ඇතැයිද එවිට විදුලිය කප්පාදු කාලය මීට වඩා ඉහල යා හැකි බව විදුලිබල අමාත්‍ය පාඨලී චම්පික රණවක සදහන් කරයි. ලක්විජය විදුලි බලාගාරය ඇණ හිටීම මීට ප්‍රධන හේතුව බවත් ඉදිකීරීමේ සිටම කොහොමටවත් මේ බලාගාරයේ තත්වය ගැන සෑහීමකට පත්වෙන්න බැරි වුනා,

Sunday, August 5, 2012

පෙරටුගාමී බල අරගලය හා මාක්ස්වාදී වැකි පුනරුච්ඡාරණය


පෙරටුගාමී සමාජවාදී පක්ෂ සම්බන්ධයෙන් පලවූ මෙම ප්‍රවෘත්තිය බොහෝ දෙනකුගේ ඉල්ලීම පරිදි  සංශෝදනයකින් තොරව පළ කරනු ලැබේ. 
 ප‍්‍රායෝගිකවාදයේ බූමරංගය
රාතී‍්‍ර මගී බස් වලට ඉද හිට ගොඩවන ඩෝප්කාරයන්ගේ විකාර සහගත හැසිරීම බස් රථවල නිතර ගමන් ගන්නා අය මුහුණ දෙන අප‍්‍රසන්න අත්දැකීමකි. මෙවැනි ඩෝප් කාරයන්ට ඉදගැනීමට එක සීට් එකක් මදිය. දෙක තුනක් අවශ්‍ය වේ. බස් රථයේ        ප‍්‍රධානියා රියදුරු මහතා සහ කොන්දොස්තර මහතා නොව

Wednesday, August 1, 2012

සජිත්ගේ පුස් වෙඩි හා දයාසිරි ජයසේකරගේ හැගීම්බර නිමේෂය



සජිත්ගේ පුස් වෙඩි හා දයාසිරි ජයසේකරගේ හැගීම්බර නිමේෂය
හෙට්ටිපොලදී දයාසිරි ජයසේකර මහතා එජාප                   ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු කැදවා භොජන සංග්‍රහයක් පැවැත්විය. මෙම අවස්ථාවට නගර සභා ප්‍රාදේශීය සභා      මන්ත්‍රීවරු පිරිසක්ද සම්බන්දව සිටියේය. උත්සවයේ මැදක් වන විට පිරිස බීමතින් සිටි අතර දයාසිරි ජයසේකර   මන්ත්‍රීතුමා තම හඩ අවධි කලේ මෙම අවස්ථාවේදීය.  එජාපය තුල                 ප්‍රජාතන්ත්‍රවාදය හැකිලී යෑමත් මතුවන අර්බුදයට එජාපයේ

කිලිනොච්චියේ කැලෑවක කොටි පිළිබද හෝඩුවාවක්


කිලිනොච්චිය අක්කරායන් එට්ටාන්කට්ටයිහි ඝන වනාන්තර ප්‍රදේශයේ සිට ජනතාවන් ජීවත්වන ප්‍රදේශයට ඇතුළුවූ කොටියකු නිසා දැඩි නොසන්සුන් තත්වයක් ඇතිව තිබේ. එම කොටියට වෙඩි
තැබීමේ හමුදා උත්සාහයද අසාර්ථකවී

යාපනයේ ගාන්ධි ප්‍රතිමාවක් විනාශ කරයි


පසුගිය වසර ජනවාරි මස අරියාලයි ගාන්ධි ජනසමාජ මධ්‍යස්ථානයට ඉදිරිපිට ඉදිකළ ගාන්ධි ප්‍රතිමාව මෙලෙස විනාශකර තිබේ.
යාපනය අරියාලයි ප්‍රදේශයේදී තිබූ මහාත්මා ගාන්ධි මහතාගේ ප්‍රතිමාව විනාශ කිරීමේ සිද්ධිය සම්බන්‍ධයෙන් සැකපිට දෙදෙනෙකු අත්තඩංගුවට ගෙන ඇතයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසා තිබේ.
මේ සම්බන්‍ධයෙන් ලැබුණු පැමිණිල්ලට අනුව පරික්‍ෂණ