Wednesday, August 1, 2012

සජිත්ගේ පුස් වෙඩි හා දයාසිරි ජයසේකරගේ හැගීම්බර නිමේෂය



සජිත්ගේ පුස් වෙඩි හා දයාසිරි ජයසේකරගේ හැගීම්බර නිමේෂය
හෙට්ටිපොලදී දයාසිරි ජයසේකර මහතා එජාප                   ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු කැදවා භොජන සංග්‍රහයක් පැවැත්විය. මෙම අවස්ථාවට නගර සභා ප්‍රාදේශීය සභා      මන්ත්‍රීවරු පිරිසක්ද සම්බන්දව සිටියේය. උත්සවයේ මැදක් වන විට පිරිස බීමතින් සිටි අතර දයාසිරි ජයසේකර   මන්ත්‍රීතුමා තම හඩ අවධි කලේ මෙම අවස්ථාවේදීය.  එජාපය තුල                 ප්‍රජාතන්ත්‍රවාදය හැකිලී යෑමත් මතුවන අර්බුදයට එජාපයේ
විසදුම්       ප්‍රායෝගික නොවන බව ප්‍රකාශ කළේය. ඒ අනුව මෙතෙක් කල් පක්ෂ මාරු කල නායකයෙක් ලෙස නොව ඉතාම නිහතමානීව තමාව දේශපාලනයේ ඔසවා තැබීමට වෙහෙස මහන්සිවූවන්ට තම විවෘත්ත අදහස ප්‍රකාශකල දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ එජාපයේ මෙම අර්බුද නිසා තමා එජාපයට සමුදෙන බවයි. ඉතා හැගීම්බර නිමේෂයකින් පසුව නැවත කසු කුසුවක් පැවති සාදය උණුසුම් තත්වයකට පත්විය. එහි උණුසුම තවත් වැඩි කලේ දයාසිරි ජයසේකර මහතා සජිත් පාර්ශවය ගැන  කල කථාවත් සමගයි. 2013දී ජනාධිපතිවරණයක් පැවතෙන බව තමන්ට දැනගන්නට ලැබුණු බවත් ඒ සදහා සජිත් ප්‍රේමදාස මහතාට සූදානම් වන ලෙස තමන් ඇතුළු කණ්ඩායමක් ප්‍රකාශකල විට සජිත් ප්‍රකාශ කර තිබුණේ තමන්ට තවමත් හදිසියක් නොමැති බවයි. මෙයින් තමන් දැඩි කම්පාවට ලක්වූ බවත් බලය සදහා පක්ෂය මෙහෙය වන්නේ නැත්නම් තමන්ට රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය ඊට වඩා සුදුසු බව ප්‍රකාශ කල දයාසිරි ජයසේකර මහතා සජිත් ප්‍රේමදාස ගැන වැඩි දුර සොයා බැලීමෙදී ඔහු ගෝඨාභය රාජපක්ෂ මහතා සමග කරන දේශපාලනය හා මහින්ද රාජපක්ෂ මහතාගේ අනුගාමිකයෙක් ලෙස වැඩ කිරීමත් නිසා තමා එජාපය තුල කරන අරගලයේ වාසිය ආණ්ඩුවට බව සදහන් කලේය. අපට හැකි උපරිමදේ සජිත් වෙනුවෙන් කලා නමුත් සජිත් නිසා දේශපාලන අනාතයන් පමණයි බිහිවුනේ. සජිත් ප්‍රේමදාසට බැණ වැදුන දයාසිරි ජයසේකර මහතා තව දුරටත් සදහන් කලේ මහින්දට බය සජිත්ගේ පුස් වෙඩි තමා හිනා උපදවන බවයි. බීමතින් සිටි සියල්ලම පාහේ තම අදහස් මුමුණන්නට වූ අතර අයෙක් දයාසිරි ජයසේකර මහතාට බැණ වැදුන අතර තවත් අයෙක් කීවේ සචිනි බෝගොල්ලාගමගේ වැඩ නිසා දයාසිරි ඇණ ගත් බවයි. ජානක බෝගොල්ලාගම මහතාගේ දුව වූ සචිනි බෝගොල්ලාගම ගැන මෙසේ කියවුනේ කුමක් නිසා දැයි අප දන්නේ නැත.

No comments:

Post a Comment