Tuesday, May 14, 2013

ජමින්ද සිරිවර්ධන කට්ටිවාදී දේශපාලනයෙන් ඉවතට

ජවිපෙ කට්වාදී දේශපාලන ප්‍රවනතාවය මේ වන විට තම උපතින්ම උරුම වූ අවසානය අත්පත් කොට ගනිමින් සිටියි. ජවිපෙ දේශපාලනය පත්තර වලින් කරන්නේ යැයි හඩ තැලූ මෙම ප්‍රවනතාවය තම මධ්‍යමකාරක සභාව රැස්වන දිනය හා එහි ගැටලු මාධ්‍ය වල පිටු සැරසීමට යොදා ගනී. උපතින්ම අවස්ථාවාදී නිර්ධන පංති දේශපාලනයකට ප්‍රෙව්ශවූ මෙම ප්‍රවනතාවය නවතම ගොදුර මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් දේශපාලන කරලියට පැමිණි ජමින්ද සිරිවර්ධනයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වරුණ දීප්ත රාජපක්ෂ මහතා
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩලයෙන් ඉවත් වූයේ කුමාර ගුණරත්න මහතාගේ ජාතික ගැටලුව සම්බන්ද අවස්තාවාදී භාවිතාව සම්බන්ද මත දැක්වීමකින් අනතුරුවයි. මීට අමතරව අශෝක මහතාද පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් ඉවත්ව ඇති බව ප්‍රකාශයට පත්වි‍ ඇත.  මොවුන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයින්ට විවේචන ඉදිරිපත්කලේ එහි නායකයින් විප්ලවාදී ජීවන විලාශයක් නොමැති බව පවසමිනි. මධ්‍යම කාරක සභික රවින්ද්‍ර මුදලිගේ මහතා නිවසක් තනමින් සිටින බවත් චමීර කොස්වත්ත මහතා නිතර ගෙදර යන් බවත් අනෙකුත් මධ්‍යම කාරක සභිකයින් හා පාක්ෂිකයින් දිනෙන් දින ධනේෂ්වර ජීවිතයකට හුරු වෙමින් සිටින බවත් ප්‍රකාශ කොට තිබුණි.
නමුත් ඉංජිනේරු ශිෂයෙක් ලෙස දේශපාලනයට පිවිසි ජමින්ද සිරිවර්ධන මහතා මෙවැනි මත දැක්වීමකින් තොරවම පෙරටුගාමී සමාජවාදී පක්ෂය තුල නිහඩතාවයකට පැමිණියේය. ශීෂ්‍ය ව්‍යාපාරයේ දේශපාලනය ගැන දැඩි උනන්දුවකින් සිටි ජමින්ද සිරිවර්ධන මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් එස්.බී දිසානායක මහතා විශ්වවිද්‍යාලයෙන් පලවා හරිමින් ශීෂ්‍ය ව්‍යාපාරරය පුබුදවාලමින් රාජපක්ෂපාලනයේ පීඩනයෙනුත් ධනවාදෙය් පීඩනෙයනුත් මිදීමේ හැරවුම් ලක්ෂයකට එලැබි බවත් එයට නිසි නායකත්වයක් දීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂයද අසමත් කමක් දක්වන බව ප්‍රකාශ කොට තිබේ. ඉංජිනේරුවෙකුට වඩා කලාව සම්බන්ධ දැඩි හැගීමක් තිබුණු ජමින්ද සිරිවර්ධන මහතා මේ වන විට කට්ටිවාදී දේශපාලනයට තිත තබන්නේ දැඩි නිහඩතාවයකිනි.

1 comment:

  1. ජමින්දගේ මල් වත්තේ මල් කඩපු අය?

    ReplyDelete