Saturday, September 22, 2012

හඩ්සන් නියෝජනය කරන මහින්ද චින්තන මතවාදයට ලංකා නීතිඥ සංගමයෙන් නඩු පැවරීමට යයි


හඩ්සන් සමරසිංහ මහතා යනු මාධ්‍ය සචාචාරයේ ප්‍රතිමූර්තියකි. මහින්ද චින්තන ධාරව වඩා හොදින් සමාජගත කල ප්‍රබුද්ධ මාධ්‍යෙව්දියානෝය.  රාජපක්ෂ පවුලට දක්වන භක්තිය ලැදියාව ආදරය කරුණාවටත් වඩා ඔහුගේ ප්‍රබුද්දත්වය හා මානව භක්තිය නිසාම ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිත්වයෙන් පිදුම් ලැබීය.  නමුත් ප්‍රවීන මාධ්‍යෙව්දී ප්‍රේම කීර්ති ද අල්විස් ඝාතනයට සම්බන්ධයැයි පවසූ පුවතක් පසුගිය කාලයේදී අසන්නට ලැබුනි. හඩ්සන් සමරසිංහයන් වැඩියෙන්ම සතුන් සුරතල් කිරීමට වඩා රුචිකත්වයක් දක්වන අතර එය ඔහුගේ

Saturday, September 15, 2012

මුස්ලිම් ජනතාව ඉල්ලා සිටින්නේ මහා ඇමති ධූරය මුස්ලිම් කොන්ග්‍රසයටනම් එය දීමට අපි එකගයි - TNA


මුස්ලිම් ජනතාව මහා ඇමති ධුරය මුස්ලිම් කොන්ග්‍රසයට දිය යුතුය කියා ඉල්ලා සිටින්නේ නම් එසේ කිරීමට තමන් සුදනම් යයි දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරයි.
අද මාධ්‍ය හමුවක් අමතමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මන්ත්‍රීවරයා පැවසුවේ තම සන්ධානය ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සමග එක්ව නැගෙනහිර පළාතේ පාලන බලය පිහිටුවීමට තවමත් බල්ලපොරෝත්තුවෙන් සිටින බවයි.
එසේ වුවත් ඊයේ රාත්‍රී දෙමළ ජාතික සන්ධානය මුණ ගැසී සාකච්ජා කරන බවට ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් පොරොන්දුවුවත් එකී හමුව සිදුවී නොමැත.

ඇමෙරිකාව ලංකාවට දාන කොන්දේසි කිහිපයක් මෙන්න


උගත් පාඩම් සහ සංහිඳියා කොමිසම හෙවත් එල් එල් ආර් සී කොමිසමේ නිර්දේශ හැකි ඉක්මනින් ක්‍රියාත්මක කොට යුද සමයේදී සිදු කරන ලද බව පැවසෙන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති අයට දඬුවම් දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියි.
ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් එම ඉල්ලීම කලේ ශ්‍රී ලංකාවේ නිල සංචාරය අවසානයේ කොළඹදී මාධ්‍යවේදීන් අමතමින්.
එහිදී රොබට් බ්ලේක් මහතා පහත කරුණු සම්බන්ධයෙන් ලංකා රජය දැනුවත් කල බව ප්‍රකාශ කළේය.

මර්වින් පුතා රණවිරුවන්ට පහරදී නොමැත


තම පුත් මාලක සිල්වා රණවිරුවෙකුට හෝ හමුදාවට පහරදීමක් සිදුකර නැතැයි මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.
ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවක් අතරතුරදී මාධ්‍යවේදියෙකු නැගූ පැණයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
තමාගේ පුතා තමාට වඩා උස මහත බවත්, ඔහු සැඟවීමට නම් අඟහරු ලෝකයට පිටත් කළ යුතු බවත් මර්වින් සිල්වා අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.
අනෙක ඔහු සැඟවීමට මිනි මැරීමක්, මත්ද්‍රව්‍ය ජාවාරමක්, අල්ලසක්,

මාරාන්තික ජලභීතිකා රෝගය තුරන් කිරීමට ජනපති මහින්ද රාජපක්ෂ උපදෙස්


වසර 2016 වනවිට ශ්‍රී ලංකාවෙන් මාරාන්තික ජලභීතිකා රෝගය තුරන් කිරීමේ වැඩපිළිවෙලක් සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කල යුතු යැයි ජනපති මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයට උපදෙස් ලබා දී තිබේ.

පසුගිය 2011 වසරේ දී මාරාන්තික ජලභීතිකා රෝගයෙන් ශ්‍රී ලංකාව තුළ පුද්ගලයින් 41ක් මියගොස් ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ වාර්තා අනුව 2012 වසරේ මේ දක්වා ජලභීතිකා රෝගයෙන් පුද්ගලයින් 28ක් මරණයට පත් වී ඇත.

බ්‍රිතාන්‍ය රජ පවුලේ නිරුවත් ඡායාරූප වල ඉල්ලුම නැවත ඉහලට


බ්‍රිතාන්‍යෙය් රජපවුලේ සාමාජිකයින්ගේ නිරුවත් ජායාරූපවල ඉල්ලුම නැවත වරක්  ඉහල ගොස් තිබේ. විලියම් කුමරුගේ මලනුවන් වන හැරී කුමරුගේ නිරුවත් ඡායාරූප කිහිපයක් ද මාධ්‍ය මඟින් මීට පෙරද ප‍්‍රසිද්ධ කෙරුණු අතර නවතම සිදුවීම වන්නේ බි‍්‍රතාන්‍යයේ  කේම්බි‍්‍රජ් ආදිපාද විලියම් කුමරුගේ ආර්‍යාව වන කේට් කුමරියගේ උඩුකය නිරුවත් ඡායාරූප කිහිපයක් ප‍්‍රංශ සඟරාවක් ඊයේ දිනයේ ප‍්‍රකාශයට පත්කර තිබීමයි.

එම ඡායාරූප ලබාගෙන ඇත්තේ විලියම් කුමරු සහ කේට් කුමරිය ප‍්‍රංශයේ

සුරාබදු දෙපාර්තමේන්තුවට නව බිම් කඩක් දෙන්න ජනපති අණ කරයි


නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය වලින් තොරවූ සෞඛ්‍ය සම්පන්න ශ්‍රී ලාංකික සමාජයක් බිහිකිරීම සදහා දිවා රාත්‍රී වෙහෙසෙන   සුරාබදු දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂම කිරීමේ අරමුණෙන් රජගිරියෙන් බිම් කැබැල්ලක් ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අණ කොට තිබේ. ඒ අනුව අනුව සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ස්ථාපනය කිරීම සඳහා රාජගිරියෙන් පර්චස් 30.26ක බිම් කැබැල්ලක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී තිබේ.

·        

පිල්ලයාන් යලි නැගෙනහිර ප්‍රධාන ඇමති නම් කොන්ග්‍රසයට බොනස් 2කම හා ඇමති කමක්


දෙමළ ජනතා විමුක්ති කොටි පක්‍ෂයෙහි නායක හා නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයාවූ සිවනේසතුරයි චන්ද්‍රකාන්දන් මහතා යළි එම පළාතයෙහි ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් පත්කිරීමටත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට අමාත්‍ය ධූරයක් හා බෝනස් ආසනයක්ද ලබාදීමට තීරණයක් ගත් බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.

 අරලිය ගහ මන්දිරයේදී පැවති පළාත් සභා තුනේදීම තේරීපත්වූ එක්සත් ජනතා නිදහස් පෙරමුණයෙහි අපේක්‍ෂකයන් සඳහාවූ රැස්වීමේදී මේ සම්බන්‍ධයෙන් ප්‍රකාශකර තිබේ.

දුමින්ද සිල්වා කටුනායක ගුවන්තොටුපලට එන තෙක් හිරුණිකා සටන අතහරී


දුමින්දු සිල්වා කටුනායක ගුවන්තොටුපොළෙන් ලංකාවට ගොඩබසින මොහොතේ සිට තම පියාට සාධාරණය ඉටුකර ගැනීම සඳහා සෑබෑ සටනක් අරඹන බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය විසින් පවසා ඇත.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ, දුමින්ද සිල්වා ගුවන්තොටුපොළේදීම අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිටත් අධිකරණය නියෝගයක් ලබාදී ඇති බැවින් පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම නියෝගය ක්‍රියාත්මක කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

නැගෙනහිරට සර්වපාක්ෂික ආණ්ඩුවක් කොමියුනිස්ට් පක්ෂයෙන් යෝජනාවක්


නැගෙනහිරේදී සර්වපාක්‍ෂික ආණ්ඩුවක් පත්කිරීම සම්බන්‍ධයෙන් අවධානය යොමුකළ යුතුයැයි ශ්‍රී ලංකා කොමියිනිස්ට් පක්‍ෂය රජයෙන් ඉල්ලා තිබේ.
නැගෙනහිර පළාතයෙහි ආණ්ඩුවක් පත්කිරීමේදී ඇතිවී තිබෙන අර්බුදකාරි තත්වය වාසිදායකව භාවිතාකරගත යුතුයැයි ද විපක්‍ෂයන් සමඟ එක්වී සර්පාක්‍ෂික ආණ්ඩුවක් පත්කිරීම කෙරෙහි රජය අවධානය යොමුකළ යුතුයැයි කොමියිනිස්ට් පක්‍ෂය අවධාරණය කර තිබේ.

Wednesday, September 5, 2012

මහින්ද රාජපක්ෂ විමල්ට සුදු කොඩි පෙන්වයි


විමල් වීරවංශ මහතා 05 වන දින සීදුව සකුරා සමග කන්තලේදී ජනතාව අමතන බව පවසා පොස්ටර් ඊයේ රාත්‍රී කන්තලේ අවට අලවා තිබුනද අද උදෑසන වන විට ඒවා ශෝක ප්‍රකාශ බවට පත්වී තිබුණි. සන්ධානයේ අංක 8 යටතේ තරග වදින අපේක්ෂකයාගේ (ප්‍රියන්ත පතිරණ) පෝස්ටරයේ පිටුපස (සුදු පැහැති කොටස) දිස්වන පරිදි එම පෝස්ටර් වසා තිබුණි. විමල් වීරවංශ මහතා ගේ ත්‍රිකුණාමල නියෝජිත ජයන්ත විජේසේකර මහතාගේ නිවස අවට මෙම සුදු පෝස්ටරය දැකීම විශේෂයකි. මෙසේ සන්ධානය බල ගැන්වීමට විමල් මහතා උත්සාහ කලද

ස්වාසිලන්ත වෙළදපොලට ඇතුල්වීම විශාල ජයග්‍රහණයක් - ඇමති ඩලස්


2011 වසරේ පර්ත් නුවර පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවේදී ශ‍්‍රී ලංකාවට පක්‍ෂපාතී ලෙස හැසිරුණු ස්වාසිලන්ත වැනි රටක නායකයෙක් රාජතාන්ත‍්‍රිකව පිළිගැනීමට එරෙහිව විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් අදහස් පල කලද එරට වෙළදපලට ශ‍්‍රී ලංකාවට ආරාධනා කිරීම විශාල ජයග‍්‍රහණයක් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කළේය.

රජයට සහාය දක්වන්නේ අන්තඃපුර දමාගෙන සිටින නායකයන්

Saturday, September 1, 2012

මහින්දගේ බඩේ දත් පාරවල් 2ක්, එකක් සංගීතගේ අනික පබාගේ


රටපුරා දියාරු මැතිවරණ ව්‍යාපාරයක් පැවතෙද්දී එය උණූසුම් කිරීමට විවිධ උත්සාහයන් ආණ්ඩුව ගත්තද එහි ප්‍රතිඵලයක් නොවීය. නමුත් පසුගිය දිනක මතුගමදී පැවති හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා කල අපූරු හෙළිදරව්ව නිසා ජනාධිපතිතුමාද කලබලයට පත් විය. ‘‘මම සරත් ෆොන්සේකා මහත්තයත් එක්ක යාපනයේ මුන්නේෂ්වරම් කෝවිලට ගියා. ඒකට ඇතුල් වෙන කොට උඩු කය ඇදුම් ගලවලා යන්න ඕනෑ. අපි කෝවිලට ඇතුල් වෙන කොට එතන හිටිය දෙමළ ජනතාව ෆොන්සේකා මහත්තයාගේ තුවාල කැලැල් දැකලා

වත්මන් මහින්ද රාජපක්ෂ පාලනය හෝ වෙනත් කවර හෝ ධනපති ආණ්ඩුවක් ජනතාවට නැවත්වරක් ඉඩම් බෙදා දෙන්නේ නැහැ


වත්මන් මහින්ද රාජපක්ෂ පාලනය හෝ වෙනත් කවර හෝ ධනපති ආණ්ඩුවක් ජනතාවට නැවත්වරක් ඉඩම් බෙදා දෙන්නේ නැතැයිද ගොවිජනතාව තම කුඹුර මරාගෙන වන්දි ගන්න හදනවා යැයි අමාත්‍ය නිමල් සිරිපාල මහතා පවසන් බවත්, මහත් ගෞරවයකින් කුඹුරට බහින ගොවීන් තමන්ගේ කුඹුර විනාශවෙනකම් බලා නොඉඳින බවත්, ගොවිජනතාවගේ සිතුම් පැතුම් තේරුම් නොගනිමින් ප්‍රකාශ නිකුත් කළ නිමල් සිරිපාලමහතාට කටියාවේදී ගොවිජනතාව හූ කියා එලවලා

සන්ධාන කරුවන්ගේත් සන්ධාන බලගන්වන්නන්ගේත් වේදිකා කඩා වැටේ


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා එය බලගන්වන පක්ෂයක ජන්ද ප්‍රචාරක රැස්වීම් වලදී වේදිකා කඩා වැටීම් හා පුටු කඩා වැටීම් වාර්ථා වේ. අම්පාර නගරයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන රැලිය සඳහා ඉදිකර තිබූ වේදිකාව මුළුමණින්ම කඩාවැටී ඇත.
අගමැතිනියක්ව සිටි සිරිමාවෝ බන්ඩාරනායක මහත්මිය පරාජයවූ මැතිවරණයකදීද මේ ආකාරයටම අම්පාර මහජන ක්‍රීඩාංගණයේ ඉදිකර තිබූ දැවැන්ත වේදීකාවක් කඩාවැටුණු බවත්මෙය අසුභ ලකුණක් බවත් ජනතාව අතර කතාබහක් පැතිර යමින් තිබේ.