Showing posts with label උණුසුම් පුවත්. Show all posts
Showing posts with label උණුසුම් පුවත්. Show all posts

Saturday, February 25, 2017

මාධ්‍යවේදි කීත් නෝයාර්ට පහර දීම පැවති රජයට කිසිදු වගකීමක් නෑ මහින්ද රාජපක්ෂ කියයි

ද නේෂන් සතිපතා ඉංග‍්‍රීසි පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සහ ආරක්ෂක තොරතුරු විශ්ලේෂක කීත් නෝයාර් මහතා 2008 මැයි 22 දින වැඩ අවසන්ව නිවෙසට පැමිණෙමින් තිබියදී පැහැර ගෙන  අයුතු ලෙස සිරකර තබා ගැනීම සහ පහරදීමක් සිදු විය.  බරපතල ලෙස පහර දෙනු ලැබූ කීත් මහතා එදින පාන්දර නැවත ඔහුගේ නිවසට ගෙනවිත් දමා තිබුනි.
පෙරදින 2008 මැයි 21 රාත‍්‍රී 10.30 ට පමණ සිය කාර්යාලයෙන් පිටත් වූ කීත් මහතා සුපුරුදු පරිදි නිවසට පැමිණියේ නැත. විදුලි පහන් දැල්වෙමින් එන්ජිම ක‍්‍රියාත්මක වෙමින් තිබූ ඔහුුගේ වාහනය ගේට්ටුව ඉදිරිපිට නවතා තිබියදී සොයා ගැනුනි. තම නිවස දෙසට වාහනය හරවා, ගේට්ටුව විවෘත කිරීමට වාහනයෙන් බැස්ස අවස්ථාවේදී ඔහුව පැහැරගෙන යන්නට ඇති බව සැක කෙරුණි.
උතුරේ යුද්ධය පිළිබඳව ස්වාධීනව විග‍්‍රහ කරමින් වාර්තාකරණයේ යෙදීම නිසා කීත් නෝයාර් මහතාව පැහැරගෙන යෑමේ එකම හේතුව ලෙස එකල ප්‍රකට විය. ඔහුගේ ලිපි සහ වාර්තා බොහොමයක් යුද්ධය සම්බන්ධයෙන් ආණ්ඩුවේ පිළිවෙත සහ ඉහළ පෙළේ හමුදා නිලධාරීන් පිළිබඳ විවේචනාත්මක ඒවා විය. රාජපක්ෂ සමයේ දිගින් දිගටම එල්ලවු තර්ජන හමුවේ කීත් නෝයාර් මහතාට තම ආරක්ෂාව සම්බන්ධයෙන්  යම් යම් පියවර ගැනීමට පවා සිදු විය.
නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා  තම පැවති රජයට කිසිදු වගකීමක් නැති බව පවසයි.

Thursday, January 2, 2014

දරුවන් හා කාන්තාවන් වෙනුවෙන් සේවය කිරීම සුවිශාල පුණ්‍යකර්මයක් - අමාත්‍ය තිස්ස කරල්ලියද්ද


මේ රටේ අහිංසක දරුවන් හා කාන්තාවන් වෙනුවෙන් සේවය කිරීම රැකියාවකට වඩා සුවිශාල පුණ්‍යකර්මයක් ලෙස සිතිය යුතු බවත්, නිදහස් අධ්‍යාපනයේ නිසි ඵල ලබාගත් සියලුදෙනා ජනතා මුදලින් වැටුප් ලබමින් රටට ජනතාවට නිසි සේවයක් කළයුතු බවත්, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය  තිස්ස කරල්ලියද්ද මහතා පවසයි.


2014  නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම සඳහා රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව කියවීමෙන් අනතුරුව 01 සෙත්සිරිපාය පිහිටි ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයීය ශ්‍රවණාගාරයේ පැවති උත්සව සභාව අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

AK47 නිපදවූ සෝවියට් පුරවැසියා මිය යයි


AK47 යනු   යුදලොව පුරා භාවිතයට ගැනුණු ජනප්‍රිය ස්වයංක්‍රීය රයිපලයයි. එය නිර්මාණය කළේ රුසියානු ජාතික මිහායිල් කලෂ්නිකොව්ය.  පසුගියදා ඔහු මියගිය පුවත රුසියානු මාධ්‍යය විසින් වාර්තාකරනු ලැබීය..
මියයන විට ඔහුගේ වයස අවුරුදු 94කි. ඔහු ඉපදුනේ 1919 රුසියාවේ අල්තායි ප්‍රත්‍යන්ත කඳුකරයේය. ඔහුගේ පවුලේ සහෝදර සහෝදරියන් ගණන 17කි.

11වන ලෝක යුද්දයේදී නාසි ජර්මනිය සමාජවාදී සෝවියට්

Wednesday, December 18, 2013

අලියා මිනිසාට කලින් ශිෂ්ටාචාරගතවුණ සතෙක්

අලියා මිනිසාට කලින් ශිෂ්ටාචාරගතවුණ සතෙක් බව  වනජීවී සම්පත් සංරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත් විජිතමුනි සොයිසා මහතා පවසයි. අලි මිනිස් ගැටුමට මැදිවු වින්දිතයන් සෑම විටම ඇඟිල්ල දිගු කරන්නේ වනජීවී අමාත්‍යංශයට පමණක් බවත්ල එකී උවදුර පාලනය කිරීමට තම අමාත්‍යංශයට පමණක් එය තනිව කිරීමට නොහැකි අතර ඊට රාජ්‍ය පරිපාලනල ආරක්ෂකල වන සංරක්ෂණල පරිසරල අධ්‍යාපන යනාදී අමාත්‍යංශ බොහොමයක උදවු අවශ්‍ය බවත් ඒ මහතා පවසයි.

අගමැතිට අපහාස කලාට මහා සංඝරත්නය කිපෙයි

මත්කුඩු  ජාවාරම්වලට අග්‍රාමාත්‍යතුමා කිසිසේත් සම්බන්ධ නොමැති බව, සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති, මහාචාර්ය පූජ්‍ය කඹුරුගමුවේ වජිර ස්වාමීන්වහන්සේ පවසති.  ''පටු අරමුණු ඔස්සේ අග්‍රාමාත්‍යතුමාට චෝදනා එල්ල කිරීම වැරදියි.  එය අප කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ.  අග්‍රාමාත්‍යතුමා මත්ද්‍රව්‍ය බෙදාහැරීම හා මත්ද්‍රව්‍ය භාවිතය ප්‍රතික්ෂේප කරන රටේ ඉහළම නායකයෙක්.  යම් කිසිවකු අග්‍රාමාත්‍යතුමාගේ චරිතය කැළැල් කිරීමට උත්සාහ කරන්නේ නම් අපි ඊට ඉඩ නොදෙමු.  1945 සිට මා අග්‍රාමාත්‍යතුමාගේ පෞද්ගලික හා දේශපාලනික ජීවිතය දන්නවා. 

Saturday, December 7, 2013

2014 ජනවාරි 01 දින සිට ඔක්ටේන් 92 ඔක්ටේන් 90 මිලටම ජනපති තීරණය කරයි


දැනට අලෙවි කෙරෙන ඔක්ටේන් 90 පෙට්‍රල් වෙනුවට 2014 ජනවාරි පළමුවැනිදා සිට ගුණාත්මක බවින් වැඩි බව කියන ඔක්ටේන් 92 නව පෙට්‍රල් රට පුරා අලෙවි කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. 

ඔක්ටේන් 90 පෙට්‍රල්වලට වඩා ඔක්ටේන් 92 පෙට්‍රල් ගුණාත්මකභාවයෙන් වැඩි නමුත් දැනට ඔක්ටේන් 90 පෙට්‍රල් ලීටරයක් අලෙවි කරන මිලටම ඒවා නිකුත් කරන බව එම සංස්ථාව කියයි. 

Friday, December 6, 2013

මාර්ග සංවර්ධන අධිකාරිය හැරුණුකොට ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේද මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා


මහින්ද චින්තන ඉදිරි දැක්ම සමඟ අතිවිශාල සංවර්ධනයක් සිදුවෙමින් පවතින බවත් කුමන ආකාරයේ විවේචන සිදු කළද වර්තමාන තත්ත්වය පිළිබඳ කොයි කවුරුත් සතුටු වන බවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ මහතා පැවසීය. 
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ (05) අය-වැය 2014 වරාය, මහාමාර්ග හා නාවික, සිවිල් ගුවන් සේවා, ඛනිජතෙල් කර්මාන්ත හා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශවල  වැයශීර්ෂ පිළිබඳ  පැවති විවාදයට එක්වෙමිනි. 
මෑත කාලයේදී රට පුරා මාර්ග සංවර්ධන කටයුතු සිදුවෙයි. එය ජාතික පමණක් නොව පළාත් හා ප්‍රාදේශීය මට්ටමින්ද සිදුවෙයි. එය රට පුරාම එක ආකාරයෙන් ක්‍රියාත්මක වෙයි. 

මගේ දර්ශනය සේවකයෝ ඇගයීමට ලක්වෙනකොට හාම්පුතාලා අත්පුඩි ගහනවා දැකීමයි


‘මහාභිමානී 2013’ ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල සඳහා රජයෙන් වෙනම වැය ශීර්ෂයකින් මුදල් වෙන්වී නැතත් භාණ්ඩාගාරයට කිරි එරෙන තුරු බලා නොයිද වර්තමානයේදී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ  වර්ධනය හේතුවෙන් කිරි එරී ඇති ආයතනයන්ගේ උපකාර ලබාගෙන මේ මහාභිමානී – 2013  ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල ආරම්භ කළ බව  ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ මහාභිමානී – 2013 ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල සඳහා ජයග්‍රාහයකයින් තෝරා ගැනීමේ අවසන් මහා තරඟ

Thursday, December 5, 2013

දළ දේශීය නිෂ්පාදිතයෙන් 5%ක ප‍්‍රමාණයක්වත් සෞඛ්‍ය සඳහා වෙන් කල යුතුයි


නිදහස් සෞඛ්‍ය සේවාවේ තත්වය හා එහි පවතින ගැටළු සම්බන්ධයෙන් සහ 2014 අයවැය ඉදිරිපත් කිරීමත් අයවැයෙන් සෞඛ්‍ය සඳහා වෙන් කර ඇති මුදල් ප‍්‍රමාණවත් නොවන බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප‍්‍රකාශ කර සිටී. ඔවුන් පවසා සිටින්්නේ අඩුම තරමින් දළ දේශය නිෂ්පාදිතයෙන් 5%ක ප‍්‍රමාණයක්වත් සෞඛ්‍ය සඳහා වෙන් කල යුතු බවයි. ඒ සම්බන්ධව මාධ්‍ය දැනුත් කරමින් එම සංගමයේ නිලධාරි මණ්ඩය වන සභාපති වෛද්‍ය එම්.එන්.කේ. අත්තනායක,ප‍්‍රධාන ලේකම්

ආණ්ඩුව උතුරු නැගෙනහිර සිවිල් පාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කළ යුතුයි.


ආණ්ඩුව යුද්ධය අවසන් වෙලා වසර පහක් සම්පූර්ණ වන මොහොතේත් උතුරු නැගෙනහිර ගැටුම් ඇති කරමින් බෙදුම්වාදයට පාර කපමින් සිටින බව සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ අද (04) කොළඹදී පැවැති සහෝදරත්වයේ ජනතා පවුර සංවිධානයේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එම සංවිධානයේ කැඳවුම්කරු සුනිල් හදුන්නෙත්ති මහතා වැඩිදුරටත් කියා සිටියේ ආණ්ඩුව කළ යුත්තේ යුදධයෙන් පීඩාවට පත්වූ ජනතාවගේ ගැටලු සොයා බලා විසදුම් ලබාදීම බවයි. ඔවුන්ගේ සිත් සුවපත් කිරීම ඉන්

Monday, July 8, 2013

2016දී සංචාරකයන් ගණන ලක්ෂ 25ක් ආවත් ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වන ඒජන්තකරුවන් හත් අට දෙනකු පමණයි ආදායම් ගන්නේ


යුද්ධය නිසා සංචාරක ව්‍යාපාරය මඟහැරුණු ප්‍රදේශවල අද වන විට සංචාරක ව්‍යාපාරය සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, මේ අනුව 2016 වන විට රජය අපේක්ෂිත සංචාරකයන් ගණන ලක්ෂ 25ක් පමණ වන බවත් සංචාරක රියදුරු මාර්ග උපදේශක සංගමයේ විධායක සභික, දකුණු පළාත් සභා මන්ත්‍රී එච්.ඒ.ඒ. අජිත් ප්‍රසන්න මහතා පවසයි.

මන්ත්‍රීවරයා‍ මේ බව පැවසුවේ පසුගියදා ජාතික සංචාරක රියදුරු මාර්ග උපදේශක සංගමය මුහුණපා ඇති ගැටලු සම්බන්ධයෙන් ගාල්ලේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙරට දෛනික දුම්රිය ගමන්වාර 325ක් පමණ ක්‍රියාත්මක වුවත් අද එය වාර 10කට සීමා වුනා


වැටුප් විෂමතා විසදා දීම බලධාරීන් විසින් දිගින් දිගටම ප්‍රමාද කිරීමින් අවුරුදු 7ක 8ක සිට ආණ්ඩුව විසින් සිදුකළ දුම්රිය සේවකයින් රැවටීමේ ප්‍රතිපළයක් ලෙස ඊයේ දුම්රිය ශ්‍රේණිගත එකමුතුව (7) මධ්‍යම රාත්‍රියේ සිට ඇරඹි පැය 48ක දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයට සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සමිතියේ උපරිම සහාය ලබාදෙන බව එහි ලේකම් සුමතිපාල මානවඩු මහතා පවසයි.

අන්තරේ කැදවුම්කරු අත්අඩංගුවට ගැනීම පොදු ශිෂ්‍ය මර්ධනයේම දිගුවක්-SSU කියයි


පොදු දේපලක් වූ නිදහස් අධ්‍යාපනය විනාශ කරන ආණ්ඩුවේ ශිෂ්‍ය මර්දනයට එරෙහිව පෙළගැසිය යුතු බවත් ඒ සඳහා සමස්ථ රට වැසියාටම ආරාධනා කර සිටින බවත් සඳහන් කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම් කරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී. එම ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය පහත පළ වේ.

Tuesday, June 25, 2013

මෙරටට ගෙන්වු ප්‍රමිතියෙන් තොර ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ජනපති අනින් ආපසු හරවයි.

ඩුබායි සිට පසුගිය 22 වැනිදා කොළඹ වරායට රැගෙන ආ නෞකාවක තිබු ඩීසල් තොගයක් පරීක්ෂණවලට භාජනය කළ ජනපති මහින්ද රාජපක්ෂ මහතා එම ඩීසල් තොගය ප්‍රමිතියෙන් තොර බවට හඳුනාගෙන ඇත. වහාම ක්‍රියාත්මක වූ අතිගරු මහින්ද රාජපක්ෂ මහතා මෙම තෙල් නැව ආපසු හරවා යැවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වාණිජ කළමනාකරු ඒ.පි.සමරවීර මහතාට දැනුම් දී තිබේ.

Tuesday, June 18, 2013

ජවිපෙන් කල්ලියක් ඉවත්ව යෑම හා මාලන් කුමාරව පාවා දීම සමග ද නේෂන් වාර්ථාව

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉහළ පෙලේ හා පහල පෙලේ කොටස්වල ශක්තිමත් සාමාජිකයන් සිය ගනනින් පක්ෂය හැරයන බවට නේෂන් පුවත් පතට වාර්තා වී තිබේ. පක්ෂය තුල ආරම්භයේ සිට ඇති වූ අභ්‍යන්තර හැලහැප්පීම් මත විශ්වාසය කඩ වීම මෙම පක්ෂය හැරයාමට හේතු වූ බව නේෂන් පවුත් පතට හෙලිදරව් කොට ඇත. එමගින් හෙළිදරව් වී ඇත්තේ සිය ගණනක් පහල සාමාජිකයන් සහ ඉහල කේඩරයේ නිලතල දැරුවෝ විශාල ප්‍රමාණයක් පසුගිය වසර තුල පක්ෂය හැර ගිය බවයි.



ආරම්භයේ සිට පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රකාශ කළේ ඔව්හු පිරිසිදු සමාජවාදයක්

Monday, June 17, 2013

මන්ත‍්‍රී දණ ගැස්වූ ගුරුවරියට ජනපතිගෙන් ඇමතුමක්, මන්ත්‍රීට යස පාඩමක් උගන්වන බව කියයි

සිය දියණියගේ පාසැල් නිල ඇඳුම සම්බන්ධයෙන් අවවාද කලේ යයි කෝප වී වයඹ පළාත් සභාවේ මන්තී‍්‍ර ආනන්ද සරත් කුමාර මහතා විසින් දණ ගැස්වූ  බව කියන නවගත්තේගම නවෝද්‍යා පාසලේ සුසිලා හේරත් ගුරුවරියට අද උදෑසන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් දුරකථන ඇමතුමක් ලබා දී ඇත. රටේ සෑම ගැටලුවකටම සංවේදී අතිගරු ජනපති රාජපක්ෂ මහතා තමන්ගේ වෙහෙසකර කටයුතු මදකට නවතා අසාධාරණයට ලක්වූ මෙම කාන්තාවට දුරකථන ඇමතුමක් දී තමන් යුක්තිය ඉටුකරන

Sunday, June 16, 2013

ඒ ඒ පළාත්වල කුඹුරු වැඩ කරන කාලයට පාසල් නිවාඩු ලබා දීමට කටයුතු කළ හැකි දැයි සොයා බැලීමට මහාචාර්ය නලීන් සිල්වා ඉදිරිපත් වේ

මෙරටට මිහිඳු මහ රහතන්වහන්සේ හඳුන්වා දුන්නේ තුන්වැනි සංගායනාවේ බුදුදහම ය. අවශ්‍ය නම් එයට අශෝක බුදුදහම යෑයි කිව හැකි ය. කෙසේ වෙතත් අද අප ථෙරවාද බුදුදහම යෑයි කියන්නේ මේ තුන්වැනි සංගායනාවේ බුදුදහම ය. ථෙරවාදය යනු හීනයානය යෑයි හැඳින්වෙන බුදුදහමට අයත් එක්‌ පද්ධතියකි. තුන්වැනි සංගායනාවේ බුදුදහම මෙරටට හඳුන්වා දෙනු ලැබීමට පෙර ද මෙරට බුදුදහමක්‌ විය. එය බුදුන් වහන්සේ ම යක්‍ෂ හා එකල ලංකාවේ විසූ අනෙක්‌ ගෝත්‍රිකයන්ට දේශනා කර ඇත. එම බුදුදහම තුන්වැනි සංගායනාවට පෙර තිබූ බුදුදහමකි. 

නූතන මැක්කන් බල්ලා මැරුණ දාට තමන් මැරෙන බව දනී

විමල් වීරවංශ  අමාත්‍යවරයා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන හැකියාව සම්බන්ධයෙන් වෙනදාට වඩා වැඩි වැඩියෙන් දැනුවත් කිරීම් තම අදහස් තුලදී ප්‍රකාශ කරයි. දක්ෂතා හැකියාව මත උසස් අධ්‍යාපනය ලබාදෙන්න කටයුතු කරන්න අතිගරු ජනාධිපතිතුමාගේ මඟපෙන්වීම යටතේ තාක්ෂණික විෂයක් උසස් පෙළට එක්වූ බව විමල් වීරවංශ මහතා කොළඹ දිස්ත්‍රික්කයේ මාළගාවත්ත, මහල් නිවාස සංකීර්ණයේ පිහිටි ප්‍රදීපා ශාලාවේදී පැවති උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් පැමිණ දැඩි ආඩම්බරයකින් ප්‍රකාශ කරන ලදි.

Saturday, June 15, 2013

දහතුන්වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සමග ජවිපෙන් දේශපාලන පැකේජයක්‌


දහතුන්වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සමග දේශපාලන පැකේජයක්‌ රටට හඳුන්වාදීමට ජනතා විමුක්‌ති පෙරමුණ තීරණය කර ඇතැයි වාර්තා වේ.
දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කර ඊට සමගාමීව දෙමළ ජනතාව මුහුණදී ඇති ගැටලුවලට ක්‍ෂණික විසඳුම් සහ දිගුකාලීන විසඳුම් හඳුනා ගන්නා දේශපාලන පැකේජයක්‌ ක්‍රියාත්මක කළ යුතු බව ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩල සභික අනුර කුමාර දිසානායක මහතා කියා සිටී.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ධීවර සංවිධායක පක්ෂය හැර යයි


ධීවර සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ප‍්‍රසන්න අබේවික‍්‍රම මහතා පෙරටුගාමී සමාජවාදී පක්ෂය හැරගිය බව වාර්ථා වේ. ප්‍රතිසංස්කරණ සදහා අරගල පිළිබද දැඩි අප්‍රසාදයක් දැක්වූ ප්‍රසන්න අබේවික්‍රම මහතා භාවිතයේදී සමාජ ප්‍රතිසංස්කරණ අරගල ගනනාවකට දායක විය. 2012 දී සිදුවූ ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ කරලියට පැමිනි ධීවර උද්ඝෝෂණ හමුවේ ධීවර සංවිධාන එකමුතුව ගොඩනැගීමට ප්‍රසන්න අබේවික්‍රම මහතාට පෙරටුගාමී සමාජවාදී පක්ෂය භාරදෙන ලදි. ධනපති ආණ්ඩුවලින් ප්‍රතිසංස්කරණ ඉල්ලීම දේශපාලන අනුවන කමක්යැයිද නව