Friday, December 6, 2013

මාර්ග සංවර්ධන අධිකාරිය හැරුණුකොට ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේද මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා


මහින්ද චින්තන ඉදිරි දැක්ම සමඟ අතිවිශාල සංවර්ධනයක් සිදුවෙමින් පවතින බවත් කුමන ආකාරයේ විවේචන සිදු කළද වර්තමාන තත්ත්වය පිළිබඳ කොයි කවුරුත් සතුටු වන බවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ මහතා පැවසීය. 
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ (05) අය-වැය 2014 වරාය, මහාමාර්ග හා නාවික, සිවිල් ගුවන් සේවා, ඛනිජතෙල් කර්මාන්ත හා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශවල  වැයශීර්ෂ පිළිබඳ  පැවති විවාදයට එක්වෙමිනි. 
මෑත කාලයේදී රට පුරා මාර්ග සංවර්ධන කටයුතු සිදුවෙයි. එය ජාතික පමණක් නොව පළාත් හා ප්‍රාදේශීය මට්ටමින්ද සිදුවෙයි. එය රට පුරාම එක ආකාරයෙන් ක්‍රියාත්මක වෙයි. 

ශ්‍රී ලංකාව පමණක් නොව අනෙක් රටවල්ද තම සංවර්ධන කටයුතු කිරීම සඳහා විදේශ ණය ලබා ගනී.  ණය ගෙවීමේ හැකියාව පවතින නිසා ඒ රටවල් ණය ලබා දෙන්නේ යැයිද පෙන්වාදුන් අමාත්‍යවරයා, මාර්ග සංවර්ධන අධිකාරිය හැරුණුකොට ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේද මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment