Tuesday, June 25, 2013

මෙරටට ගෙන්වු ප්‍රමිතියෙන් තොර ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ජනපති අනින් ආපසු හරවයි.

ඩුබායි සිට පසුගිය 22 වැනිදා කොළඹ වරායට රැගෙන ආ නෞකාවක තිබු ඩීසල් තොගයක් පරීක්ෂණවලට භාජනය කළ ජනපති මහින්ද රාජපක්ෂ මහතා එම ඩීසල් තොගය ප්‍රමිතියෙන් තොර බවට හඳුනාගෙන ඇත. වහාම ක්‍රියාත්මක වූ අතිගරු මහින්ද රාජපක්ෂ මහතා මෙම තෙල් නැව ආපසු හරවා යැවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වාණිජ කළමනාකරු ඒ.පි.සමරවීර මහතාට දැනුම් දී තිබේ.

Tuesday, June 18, 2013

ජවිපෙන් කල්ලියක් ඉවත්ව යෑම හා මාලන් කුමාරව පාවා දීම සමග ද නේෂන් වාර්ථාව

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉහළ පෙලේ හා පහල පෙලේ කොටස්වල ශක්තිමත් සාමාජිකයන් සිය ගනනින් පක්ෂය හැරයන බවට නේෂන් පුවත් පතට වාර්තා වී තිබේ. පක්ෂය තුල ආරම්භයේ සිට ඇති වූ අභ්‍යන්තර හැලහැප්පීම් මත විශ්වාසය කඩ වීම මෙම පක්ෂය හැරයාමට හේතු වූ බව නේෂන් පවුත් පතට හෙලිදරව් කොට ඇත. එමගින් හෙළිදරව් වී ඇත්තේ සිය ගණනක් පහල සාමාජිකයන් සහ ඉහල කේඩරයේ නිලතල දැරුවෝ විශාල ප්‍රමාණයක් පසුගිය වසර තුල පක්ෂය හැර ගිය බවයි.



ආරම්භයේ සිට පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රකාශ කළේ ඔව්හු පිරිසිදු සමාජවාදයක්

Monday, June 17, 2013

මන්ත‍්‍රී දණ ගැස්වූ ගුරුවරියට ජනපතිගෙන් ඇමතුමක්, මන්ත්‍රීට යස පාඩමක් උගන්වන බව කියයි

සිය දියණියගේ පාසැල් නිල ඇඳුම සම්බන්ධයෙන් අවවාද කලේ යයි කෝප වී වයඹ පළාත් සභාවේ මන්තී‍්‍ර ආනන්ද සරත් කුමාර මහතා විසින් දණ ගැස්වූ  බව කියන නවගත්තේගම නවෝද්‍යා පාසලේ සුසිලා හේරත් ගුරුවරියට අද උදෑසන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් දුරකථන ඇමතුමක් ලබා දී ඇත. රටේ සෑම ගැටලුවකටම සංවේදී අතිගරු ජනපති රාජපක්ෂ මහතා තමන්ගේ වෙහෙසකර කටයුතු මදකට නවතා අසාධාරණයට ලක්වූ මෙම කාන්තාවට දුරකථන ඇමතුමක් දී තමන් යුක්තිය ඉටුකරන

Sunday, June 16, 2013

ඒ ඒ පළාත්වල කුඹුරු වැඩ කරන කාලයට පාසල් නිවාඩු ලබා දීමට කටයුතු කළ හැකි දැයි සොයා බැලීමට මහාචාර්ය නලීන් සිල්වා ඉදිරිපත් වේ

මෙරටට මිහිඳු මහ රහතන්වහන්සේ හඳුන්වා දුන්නේ තුන්වැනි සංගායනාවේ බුදුදහම ය. අවශ්‍ය නම් එයට අශෝක බුදුදහම යෑයි කිව හැකි ය. කෙසේ වෙතත් අද අප ථෙරවාද බුදුදහම යෑයි කියන්නේ මේ තුන්වැනි සංගායනාවේ බුදුදහම ය. ථෙරවාදය යනු හීනයානය යෑයි හැඳින්වෙන බුදුදහමට අයත් එක්‌ පද්ධතියකි. තුන්වැනි සංගායනාවේ බුදුදහම මෙරටට හඳුන්වා දෙනු ලැබීමට පෙර ද මෙරට බුදුදහමක්‌ විය. එය බුදුන් වහන්සේ ම යක්‍ෂ හා එකල ලංකාවේ විසූ අනෙක්‌ ගෝත්‍රිකයන්ට දේශනා කර ඇත. එම බුදුදහම තුන්වැනි සංගායනාවට පෙර තිබූ බුදුදහමකි. 

නූතන මැක්කන් බල්ලා මැරුණ දාට තමන් මැරෙන බව දනී

විමල් වීරවංශ  අමාත්‍යවරයා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන හැකියාව සම්බන්ධයෙන් වෙනදාට වඩා වැඩි වැඩියෙන් දැනුවත් කිරීම් තම අදහස් තුලදී ප්‍රකාශ කරයි. දක්ෂතා හැකියාව මත උසස් අධ්‍යාපනය ලබාදෙන්න කටයුතු කරන්න අතිගරු ජනාධිපතිතුමාගේ මඟපෙන්වීම යටතේ තාක්ෂණික විෂයක් උසස් පෙළට එක්වූ බව විමල් වීරවංශ මහතා කොළඹ දිස්ත්‍රික්කයේ මාළගාවත්ත, මහල් නිවාස සංකීර්ණයේ පිහිටි ප්‍රදීපා ශාලාවේදී පැවති උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් පැමිණ දැඩි ආඩම්බරයකින් ප්‍රකාශ කරන ලදි.

Saturday, June 15, 2013

දහතුන්වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සමග ජවිපෙන් දේශපාලන පැකේජයක්‌


දහතුන්වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සමග දේශපාලන පැකේජයක්‌ රටට හඳුන්වාදීමට ජනතා විමුක්‌ති පෙරමුණ තීරණය කර ඇතැයි වාර්තා වේ.
දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කර ඊට සමගාමීව දෙමළ ජනතාව මුහුණදී ඇති ගැටලුවලට ක්‍ෂණික විසඳුම් සහ දිගුකාලීන විසඳුම් හඳුනා ගන්නා දේශපාලන පැකේජයක්‌ ක්‍රියාත්මක කළ යුතු බව ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩල සභික අනුර කුමාර දිසානායක මහතා කියා සිටී.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ධීවර සංවිධායක පක්ෂය හැර යයි


ධීවර සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ප‍්‍රසන්න අබේවික‍්‍රම මහතා පෙරටුගාමී සමාජවාදී පක්ෂය හැරගිය බව වාර්ථා වේ. ප්‍රතිසංස්කරණ සදහා අරගල පිළිබද දැඩි අප්‍රසාදයක් දැක්වූ ප්‍රසන්න අබේවික්‍රම මහතා භාවිතයේදී සමාජ ප්‍රතිසංස්කරණ අරගල ගනනාවකට දායක විය. 2012 දී සිදුවූ ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ කරලියට පැමිනි ධීවර උද්ඝෝෂණ හමුවේ ධීවර සංවිධාන එකමුතුව ගොඩනැගීමට ප්‍රසන්න අබේවික්‍රම මහතාට පෙරටුගාමී සමාජවාදී පක්ෂය භාරදෙන ලදි. ධනපති ආණ්ඩුවලින් ප්‍රතිසංස්කරණ ඉල්ලීම දේශපාලන අනුවන කමක්යැයිද නව

කොන්දොස්තරවරුන් සිදුකරන වංචාකාරී ක්‍රියාවලින් මිදීමට ලංගම බස් රථ සඳහා ද ඉලෙක්ට්‍රොනික් කාඩ් ක්‍රමයක්


ලංගම බස් රථ සඳහා ද නුදුරේදීම ඉලෙක්ට්‍රොනික් කාඩ් ක්‍රමයක් හඳුන්වා දෙන බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසයි. 

මෙම ක්‍රමය මගීන්ට විශාල පහසුවක් වනු ඇති බව අමාත්‍යවරයා පෙන්වාදෙයි. 

ගමනාන්තයට අදාළ ගාස්තුව පමණක් කාඩ්පත මගින් ගෙවීමට හැකිවීම හේතුවෙන් ඇතැම් කොන්දොස්තරවරුන් සිදුකරන වංචාකාරී ක්‍රියාවලින් මිදීමට මගින්ට හැකි වන බව අමාත්‍යවරයා පවසයි. 

පාසැල් නිල ඇඳුම කොටට නොඅඳින ලෙස අවවාද කල ගුරුවරිය දණ ගස්වයි


සිය දියණියට පාසැලේදී පාසැල් නිල ඇඳුම කොටට නොඅඳින ලෙස අවවාද කිරීමට විරුද්ධව වයඹ පළාත් සභා මන්ත‍්‍රී  ආනන්ද සරත් කුමාර මහතා විසින් නවගත්තේගම නවෝද්‍යා පාසලේ ගුරුවරියක පාසලේදී දණ ගස්වා දඬුවම් කර ඇතැයි වාර්තා වෙයි.
මෙම සිදුවීම සිදුව ඊයේ දිනයේදී සිදුව ඇති අතර පස්වරුවේ පාසලට ගොස් ඇති මන්ත්‍රීවරයා අදාළ ගුරුවරිය පාසල තුළම දණ ගස්වා දඬුවම් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ගුරුවරිය නවගත්තේගම පොලීසියට කර ඇති පැමිණිල්ලක් මත මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතා නවගත්තේගම

Thursday, June 13, 2013

දුමින්ද නාගමුව මහතා කලුතරදී තම පක්ෂයේම සාමාජිකයන් විසින් එලවා දමයි


පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩලය හා මධ්‍යම කමිටුව  විසුරුවා හැර ජාතික මෙහෙයුම් මණ්ඩලයකට එහි වගකීම භාරදීමෙන් අනතුරුව ගනු ලැබූ තීන්දු තීරණ දිස්ත්‍රික් මට්ටමින් දැනුවත් කිරීම ආරම්භ විය. ඒත් සමගම 2013.06.09 දින කලුතර දිස්ත්‍රක්කයේ සාකච්ජා 2ක් සංවිධානය කෙරුණා. ඉන් පලමු හමුව බංඩාරගමදී පැවැත්වුන අතර එයට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජාතික මෙහෙයුම් මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා සම්බන්ධ විය. මෙම සාකච්ජාවට 15ක පිරිසක් සම්බන්ධ විය. එහිදී දුමින්ද නාගමුව මහතා තම දේශපාලන මණ්ඩල සාමාජිකයන් දෙදෙනකු වැඩ නැවැත්වීම සම්බන්ධයෙන් කරුණු හෙලි කරන ලදි.

විශ්වවිද්‍යාල සිසුන් ඉදිරිපිට සංවාදයකට හැකිනම් එස්.බීට එන්නැයි ජවිපෙන් අභියෝගයක්


අධ්‍යාපනය පිළිබඳ විශ්වවිද්‍යාල සිසුන් ඉදිරිපිට විවෘත සංවාදයකට එන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකපාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක මහතාට අභියෝග කර සිටී.
ඔහු මෙම අභියෝගය සිදුකරනු ලැබුවේ අද (13) පෙරවරුවේ බත්තරමුල්ලපැලවත්ත පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති විශේෂ මාධය හමුවකදීය.
එහිදී පළකල සම්පූර්ණ අදහස් පහත පළ වේ.

Sunday, June 9, 2013

සේවකයින්ට නැවත පහරදීමක් වුනොත් විදුලි බිල් නිකුත් කිරීම නවත්වනවා


විදුලි සේවකයින් හට නැවත පහරදීමක් සිදු වුවහොත් විදුලි බිල් නිකුත් කිරීම නතර කරන බවටත් විදුලි බිල් නොගෙවීම නිසා විදුලිය විසන්ධි කිරීමට යාම නතර කරන බවටත් රංජන් ජයලාල් සහෝදරයා පවසයි. විදුලි ගාස්තුව ඉහළ යැම හේතුවෙන් පාරිභෝගිකයකු විසින් විදුලි සේවකයකු හට පහර දීම සම්බන්ධව කරුණු පැහැදිලි කරමින් අද දින කොළඹ නිපොන් හෝටලයේදී ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය මගින් පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය. රංජන් ජයලාල් සහෝදරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්
විදුලි බල මණ්ඩලය විකිණීමට හදපු අවස්ථාවකම අපි සේවකයො විදියට එකතුවෙලා මේක

එස්. බී. දිසානායක ඇමතිවරයාගේ සට්ටැඹියා


ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා එස්. බී. දිසානායක ඇමතිවරයාගේ සට්ටැඹියෙකු බවත් ඇමතිවරයා සතුටුකරීමට ඔහු සිසු ජීවිත විනාශකරන බවත් සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ...
"ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨයේ උපාධි රුපියල් ලක්ෂ 75 බැගින් විකිනීම ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා දැනටමත් සිසුන් 13ක් මුදලට බඳවාගෙන තිබෙනවා. තවත් සිසුන් 29ක් මේ වසරේ බඳවා ගැනීමට නියමිත බව එහි පීඨාධිපතිවරයා කියා තිබුනා. ලංකාවේ පෞද්ගලික වෛද්‍යවිද්‍යාලයක් ආරම්භකර තිබුනාට රජයේ වෛද්‍යපීඨයක උපාධි විකුණන පළමු අවස්ථාව මෙයයි.

ස්වයං තීරණ අයිතිය පිළිබඳ සැලකීමේදී, ‍එය පංති පදනම මත අවබෝධ කරගත යුතුයි


මැයි 31 ජූනි 2 අතර බෙල්ජි‍යමේ පැවති ජාත්‍යන්තර කොමියුනිස්ට් සම්මන්ත්‍රණ‍යේදී ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ මහතා විසින් ඉදිරිපත් කළ පහත කරුණු එහි අවසන් යෝජනා සකස් කිරීමේදී අවධානයට ගනු ලැබීය.
ස්වයං තීරණ අයිතිය පිළිබඳ සැලකීමේදී ‍එය පංති පදනම මත අවබෝධ කරගත යුතු අතර එසේ නැතහොත් අධිරාජ්‍යවාධයේ උදවු ලබන බෙදුම්වාදී සංවිධාන එය තම වුවමනා අනුව පාවිච්චිය‍ට ගනු ලබන බව ජවිපෙ අවධාරණය කරයි.

Friday, June 7, 2013

චමීර කොස්වත්ත ගම්පහින් පන්නයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩලය හා මධ්‍යම කමිටුව  විසුරුවා හැර මෙහෙයුම් මණ්ඩලයකට එහි වගකීම භාරගත් බව අප වෙඩ් අඩවිය මීට කලින් සදහන් කලා. ඉන් අනතුරුව ජුනි 02 පැවති ජාතික  මෙහෙයුම් මණ්ඩල කමිටුව ගාලගෝට්ටියකින් අතර මැද නවතා දැමුවද එහිදී මුලින්ම යොදා ගත් තීන්දු 2ක් ක්‍රියාත්මක කිරීමට මෙහෙයුම් මණ්ඩල සාමාජිකයන් ක්‍රියාත්මක වුනා. ඉන් ප්‍රධාන තීන්දුවක් වුනේ තම පක්ෂ අභ්‍යන්තර සමුලුව හරහා ගනු ලැබූ තීන්දු තීරණ දිස්ත්‍රික් මට්ටමින් දැනුවත් කිරීමයි. ඒ සදහා 2013.06.05 දින උදේ ගම්පහ දිස්ත්‍රික් ක්‍රියාකාරී දැනුවත් කිරීමක් යක්කකල දිස්ත්‍රික් කාර්යාලයේදී පැවැත්විය.

Wednesday, June 5, 2013

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ප්‍රංශයේ ජීවත් වෙනවා කවුරුත් දන්නවා


මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා ප්‍රංශයේ ජීවත් වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පුත්තලම දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි. 

ජනමාධ්‍ය අමාත්‍යංශයේ පුවත්පත් කිහිපයකට අදාළ නියෝග සම්බන්ධයෙන් පැවැති විවාදයේදී මන්ත්‍රීවරයා (05) පාර්ලිමේන්තුවේදී පැවසීය. 

ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සිය

රාජපක්‍ෂ පාළනය පවත්වාගෙන යන්නේ දේශපාලන තග් සංස්තාවක්


ආණ්ඩුව අධ්‍යාපනය බාරදී තිබෙන්නේ පෞද්ගලීකරණය හිසේ තබාගත් ගහලයෙකුට යැයි ජනතා විමුක්ති පෙරමුනේ මධ්‍යමකාරක සභිකසමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා පවසයි. බත්තරමුල්ලපැලවත්ත පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ 02 පැවති විශේෂ ජනමාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවසූ අතර එම මාධ්‍ය හමුව සඳහා සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතාද සහභාගීවී සිටියහ.

Tuesday, June 4, 2013

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දෙවනවරට ඇති වූ සටනේ ආරම්භයත් ගැටුම් මැද කෙලවර විය


පසුගිය මැයි 29 වන දින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දෙශපාලන මණ්ඩලය හා මධ්‍යම කමිටුව විසුරුවා හැර ජාතික මෙහෙයුම් කමිටුවක් සාදන ලදි. එම ජාතික මෙහෙයුම් කමිටුව පක්ෂ ලෙකම් සේනාධිර ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් 2013 ජුනි 02වන දින ගම්පහදී රැස්විය. එහිදී න්‍යාය පත්‍රය තුල පක්ෂයේ ඉදිරි කටයුතු සාකච්ජා කිරීමට යොදාගෙන තිබුණත් එම මෙහෙයුම් කමිටුවේ සාමාජිකයන් කිහිපදෙනෙක් මතුකල ගැටලු නිසා එදින මෙහෙයුම් කමිටු සාකච්ජාව කාලගෝට්ටියක් මැද අවසන් වී ඇත.  කමිටු සාමාජිකයන් එම රැස්වීමේදී පහත සදහන් ගැටලු මතු කොට ඇත.

නිමල් සිරිපාල මහතාට ජනපති සුභපැතුම්! උත්සවයට ඉදිකල තොරණ කඩා වැටේ


වත්මන් වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ දේශපාලන දිවියට 30 වසරක් පිරීම නිමිත්තෙන් ඒ මහතාට උපහාර පිදීමේ උත්සවය බදුල්ලේ විල්ස් ක්‍රීඩාංගණයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී ඇමතිවරයා ස්වාමීන් වහන්සේලා 500නමකට දානයක් දී තිබේ. දානය අවසන්වී පිරිත් සජ්ජායානා කරමින් සිටියදී එම තොරණ කඩාවැටී ඇත.
බදුල්ල ඔරලෝසුව කනුවත් තානායමත් අසල මෙම තොරන ඉදිකර

පොදු රාජ්‍ය මණ්ඩල සම්මේලනයට එන අය අපෙන්ම කාලා, අපේම ඔලුව අතගාලා අපිට හොද ටොක්කක් ඇනලා යන්නේ

"අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරය විදිහට ගමක් ගමක් ගානේනගරයක් නගරයක් ගානේ ගිහින් අද සම්මන්ත‍්‍රණසාකච්ජා තියලා ජනතාව දැනුවත් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ මව්බිමේ සුජාත දරුවන් හැටියට මාතෘ භුමියේ චිර පැවැත්ම අප ගත කරන යුගයට වඩාඅනාගත පරපුරට උරුම කරලා දෙන්න  ඕනා නිසා. ඒ වගේම ලෝකයේ කවර ජාතියක් ඉදිරියේ වුව ලබා ගත හැකි අනගිභවනීය දියුණුම ජයග‍්‍රහණය අත්පත් කරලා දෙන්න ඕනා කියන විශ්වාසය ඇතිව" යයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ

Sunday, June 2, 2013

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසුරුවයි


ශ්‍රී ලංකාවේ පැරණි වමේ මූලයන් සහිතව ජනතා විමුක්ති පෙරමුණ තුලින් බිහිවූ පෙරටුගාමී සමාජවාදී පක්ෂය 2013 මැයි 29දින පැවැත්වූ විශේෂ අභ්‍යන්තර හමුවකදී පක්ෂය විසුරුවා හැරීමට තීරණය කොට තිබේ. පැරණි දෙය බොහෝවිට නව දෙයක් වශයෙන් පෙනීසිටීමට තැත්කරමින් එහෙත් අලුත් යැයි ප්‍රකාශ කරමින් ජවිපෙ තුලින් කරලියට පැමිණි මෙම ප්‍රතිගාමී මතවාදය අලුත් වහරේ කඩතුරාවෙන් ආවරණය වී පැරණි වමේ කියමන් පුනරුච්චාරණයත් සමග තමන්ට උරුම විනාශය කරා වේගයෙන් ගමන් කළේය. පෙරටුගාමී සමාජවාදී

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් 13ඉවත්වෙන්න බෑ


දහතුන්වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කළයුතු බවට හෙළ උරුමය විසින් ගෙන එන යෝජනාවට මේ වනවිටත් ආණ්ඩු පක්ෂයේ  ප‍්‍රබලයන් තිස් එක් දෙනකුට ආසන්න පිරිසක් තරයේ විරුද්ධතාව පළකර ඇති බව අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ දහතුන්වන සංශෝධනය ගෙන ආ අවස්ථාවේ තමා ඊට පක්ෂව ඡන්දය ලබා දුන් අයකු බවත් දහතුන්වන සංශෝධනය ඉවත් කිරීම සඳහා ගෙන ඒමට නියමිත යෝජනාවට තමන් එකහෙළාම විරුද්ධ බවත්ය.

මාතලේ සමූහ ඝාතන පිළිබඳ ජාත්‍යන්තර පොලිස් පරීක්ෂණයක්. ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේත් සහාය.


මාතලේ සමූහ මිනිස් ඝාතන මිනීවළ සම්බන්ධයෙන් මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වන නඩුව 31දින නැවත විභාගයට ගැණිනි. එහිදී ජාත්‍යන්තර පොලිස් පරීක්ෂණක් ඉල්ලා ඇති අතර එම පරීක්ෂණයෙන් අනතුරුව ඞී.එන්.ඒ. පරීක්ෂණ කටයුතු ආරම්භ කරන බව අධිකරණය දැනුම් දුන්හ.
මෙම නඩුව මහජන උපයෝගිතා නඩුවක් බැවින් මේ සඳහා සහභාගී වීමට තවත් අගතියට පත් පාර්ශව ඇත්නම් ඔවුන්ගේ

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ යලි දෙකඩ වීමට හේතුව වී කුරුල්ලෙක්


පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රභලයෙක් වූ නුවන් ජයවීර මහතාගේ  බිරිදට මහා බ්‍රිතාන්‍යෙය් ශිෂ්‍යත්වයක් ලැබුණ අතර  ශ්‍රී ලංකාවේ විප්ලවය මාස 06න් කරනවායැයි පම්පොරිගැසූ නුවන් ජයවීර මහතාට රට යෑමට අවශ්‍ය වුනා. පසුව චමීර, ලසිත්, ඕපාත යන මහත්වරුන් සමග කල සාකච්ජාවේදී බිරිද සමග රට ගොස් පක්ෂයේ යුරෝපයේ සංවිධායක ලෙස කටයුතු කිරීමට එකග වුනා. නමුත් ශීෂ‍්‍යත්වයට බිරිදට පමණක් මුදල් ලැබූණු අතර  එමනිසා එංගන්තයේ වැඩකිරීමේ

Saturday, June 1, 2013

යුරෝපයේ පටි තද කරගැනීමේ යෝජනාවට විරෝධය, සේවා වියුක්තිය 12.2%කින් ඉහලට


'යුරෝ' මුදල ව්‍යවහාර කරන රටවල් දාහතක රැකියා ප්‍රශ්නය තවත් උග්‍ර අතට හැරී ඇති බව ප්‍රකාශයට පත්කොට ඇත.
ප්‍රශ්නයට මුහුණ දී සිටින රටවල් දාහත පදනම් කර ගනිමින් අප්‍රියෙල් මාසය සඳහා ප්‍රකාශයට පත්කරනු ලැබ ඇති අළුත්ම සංඛ්‍යා ලේඛනවලට අනුව, එම රටවල සේවා වියුක්ති අනුපාතය 12.2% තෙක් ඉහල නැග ඇති බවක් ඇස්තමේන්තු කොට තිබේ.
එය පසුගිය මාර්තු මාසයට සාපේක්ෂව බලන විට 0.1කින් වැඩිවීමකි.
රටවල් ගණනාවක තරුණ සේවා වියුක්තිය කීප ගුණයකින් ඉහළ

ධනවාදී පවුලේ ශුද්ධ භාවය අහෝසි කල ප්‍රංශයේ පලමු සම ලිංගික විවාහය මහ ඉහලින්


ධනවාදය සංවර්ධිත සමාජයක් ලෙස කරලියට පැමිණියද වර්ථමානයේදී එහි පහලම ආයතනය වූ පවුල පීඩා කාරී ආයතනයක් බවට පත්වූයේ ධනවාදී අර්බුදයත් සමගයි. පවුලකට ධනවාදය ලබාදෙන ඉලක්ක පීඩකාරී දෙයක් බවට පත්වුන අතර සංවර්ධිත රටවල මෙහි ශුද්ධභවය කෙලසන සිදුවීම් මාලාවක් අවසානයේ දැන් එය නීතියක් බවට පත්වෙමින් පවතී. ලොව පලමුවෙන්ම ශීලාචාරවූ ජාතිය ලෙස සැලකෙන ප්‍රංශය ධනවාදී පවුලේ ශෝකාන්ත සනිටුවහන් කිරීමට මත්තෙන් සමාජවාදී රටවල මෙම අවස්ථාව ලබාදෙන ලදි.