Sunday, May 12, 2013

ඇමති විමල් ආණ්ඩුවේ ඉදල තියෙන්නේ බුරුලෙන් අල්ලන්


ජාතික අරගලයේ නිමා නොවුන කර්තව්‍යන් ඉටුකල හැක්කේ ජනාධිපති මහින්ද රාජපක්ෂට බව නිතර නිතර මාධ්‍ය  හමුවේ අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා දැන් පවසන්නේ තමන් මෙපමණ කලක් ඇමති කම අල්ලන් හිටියේ බුරුලෙන් බවයි.
යුද්ධය වකවානුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතා උනන්දුවකින් කැපවීමකින් තමන්ව යුද්ධය සදහා සම්බන්ධ කරගත්තා පමණක් නොව ත්‍රීරෝද රථ රියැදුරාද එම ක්‍රියාන්විතයට සම්බන්ධ කරගත්තා යැයි ද, එවැනි කණ්ඩායම් ක්‍රියා කාරීත්වයක් අද නැති බවද විමල් මහතා පවසයි. තමන්ව එවැනි දේශපාලන උනන්දුවක් හැදීමට සමත්වූ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් කලේ අති ගරු මහින්ද රාජපක්ෂ ජනපති බවත්  එවැනි
නායකයෙකුම අද උද්ගතවීඇති විපතක් දෙස ඔහේ බලා නොසිටනු ඇති බවත් සති අන්ත පුවත්පතකට පවසා තිබේ. මේ අතර විමල් මහතා පවසන්නේ ඉන්දීය නායකයන්ට අනතුරු දැකීමේ හැකියාවක් නොමැති බවයි. මේ අතර මාල දිවයින ඇමෙරිකානු යුධ තිප්පොලක් කර ගැනීමේ මහා භයානක සැලැස්මක් ඇති බවත්  මුලු දකුණු ආසියාවම මෙයින් එක්සත් ජනපද ව්‍යාපෘතියට නැටවෙන බවත් මාල දිවයින ඇමෙරිකානු යුධ කදවුරු පිහිටුවා ගන්නේ මෙම සැලැසුමටම අනුව බවත් ඉතා දැඩිව ප්‍රකාශ කොට තිබේ.
එම අදහස් දැක්වූ පුවත්පතේම විමල් මහතාගේ පාක්ෂිකයෙක්වූ වසන්ත බණ්ඩාර මහතා මාලදිවයින හා ඇමෙරිකානු රජය සමග අත්සන් කිරීමට නියමිත ගිවිසුම ගැන භයානක හෙළිදරව්වක් කොට තිබුණි. එම භයානක හෙළිදරව්වට මෙසේය “ශ්‍රී ලංකාවද මාලේ රජය අත්සන් කල ආකාරයේම අත්පත්කර ගැනීමේ සහ හරස්සේවා ගිවිසුමක් ඇමෙරිකාව සමග අත්සන් කොට ඇත. ඒ 2007 මාර්තු 05දිනයි. එම ගිවිසුම මගින් ඇමෙරිකාවට යුධමය අවශ්‍යතාවක් සදහා ශ්‍රී ලංකාවේ පහසුකම් භාවිතා කිරීමේ හැකියාව ලැබේ.  උදාහරණයක් ලෙස යුද මෙහෙයුමක යෙදී සිටින ඇමෙරිකානු යුද නැවි සහ ගුවන් යානා සදහා ශ්‍රී ලංකාව තෙල් ලබා දීමට බැදී සිටියි“
විමල් මහතා මෙහිදී තවත් බොරුවක් කල අතර තම මැයි දිනයට විසි දහසක් පැමිණ සිටියේ යැයිද කියා තිබුණි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ‍පෞර්ෂය මත ගොඩනැගුණ මර්වින් සිල්වා විමල් වීරවංශ වැනි චරිත පිරිහෙන රාජපක්ෂ පාලනය ඉදිරියේ තම ඉදිරි දේශපාලන අනන්‍යතාවය ගොඩනගා ගැනීමට සැකසෙන ආකාරය තේරුම් ගැනීමට ලාංකීය ජනසමාජය සවිඥානික කිරීම මේ මොහොතේ කාගේත් වගකීමකි.

No comments:

Post a Comment