Tuesday, April 30, 2013

වරුණ රාජපක්ෂ චමීර කොස්වත්ත ගැටුමෙන් වරුණ කට්ටිවාදී දේශපාලනයෙන් ඉවතට


ජවිපෙ කට්ටිවාදී ප්‍රවනතාවය උපතේ සිටම උරුම කොට ගත් භේද හින්න වීම් ප්‍රකාශ කරයි. කට්ටිවාදී දේශපාලනයේ නවතම ගොදුර වරුණ රාජපක්ෂ මහතායි. වරුණ රාජපක්ෂ මහතාගේ දේශපාලන නිහඩතාවයට හේතුව චමීර කොස්වත්ත මහතා සමග ගොඩනගාගත් මතවාදී ගැටුමයි. මතවාදී අරගල Facebook හරහා කිරීමේ උපන් හපන්කමක් තිබූ වරුණ රාජපක්ෂ මහතා මේ වන විට තම මතවාදී වියවුල අන්තර්ජාලයට මුදාහැර ඇත. පෙරටුගාමී සමාජවාදී පක්ෂය අප්‍රේල්  මාසය සැමරීමේ අවස්ථාවට වරුණ රාජපක්ෂ මහතා සම්බන්ධ
නොවීය. මේ නිසා  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කථිකයෙක් නොවුන ඉන්දික මහතාට පවා අප්‍රේල් සමරු දේශණ පැවැත්වීමට සිදු විය. චමීර කොස්වත්ත පුංචිදේටත් අදින නිසාත් එවැනි දේමත පිහිටා දේශපාලනයේ නිරතවන නිසාත් තමන්ට දේශපාලනය අප්‍රිය වී ඇති බව ප්‍රකාශ කරයි.
ජවිපෙ අභ්‍යන්තර තොරතුරු Facebook හරහා ප්‍රචාරය කල වරුණ රාජපක්ෂ මෙවරද කට්ටිවාදී දේශපාලනයේ මතවාදී හා සංවිධාන දුබලකම් පුවත් වෙබ් අඩවි කිහිපයකටම සපයා ඇත සමහර වෙබ් අඩවි මෙම ප්‍රවෘත්තිය කට්ටිවාදී දේශපාලනයේ ව්‍යුහාත්මක අවුලක් ලෙස ගැටලුවක් ලෙස දකියි. . වරුණ විසින් තොරතුරු සැපයූ තවත් පුවත් වෙබ් අඩවියක් පවසන්නේ  චමීර කොස්වත්ත වැනි මෝඩ චණ්ඩින් පක්ෂයක නායකයින් වී ඉන්නා තාක් කල් යථාර්ථය මෙතරම් විගඩම් සහගත වීම ගැන පක්ෂයේ සහෝදර සහෝදරියන් පුදුම විය යුතු නැත. චමීර කොස්වත්ත පක්ෂය විනාශ කරන වේගය ගැන රාජ්‍ය ඔත්තු සේවය (SIS) පවා කලබල වී ඇත. මන්ද යත් තතු අඛණ්ඩව මෙසේ ඉදිරියට ගිය හොත් පක්ෂය විනිවිද ඇති ඔත්තු සේවා නිළධාරීන් සියළු දෙනාගේ රැකියා අහිමි වන බැවිනි. යනුවෙනි.
මෙවර මැයි දිනය සම්බන්ධයෙන්ද වරුණ රාජපක්ෂ මහතා අදහසක් පලකල අතර මැයි දිනය වෙනුවෙන් පළකල පත්‍රිකාවක මැයි දිනය මග හරින්න එපා ඒකට සහභාගී වන්න කියා ලිවීමෙන් විප්ලවය සිදුවන්නේ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිතන්නට තරම් මෝඩ වීම පිළිබද තමන් කනගාටුවන බවද ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment