ආරම්භයේ
සිට පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රකාශ කළේ ඔව්හු පිරිසිදු සමාජවාදයක්
හා සැබෑ වමක් සදහා සටන් වදින බවයි. එමෙන්ම නිලධාරීවාදයට හා ආචිර්ණ කල්පිත න්‍යායන්ට එරෙහිව කටයුතු කරන බවයි. ආරම්භයේදී පක්ෂයට වර්ධනීය ආලෝකයක් ලබා දී ඇත්තේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ සමාජවාදී ශිෂ්‍ය සංගමය යන කොටස් දෙකයි.
හා සැබෑ වමක් සදහා සටන් වදින බවයි. එමෙන්ම නිලධාරීවාදයට හා ආචිර්ණ කල්පිත න්‍යායන්ට එරෙහිව කටයුතු කරන බවයි. ආරම්භයේදී පක්ෂයට වර්ධනීය ආලෝකයක් ලබා දී ඇත්තේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ සමාජවාදී ශිෂ්‍ය සංගමය යන කොටස් දෙකයි.
ප්‍රශ්ණ
ඇති වීමට මූලික හේතුව වූයේ පසුගිය අප්‍රේල්මස සිදු වූ කුමාර ගුණරත්නම්ගේ පැහැරගෙන
යෑමයි. ගුණරත්නම් හා දිමුතු ආටිගලව අත්අඩංගුවට ගත් අවස්ථාවේ, ජාත්‍යන්තර හා ජාතික
බලවේගවල ක්‍රියාකාරීත්වය නිසා වෙන වෙනම නිදහස් කොට තුණරත්නම්ව ඕස්ට්‍රේලියානු
ආණ්ඩුවට භාරදෙන ලදි. තතුදන්නෝ ප්‍රකාශ කරන පරිදි මෙම ජෝඩුව පැහැර ගෙන ගොස් තිබෙන්නේ
කිරිබත්ගොඩ නිවසක එකට වාසය කරමින් සිටියදීය. ඔවුන් අසල සිටි ස්ථානය දැන සිටියේ ඔවුන්ගේ ආරක්ෂකයින් තිදෙනා
වන කොළඹ දිස්ත්‍රික් සංවිධායක සුරංග ප්‍රියදර්ශණ, වත්තල හිටපු ප්‍රාදේශිය සභා
මන්ත්‍රී එරාජ් ක්‍රිෂාන්ත අල්විස් සහ දේශපාලන මණ්ඩල සභික රංජිත් ශාන්ත හෙවත් ‘මාලන්‘ යන තිදෙනා බව හෙළි වී ඇත. අත්අඩංගුවට ගැනීමෙන් පසු
ප්‍රථමයෙන්ම එම ස්ථානයට ගියේ මෙම තිදෙනාය. මෙම තිදෙනා ගොස් එම ස්ථානය නිරීක්ෂණය කල
විට ඔවුන්ට ලිපිගොණු ප්‍රමාණයක් හා දිමුතු කලක් පෞද්ගලිකව පරිහරණය කල දේවල් හමු
විය. එයින් ඇය කාලයක් එහි රැදි සිටි බව හෙලිවිය. මාලන් විසින් මෙය රහසක් ලෙස තබා
ගන්නා ලෙස පක්ෂයේ ඉහල කේඩරයට දන්වා ඇත.
කුමාරගුණරත්නම්
ඕස්ට්‍රේලියාවට යෑමත් සමග මෙම තත්වය තරමක් දුරට යටපත් විය. මේ සිද්ධිය අත්අඩංගුවට
ගෙන සැලවී සිටි ජෝඩුවක් ගැනීමක් බවට ප්‍රචාරය වුනා. නමුත් එය රහසක් වශයෙන් කලක් තබා ගැනීමට නොහැකි
විය. පක්ෂයේ ඉහල හා පහල කොටස් වලට ඔවුන් අල්ලා
ගැනීම කෙසේ වීද යන්න ප්‍රශ්ණයක් විය.
මේ
තත්වයන් යටතේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගැඹුරින්ම මෙම අත්අඩංගුවට පත්වීම කෙසේ සිදු
වීදැයි සාකච්ජා කොට ඇත. ගුණරත්නම් දිමුතු සමග එකට වාසය කිරීමත් දෙදෙනා එකට සිට
වැඩවලට යෑමත් දැන සිටියේ මේ තිදෙනා පමණක් වීම නිසා පැරණි සාමාජිකයෙක් වූ මාලන්
ගුණරත්නම්ව පාවාදීම පිළිබද චෝදනා ලැබුවා.
තතු
දන්නෝ ප්‍රකාශ කරන අන්දමට මේ වටා ගෙතී ඇති අභිරහස ඔවුන් පක්ෂය හැර යෑමට හේතු වී
ඇත. පක්ෂයතුල ස්ථාවරත්වයක් ඇති කිරීමට මෙම තත්වය භාදාවක් වී ඇත. තතු දන්නෝ පවසන
අන්දමට ඔවුන් තුල පැහැදිලි මතවාදයක් ගොඩනොනැගී නොතිබීම සහ නායකයකත්වයක් නොතිබීම
මෙම පක්ෂය බිදී යෑමට හේතු වී ඇත. මේ තත්වය තුල පක්ෂය දියවී යාමේ සංඥා නිකුත්වී
තිබේන බවට නේෂන් පුවත්පතට අනාවරණය කොට ඇත.
අප
අනාවරණය කල ප්‍රේම කුමාර ගුණරත්නම්ගේ කොන්ඩම් ස්වයං විවේචනය මග හැරීම
No comments:
Post a Comment