Saturday, October 15, 2011

පවුල් අර්බුදය උග්‍ර අතට බැසිල් පෙරමුණට

 
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියොජනය කල වෘත්තීය සමිති සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ උපදේශකයෙකු ලෙස කටයුතු කොට ඝාතනය වූ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා හා වෙඩි හුවමාරුවකදී හිසට වෙඩිවැදී තවමත් ප්‍රතිකාර ලබමින් සිටින සන්ධානයේ මන්ත්‍රි දුමින්ද සිල්වා මහතා ගේ රෝගීතත්වය හා  තවත් තිදෙනෙකුගේ ඝාතනය වීම විසින් ශ්‍රි.ල.නි.ප ජ්‍යෙෂ්ඪයන් තමන්ට අහිමිව තිබූ තත්වයන් ගැනත් තම ජීවිත වල ඇති අනාරක්ෂිත බවත් ගැන කම්පනයට පත්ව ඇත.

රාජපක්ෂ පවුල් පාලනය ගැන කල කිරී සිටි ශ්‍රි.ල.නි.ප ජ්‍යෙෂ්ඪයන් ‍කලකිරීම්,දරාගැනීම්,බලය අහිමිවීම් වල පුපුරායෑම දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වීමේ ලක්ෂණ පෙන්නුම් කොට ඇත. රට තුල ක්‍රියාත්මකවූ පවුලක් පෝෂණය කල ආර්ථිකයේ තාර්කික ප්‍රථිඵලයද මෙසේ දේශපාලන අර්බුදයක් බවට පත්වීම ලාංකීය දේශපාලනයේත් ලෝක දේශපාලනයේත් අත්දැකීමයි.

මේ මොහොතේ පක්ෂය තුළ අභ්‍යන්තර අර්බුදයක් ඇතිවීම වළක්වා ගැනීමට ගත හැකි එකම විසඳුම ගෝඨාභය රාජපක්‍ෂ මහතා තාවතාලිකව හෝ ආරක්ෂක ලේකම්ධූරයෙන් ඉවත් කර තැබීම බව ආණ්ඩුවේ අමාත්‍යවරුන් බහුතරයකගේ අදහස වී ඇත. පවුලේ වරදාන වරප්‍රසාද විදින එක්සත් ජාතික පක්ෂයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූ පුද්ගලයින් සම්බන්ධයෙන් ද ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් තුළ බලවත් විරෝධයක් මතු වී ඇත.

මෙම අර්බුදය අකමැත්තෙන් වුවද පවුල් ගහ තුලම කලමණා කරණයට ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සිදුව ඇත. ඒතුල තම අභිමතයට 
නොවූ බැසිල් රාජපක්ෂ මහතා පෙරට ගැනීමට සිදුව ඇත. නාමල් සිහිනය බොදකර ගැනීමේ අකමැත්තත් රට පුරා උඩු දුවන ආර්ථික අර්බුදයත් ජනතාපීඩනයත් රට යන්නේ කුමන දිශාවකටදැයි කාගේත් අවදානයට යොමුව ඇත.

2 comments:

  1. නාමල් කියන්නේ සිංහල බෞද්ධ නායකයෙක්

    ReplyDelete
    Replies
    1. sinhala kamath baudha kamath ohu nayakek the yannath theeranaya wanne kriyaweni.mehidi wedagath wenne uppathiyen sinhalayek, baudhayek weema nowei.

      Delete