Saturday, December 7, 2013

2014 ජනවාරි 01 දින සිට ඔක්ටේන් 92 ඔක්ටේන් 90 මිලටම ජනපති තීරණය කරයි


දැනට අලෙවි කෙරෙන ඔක්ටේන් 90 පෙට්‍රල් වෙනුවට 2014 ජනවාරි පළමුවැනිදා සිට ගුණාත්මක බවින් වැඩි බව කියන ඔක්ටේන් 92 නව පෙට්‍රල් රට පුරා අලෙවි කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. 

ඔක්ටේන් 90 පෙට්‍රල්වලට වඩා ඔක්ටේන් 92 පෙට්‍රල් ගුණාත්මකභාවයෙන් වැඩි නමුත් දැනට ඔක්ටේන් 90 පෙට්‍රල් ලීටරයක් අලෙවි කරන මිලටම ඒවා නිකුත් කරන බව එම සංස්ථාව කියයි. 


මෙම ඔක්ටේන් 92 පෙට්‍රල් පරිසරයට හිතකර මෙන්ම රථ වාහන එන්ජින්වලට ද හිතකර බව පර්යේෂණවල දී තහවුරු වී ඇති බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන්කරයි.  කෙසේ වෙතත් ඔක්ටේන් 95 වෙනුවට ඔක්ටේන් 98 වර්ගයේ පෙට‍්‍රල් ශී‍්‍ර ලංකාවට ආනයනය කිරීමට තීරණය කර ඇතැයි පළ වූ වාර්තා සත්‍යයෙන් තොර බවත් ඔක්ටේන් 98 වර්ගයේ පෙට‍්‍රල් අමෙරිකාවේ වත් තවමත් භාවිත නොකරන බව ද ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ප‍්‍රකාශකයෙක් සදහන් කොට තිබුණා. 

No comments:

Post a Comment