Friday, December 7, 2012

චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කිරීමට රජය සහයෝගය දැක්වුව ද එයට කිසිඳු මැදිහත්වීමක් නොදක්වයි මේක පුද්ගලික අංශයේ වැඩක්


කාලයක සිට රටේ තිබුණු අයහපත් තත්ත්වය නිසා සිංහ ලංඡනය සටහන් කළ සරුංගලයක් හෝ ඉහළ නැංවීමට ධෛර්යක් නොලද ඇතැම් දේශපාලනඥයන්, සිංහ ධජය අභ්‍යාවකාශය කරා ගෙන ගිය සිය සුවිශේෂී මෙහෙයුම ගැරහීමට ලක්කිරීම සුප්‍රීම්සැට් සමාගමේ සභාපති ආර්.එම්. මනිවන්නන් මහතා පිළිකුළෙන් හෙළා දකී.
සුප්‍රීම් සැට්-1 ශ්‍රී ලාංකීය සිංහ ධජය රැගත් එකම චන්ද්‍රකාව අභ්‍යාවකාශගත නොවූ බවට විපක්ෂය ගෙන යන ප්‍රචාරය සම්බන්ධයෙන් ඒ මහතා මේ අදහස් පළ කරයි.

එවැනි ප්‍රචාරයක් ගෙන යාම පෞද්ගලික සමාගමක් වන සුප්‍රීම්සැට් සමාගමට පමණක් නොව ශ්‍රී ලංකා ආණ්ඩුව සමඟ දැඩි මිත්‍රත්වයකින් පසුවන චීන සමූහාණ්ඩුවට ද කෙරෙන අපහාසයක් බව ඒ මහතා කියයි.
දේශපාලන වශයෙන් බංකොළොත් වූ ඇතැමුන් චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ ඇති අල්ප දැනුම ප්‍රදර්ශනය කරන බවටත් සිය මෙහෙයුම පිළිබඳව ලදරු ප්‍රකාශ නිකුත් කිරමින් රජයෙන් ප්‍රශ්න කිරීම අසාධාරණ බවත් පෙන්වා දෙයි.
චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කිරීම සම්බන්ධයෙන් මෙරට රජය සහයෝගය දැක්වුව ද එයට කිසිඳු මැදිහත්වීමක් නොදක්වන බව ද හෙතෙම පවසයි.‍ සුප්‍රීම්සැට් ව්‍යාපෘතිය පෞද්ගලික අංශය මඟින් පමණක් මෙහෙය වූ බවද සභාපතිවරයා තරයේ ප්‍රකාශ කරයි.
ජාතියේ සංවර්ධන ක්‍රියාදාමයට උර දෙන පෞද්ගලික අංශය මඟින් මෙහෙයවන ප්‍රධාන ව්‍යාපෘතියකට නිදසුනක් ලෙස සිය සමාගමේ ව්‍යාපෘති හඳුනාගත හැකි බවත් අමෙරිකා ඩොලර් 100ක හෝ ආයෝජනයක් කරගත නොහැකි නම් තමන් අමෙරිකා ‍ඩොලර් 260 ක් ආයෝජනය කරමින් කර්මාන්ත ක්ෂේත්‍රයට එක් නොවන්නේ යැයි ද සභාපතිවරයා වැඩි දුරටත් පවසයි.

No comments:

Post a Comment