Tuesday, June 25, 2013

මෙරටට ගෙන්වු ප්‍රමිතියෙන් තොර ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ජනපති අනින් ආපසු හරවයි.

ඩුබායි සිට පසුගිය 22 වැනිදා කොළඹ වරායට රැගෙන ආ නෞකාවක තිබු ඩීසල් තොගයක් පරීක්ෂණවලට භාජනය කළ ජනපති මහින්ද රාජපක්ෂ මහතා එම ඩීසල් තොගය ප්‍රමිතියෙන් තොර බවට හඳුනාගෙන ඇත. වහාම ක්‍රියාත්මක වූ අතිගරු මහින්ද රාජපක්ෂ මහතා මෙම තෙල් නැව ආපසු හරවා යැවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වාණිජ කළමනාකරු ඒ.පි.සමරවීර මහතාට දැනුම් දී තිබේ.

මෙහි ඞීසල් මෙට්ටි‍්‍රක් ටොන් හතළිස් දහසක් වූ අතර එය දින 08ක මෙරට ඩීසල් පරිභෝජනයකට සෑහෙන බවත් මෙම තෙල් ගෙනා සමාගම මීට පෙරද මෙරටට බාල තෙල් ගැනීමේ චෝදනාවට ලක් වු සමාගමක් බවද ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ඉතා තදින් ප්‍රකාශ කොට ඇත.

කෙසේ වෙතත් ගොඩබෑමෙන් තොරව එම ඞීසල් තොගය රැගත් නෞකාව ආපසු හරවා යැවු බව පවසන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊට හිලව් වන පරිදි තවත් ඩීසල් මෙටි‍්‍රක් ටොන් 40,000ක් ඉදිරි දිනක දී ශ‍්‍රී ලංකාවට එවීමට ඩුබායි සමාගම එකඟ වි තිබෙන බවද ජනපති දැනුවත් කොට ඇත.

No comments:

Post a Comment