මන්ත්රී
ආනන්ද සරත් කුමාරට එරෙහිව නවගත්තේගම නවෝද්‍යා පැසැල ඉදිරිපට මින් අද පෙරවරුවේ
උද්ඝෝෂණයක්ද පැවති අතර ඊට පැසැල් සිසුන්,
ගුරුවරුන් එක්ව සිටියහ. උද්ඝෝෂණයෙන්
පසු එකී පාසල අද දිනට තාවකාලිකව වසා දමා තිබේ. හෙට දින ජනපති දුරකථන ඇමතුමත් සමග
එවැනි ජනපති කෙනෙකුට සුභපැතිය යුතු බව පවසා දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධනය කිරීමට
විමල් වීරවංශ හා මර්වින් සිල්වා ඇමති වරුන් කල්පනා කරමින් සිටී.
හෙල
සිංහල කතකට සිදුවූ මෙම අතවරය ගැන සිංහල ජාතිවාදී බලවේග සිටිනනේ දැඩි කනස්සල්ලෙනි.
යලි මෙවැන්නක් සිදු නොවිය යුතු බව වහාම ජනපතිට දුරකථන ඇමතුමක් දී දැන්වත් කොට ඇති
අතර නවගත්තේගම නවෝද්‍යා පාසලේ සුසිලා හේරත් ගුරුවරියගේ නිවසේ පිරිත් සජ්ජායනයක්
කොට මාධ්‍ය හමුවක් පවත්විමටද අදහස් කොට ඇත.
තවත්
වාමාංශික යැයි සිතා සිටින පක්ෂ කල්පනා කරන්නේ ලංකාවේ බොහෝ වාමාංහිකයන්ට සහ පක්ෂ
වලට මේ කිසි දෙයක් ගැන අවබෝධයක් තිබුනනම් හිටපු වෙනිසියුලා ජනපති හා මහින්ද රාජපක්ෂ ජනපති සමානයන්
වශයෙන් තේරුම් ගන්නා බවත් දේශපාලනයේ සටන් පාඨ සම්මුති ගිවිසුම් ඇතුලු සියල්ල පසුපස
පවත්නා පංති අවශ්‍යතාවය හදුනා ගැනීමෙන් මහින්ද කවුද චාවෙස් කවුද කියා හදුනාගත
නොහැකි බවත් ඔවුන් ගේ ක්‍රියාවන් අධ්‍යයනය කොට රටක ඉදිකල පාරවල් , හදපු වැව්, වගා
කල බිම්, ගොඩනැගූ නගර, සම්බන්ධකම් පැවැත්වූ රටවල් වලින් දෙදෙනාම සමානයින් බව තමන් සොයාගත් ධනපති
දැනුමට තේරෙන බවත් ප්‍රකාශ කිරීමට සූදානමින් සිටී.
No comments:
Post a Comment