Wednesday, September 5, 2012

ස්වාසිලන්ත වෙළදපොලට ඇතුල්වීම විශාල ජයග්‍රහණයක් - ඇමති ඩලස්


2011 වසරේ පර්ත් නුවර පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවේදී ශ‍්‍රී ලංකාවට පක්‍ෂපාතී ලෙස හැසිරුණු ස්වාසිලන්ත වැනි රටක නායකයෙක් රාජතාන්ත‍්‍රිකව පිළිගැනීමට එරෙහිව විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් අදහස් පල කලද එරට වෙළදපලට ශ‍්‍රී ලංකාවට ආරාධනා කිරීම විශාල ජයග‍්‍රහණයක් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කළේය.

රජයට සහාය දක්වන්නේ අන්තඃපුර දමාගෙන සිටින නායකයන්
යයි කියමින් ස්වාසිලන්ත රජුගේ පැමිණීම පිළිබඳ විපක්‍ෂය අවඥාවෙන් කතා කලද පිරිමි අන්තඃපුර තබාගෙන ඉන්නා නායකයන් පිළිබඳ මුළු රටම අවධානයෙන් සිටින බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් පවසා තිබේ.

ස්වාසිලන්තයේ තෙවැනි මිස්වාති රජු සහ ඊන්කෝ ෂිකාට් බිසව පසුගිය 14 වනදා  නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියේය.

කෙසේ වුවද ස්වාසිලන්තයෙන් ලැබෙන තොරතුරු අනුව නම් පසුගාමී සමාජ ලක්ෂණ සහිත ඉතා නොදියුණු රටක් වන අතර එහි කර්මාන්ත කේෂ්ත්‍රෙය් කිසිදු දියුණුවක් දැකිය නොහැකි අතර කෘෂි කාර්මික රටක් වශයෙන් දියුණුවට පත්ව ඇත. කළු සල්ලි සුදු කිරීමේ මහා ජාවාරම් කාර රටක් වශයෙන් ප්‍රසිද්ධියට පත්ව ඇත. තවමත් රට පාලනය කරන්නේ රජ කෙනෙකි.

රටේ ජනගහනයෙන් 26%කට ඒඩ්ස් වැලදී ඇත. 44 හැවිරිදි මස්වාති නම් ස්වාසිලන්ත රජුට දැනට භාර්යාවන් 13 දෙනෙකු සිටී (මොහුගේ පියා වූ දෙවන සොභුසා රජු මරණයට පත්වන විට භාර්යාවන් 70 වකගේ සහ දරුවන් 210 කගේ හිමිකරුවෙකු වීමට සමත්ව තිබිණ). මෙම පුද්ගලයා 6 වන බිරිඳ වූ ලගිජා ද්ලාමිනි නම් කාන්තාව පසුගිය මැයි මාසයේ 6 වෙනි දා ඔහුගේ හිරෙන් පැන ගියා ය. ඇය ලෝකයාට හෙලි කෙළේ ඇයව වසරක් තිස්සේ සිරගත කර දරුණු ගණයේ වධ දෙමින් ලිංගික හිංසාවන් රැසකට භාජනය කළ බවයි.

මෙම ස්වාසිලන්තය නම් රටෙහි වසරකට වරක් උම්ලන්ගා උත්සවය හෙවත් කාගේත් අවධානය යොමුව ඇති "රීඩ් ඩාන්ස්"උත්සවය නම් ගෝත‍්‍රික උත්සවයක් පවත්වයි. රීද් නැටුම දා මිස්වාති රජුගේ ගෝලබාලයින් විසින් එක් එක් ප‍්‍රදේශ වලින් තරුණ නොඉඳුල් දැරියන් ගෙනැවිත් නිරුවත් කර පෙළ ගස්වනු ලැබේ. පසුගිය වසරේ සහභාගී වූ කාන්තාවන් ගණන 70000 ක් පමණ වේ. මිස්වාති රීද් නැටුම අහවර වී දෝලාවකින් ගොස් එක් දැරියක් තෝරා ගනී. එම දැරිය එදින රාත‍්‍රියේ සිට මිස්වාති කැමති දින ගණනක් ඔහු සමග සංවාසයේ යෙදිය යුතුය. පසුව දැරිය තම නිවසට හෙවත් පැල්පතට ඇරලවනු ලැබේ. මේ දොල දීම වෙනුවෙන් එරටේ හැටියට විශාල මුදල් ප‍්‍රමාණයක් දෙමාපියන්ට ගෙවයි. මෙය වසරක් පාසා තවමත් සිදුකෙරෙති.

1 comment: