Thursday, December 27, 2012

ඉන්දියාව සහ රුසියාව අතර නව ආරක්ෂක ගනුදෙනුවක්


රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින්ගේ සංචාරයේ දී මෙම ගනුදෙනුව සඳහා අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  ගුවන් යානා සහ හෙලිකොප්ටර් මිලදී ගැනීම සම්බන්ධයෙන් මෙම ආරක්ෂක ගනුදෙනුව සිදුව ඇති බවත් එහි වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවට අවි ආයුධ සපයන රටවල් අතර රුසියාව ප්‍රධාන තැනක් උසුලයි. වසරකට බිලියන 10ක පමණ වෙළෙඳ කටයුතු දෙරට අතර සිදුවේ.

මේ රටේ ආගම්වාදී ජාතිවාදී කළකෝලාහල ඇති නොවෙන්න ජනතා අසමගිය ඇති කරන්න හැකි සමාජවාදයට පමණයි


අප රටේ බරපතල ආකාරයෙන් නැවතත් ජාතිවාදය,ආගම්වාදය ඉස්මතුවීමේ ප්‍රවණතාවයක් ඇතිවෙලා තිබෙන බවත් මේ ප්‍රශ්නය රටට විශාල තර්ජනයක් ඇතිවී තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (24) කොළඹ කොටුව දුම්රිය පොළ අසලින් අත්පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක් ආරම්භ කරමිනි.

Monday, December 24, 2012

බැසිල් රාජපක්ෂ නොසිටින්නට මේ කාලගුණික තත්වයෙන් රට විනාශ වනවා නියතය


දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මතු වූ ආපදා තත්ත්වයෙන් උන් හිටි තැන් අහිමිවූ සහ ආපදාවට ලක් වූ දහස් සංඛ්‍යාත පිරිස වෙනුවෙන් හදිසි සහන සැලසීමේ කඩිනම් වැඩසටහනක් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි එම අමාත්‍යාංශය මගින් දැන් කි‍්‍රයාත්මක කරනු ලබයි. මොවුන්ගේ උපදෙස් නොලබන්නට අද රට විනාශයට පත්වී හමාරය. මෙම හදිසි ආපදා තත්ත්වයන් යටතේ දැනට ගංවතුරින් විපතට පත් පවුල් 82,687කට අයත් පුද්ගලයින්

සරසවි ඇදුරු නිර්මාල් රංජිත් දේවසිරි රජපවුලට කෘතඥ වේ


සරසවි ආචාර්යවරුන් දින 100ක වැඩවර්ජනයක් පසුගිය කාලයේ  සිදුකරන ලද අතර එහිදී සරසවි ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ සිදුකරන ලැබූ සාකච්ඡාවන්හි එකඟතාවයේ ප‍්‍රතිඵලයක් වශයෙන් එම වැඩවර්ජනය නිමාවට පත්විය. ශී‍්‍ර ලංකාවේ 80,000කට ආසන්න සරසවි සිසුන් සඳහා සිටින ආචාර්යවරුන්ගේ සංඛ්‍යාව 4,500ක් පමණ වේ.

මේ අධ්‍යාපන ක්‍රමය වැරදියි-බෙදුම්වාදයේ මුල පාසැලයි


බෙදුම්වාදයේ මුල පාසැල ඇතුළේ අධ්‍යාපන ක‍්‍රමය තුළ දක්නට ලැබෙන්නක් බවත් බෞද්ධ, මුස්ලිම්, දමිළ, කතෝලික, ඉස්ලාම්, හින්දු වශයෙන් මෙන් ම පිරිමි, ගැහැණු වශයෙන් පාසැල් බෙදා වෙන්කර ඇතැයි ද බෙදුම්වාදය මොන විදියට අර්ථ දක්වන්න උත්සාහ කළ ද බෙදුම්වාදයේ ආරම්භය සිදුවන්නේ ‍පාසලෙන් බව ද යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

Thursday, December 20, 2012

ටෙලිකොම් සේවක දඩයම තව දුරටත්


ටෙලිකොම් සේවකයින්විසින් පසුගිය 12 වැනිදා කොළඹ ටෙලිකොම් මුලස්ථානය ඉදිරිපිට කරන ලද උද්ඝෝෂණය හේතුවෙන් සේවකයින් 5 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති අතර තවත් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තවත් සේවකයින් පිරිසකට අනතුරු ඇඟවීමේ ලිපි නිකුත් කර ඇති බව වාර්තා වේ. ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් කාල
යක් තිස්සේ අදාල බලධාරීන් දැනුවත් කර ඇති නමුත් එයින් විසඳුමක් නොමැති හෙයින් මෙසේ කෑම පැයේ උද්ඝෝෂණ ක‍්‍රියාමාර්ගයට අවතීර්ණය වී ඇත. වෘත්තීය අයිතීන්

දෙමළ ජනයා දිනාගන්න තරගයට දෙමළ ජාතිවාදය වපුරයි “අපගේ දෙමළ මව්බිමෙන් ආක්‍රමික සිංහල හමුදාව මුළුමනින්ම ඉවත්විය යුතුය “

එල් ටී ටී  ඊ සංවිධානයේ යුධමය පරාජයත් සමග දෙමළ ජනයා තුල හොදින්ම ජාති වාදය පතුරවන පක්ෂය සදහා මේ දින වල තරගයක් පවතී. උතුරු පළාත් සභා ජන්දය සදහා මෙම ජාතිවාදී වැපිරීම සිදු කරයි. වැඩියෙන්ම ජාතිවාදී වීම සදහා දෙමළ ඊළම් විමුක්ති සංවිධානය හෙවත් ටෙලෝ සංවිධානයේ දේශපාලනික නායක සිවාජිලිංගම් මහතා විසින් නිකුත්කළ මාධ්‍ය වාර්තාවකදී මේ බව පවසා  තිබුනේ අපගේ දෙමළ මව්බිමෙන් ආක්‍රමික සිංහල හමුදාව මුළුමනින්ම ඉවත්විය යුතුය යන්නයි. ඉතිහාසය පුරාවටම දෙමළ ධනපති පක්ෂයන්හි භූමිකාව මෙයයි. දෙමළ ජනතාව මුහුණ

Wednesday, December 19, 2012

දෙසැම්බර් 29 ශ්‍රී ලංකාවට භූමි කම්පාවක් - රජයේ මාධ්‍ය කියයි


ලබන 29 දා කුමන හෝ මොහොතක ශ්‍රී ලංකාවේ පළාත් කිහිපයකට බලපාන මධ්‍යම ප්‍රමාණයේ භූමිකම්පාවක් ඇතිවිය හැකි බව විද්‍යාඥ ලලිත් විජයවර්ධන මහතා කියා සිටී. දිනමිණ පුවත් පතේ පලමු පුවත බවට පත්වූයේ එහි ඇති වැදගත් කම නිසා විය යුතුය. 
ලලිත් විජයවර්ධන මහතා ශ්‍රී ලංකාවට සුනාමියක් එන බව ඊට කලින් ප්‍රකාශයට පත් කළ විද්‍යාඥයෙකි. ලෝක විනාශය ලබන 21දා හෝ මේ මාසය තුළ හෝ සිදුවීමට ඉඩක් නැතැයි පෙන්වා දෙන ඒ මහතා ඉහත කී භූමිකම්පාව මඟින් ප්‍රදේශ ගණනාවකට විපත් පැමිණිය හැකි බව පෙන්වා දෙයි.

මහ වැසි මදිවට කහ, කිරි, රතු පාට පාට වැසි


රට පුරා මහ වැසි වසිද්දී ඊයේ රාත්‍රියේ වලල්ලාවිට ඉත්තපාන මිරිස්වත්ත ප්‍රදේශයට ඇද හැළළුනු වර්ෂාවේ ජලය කහ පහැයෙන් යුක්ත‍යැයි ප්‍රදේශවාසීන් කියයි. ඉත්තපාන මාලඹේ මිරිස්වත්ත රාජ්‍ය වතුයායේ දෛනික ජල පරික්ෂණ මාපකයේ සවිකර ඇති භාජනයේ පිරි ඇති ජලය කහ පාටින් පෙනුන අතර ජලයේ දූවිලඅංශු වැනි කුඩක් ඇත.
කළුතර දිස්ත්‍රිකයේම බුලත්සිංහල ගෝවින්න ප්‍රදේශයේ කුඹුරු යායකට පසු ගිය දිනක සදු පැහැති ඝණ දියරයක් වැටී තිබීම

මහ වරුසාවෙන් වැඩිම හානි මඩකලපුව බරපතලම කුරුණෑගල


ශ්‍රී ලංකාවේ පළාත් ගණනාවක ඉරිදා සිට හටගත් අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් 13 දෙනකු මරුමුවට පත්වී ඇති අතර තවත් 25 දෙනකු තුවාල ලබා තවත් 25ක් අතුරු දහන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අනූදහසකට ආසන්න ජනකායක් ගංවතුරින් පීඩාවට පත්ව සිටින බවද පැවසූ ඔහු, 8533 දෙනකු කඳවුරු 36 ක තාවකාලිකව රඳවා සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ලෝක විනාශය ගැන මහාචාර්ය නලීන් සිල්වා හා ආචාර්ය මර්වින් සිල්වාගේ මතය


මහාචාර්ය නලින්ද සිල්වා යනු ශ්‍රී ලංකාවේ පිනට පහල වූ බුද්ධිමතෙකි. ආචාර්ය මර්වින් සිල්වා යනු ශ්‍රී ලංකාවේ අග්‍රගන්‍ය දේශපාලඥයෙකි. ඔවුන් දෙපලම කැළණියේ හිදිමින් තම කාර්යන්හි නිරතවන්නෝය. ඔවුන් දෙපලගේ ලෝක විනශය ගැන පල කල මත නිසා බොහෝදෙනෙක් තම ජීව ප්‍රෙබා්ධය නැවත ලබා ගත්බව කවුරුත් දනිති. ඔවුන් දෙපළ ඒ පිළිබද දැක් වූ අදහස් මෙසේය.
ලෝකය විනාශයක් ගැන කියන්නේ බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි බවයි නලීන් ද සිල්වා මහතා පවසයි. නලින්ද සිල්වා මහතාට අනුව බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි සරල රේඛා

Monday, December 17, 2012

ඇමෙරිකානු අධිරාජ්‍යවාදයේ කීකරු ගෝලයා අල් කයිඩා සංවිධානයයි


පසුගිය ඉතිහාසයේ ඇමෙරිකානු යුධ මෙහෙයුම් ඉතිහාසය දෙස බලද්දී ඇමෙරිකාව විසින් පෙරලා දැමීමට ඉලක්ක කල රාජ්‍යයන් අල් කයිඩා දේශපාලනයට එරෙහි වූ රටවල් වේ. උදාහරණ ලෙස ඇෆ්ගනිස්තානය, ඉරාකය, ලිබියාව,  අද සිරියාව අදී රටවල් තුල අල් කයිඩා බලය ස්තාපිත කිරීමට ක්‍රියා කොට ඇත.
ඉරාකයට එරෙහි යුද්ධය දියත් කලේ "මනුෂ්‍ය නාශක අවි අල්

2012.12.21 ලෝක විනාශය, පිටසක්වල ජීව යානා ගොඩ බෑම මැද තෙල් මිල රු 10කින් ඉහලට

රටේ ජනතාව 2012.12.21 ලෝක විනාශය පිළිබදවත් එදිනට එතැයි කියන පිටසක්වල ජීව යානා ගොඩ බෑම හරහා සිදුවන පෘතුවි ආක්‍රමණයකක් ගැනද බිය වෙමින් සිටී. පෞද්ගලික දේපල ක්‍රමය සහිත සූරාකෑම අසමාන තාවය පිරුණ සමාජ තත්වයක මනූෂ්‍ය ජීවීන්ට මෙම තත්වය දරාගත නොහැක්කකි.
ලෝක විනාශය 2012 වසරේ දෙසැම්බර් මාසයේ සිදු වෙතැයි කියන මතයට සාක්ෂිය වශයෙන් සටහන් කොටගෙන ඇත්තේ  ක්‍රිස්‌තු වර්ෂ 603 දී සිට 683 දක්‌වා කාලයේ මෙක්‌සිකෝවේ ජීවත් වූ පාකල් වෝටන් නම් පඬිවරයකුගේ ශිලා ලේඛනයකිනි.

බෞද්ධ භික්ෂූන්ගේ ආහාර වට්ටෝරුව ප්‍රසිද්ධියට - මහින්ද චින්තනයේ ප්‍රතිඵලයක්


බෞද්ධ භික්ෂූන්ට කලක සිටම පැවති මහත් ගැටලුවක් වූයේ තම ආහාරය අනෙකා මත තීරණය වීමය. දායකයින් දානය ලබා දෙන්නේ කෙසේද එය ආහාරයට ගැනීම බෞද්ධ භික්ෂුවගේ සිරිතයි. එහි ඇති අඩු පාඩු හොද නරක බෞද්ධ භික්ෂූන් කල්පනා නොකරන්නේ ආහාරය පිළිබද ඇල්මක් බැදීමක් නොමැති නිසාය. එහි අරමුණ කුසට අහරක් මිස එහි ඇති රස නීරස පිළිබද බැදීමක් නොමැති නිසා දායකයන් දෙන ඕනෑම අහරක් සොයාබැලීමකින් තොරව අහාරයට ගන්නා නිසාත් දායකයාගේ වත්කම අනුව දානයේ ගුණාත්මක භාවය රැදෙන නිසාත් බෞද්ධ භික්ෂුවගේ සෞබ්‍ය පිරිහීමකට ලක්වී ඇති බව

ශිෂ්‍යත්වේ ප්‍රශ්ණ පිටවුනා O/L ප්‍රශ්ණත් පිටවුනා ඒත් අපි මහින්ද චින්තනය සමගයි


මේ දිනවල පැවැත්වෙන අ.පො.ස/සා.පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි එම විභාගයට පෙනී සිටින සිසුන් හා ඔවුන්ගේ දෙමව්පියෝ පවසති. සාමාන්‍ය පෙළ පාසල් ආචාර්යවරුන්ද පවසන්නේ මෙම ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි යන්න සම්බන්ධයෙන් බරපතල සැකයක් මතුවන බවයි.
රට පුරාම පෞද්ගලික පන්ති පවත්වන ගුරුවරයකු අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රයට පෙර ඔහුගේ

Sunday, December 16, 2012

නීතිඥයන් අතර ව්‍යවස්ථාපිත ඒකාධිපති ජනපති මහින්දගේ සැලසුමට හූ... සංග්‍රහයක්


රජයේ දැඩි ප්‍රෙකා්පය මැද අද (15) අළුත්කඩේ උසාවි පරිශ්‍රයේ පැවති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මහසභා රැස්වීම හැකි සෑම අයුරකින්ම කඩා කප්පල් කිරීමට රජය ක්‍රියා මාර්ග රැසක් ගත් අතර, එහි මෙහෙයුම් කටයුතු ව්‍යවස්ථාපිත ඒකාධිපති ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතින්ම සිදුවිය. ජනමාධ්‍ය උපයෝගී කරගනිමින් නීතිඥයන්ට කොටි ලේබල් ඇලවූ අතර තම හොරිකඩ මාධ්‍ය ඒ සදහා උපරිමයෙන් යොදවා අවසන නීතිඥ සංගමයේ මහා සභාව අතර මැද කඩා කප්පල් කිරීමට  සෞඛ්‍යය නියෝජ්‍ය අමාත්‍යනීතිඥ ලලිත් දිසානායක මහතාට යෙදවීය.

Saturday, December 15, 2012

රතු වැස්සට හේතුව රතු මුහුදේ රතු ඇල්ගී


රතු වැස්ස පිළිබද විවිධ මත පලවන අතර තරමක් පැරණි වුවත් ලංකිකයන්ට අලුත් මතයක් වන්නේ මෙම වැස්සට හේතුව රතු මහුදේ රතු ඇල්ගී අහසුට මුසු වී සෑදුනක් බවයි. නමුත් මෙම මතය පරාජය වූයේ ශී‍්‍ර ලංකාවට ඇද හැළුණු රතු වැස්සේ සාම්පලවල ආසනික් හා රිදී අඩංගු බවට කාර්මික තාක්‍ෂණ ආයතනය කළ හෙළිදරව්වත් සමගයි. ඒ අනුව දැන් ඉහල ආකාශයට ආසනික් හා රිදී ඇතුල් වූයේ කෙසේ දැයි ප්‍රශ්ණයක් මතු වී ඇත.

මහා කුමන්ත්‍රණයක්! රට විනාසයි, දෙමළ ඩයස්පෝරාවේ මුදල් නීතිඥයන් අතට, රජය සීරුවෙන්


කිසිදු සදාචාරමය ආකාරයක පාලනයක් ඒකාධිපති පාලකයෙක් පවත්වාගෙන යනු නොලබන්නේය. ශ්‍රී ලංකාවේදී එම පාලනය සුළුවෙන් හෝ ප්‍රශ්ණ කිරීම ඩයස්පොරාවෙන් මුදල් ගැනීමකි. ධනපති දෘෂ්ටියට අනුව වගා කරන චින්තනමය ක්‍රියාවලිය පෝෂණය කිරීමට ග්‍රී ලංකාව අනුගමනය කරන මෙම ඩයස්පෝරා මුදල් න්‍යාය, ධනපති දේශපාලනයේ දුබල කම මවා පෑමකි.  මෙම චින්තන ධාරාවේ ප්‍රභලයා වූ ස්වාධීන රූපවාහිනිය ඒකාධිපතියාට වචනයකින් හෝ එරෙහි වීම ඩයස්පෝරා මුදල් ගිලීමක් වශයෙන් හදුන්වවයි.  ඒ අනුව දෙමළ ඩයස්පොරාවෙන් මුදල් ගත්

ජපාන මැතිවරණය යුධවාදයෙන් කැළඹෙද්දී 94 වයසැති රියෝකිචි මැතිවරණයට තරගකරමින් සාම පණුවුඩය රැගෙන් ඒ


දෙසැම්බර් 16 මැතිවරනය සඳහා ජපානය තුල ගෙනයනු ලබන මැතිවරණ ව්‍යාපාරය ජාතිකවාදය හා යුදවාදය මතුකරන්නේ චීන විරෝධය සමගිනි. එක්සත් ජනපදයෙන් වඩා ස්වාධීන විදේශ පිලිවෙතක් හා චීනය සමග වඩා සමීප සබඳතා වෙනුවෙන් පෙනී සිටි ඩීපීජේ නායක යුකි ඕ හටොයමාට 2010 වසර මැදදී ඉල්ලා අස්වීමට වොෂිංටනයේ කි‍්‍රයාකලාපය තීරනාත්මක වූ අතර  ඔහුගෙන් හිස්වූ අගමැති ධුරයට පත් වූ නඔටෝ කාන්, වහාම එක්සත් ජනපදය සමග සන්ධානයට සිය සහහෝගය සහතික කල අතර 2010 සැප්තැම්බරයේ දී සෙන්කකු/ඩිආඔයු දූපත් සම්බන්ධයෙන් චීනය සමග ප‍්‍රධාන රාජ්‍

ගලබොඩ ඥානේෂ්වර හිමියන්ගේ උපන් දිනය මහ ඉහලින් සමරයි


69 වන ජන්ම දිනය ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥානේෂ්වර හිමියන් මහ ඉහලින් සැමරුවෝය. රටේ ඉහලම පුරවැසියන් ඊට සහභාගීවිය. මීට සහභාගීවූ ජනපති මහින්ද රාජපක්ෂ මහතා උන්වහන්සේට අටපිරිකර පූජා කරමින් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කලහ. ශිරන්ති රාජපක්ෂ මහත්මියද මීට සහභාගී වූවාය. බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂද මීට සහභාගීවූ අතර ගෝටාභය රාජපක්ෂ මහතා ගලබොඩ ඥානේෂ්වර හිමියන්ට උපන්දින තිළිණයක්ද රැගෙනවිත් තිබුණි.

මහා සංගීතවේදී රවී ශංකර් මිය යයි


ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වූ රවි ශංකර්, කැලිපෝනියාවේ පිහිටි සිය නිවස අසළ රෝහලකදී දිවියෙන් සමුගන්නා විට ඔහුගේ වයස අවුරුදු අනූ දෙකයි.
හුස්ම ගැනීමේ අපහසුවකින් පසුවූ රවී ශංකර් පසුගිය සතියේ සන්දියාගෝ නගරයේදී හදවත් සැත්කමකට භාජනය කරනු ලැබයි සිටියේ.

Friday, December 14, 2012

පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් තවමත් ශ්‍රී ලංකාවට බලපෑම්


ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යයට ගරු කරන මෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය විනිසුරුවරුන් ඇතුළු සංවිධාන ගණනාවක් යලිත් වරක් අවධාරණය කරති.
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග විමර්ශනය පිළිබඳව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරන පොදුරාජ්‍ය මණ්ඩලීය මහේස්ත්‍රාත් සහ විනිසුරුවරුන්ගේ සංවිධානය, පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිවේදීන්ගේ සංගමය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය නීති අධ්‍යාපන සංගමය පවසන්නේ අදාළ

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුවියක් ගෙල සිරකෙට මරා දමලා


අභිරහසක් ලෙස මියගිය යාපනය සරසවි සිසුවියකුගේ මළසිරුරක් ඊයේ දින සොයාගෙන තිබේ. වැලිගාමම් ප්‍රදේශයෙහි ක්‍රීඩා අංශ නිළධාරියකුගේ දුවෙකු වන 21 හැවිරිදි නඩරාසා කියානි නැමැති සිසුවියගේ මළසිරුර මෙලෙස සොයාගෙන තිබේ. සුන්නාගම් කන්දරෝඩයි ප්‍රදේශයෙහි පිහිටි ඇයගේ නිවසේදී මළසිරුර හමුවී තිබේ. නිවසේ සිට මව්පියන් එළියට ගිය අවස්ථාවේදී එම සිසුවිය පාඩම් කරමින් සිටි බවට පැවසේ. නමුත් දෙමව්පියන් නිවසට පැමිණි අවස්ථාවේදී එම සිසුවිය එලෙසම

හමුදාවට බදවාගත් දෙමළ තරුණියන්ට අමුතු ලෙඩක්


රජයේ යුද හමුදාවට බඳවා ගත් දෙමල කාන්තාවන් අතරින් 15 දෙනකු හදිසියේ වැළඳුනු රෝගයක් හේතුවෙන් රෝහල් ගත කොට ඇත. 100 කට අධික දෙමළ කාන්තාවන් ඉකුත් මාසයේ යුද හමුදාවට බඳවා ගන්නා ලදි. ඒ අතරින් හය දෙනකු මේ වනවිට හමුදා සේවය හැර ගොස් තිබේ. මෙම රෝගාතුරු වූ තරුණියන් මේ වන විට කිලිනොච්චි රෝහලේ ප්‍රතිකාර ලබයි.  මෙම තරුණියන් පිරිස දැඩි මානසික ආතතියක් මත රෝගීවී සිටින බවයි.

ඩලස් රෙදි අපුල්ලයි ශිරාණිගේ පුටුවත් මසකට වරක් හොදන්න වෙයි


රට පුරා ප්‍රජාතන්ත්‍රවාදය හැකිලෙමින් ඒකාධිපති පාලනයකට මාවත ගොඩනැගෙද්දී  වගකීමක් සහිත මිනිසුන්ගේ බුද්ධිමතුන්ගේ සිවිල් පුරවැසියන්ගේ නිදහස් අදහස් රට නිවැරදි මාවතකට ගැනීමේදී වැදගත් කමක් උසුලයි. ඒ අතර මෙම ඒකාධිපති ගමන තහවුරු කරන ඒ වෙනුවෙන් කඩේ යන ඒකාධිපති ගමන වෙනුවෙන් තමන් ජීවිතය තුල ගොඩ නගාගත් ප්‍රතිපත්ති පවා පාවා දෙමින් ඒකාධිපතියා ඔසවාතබන පිරිසක්ද බිහිවේ. ඒකාධිපතියා ඔසවාතබන තම ජීවන හරයන් ඒ වෙනුවෙන් පුද දෙන යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය

Sunday, December 9, 2012

කෙසෙල් කැනක් හොරකම් කරපු හොරාටත් නිදහසට කරුණු කියන්න අවස්ථාවක් ලබාදෙනවා. රටේ අගවිනිසුරුවරියට පිළිතුරු දෙන්න අවස්ථාවක් ලබාදෙන්නේ නැහැ


විශේෂ කාරක සභාව ඉදිරිපත් කළේ කමිටු වාර්තාවක් නොව රජ පවුලේ වාර්තාවක් බවත් රාජපක්ෂ පවුල වෙනුවෙන්  ඕනෑම දෙයක් කරනරජපවුල වෙනුවෙන් වළං හෝදන මුර වැඩේ කරන අය ලව්වා ඉදිරිපත් කළ වාර්තාවක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසූවේ පැලවත්ත බත්තරමුල්ල පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (09) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

එප්පාවල දෛනික පොස්පේට් නිපැයුම දෙගුණ කරන්න ජනපති අණ කරයි


රටේ පවතින සියළුම ප්‍රශ්ණ වලට සංවේදී මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන ඇමැති දයාශි‍්‍රත තිසේරා මහතාට පසුගිය මාස කිහිපයක කලින් බැන වැදුනේ ලංකා පොස්පේට් සමාගමේ දෛනික පොස්පෙට් නිෂ්පාදනය මෙට්රික් ටොන් 220ක ප්‍රමාණයක් බව පැවසූ විටයි.  ශ්‍රී ලංකාවේ පොහොර අවශ්‍යතාවෙන් 83%ක් පමණ විදේශ රටවලින් ආනයනය කරන අතර එම ප්‍රමාණය අඩු කිරීමට කටයුතු කිරීමලංකා පොස්පේට් සමාගමේ ප්‍රධාන අරමුණ බවත් ඒ සදහා ලංකා පොස්පේට් සමාගමේ දෛනික පොස්පෙට් නිෂ්පාදනය මෙට්රික්

Saturday, December 8, 2012

ඊජිප්තුවේ බොදවුන විප්ලවය ජනාධිපති මෝර්සි වෙත අධි බලතල


ඊජිප්තුවේ ඉස්ලාම්‍වාදි ජනාධිපති මොහොමඩ් මෝසිට එරෙහිව දරුණු විරෝධතා රට පුරා පැන නැගෙද්දිත් එම විරෝධතා නොතකා එම අතිරේක බලතල පවරා ගැනිමටත් ව්‍යවස්ථාවේ යෝජිත සංශෝධන ඒ ආකාරයටම ඉදිරියට ගෙනයාමටත් ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් සහ මෝසිගේ ආධාරකරුවන් දින ගණනාවක් තිස්සේ ප්‍රචණ්ඩ ලෙස හැසිරෙමින් කයිරෝ නගරය යුද පිටියක් බවට පත්කරමින් සිටිති. ජනාධිපතිවරයා වෙත අධි බලතල

අගවිනිසුරුවරිය ධූරයෙන් ඉවත්කිරීම සදහා දැන් අවශ්‍ය පාර්ලිමේන්තුවේ බහුතරය හෝ ඉල්ලා අස්වීම


අගවිනිසුරු, ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එල්ල වී තිබුණු දුෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ විශේෂ වාර්තාවට අනුව අගවිනිසුරුවරියට එරෙහිව චෝදනා පහෙන් තුනක් ඔප්පු වී ඇති බව කාරක සභාවේ සභාපති අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි. 

අගවිනිසුරුවරියට එරෙහි චෝදනා 14 ක් පිළිබඳ ඇයට එරෙහිව ඉදිරිපත් කෙරුණු දෝෂාභියෝග යෝජනාවේ අන්තර්ගතව පැවති

බත්පතට කල සටන නිසා හරක්මස්, ගෝල්ඩන් සිරප් පාර්ලිමේන්තු බත් පතට


කාන්තාවන්ට ඇත්තේ හැදිමිටේ නුවනයැයි කථවක් තිබේ. එය ලෝකයේ අනික් රටවල කාන්තාවන්ට කියූ එකකි. ලොව ප්‍රථම කාන්තා අගමැතිනිය බිහිවූයේ ලංකාවෙනි. පසුකලෙක ඇගේ දුව චන්ද්‍රකා බණ්ඩාරණායක මැතිණිය ශ්‍රී ලංකාවේ ජනාධිපති වූවාය. ඒ අතින් කාන්තාවන් ලංකාවේ දේශපාලනයේ ඉහල තනතුරු දැරීමේ ඉතිහාසයක් ඇත. මෑත කාලීනව ශ්‍රී ලංකා දේශපාලනයේ සුවිශේෂී කාන්තා චරිත කිහිපයකි. ශ්‍රී ලංකා අග්‍රවිනිශ්චයකරුද කන්තාවකි. පාර්ලිමේන්තුව නියෝජනය කරන

Friday, December 7, 2012

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් භාරදුන් ඒකාබද්ධ වාර්තාව


අගවිනිසුරු ‍ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ඇති දෝෂාභියෝග චෝදනා වමිර්ශනය කරනු ලබන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිව්දෙනා ඉවත්ව යෑමට පෙර ඔවුන් විසින් අත්සන් තබන ලද ඒකාබද්ධ වාර්තාවක් එම කමිටුවේ සභාපතිවරයා වෙත භාරදී තිබේ.
එම වාර්ථාව මගින් විශේෂ යෝජනා මාලාවක් එම කාරක සභාවට ඉදිරිපත් කර ඇත. එම යෝජනාවලට එකඟ නොවන්නේනම්

අගවිනිසුරුවරිය ඉල්ලා අස්විය යුතුයි - මහින්දගෙන් දුරකථන ඇමතුමක්


ඊයේ (06) රාත්‍රියේ අගවිනිසුරුවරියගේ නීතීඥවරුන් වන නීලකන්දන් මහත්වරුන් අමතා ඇති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අගවිනිසුරුවරිය ඉල්ලා අස්විය යුතුයැයි ප්‍රකාශ කර තිබේ.
තමන් දෝෂාභියෝග චෝදනා කියවූයේ ඒ මොහොතේ බව කියා ඇති ඔහු එවා දෝෂාභියෝග ගෙනඒමට තරම් ප්‍රමාණවත් නොවන ඒවා යැයි දැනගත්  බවත් විමල් සහ ඩිලාන් දෙදෙනා

තේරීම් කාරක සභාව කෙරෙහි විශ්වාශයක් නෑ හින්සාව විඳදරාගත නොහැකියි අගවිනිසුරුවරිය නික්ම යයි


අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කෙරෙහි විශ්වාශයක් නැති බව පවසමින් ඉන් ඉවත්ව යයි.
අගවිනිසුරුවරියට එරෙහි චෝදනා පිලිබඳ සාක්ෂි ඇතුලත් ලියකියවිලි ඇය වෙත අද ඉදිරිපත් කළ අවස්ථාවේදී ඒවා අධ්‍යනය කිරීම සඳහා කල් ලබා දීම ප්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන් ඇය තේරීම් කාරක සභාවෙන් ඉවත්ව ගොස් තිබේ.
දෝශාභියෝග විභාගය ආරම්භවීමෙන් පසු අද වනතුරු අගවිනිසුරුවරියගේ පාර්ශවයට අදාළ ලියකියවිලි කිසිවක් භාර දී නෙතිබුනි.

ඇමති ජොන්ස්ටන් තම උපන් දිනය මහ ඉහලින් සමරයි, EDCS සේවකයන් ගෙන් තෑගි පිට තෑගි


එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ අභ්‍යන්තර වෙළෙඳ කටයතු සහ සමූපකාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ 48වන උපන් දිනය සැමරීම සඳහා අධ්‍යාපන සේවකයින්ගේ සමුපකාර සංගමයේ සේවකයින් 200ක‍ට අධික පිරිසකගෙන් රුපියල් 1,000 බැගින් එකතු කරගෙන තිබේ.
එසේ එකතු කරගත් මුදල රුපියල් ලක්ෂ දෙකකට (රු.200,000) අධික වන අතර සඳහා අඳගොළුබිහිරි පාසලේ ළමුන්ට මින්

චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කිරීමට රජය සහයෝගය දැක්වුව ද එයට කිසිඳු මැදිහත්වීමක් නොදක්වයි මේක පුද්ගලික අංශයේ වැඩක්


කාලයක සිට රටේ තිබුණු අයහපත් තත්ත්වය නිසා සිංහ ලංඡනය සටහන් කළ සරුංගලයක් හෝ ඉහළ නැංවීමට ධෛර්යක් නොලද ඇතැම් දේශපාලනඥයන්, සිංහ ධජය අභ්‍යාවකාශය කරා ගෙන ගිය සිය සුවිශේෂී මෙහෙයුම ගැරහීමට ලක්කිරීම සුප්‍රීම්සැට් සමාගමේ සභාපති ආර්.එම්. මනිවන්නන් මහතා පිළිකුළෙන් හෙළා දකී.
සුප්‍රීම් සැට්-1 ශ්‍රී ලාංකීය සිංහ ධජය රැගත් එකම චන්ද්‍රකාව අභ්‍යාවකාශගත නොවූ බවට විපක්ෂය ගෙන යන ප්‍රචාරය සම්බන්ධයෙන් ඒ මහතා මේ අදහස් පළ කරයි.

Thursday, December 6, 2012

යලිත් වරක් තරුණ පරපුර සන්නද්ධ ව්‍යාපාරයකට යොමු කරන්නට සැරසෙන්නේද?

ආණ්ඩුව මෙවර අයවැයෙන් තරුණ තරුණියන් මුළුමණින්ම අමතක කර ඇති බවත් එම තරුණ තරුණියන්ගේ ඉල්ලීම් දිනාගැනීමට අරගල දියත් කළ යුතුව ඇති බවත් සමාජවාදී තරුණ සංගමය පවසයි.
එහි ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා මේ බව පැවැසුවේ සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කරනු ලබන තරුණ පාගමන හා තරුණ රැලිය සම්බන්ධයෙන් දැනුවත් කරන මාධ්‍ය හමුවකදීය.
එහිදී බිමල් රත්නායක මහතා 

අතීතයේ භාවිතා කළ සොහොන් භූමියක් ද නැතහොත් 71 හෝ 88-89 දී වූ සමූහ මිනී වළක් ද?


මාතලේ රෝහල් භූමියේ ඇති සමූහ මිනීවලෙන් මෙ වනවිට හිස් කබල් 24ක කොටස් සහ මිනිස් අස්ථි කොටස් ලැබී ඇති බවත් මිනිස් ඇටකටු තිබෙන ස්ථාන කිහිපයක් තවදුරටත් හඳුනාගෙන ඇති බවත් වාර්තාවේ.
මෙතෙක් කළ කැණීම්වලින් මතු කරගන්නා මිනිස් සිරුරු කොටස්වලින් සිරුරු පහක ඇටකටු මාතලේ මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු චතුරිකා ද සිල්වා මහත්මිය ඉදිරියේ ගොඩ ගන්නා ලදී.

නිෂ්පාදන ආර්ථිකයෙන් ඈත්වී සේවා ආර්ථිකයට යොමුවීම තේ කර්මාන්තයේ අර්බුදයයි


මේ වන විට දැඩි ලෙස කඩා වැටීමකට ලක් වී ඇති කුඩා තේ වතු හිමියන් හා තේ කර්මාන්තය රැක ගැනීමට වෘත්තීය ක‍්‍රියාමාර්ගවලට යාමට සිදුවන බව කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ ජාතික සංවිධායක ලාල් පේ‍්‍රමනාත් මහත පැවසීය. අද දින කොළඹ ජාතික පුස්තකාල ශ‍්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ලාල් ප්‍රේමරත්න මහතා
කුඩා තේ වතු හිමිකරුවන් ලක්‍ෂ 5 ක් සිටිනවා. එයින් ලක්‍ෂ 30

Wednesday, December 5, 2012

සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිට චුම්බක ‍කේෂ්ත්‍රයක්


සෞරග්‍රහ මණ්ඩලයෙන් ඔබ්බේ චුම්බක මාවතක් ඇතැයි නාසා ආයතනයේ වොයේජර් 1 යානය නිරික්ෂණය කර ඇතැයි වාර්තා වේ.
මෙය එම අභ්‍යවකාශ යානය කක්ෂගත කිරිමෙන් වසර35කින් පසුව අනාවරණය කරගත් විස්ම ජනක සොයාගැනිමක් බව කැලිෆෝනියා තාක්ෂණායතනයේ ව්‍යාපාති ප්‍රධානී එඩ්වඩ් ස්ටෝන් ඇතුළු එම ව්‍යාපෘතියේ විෂේශඥයන්ගේ අදහසයි.
වොයෙජර් යානය දැන් ස්ථානගත වි ඇත්තේ සූර්යයාට සැතපුම් බිලියන 11ක් ඈතිනි. වොයෙජර් යානය අභ්‍යවකාශ ගත කරන ලද්දේ 1977සැප්තැම්බර් 5 වෙනිදායි. එම යානයේ නිවුන් යානයවන

දිවයිනේ සියලු විනිශ්චයකාරවරුන් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය හමුවක්- ඒකාබද්ධ නිවේදනයක්


අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය හා දිවයිනේ සියලු විනිශ්චයකාරවරුන්ගේ ඒකාබද්ධ හමුවක්  (03) පස්වරුවේ කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේදී පැවැත්විණි. 

ඒ අගවිනිසුරුවරිය විසින් දිවයිනේ සියලු දිසා අධිකරණ විනිශ්චයකාරවරු, මහ අධිකරණ විනිශ්චයකාරවරු සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ට අද දින රැස්වන ලෙසට කර තිබූ ඉල්ලීමකට අනුවය.