Friday, December 7, 2012

ඇමති ජොන්ස්ටන් තම උපන් දිනය මහ ඉහලින් සමරයි, EDCS සේවකයන් ගෙන් තෑගි පිට තෑගි


එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ අභ්‍යන්තර වෙළෙඳ කටයතු සහ සමූපකාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ 48වන උපන් දිනය සැමරීම සඳහා අධ්‍යාපන සේවකයින්ගේ සමුපකාර සංගමයේ සේවකයින් 200ක‍ට අධික පිරිසකගෙන් රුපියල් 1,000 බැගින් එකතු කරගෙන තිබේ.
එසේ එකතු කරගත් මුදල රුපියල් ලක්ෂ දෙකකට (රු.200,000) අධික වන අතර සඳහා අඳගොළුබිහිරි පාසලේ ළමුන්ට මින්
ආහාර වේලක් ලබාදී ඇත.
කෙසේ නමුත් මෙම ආහාරවේල සඳහා රුපියල් පනස් දාහකට (රු. 50,000) වඩා වැය වී නැතැයි තතු දත් ආරංචිමාර්ග අනාවරණය කර සිටී.
මේ සම්බන්ධයෙන් එහි සේවකයින් පවසන්නේ උපන් දිනය යනු ඇමතිවරයාගේ පෞද්ගලික කාරණයක් බැවින් පවුලේ උදවිය සහ හිතවතුන් සමග ඇමතිවරයාගේ පුද්ගලික මුදලින් සැමරිය යුතු දෙයක් වුවත් ඒ සඳහා EDCSසේවකයින්ගෙන් බලහත්කාරයෙන් මුදල් ලබාගෙන එම මුදල්ද වංචා කර ඇති බවයි. ඔවුන් වැඩිදුරටත් පැවසූවේ "අපි ඉපදුනත් හරි අපේ උපන් දිනේ ‍දවස ගතවෙනවා දන්නෙත් නැහැ. අපි ජීවිතේට උපන් දිනයක් සමරලා නැහැ. ඒත් මේ ඇමතිවරයා අපේ සල්ලිවලින් අපිට පේන්න ජයටම උපන් දිනය සමරනවා. ගුරුවරුන්ගෙන් සල්ලි ගන්නවා මදිවට අපේ පඩියෙනුත් සල්ලි ගන්නවා" යනුවෙනි.

No comments:

Post a Comment