Wednesday, September 5, 2012

මහින්ද රාජපක්ෂ විමල්ට සුදු කොඩි පෙන්වයි


විමල් වීරවංශ මහතා 05 වන දින සීදුව සකුරා සමග කන්තලේදී ජනතාව අමතන බව පවසා පොස්ටර් ඊයේ රාත්‍රී කන්තලේ අවට අලවා තිබුනද අද උදෑසන වන විට ඒවා ශෝක ප්‍රකාශ බවට පත්වී තිබුණි. සන්ධානයේ අංක 8 යටතේ තරග වදින අපේක්ෂකයාගේ (ප්‍රියන්ත පතිරණ) පෝස්ටරයේ පිටුපස (සුදු පැහැති කොටස) දිස්වන පරිදි එම පෝස්ටර් වසා තිබුණි. විමල් වීරවංශ මහතා ගේ ත්‍රිකුණාමල නියෝජිත ජයන්ත විජේසේකර මහතාගේ නිවස අවට මෙම සුදු පෝස්ටරය දැකීම විශේෂයකි. මෙසේ සන්ධානය බල ගැන්වීමට විමල් මහතා උත්සාහ කලද
සන්ධානයෙන් එම බල ගැන්වීම ප්‍රතික්ෂේප කිරීම පුදුම සහගත බවයි ජනතාව පවසන්නේ. විමල් මහතාට ආණ්ඩුවේ මෙම ක්‍රියාවලිය සුදු කොඩි පෙන්වීමක් බවද  ජනතාව  පවසයි.
මේ අතර ජයන්ත මහතා මෙවර මැතිවරණයේදී උණුවතුර බෝතල් බෙදීම, සපත්තු බෙදා දීම, තහඩු දෙන බවට පොරොන්දු දීම, නිවාස ආධාර දෙන බවට පොරොන්දු දීම නිවාස සාදා දෙන බවට පොරොන්දු දීම, රජයේ දේපල අයථා අන්දමින් භාවිතය, ඇල හරහා පාලමක් දෙනවා වෙනුවට ලයිට් කණු දමා පාලම් සෑදීමේ අළුත්ම මජර සංස්කෘතියක්ද බිහිකර තිබුණි. මෙවැනි මජර වැඩ මගින් ජන්දය දිනීමට උත්සාහ ගැනීම රටම හිනැස්ස වීමක් බවයි වීරවංශ මහතාගේ කණ්ඩායමේම අපේක්ෂකයෙක් අපහා පැවසූයේය.












No comments:

Post a Comment