Sunday, October 23, 2011

ජවිපෙ කට්ටිවාදී ජී.කුලරත්නට කට්ටිවාදීන්ගෙන්ම ප්‍රහාරයක්...!

 
ජවිපෙ කට්ටිවාදී පිලේ කුරුණෑගල දිස්ත්‍රික් පාක්ෂිකයන් දැනුවත් කිරීමේ හමු 2ක් පසුගිය 20 දින හිරිපිටිය නගරාසන්නයේ සුමේධ මහතාගේ නිවසේදී හා පොල්ගහවෙල පොතුහැර සේකර විදුහල අසල උපකාරක පංති ශාලාවකදී පැවැත්වුණි. මෙම ප්‍රසිද්ද හමු ඇමතීම සදහා පැමිණ සිටියේ ජවිපෙ දේශපාලන මණ්ඩලයෙන් කට්ටිවාදී පිලට එක්වූ ජී කුලරත්න මහතායි. ඇත්ත දැනගන්න දෙපයින් හිටගන්න යනුවෙන් ජී කුලරත්න මහතා විසින් යොමුකල sms පණිවුඩයක් මගින් කුරුණෑගල දිස්ත්‍රික් හමු පිළිබදව දැනුවත්කොට තිබුණි.
මෙහි හිරිපිටිය ජන හමුව සදහා සහභාගීවූයේ 08ක් පමණි. හමුව අතර තුරදී සහභාගී වූ පිරිස ඇසූ ප්‍රශ්ණ සදහා පළිතුරු දීමට නොහැකිව කට්ටිවාදී ජී කුලරත්න මහතා අපහසුතාවයට පත්ව තිබේ. එම මහතාට අයත් ව්‍යපාර සදහා පක්ෂ අරමුදල් යොදා ගැනීම පිළිබදවත් කල්ලිවාදයකට සේවය කිරීම පිළිබදවත්, ඇතුළුව විමසූ ප්‍රශ්ණ සදහා කට්ටිවාදී ජී කුලරත්න මුළුමනින්ම නිරුත්තර වී තිබේ.
 
මෙහිදී කට්ටි වාදීන්ට දැඩි විවෙචන එල්ලකරමින් පිරිස කළමනාකරනයට උත්සාහ කල එම මහතා කට්ටිවාදීන් පක්ෂයට කරන අපරාධය විග්‍රහ කරන ලදි. නමුත් අවසන විග්‍රහයේදී නැවත කට්ටිවදීන්ට වමේ බලය ගොඩ නැගිය හැකියැයි කල ප්‍රකාශය සමග ඔහුගේ කථාවේ ඇති පරස්පරයත් කිසිදු න්‍යයික විග්‍රහයකින් තොරව තොරතුරු පමණක් ප්‍රකාශ කරනවායැයි පිරිස උරණ විය. මෙහිදී ජී කුලරත්න මහතා භාවිතා කල වාහනයද පක්ෂය සතු වූවක් බවත් පක්ෂ මතය පිලිනොගන්නේනම් එය පක්ෂයට භාරදෙන ලෙසත් වංචනික ලෙස ලබාගත් පක්ෂය සතු වාහන නැවත ලබාදෙන ලෙසත් පිරිස ඉල්ලා සිටියේය. නැවත සාකච්ජාව වෙනතකට යොමුවූයේ කුලියාපිටිය නගර සභා අපේක්ෂක කට්ටිවාදී එස් ඒ රණසිංහ මහතා ජවිපෙ සතු කුලියාපිටිය කාර්යාලය මීට මාස 06කට පෙර තම බිරිදගේ නමට පවරා ගැනීමේ චෝදනාවත් මෙය දිවයින පුවත්පතේ පලවූ අදියර 5කින් පක්ෂය කැඩීමේ පලමු පියවර නොවේදැයි ප්‍රශ්ණ කිරීමෙනි. කුලරත්න මහතා මීට පිළිතුරු ලබාදීමටත් පෙර එහි සිටි පරිස සාකච්ජා මග හැර ගියේ දේශපාලන වංචා කරුවන්යැයි දොස් නගමිනි. 

කරුණෑගල ජවිපෙ කට්ටිවාදීන්ගේ ප්‍රථම හමුවේදී ඇතිවූ මෙම අවුල් සහගත තත්වය නිසා, පොල්ගහවෙලදී පැවැත්වීමට නියමිත දෙවන දිස්ත්‍රික් හමුව පිරිසිදු කට්ටිවාදී හමුවක් විය යුතු බවත්, පොල්ගහවෙල පොදු හමුව අවලංගුකොට හමුව රහසිගත ස්ථානයක සූදානම් කරන ලෙසත් කුලරත්න මහතා කට්ටිවාදී සංවිධායකයින්ට අණ කර තිබේ. ඒ අනුව පොල්ගහවෙල කට්ටිවාදී රහසිගත හමුවට සහභාගී වී ඇත්තේ 12ක් පමණි. න්‍යායික කරුණු මත පදනම් වූ මෙම සාකච්ජාව අව්රෝරා සගරාව පිළිබද සංවාදයක් ඇරඹි අතර මෙහිදී කුලරත්න මහතා පැවසූයේ මෙම සගරාව දෙමළ ජනතාව ඉලක්ක කොට ගනිමින් නිකුත් කල බවයි. මෙහිදී පිරිස විමසා සිටියේ එසේ නම් මෙම සගරාව දෙමළ භාෂාවෙන් මුද්‍රණය නොකලේ ඇයි යන්නයි. මෙහිදි පිරිස විමසා සිටියේ උතුරේ පැවතියේ දෙමළ ජන අරගලයක්ද යන්නයි. ප්‍රභාකරන්ගේ නායකත්වය අහිමි වූ දෙමළ ජනතාව සදහා උපක්‍රමික වැඩ පිළිවෙලක් ලෙස මෙය යෙදවූ බව ආදී ලෙස කියමින් දීර්ග පැහැදිලි කිරීමකට ගිය කුලරත්න මහතාගේ මෙම ප්‍රකාශය තව දුරටත් ඇසීමට නොසන්සුන් වූ පිරිස මෙය ජන අරගලයක්ද නැද්ද යනුවෙන් තනි වචනයකින් ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටියේය. මෙය ජන අරගලයක් ලෙස කුලරත්න මහතා පිළිගත් අතර පිරිස තුල දැඩි නොසන්සුන්තාවයක් හටගත් අතර එහි සිටි ජවිපෙ පැරණි සාමාජිකයකු ප්‍රකාශ කලේ මෙය අවස්ථාවාදය බවත් වහාම පරාජය කල යුතු බවත් රෝහණ විජේවීර සහෝදරයාට පිටු පෑ මෙම ‍කට්ටිවාදීන් මේ මහ පොලවේ පැලකල නොහැක්කක් ඉදිරිපත් කිරීම වේදනා සහගත බවත් යැයි පවසමින් නික්ම ගිය අතර ‍ඉතිරිවූ කිහප දෙනා රැස්කල කුලරත්න මහතා තමා පක්ෂයේ දෙවන නායකයා බවත් තමන් අතීතයේ කල කැපකිරීම් ගැනත් මතක්කොට එය පිළිබද තක්සේරුවක් ජවිපෙ නායකයින් තුල නොතිබුන නිසා තමා ඉවත්වුන බවත් කට්ටිවාදීන් තුලත් බරපතල මතවාදී වියවුල් පැනනැගීම තමාට දැනෙන බවත් ඒ නිසා මෙවැනි හමු ආපසු සංවිධානය නොකරන ලෙසත් පිරිසිදු කට්ටිවාදීන් පමණක් ඉදිරියේදී සංවිධානය විය යුතු බවත් ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් පොදුවේ ගත්කල කුරුණෑගල දිස්ත්‍රික්කය සංවිධානය කල ජවිපෙ කට්ටිවාදී පිලේ හමු දෙකම අසාර්ථක වී තිබේ.

Wednesday, October 19, 2011

අපිට රුසියන් සපත්තු ලොකුවැඩියි චීන සපත්තු පොඩි වැඩියි


ආ මග සහ යායුතු මග නමින් සම්මන්ත‍්‍රණ මාලාවක් ජනතා විමුක්ති පෙරමුණ විසින් දිවයින පුරා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

පක්‍ෂයක් ලෙස පසුගිය කාලසීමාව තුළ ගත් දේශපාලනමය තීන්දු පිළිබඳ මහජනතාව  දැනුවත් කිරීම අරමුණු කොට ගත් මෙම දේශණ මාලාව කුරුණෑගලින් ආරම්භ කොට ඇත. වත්මන් දේශපාලන අභියෝග හමුවේ රට යා යුතු ව ඇති සමාජවාදී සමාජ පරිවර්ථනය පිළිබඳ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කුරුණෑගල Y.M.B.A. ශාලාවේදී වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.

“මහින්ද රාජපක‍ෂ මහතා ඡන්ද දිනන ක්‍රමයක් හොයාගෙන තියෙනවා. ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධි ලෙස ජනතාව රවට්ටමින් හා අල්ලස් දීමෙනුයි. ‘මගේ මව්බිම’ යැයි කියමින්, දේශප්‍රේමය ගැන කතා කරමින් ආණ්ඩුව  මව්බිම පර්චස් ගණනින් බහුජාතික සමාගම්වලට පවරමින් ඉන්නවා. ආණ්ඩුව උත්සාහ කරන්නේ ජනතාවට හීන ලබාදෙමින් ඡන්ද දිනන්නයි. ඒ සඳහා බොරු සංවර්ධනයක් මවාපානවා. මෙය ජනතාවගේ ජීවිත තුළ කිසිදු සංවර්ධනයක් සිදුවෙලා නැහැ. සංවර්ධනය වී ඇත්තේ රටේ සහ  ජනතාවගේ ණය බරයි. අවුරුදු 63 තුළ සංවර්ධනය වූයේ පවුල් කිහිපයක් සහ ඒ වටා සිටි හෙංචයියන් අත්ළොස්සක් පමණයි. දැන් ආණ්ඩුව සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා යැයි කියමින් රටේ ආර්ථීක, පරිසරය, සදාචාරය පරදුවට තබා තිඛෙනවා. කැසිනෝ වීදි සහ නිරුවත් වෙරළ තීර ඇරඹෙන්නේ ඒ වෙනුවෙනුයි. මේක ලොව පුරා ජරාජීර්ණ වෙමින් පවතින ධනවාදයේ ගමන් මගයි. එයට ජනතාව පෙළෙන ප්‍රශ්නවලට පිළිතුරු සෙවිය නොහැකියි. ධනවාදය වසර 500ක් පුරා ලෝකය තුළ පැවත තිඛෙනවා. ධනවාදය විද්‍යාවේ හා තාක‍ෂණයේ දැවැන්ත සොයාගැනීම් කරමින් සිටියත් එය ජනතාවගේ ප්‍රශ්න විසඳීමට සමත් නැහැ. එය හැම තත්පර 4කට වරක්ම ලෝකයේ දරුවෙක් කුසගින්නේ තබා මරාදමන තරමට දුෂ්ටයි.

රෝහණ විෙජ්වීර සහෝදරයා පක‍්ෂයක් නිර්මාණය කළේ, ලංකාවේ සමාජවාදය පිහිටුවා ජනතාව විඳින ප්‍රශ්නවලින් ඔවුන් මුදා ගැනීමටයි. අපේ රටේ ජනතාව සමාජවාදයේ හිරුකිරණ දකින තෙක් අත්වැල් බැදගෙන සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ සමගයි.

රෝහණ විෙජ්වීර සහෝදරයා ලංකාව තුල පැල කලේ ශ්‍රී ලංකාව තුල සමාජවාදය සෑදිය හැකි නිවැරදි ක්‍රමය. ඔහු එදා කීවිවේ රුසියානු සපත්තු අපිට ලොකු වැඩියි, චීන සපත්තු අපිට පොඩි වැඩියි. අපි අපිට ගැලපෙන සපත්තුවක් මසා ගත යුතුය යන්නයි. ලාංකීය සමාජවාදය සදහා ක්‍රමවේදය එනම් ජනතා විමුක්ති පෙරමුණ කට්ටිවාදීන්ට විනාශ කල නොහැකි බවද ප්‍රකාශ කළේය.
 

වැටුප් වැඩි නොකිරීම නිසා දැවැන්ත විරෝධයතාවයක්


රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි නොකිරීමට විරෝධය පළකරමින් වෘත්තිය සමිති නායකයින්ගේ අත්සන් ලබාගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය තීරණය කර තිබේ. වැඩබිම් මට්ටමින් අද(18) දිනයේ සිට මෙම වැඩසටහන ආරම්භ කොට තිබේ.

වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කරන ලෙස රජයට බලකිරීම සඳහා දැවැන්ත විරෝධතාවයකට සූදානම් බව බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ මෙහෙයුම් කමිටු සාමාජික වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවාහැරියාට විතරක් මදි


මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ හිසට වෙඩි වැදීමෙන් පසු ප්‍රතිකාර ලැබූයේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේය. මෙහිදී අකාර්යක්ෂමතාව  මත පදනම්ව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක‍ෂ මණ්ඩලය වහා විසුරවා හරින ලදි. අපරාධ පරීක‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ජයවර්ධන පුර රෝහලේ අධ්‍යක‍ෂ ගමගේ මහතාට මාධ්‍ය වලට කතා නොකරන ලෙසට නියෝග කරන ලදි. නමුත් පසුව හෙලිවූයේ පැරණි අධ්‍යක්ෂක මණ්ඩලයේ දූෂණ වංචා නිසා මෙම විසුරුවා හැරීම සිදුවූ බවයි.
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලය හදිසියේ විසුරුවා හැරීම සම්බන්ධව කරුණු දැක්වීමේ මාධ්‍ය සාකච්ඡාවක් 17 දින ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. සමස්ත ලංකා සුවසේවා සංගමය මගින් මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි. රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලය විසිරුවා හැරීමට කටයුතු කළ නමුදු ඔවුන්ට එරෙහිව එල්ල වී තිබුණු දූෂණ, අක්‍රමිකතා චෝදනා සඳහා එය පමණක් ප්‍රමාණවත් නොවන බව එහිදී ඔවුහු අවධාරණය කලේය.ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ඉදිකිරීම් කටයුතු වලට අදාළව කෝටි 2500 ක පමණ මුදලක් ද, වායු සමීකරණ යන්ත්‍ර මිලදී ගැනීම් වලට අදාළව කෝටි 2 1/2 ක පමණ මුදලක්ද වංචා කළ බවට හිටපු සභාපතිවරයාටත්, අධ්‍යක්ෂ මණ්ඩලයටත් එරෙහිව චෝදනා එල්ල වී තිබුණු බව ඔවුහු පෙන්වා දුන්නෝය.

එසේම නියමිත ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව කරන ලද මිලදී ගැනීම්,ගෙවීම් ආදියෙන්ද මහා පරිමාණ මූල්‍ය වංචා සිදුව ඇති බවත්,වෘත්තීය ගාස්තු වශයෙන් අය කරන ලද මිලියන 130 පමණ මුදලක් නිසි පරිදි රජයේ ගිණුමට බැරවිය යුතුව තිබුණත් ඒවා ඉහළ පෙළ නිලධාරීන් කිහිපදෙනකු අතරේ බෙදී ගොස් ඇති බවත් ඔවුහු අවධාරණය කළහ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුව ඇති කෝටි 500 ට අධික අක්‍රමිකතා සම්බන්ධයෙන් තම වෘත්තීය සමිතිය මගින් අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවත්,එහි වැඩි වශයෙන්ම අන්තර්ගත වන්නේ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සිදුව ඇති දුෂණ ,වංචා හා අක්‍රමිකතා බව කුමාරසිංහ මහතා කියා සිටියේය.

කාලයක් පුරා ඕනෑම රෝගියෙකුට රුපියල් 200 ක් වැනි වියදමකින් තමන්ගේ මූලික ඖෂධ ටික ලබාගැනීමට දී තිබූ සහනය ඉවත් කරමින් රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලයේ හිතුමනාපෙට රෝගීන්ගෙන් මුදල් ගසාකන්නට අවස්ථාව උදාකරගත් බවද ඔහු සිහිපත් කළේය.
එසේම රෝහල් කාර්ය මණ්ඩලයට කාලයක් තිස්සේ නොමිලේ ලැබුණු කිරි තේ කෝප්පයද කප්පාදු කිරිමට තරම් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය නීච වී තිබුණු බව හෙතෙම අවධාරණය කළේය.මෙම රෝහල් සභාපතිවරයාගේ හා අධ්‍යක්ෂ මණ්ඩලයේ මූල්‍ය අක්‍රමිකතාවන් හා වංචාවන් කොතෙක්ද යන්න ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ මූල්‍ය වංචා කෝප් වාර්තාවේ 9 වන ස්ථානයට ස්ථානගතවිමෙන්ම පැහැදිලිවන බවත්,2009 මැයි මාසයේ පත්කරන ලද කමිටුවක් මගින් ඒ වසරේම ඔක්තෝම්බර් මාසය වන විට මොවුන්ගේ අක්‍රමිකතාවන් තහවුරු කෙරුණු වාර්තාව අමාත්‍යවරයාට ලබාදී තිබුණත් මොවුන්ට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති බව කුමාරසිංහ මහතා චෝදනා කළේය. එකී කමිටු නිර්දේශ වලට අනුවද එම සභාපතිවරයාගෙන් හෝ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් අයවිය යුතු මුදල් අය කරගෙන නොමැති බවත්,එකී කමිටුවේ නිර්දේශ අනුව ක්‍රියාත්මක වී නොමැති බවත් හෙතෙම පෙන්වාදෙයි.

මේ සා මහා පරිමාණ වශයෙන් කෝටි ගණනින් මුදල් වංචා හා අක්‍රමිකතා සිදුකළ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ හිටපු සභාපතිවරයාට හෝ අධ්‍යක්ෂ මණ්ඩලයට කිසිදු නීතිමය ක්‍රියා මාර්ගයක් නොගෙන ඔවුන් ඉවත් කිරිමට කටයුතු කිරීමෙන් එකී වංචාකරුවන් ආරක්ෂා කිරිමට රජය පියවර ගෙන ඇතැයි සමස්ත ලංකා සුව සේවා සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Tuesday, October 18, 2011

කට්ටිවාදීන් කුරුණෑගල පවුල් හමුවක...!


ජවිපෙ කට්ටිවාදීන් කුරුණෑගල ජනකලා කේන්ද්‍රයේදී සංවිධානය කිරීමට නියමිතව තිබූ 'නව ලිබරල් වාදයේ දෙවන ඉනිම" දේශනය, දුමින්ද නාගමුව මහතා එය කුරුණෑගල ජනකලා කේන්ද්‍රයේදී පැවැත්වුව හොත් දේශණයට නොපැමිණෙන බව ප්‍රකාශ කල නිසා නැවත කුරුණෑගල Y.M.B.A. ශාලාවේදී පැවැත්වීමට තීරණය කරන ලදි. ආරාධනා පත්‍ර බෙදීමේ සිටම කට්ටිවාදී මහ පුටු සමග ප්‍රතිවිරොධයකින් ඇරඹී මෙම සම්මන්ත්‍රණය, දුමින්ද නාගමුව මහතාගේ පැමිණීමද අකමැත්තෙන් භාරගත්තකි. පුබුදු තිස්සදී ඇනගත් නිසා දුමින්දවම මෙහි එවීම අනිවාර්යය වූ අතර, සම්මන්ත්‍රණය දින මෙහි සිටියේ 34 දෙනෙකු පමණි. ජවිපෙ සාමාජිකයන් 10ක් මෙහි ඔත්තු බැලීමට පැමිණ සිටි අතර, ආරක්ෂක අංශ සාමාජිකයන් 09ක්ද මෙහි අසුන්
ගෙන සිමියේය. මෙම 34දෙනා සැදී සිටියේද පවුල් 04කිනි. ඉතා පරිස්සමෙන් වචන හසුරවමින් දේශණය කල දුමින්ද, රැස්වීම අවසන්වූ වහාම සංවිධායකයින්ව හමුවී ඔවුන්ගේ මානසිකත්වය ඉතා දැඩිකරගන්නා ලෙසත් මේ කටුක මාවත තොරාගත්තානම් එහි ගමන්කල යුතු බවද අවධාරණය කරන ලදි. ඉන් කිපුනු කට්ටිවාදී සංවිධායකයෙක් ජවිපෙ සාමාජිකයන්ට sms පණිවුඩයක් යවමින් කියා සිටියේ අප එකම අරමුණක සෙවනේ සුන්දර මිනිසුන් ලෙස එක්වන්නේ කවදාදැයි ප්‍රශ්ණ කරමිනි.

තිස්ස රැස්වීම පුබුදු මග හරී


ජවිපෙ කට්ටි වාදී කණ්ඩායම යම් යම් ප්‍රදේශයන්හි පැවැත්වීමට නියමිතව තිබූ 'නව ලිබරල් වාදයේ දෙවන ඉනිම' දේශන අසාර්ථක වෙමින් පවතී. ජවිපෙ නිර්මාරතෘ රෝහණ විජේවීරයන් තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවිපොල අරඹමින්, මුට්ට කර ගසමින්, අරමුදල් රැස් කරමින් ආරම්භ කළ ජනතා විමුක්ති පෙරමුණ, මේ දක්වාම එහි බලපෑම තදින් කාවැදී තිබුණ අතර, තිස්ස ජනතාව ඉතා දුෂ්කර මොහොතේ පවා ජවිපෙ හැර නොගියේය. ජවිපෙ මෑතකදී මතුවූ මෙම කට්ටිවාදී කල්ලිය තිස්සදී ඔවුන්ගේ දේශණය පැවැත්වූ අතර ජවිපෙ සාමාජිකයන් පුබුදුගෙන් කළ ප්‍රශ්න හමුවේ පුබුදු අවිචාරවත් ලෙස දේශණය අතර මග නවතා දැමීය. රැස්වීම් සංවිධායකයන් හමු වූ පුබුදු චාගොඩ ඔවුන්ට බැන වැදී ඇත. ඔහුගේ සම්බන්ධීකරණය ද අවුල්කොට තිබූ සංවිධායකයන්, පුබුදුට වැරදි තොරතුරු ද ලබාදී තිබුණි. මින් අනතුරුව පුබුදු චාගොඩ මෙවැනි රැස්වීම් වලට නොඑවන ලෙසද සංවිධායකයින් කට්ටිවාදී මහ පුටුවලට දැනුම් දුන් බව ඒ මොහොතේම කතිකා වනු ඇසුනු බව මාධ්‍ය වේදීයකු පැවසීය.

Saturday, October 15, 2011

පවුල් අර්බුදය උග්‍ර අතට බැසිල් පෙරමුණට

 
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියොජනය කල වෘත්තීය සමිති සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ උපදේශකයෙකු ලෙස කටයුතු කොට ඝාතනය වූ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා හා වෙඩි හුවමාරුවකදී හිසට වෙඩිවැදී තවමත් ප්‍රතිකාර ලබමින් සිටින සන්ධානයේ මන්ත්‍රි දුමින්ද සිල්වා මහතා ගේ රෝගීතත්වය හා  තවත් තිදෙනෙකුගේ ඝාතනය වීම විසින් ශ්‍රි.ල.නි.ප ජ්‍යෙෂ්ඪයන් තමන්ට අහිමිව තිබූ තත්වයන් ගැනත් තම ජීවිත වල ඇති අනාරක්ෂිත බවත් ගැන කම්පනයට පත්ව ඇත.

රාජපක්ෂ පවුල් පාලනය ගැන කල කිරී සිටි ශ්‍රි.ල.නි.ප ජ්‍යෙෂ්ඪයන් ‍කලකිරීම්,දරාගැනීම්,බලය අහිමිවීම් වල පුපුරායෑම දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වීමේ ලක්ෂණ පෙන්නුම් කොට ඇත. රට තුල ක්‍රියාත්මකවූ පවුලක් පෝෂණය කල ආර්ථිකයේ තාර්කික ප්‍රථිඵලයද මෙසේ දේශපාලන අර්බුදයක් බවට පත්වීම ලාංකීය දේශපාලනයේත් ලෝක දේශපාලනයේත් අත්දැකීමයි.

මේ මොහොතේ පක්ෂය තුළ අභ්‍යන්තර අර්බුදයක් ඇතිවීම වළක්වා ගැනීමට ගත හැකි එකම විසඳුම ගෝඨාභය රාජපක්‍ෂ මහතා තාවතාලිකව හෝ ආරක්ෂක ලේකම්ධූරයෙන් ඉවත් කර තැබීම බව ආණ්ඩුවේ අමාත්‍යවරුන් බහුතරයකගේ අදහස වී ඇත. පවුලේ වරදාන වරප්‍රසාද විදින එක්සත් ජාතික පක්ෂයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූ පුද්ගලයින් සම්බන්ධයෙන් ද ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් තුළ බලවත් විරෝධයක් මතු වී ඇත.

මෙම අර්බුදය අකමැත්තෙන් වුවද පවුල් ගහ තුලම කලමණා කරණයට ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සිදුව ඇත. ඒතුල තම අභිමතයට 
නොවූ බැසිල් රාජපක්ෂ මහතා පෙරට ගැනීමට සිදුව ඇත. නාමල් සිහිනය බොදකර ගැනීමේ අකමැත්තත් රට පුරා උඩු දුවන ආර්ථික අර්බුදයත් ජනතාපීඩනයත් රට යන්නේ කුමන දිශාවකටදැයි කාගේත් අවදානයට යොමුව ඇත.

Friday, October 14, 2011

ජවිපෙ විරෝධි පිලේ මධ්‍යම කමිටු සැසිවාරයේ ගැටුම්

 
දැනට දින 02කට පෙර ජවිපෙ විරෝදී පිල විසින් තම තෙවන මධ්‍යම සැසිය පවත්වා ඇත.  තම කණ්ඩායමේ නායකයා කුමාර ගුණරත්නම්ද සේනාධීර ගුණතිලකද යනුවෙන් මෙම විවාදයේ වැඩි කාලයක් ගෙවිනි. මෙම ප්‍රකාශිත නායකත්වය පිළිබද ගැටලුවේදී අදහස් දැක්වූ කුමාර ගුණරත්නම් මහතා පවසා සිටියේ තමා ලංකාවට පැමිණියේ මාස 02ක කාලයකට බවත් දැන් තමා විසින් කල දේශපාලන කාර්යය අවසන් බවත් කණ්ඩායමේ ඉදිරි දේශපාලන කටයුතු සේනාධීර සහොදරයා විසින් දැරිය යුතු බවත්ය. මීට එරෙහිව දැඩි මතයක් ඉදිරිපත්කල දිමුතු ආටිගල මහත්මිය හා සේනාධීර මහතා තම කණ්ඩායමේ දේශපාලන අනාගතය කුමාර සහොදරයා සතු බවත් ඒ සදහා විදෙස් ගත වීම නොකල යුතු බවත් දැඩි ලෙස අවධාරණය කරන ලදි. කුමාර ගුණරත්නම් මහතාගේ අදහසට සමාන අදහසක් දැරෑ අශෝක මහතා මේ මොහොතේ කුමාර මහතා වහා විදෙස්ගත විය යුතු බව අවධාරණය කරන ලදි.

Sunday, October 9, 2011

බොරු කාරයින්ට වලිප්පු කාරයින්ට කණ්ඩායම් වාදීන්ට රැවටුන අයට පක්ෂයේ දොරටු විවෘතයි

ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් තම පක්ෂ අර්බුදයෙන් අනතුරුව පැවැත්වූ ප්‍රථම ජාතික රැස්වීම 05දින කොළඹ මාලිගාවත්ත පිටියේදී  පැවැත්විය. දස දහස් ගනන් ජවිපෙ සාමාජිකයන් ඉතා උද්යෝගිමත් කල මෙම රැලිය බොරු කාරයින්ට වලිප්පු කාරයින්ට කණ්ඩායම් වාදීන්ට රැවටුන අයට පක්ෂයේ දොරටු විවෘත්ත බව ජවිපෙ නායකයා ප්‍රකාශ කළේය.
මෙහිදී කථා කළ ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ මහතා:
සිරගතව සිටියදී වරක් රෝහණ සහෝදරයා සිරෙන් නිදහස් වූ විට කරන්නේ කුමක්දැයි මගෙන් ඇසුවා. ඔබ ආරම්භ කළ දෙය අවසන් කරන්නට මැරෙන තුරු කැපවෙන බව මම කිව්වා. අපි තනතුරු ගත්තේ වගකීම් ලෙසයි. අපි ඒවා කවදාවත් වරප්‍රසාද ලෙස හිතුවේ නැහැ. තනතුරු බලාගෙන දේශපාලනයට ආවේ නැහැ. රෝහණ සහෝදරයා හැදුවේ වරප්‍රසාදයවත්, කීර්තියවත් හඹාගෙන යන නායකයින් නෙවෙයි. ජනතාව ජයග්‍රහණය කිරීම තමයි අපේ අරමුණ. වසර 63ක් ලංකාවේ අපි ධනවාදය අත්හදා
බැලූවා. අද එය ලොව පුරා කුණු වී දුඟද හමනවා. එයින් මිදී සමාජවාදය කරා යෑමෙන් තොරව රටටත් ජනතාවටත් මේ ප්‍රශ්නවලින් මිදෙන්න බැහැ. 

අපේ පක‍ෂය තුළ විවිධ කාලවලදී කණ්ඩායම්වාදය මතුවුණා. පක‍ෂය ජනතාව අතර ජනපි්‍රය වෙමින් යද්දීත් යම් යම් පරාජයන් ලැබූ කාලවලදීත් එය පැන නැග්ගා. 1970 - 71 කාලයේදී ධර්මසේකර කණ්ඩායම හා ලොකු අතුලලාගේ කණ්ඩායමත්, 77 න් පසු හතරදෙනාගේ කල්ලියත්, 83 කාලයේදීත්, 94 කාලයේදීත් කණ්ඩායම්වාදය මතුවුණා, ඒත් පක‍ෂය ඒ සියල්ල පරාජය කරනු ලැබූවා, ජාතික ගැටලූව සම්බන්ධයෙන් පක‍ෂය තුළ තිබූ සංවාදය රෝහණ විෙජ්වීර සහෝදරයා විසින් පක‍ෂයට ඉදිරිපත් කළ වාර්තාව සමග අවසන් වුණා. එය තවදුරටත් සාකච්ඡා කිරීම තේරුමක් නැහැ.

අපට අවශ්‍ය පන්තිය සමගි කිරීමටයි. කම්කරු, ගොවි, ධීවර, කාන්තා. ශිෂ්‍ය, සියළු පීඩිත බලවේගවලට නායකත්වය දීමට ජවිපෙ සූදානම්. ජවිපෙ මිනිසුන් හැදුවේ මේ රට හදන්නයි. රටට සමාජවාදය ගෙන එන්නයි.


ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා: 
මහින්ද රාජපක‍ෂ මහතා ඡන්ද දිනන ක්‍රමයක් හොයාගෙන තියෙනවා. ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධි ලෙස ජනතාව රවට්ටමින් හා අල්ලස් දීමෙනුයි.  මගේ මව්බිම යැයි කියමින්, දේශප්‍රේමය ගැන කතා කරමින් මව්බිම පර්චස් ගණනින් බහුජාතික සමාගම්වලට පවරමින් ඉන්නවා. ආණ්ඩුව උත්සාහ කරන්නේ ජනතාවට හීන ලබාදෙමින් ඡන්ද දිනන්නයි’ ඒ සඳහා බොරු සංවර්ධනයක් මවාපානවා. මෙය ජනතාවගේ ජීවිත තුළ කිසිදු සංවර්ධනයක් සිදුවෙලා නැහැ. සංවර්ධනය වී ඇත්තේ රටේ සහ ජනතාවගේ ණය බරයි. අවුරුදු 63 තුළ සංවර්ධනය වූයේ පවුල් කිහිපයක් සහ ඒ වටා සිටි හෙංචයියන් අත්ළොස්සක් පමණයි. දැන් ආණ්ඩුව සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා යැයි කියමින් රටේ ආර්ථීක, පරිසරය, සදාචාරය පරදුවට තබා තිඛෙනවා. කැසිනෝ වීදි සහ නිරුවත් වෙරළ තීර ඇරඹෙන්නේ ඒ වෙනුවෙනුයි. මේක ලොව පුරා ජරාජීර්ණ වෙමින් පවතින ධනවාදයේ ගමන් මගයි. එයට ජනතාව පෙළෙන ප්‍රශ්නවලට පිළිතුරු සෙවිය නොහැකියි. ධනවාදය වසර 500 ක් පුරා ලෝකය තුළ පැවත තිඛෙනවා. ධනවාදය විද්‍යාවේ හා තාක‍ෂණයේ දැවැන්ත සොයාගැනීම් කරමින් සිටියත් එය ජනතාවගේ ප්‍රශ්න විසඳීමට සමත් නැහැ. එය හැම තත්පර 4කට වරක්ම ලෝකයේ දරුවෙක් කුසගින්නේ තබා මරාදමන තරමට දුෂ්ඨයි.

රෝහණ විෙජ්වීර සහෝදරයා පක‍ෂයක් නිර්මාණය කළේ, ලංකාවේ සමාජවාදය පිහිටුවා ජනතාව විඳින ප්‍රශ්නවලින් ඔවුන් මුදා ගැනීමටයි. අපේ රටේ ජනතාව සමාජවාදයේ හිරු කිරණ දකින තෙක් අත්වැල් බැඳගෙන සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ සමගයි. මහින්ද රාජපක‍ෂ පාලනය දිනෙන් දින පිරිහෙමින් සිටිනවා. එය සඟවාලීමට හෝ සංවර්ධන සිහිනවලින් වසා දැමීමට ආණ්ඩුව හැකියාවක් නැහැ. ඔවුන්ට කළ හැක්කේ නිර්ධන පන්ති ව්‍යාපාරය ඔවුන්ට එරෙහිව සංවිධානය වීම වැළැක්වීමයි. ඒ සඳහා කල්ලි කණ්ඩායම් බිහි කරනවා. ජනතාව වෙනුවෙන් ඒවා පරාජය කිරීම හැර අපට වෙන විකල්පයක් නැහැ.

සිංහල ජාතිවාදීන් ජවිපෙ දෙමළ ජාතිවාදී බව කියද්දී දෙමළ ජාතිවාදීන් ජවිපෙ සිංහල ජාතිවාදී යැයි කියනවා. ඒත් ජවිපෙ කිසිදු ජාතිවාදයකට යට වෙන්නේ නැහැ. සමහර මාධ්‍ය ප්‍රවෘත්ති පළ කරන අතර තවත් මාධ්‍ය ප්‍රවෘත්ති පැළ කරනවා. ඒත් ජනතාව නිවැරදි දේ තේරුම් ගත යුතුයි. කවුරු පක‍ෂයට කකුල් මාට්ටු දාන්න උත්සාහ කළත් ඒවා කල් ඇතුව හඳුනාගෙන පරාජය කරන්න අපි සමත්.


ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර දිසානායක මහතා:
මෙය ලෝක පරිමාණයෙන් ධනවාදය අර්බුදයට ගිය අවස්ථාවක්. ලොව පුරා ධනවාදී රටවල ජනතා අරගල පැතිර යමින් ඇති යුගයක්. එය අපේ රටටත් පොදුයි. අපේ රටේ මුළු මහත් සමාජයේ ප්‍රශ්නවලට මේ රටේ ඇත්තේ, එකම පිළිතුරක් පමණයි. එනම් නව සමාජ ක්‍රමයක් නිර්මාණය කරගැනීමෙන් මෙපිට විසඳුමක් නොමැති බවයි. එය හුදු ආණ්ඩු පෙරළීමකින් ඔබ්බට යා යුතුයි. නව සමාජ ක්‍රමයකින් මෙපිට කෙළවර නොවන අරගලයක්. 

යුද්ධය අවසන් වී වසර දෙකක් ගත වී තිඛෙනවා. යුද්ධයෙන් පසු ජාතික ගැටලූව අවසන් බව සිංහල ජාතිවාදී කොටස් කොඳුරමින් සිටිනවා. තවත් පිරිසක් ෆෙඩරල් දිය හැකි බවට යෝජනා කරනවා. ඒ වමේ මුහුණුවරින් ඉන්න කොටසක්. වික්‍රමබාහුගේ සිට ඩිව් ගුණසේකර. තිස්ස විතාරණ දක්වා වාමවාදීන් සිටින්නේ එතැනයි.

රෝහණ විෙජ්වීර සහෝදරයා 80 මුල දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද? යනුවෙන් ලියවිල්ලක් ඉදිරිපත් කර නිවැරදි මතය සමාජගත කොට සංවාදය අවසන් කළා. යුද්ධය අවසන් වූවාට පසු උතුරේ දෙමළ ජනතාව පිළිබඳ නිවැරදි දැක්මක් ආණ්ඩුවට හෝ වෙනත් දෙශපාලන පක‍ෂවලට තිබුණේ නැහැ. එම ජනතාවගේ ගැටලූ පිළිබඳව හ~ නැගුවේ ජවිපෙ පමණයි. ඔවුන්ගේ මියගිය හෝ අතුරුදන්වූවන් පිළිබඳ වේදනාව සටන් පාඨයක් කළේත් ඔවුන්ගේ ඉඩම් පැහැරගැනීම්වලට එරෙහිව සටන් කළේත් ජවිපෙ පමණයි. සිංහල දෙමළ මුස්ලිම් සියලූ දෙනා සමගිව යා යුතු ගමන පෙන්නුවේ ජනතා විමුක්ති පෙරමුණයි. ඒ සූරාකෑමට එරෙහි පොදු අරගලයයි.

මහින්ද රාජපක‍ෂ ආණ්ඩුව පවතින්නේ මහින්දගේ ශක්තියෙන් හෝ ධනවාදයේ ශක්තියෙන් නෙමෙයි. පන්තිය සංවිධානය කිරීමට අප අසමත් වී සිටින නිසයි. පන්තියට නායකත්වය දෙන ජවිපෙ තුළ කුමන්ත්‍රණ කරමින් ප්‍රතිගාමිත්වයට දායක වෙන්නේ ආණ්ඩුවේ ගමන තවත් වසරක් හෝ දෙකක් දික්කර දෙන්නයි. 


ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත මහතා 
පසුගිය මැයි දින වේදිකාවේ සිට අප දුන් පොරොන්දුවක් ඉටුකරමිනුයි. අපි අද මේ වේදිකාවට පැමිණ සිටින්නේ. ඒ ආණ්ඩුව බලහත්කාරයෙන් ගෙන ඒමට තැත් කළ විශ්‍රාම වැටුප් පනත පරාජය කිරීමයි. ආණ්ඩුව විධායක ජනාධිපති බලය පාර්ලිමේන්තුවේ 2/3ක බලය පළාත් සභා ප්‍රාදේශීය සභා බලය. ලබා තිබුණත් ජනතා බලය ඉදිරියේ දණගහන්න ආණ්ඩුවට සිදු වුණා. දැන් අපි රාජ්‍ය අංශයට රු.10,000/}ක වැටුප් වැඩිවීමකුත් පෞද්ගලික අංශයට 40%ක වැටුප් වැඩිවීමකුත් යෝජනා කර තිඛෙනවා. මේවා දිනාගත හැකි අයිතිවාසිකම් දැයි සමහරු අහනවා. ඒත් අපි එක්ව සටන් වැදුනොත් ඒවා දිනා ගත හැකියි. 1996 සිට ආරම්භ කළ අපේ වෘත්තීය සමිති ව්‍යාපාරය අද දැවැන්ත ගමනක් පැමිණ තිඛෙනවා. 

වැටුප් වැඩිවීම ආර්ථීක සටන්පාඨ ලෙස පෙනුණත් වැඩකරන ජනතාව සංවිධානය කිරීමට ඒවා අවශ්‍යයි. ලෙනින් නිවැරදි ලෙස සටන්පාඨ තේරුවා. ඒ පාන්, ඉඩම් සහ සාමය. ඒවා ආර්ථීක සටන්පාඨ යැයි කවුරුත් කිව්වේ නැහැ. අපි සටන් වැදිය හැකි හැම තැනකම සටන් වැදිය යුතුයි. ජනතා නියෝජිත ආයතනවලට ඇතුල් විය යුතුයි. ඒත් ඒවායේ ලගින්න නෙවෙයි. ජනතාව සංවිධානය කරන්නයි. වැටුප් වැඩිවීමක් ඉල්ලන්නේ එයින් සෑහීමකට පත්වෙන්න නෙමෙයි. වැඩකරන ජනතාවට ක්‍රමයට එරෙහිව පෙළගස්වන්න. වැටුප් සටන අයවැයට පෙර වේදිකාවට ගේනවා. සියලූ බලවේග සමග ඒකාබද්ධව ඒ වෙනුවෙන් සටන් කරනවා. එහෙත් සමාජවාදයෙන් මෙපිට වැඩකරන ජනතාවට ස්ථීර විසඳුමක් නැහැ.

අපේ පක‍ෂය අනෙක් පක‍ෂවලට වඩා වෙනස්. අපේ පක‍ෂයේ අභියෝගයක් මතුවූ විට සාමාජිකයා පක‍ෂය වටා දැඩිව රොද බැඳගෙන එය පරාජය කිරීමට කටයුතු කරනවා. ජවිපෙ කියන්නේ ලෝකයේ ලොකුම පවුල. මේ පක‍ෂයට අභියෝග කරන්න බැරි ඒ නිසයි. ජවිපෙ තිඛෙන්නේ පක‍ෂ මූලස්ථානයේ නෙවෙයි. මැතිවරණ කොමසාරිස්ගේ ලේඛනවලත් නෙවෙයි. අපේ පක‍ෂ සාමාජිකයාගේ හදවත පතුලෙයි. ජවිපෙ එක සාමාජිකයෙක් හෝ ජීවත් වෙනවා නම් ඔහුගේ හදවත පතුලේ ජවිපෙ පවතිනවා.

ජනතා විමුක්ති පෙරමුණට ආදරය කරන්නේ අපේ පන්තියේ ජනතාවයි. ජවිපෙ තුළ ගැටුම් ඇති කරවා පංතියේ විශ්වාසය බිදිමට අපේ සතුරන්ට අවශ්‍යයි. ඒත් අපි පැහැදිලිවම කිව යුතුයි. අපි එවැනි උගුල්වලට හසුවන්නේ නැහැ. අපිට සතුරන්ගේ වුවමනා අනුව කරන සංවාදවල ලැග සිටීමට අවශ්‍ය නැහැ. අපට පැවරුණ විශාල වගකීමක් තියෙනවා. ඒ මේ රටේ ජනතාව වෙනුවෙන් සමාජවාදය යථාර්ථයක් කරන්නයි. අපි එතෙක් වෙහෙස නොබලා වැඩ කරනවා. සතුරන්ගේ අවලාදවලට නොරැවටී ජවිපෙ වටා අත්වැල් බැඳගන්නා ලෙස සියලූ දෙනාට ආරාධනා කර සිටිනවා.

ජවිපෙ විරෝධී පිලේ අභ්‍යන්තර ගැටුමක්

පසුගිය දිනවල ජවිපෙ විරෝධීපිලට සාමාජිකයන් බදවා ගනු ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ වෙනත් පක්ෂ සමග සන්ධාන ගත වේ යැයි ව්‍යාජ භීතියක් ගෙනහැර දක්වමිනි. 
පසුගිය පලාත් පාලන මැතිවරණයට අදාළව ජනතා විමුක්ති පෙරමුණ සීනුවෙන් මැතිවරණවලට තරග කල යුතු යැයි එහි මධ්‍යම කමිටුව තීරණය කරනලද්දේ ඒකමතිකවය. ඒ ගිය අවුරුද්දේ අග භාගයේදීය. එතැන් සිට අද දක්වා ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව තුල  වෙනත් දේශපාලන පක්ෂ සමග සන්ධාන ගත විය යුතු යැයි කිසිදු යෝජනාවක් ඉදිරිපත් වී නැතත් ජවිපෙ විරෝධී පිලේ නායකයන් තම සාමාජිකයන් බිලි බා ගන්නේ ජවිපෙ සන්ධාන වලට යන බව පවසා ඊට එරෙහිව මතවාදී අරගලයක් කල යුතු බව සදහන් කරමිනි.
නමුත් එසේ ව්‍යාජ කරුණු ඉදිරිපත් කර ජවිපෙ විරෝධීපිලට බදවා ගන්නා සාමාජිකයන්ට ජවිපෙ විරෝධීපිලේ නායකයන් විසින් ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායකයන් පිළිබද ව්‍යාජ තොරතුරු මඩ සහ ද්වේශ සහගත ප්‍රකාශයන් ඉදිරිපත් කරනු ලබයි. මෙ‍ම ව්‍යාජ ද්වේශ සහගත ප්‍රකාශයන්ට එරෙහිව ශිෂ්‍ය සංගමයෙන් සහ ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකයෙන් ජවිපෙ විරෝධීපිලට එක් වූ පිරිසක් තම විරෝධය දක්වා ඇත.

ඉදිරි දින කිහිපය ලිබියාවට තිර්නාත්මකයි.

ලිබියා නායක මොහොමඞ් ගඩාපිගේ නායකත්වයේ අවසන් දින කිහිපය ගෙවා දමන බව යුරොපා සංගමය පවසයි. තිපෝලි නුවරට මේ වන විට කැරලි කරුවන් අතුළුවී ඇති අතර නේටෝ හමුදා ද තිර්නාත්මක ප‍්‍රහාරයක් අරබා ඇති අතර ලිබියා අර්බුදයේ තීර්නාත්මක දින කිපයක් මේත් සමග ගෙවි යන බව ජත්‍යතර පුවත් වර්තා කරයි. පතිස්තානයේ දී නේටෝ රථ 13ක් ගිණි තබා තබා විනාශ කිරිමද මෙය තවත් උණුසුම් කරන්නකි.

ඇපල් සන්නාමය ලොවට හඳුන්වා දුන් ස්ට්ව් ජොබ්ස් මිය යයි

56 වන වියෙහි පසු වූ ස්ට්වී ජොබ්ස් 05 දින ජීවිතක්ෂයට පත්වී ඇත.

ඇපල් සන්නාමය ලොවට හඳුන්වාදෙමින් දුරකථන ලෝකයට නව තාක්ෂණයක් හඳුන්වා දීමට මොහුට හැකිවිය. 

2004 වසරේ සිට ස්ට්ව් ජොබ්ස් පිළිකා රෝගයකින් පෙළුණි.

ප්‍රකට ඇපල් සමාගම සිය iPhone ජංගම දුරකතන මාලාවේ නවතම දුරකතනය වන iPhone 4S යනුවෙන් හඳුන්වා ඇති නවීන පහසුකම් 
වලින් සුසැදි දුරකතන එළි දක්වා දිනයක් ඇතුළත මොහු මියයාම ද විශේෂත්වයක් වේ.

කිසිඳු ස්වාධීන කණ්ඩායමක් පිළිගත් දේශපාලන පක්‍ෂයක් ලෙස පිළිගෙන නැහැ - මැතිවරණ කොමසාරිස්

පළාත් පාලන ඡන්ද විමසීමේදී තරග කරනු ලබන කිසිඳු ස්වාධීන කණ්ඩායමක් පිළිගත් දේශපාලන පක්‍ෂයක විකල්ප කණ්ඩායමක් ලෙස හෝ එම පක්‍ෂයේ  සැබෑ කණ්ඩායම ලෙස පිළිගෙන නැතැයි  මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා ප‍්‍රකාශ කරයි. පිළිගත් දේශපාලන පක්‍ෂයකට හෝ අපේක්‍ෂකයෙකුට ස්වාධීන කණ්ඩායම් වෙනුවෙන් ස්වකීය ප‍්‍රචාරක කාර්යාල ලබාදිය නොහැකි බවද හෙතෙම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශකර සිටියි.
මේ අතර, මේ මස 08 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී ඇතැම් අපේක්‍ෂකයන්ගේ අංක යටතේ වෙනත් පුද්ගලයින් තරග කරන බව හ`ගවමින් ප‍්‍රචාරක කටයුතු සිදුකරන බවට ද පැමිණිලි ලැබි තිබෙන බවත්  එය පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතට පටහැනි බවත් මැතිවරණ කොමසාරිස්වරයා සිය නිවේදනය මගින් කියා සිටියි. 
කිසියම් අපේක්‍ෂකයෙකුගේ නමක් වෙනුවට වෙනත් පුද්ගලයෙකුගේ නමක් අදේශ කළ නොහැකි බවද ඔහු අවධාරණය කරයි.

Test Post

Welcome to bloging