Sunday, October 23, 2011

ජවිපෙ කට්ටිවාදී ජී.කුලරත්නට කට්ටිවාදීන්ගෙන්ම ප්‍රහාරයක්...!

 
ජවිපෙ කට්ටිවාදී පිලේ කුරුණෑගල දිස්ත්‍රික් පාක්ෂිකයන් දැනුවත් කිරීමේ හමු 2ක් පසුගිය 20 දින හිරිපිටිය නගරාසන්නයේ සුමේධ මහතාගේ නිවසේදී හා පොල්ගහවෙල පොතුහැර සේකර විදුහල අසල උපකාරක පංති ශාලාවකදී පැවැත්වුණි. මෙම ප්‍රසිද්ද හමු ඇමතීම සදහා පැමිණ සිටියේ ජවිපෙ දේශපාලන මණ්ඩලයෙන් කට්ටිවාදී පිලට එක්වූ ජී කුලරත්න මහතායි. ඇත්ත දැනගන්න දෙපයින් හිටගන්න යනුවෙන් ජී කුලරත්න මහතා විසින් යොමුකල sms පණිවුඩයක් මගින් කුරුණෑගල දිස්ත්‍රික් හමු පිළිබදව දැනුවත්කොට තිබුණි.
මෙහි හිරිපිටිය ජන හමුව සදහා සහභාගීවූයේ 08ක් පමණි. හමුව අතර තුරදී සහභාගී වූ පිරිස ඇසූ ප්‍රශ්ණ සදහා පළිතුරු දීමට නොහැකිව කට්ටිවාදී ජී කුලරත්න මහතා අපහසුතාවයට පත්ව තිබේ. එම මහතාට අයත් ව්‍යපාර සදහා පක්ෂ අරමුදල් යොදා ගැනීම පිළිබදවත් කල්ලිවාදයකට සේවය කිරීම පිළිබදවත්, ඇතුළුව විමසූ ප්‍රශ්ණ සදහා කට්ටිවාදී ජී කුලරත්න මුළුමනින්ම නිරුත්තර වී තිබේ.
 
මෙහිදී කට්ටි වාදීන්ට දැඩි විවෙචන එල්ලකරමින් පිරිස කළමනාකරනයට උත්සාහ කල එම මහතා කට්ටිවාදීන් පක්ෂයට කරන අපරාධය විග්‍රහ කරන ලදි. නමුත් අවසන විග්‍රහයේදී නැවත කට්ටිවදීන්ට වමේ බලය ගොඩ නැගිය හැකියැයි කල ප්‍රකාශය සමග ඔහුගේ කථාවේ ඇති පරස්පරයත් කිසිදු න්‍යයික විග්‍රහයකින් තොරව තොරතුරු පමණක් ප්‍රකාශ කරනවායැයි පිරිස උරණ විය. මෙහිදී ජී කුලරත්න මහතා භාවිතා කල වාහනයද පක්ෂය සතු වූවක් බවත් පක්ෂ මතය පිලිනොගන්නේනම් එය පක්ෂයට භාරදෙන ලෙසත් වංචනික ලෙස ලබාගත් පක්ෂය සතු වාහන නැවත ලබාදෙන ලෙසත් පිරිස ඉල්ලා සිටියේය. නැවත සාකච්ජාව වෙනතකට යොමුවූයේ කුලියාපිටිය නගර සභා අපේක්ෂක කට්ටිවාදී එස් ඒ රණසිංහ මහතා ජවිපෙ සතු කුලියාපිටිය කාර්යාලය මීට මාස 06කට පෙර තම බිරිදගේ නමට පවරා ගැනීමේ චෝදනාවත් මෙය දිවයින පුවත්පතේ පලවූ අදියර 5කින් පක්ෂය කැඩීමේ පලමු පියවර නොවේදැයි ප්‍රශ්ණ කිරීමෙනි. කුලරත්න මහතා මීට පිළිතුරු ලබාදීමටත් පෙර එහි සිටි පරිස සාකච්ජා මග හැර ගියේ දේශපාලන වංචා කරුවන්යැයි දොස් නගමිනි. 

කරුණෑගල ජවිපෙ කට්ටිවාදීන්ගේ ප්‍රථම හමුවේදී ඇතිවූ මෙම අවුල් සහගත තත්වය නිසා, පොල්ගහවෙලදී පැවැත්වීමට නියමිත දෙවන දිස්ත්‍රික් හමුව පිරිසිදු කට්ටිවාදී හමුවක් විය යුතු බවත්, පොල්ගහවෙල පොදු හමුව අවලංගුකොට හමුව රහසිගත ස්ථානයක සූදානම් කරන ලෙසත් කුලරත්න මහතා කට්ටිවාදී සංවිධායකයින්ට අණ කර තිබේ. ඒ අනුව පොල්ගහවෙල කට්ටිවාදී රහසිගත හමුවට සහභාගී වී ඇත්තේ 12ක් පමණි. න්‍යායික කරුණු මත පදනම් වූ මෙම සාකච්ජාව අව්රෝරා සගරාව පිළිබද සංවාදයක් ඇරඹි අතර මෙහිදී කුලරත්න මහතා පැවසූයේ මෙම සගරාව දෙමළ ජනතාව ඉලක්ක කොට ගනිමින් නිකුත් කල බවයි. මෙහිදී පිරිස විමසා සිටියේ එසේ නම් මෙම සගරාව දෙමළ භාෂාවෙන් මුද්‍රණය නොකලේ ඇයි යන්නයි. මෙහිදි පිරිස විමසා සිටියේ උතුරේ පැවතියේ දෙමළ ජන අරගලයක්ද යන්නයි. ප්‍රභාකරන්ගේ නායකත්වය අහිමි වූ දෙමළ ජනතාව සදහා උපක්‍රමික වැඩ පිළිවෙලක් ලෙස මෙය යෙදවූ බව ආදී ලෙස කියමින් දීර්ග පැහැදිලි කිරීමකට ගිය කුලරත්න මහතාගේ මෙම ප්‍රකාශය තව දුරටත් ඇසීමට නොසන්සුන් වූ පිරිස මෙය ජන අරගලයක්ද නැද්ද යනුවෙන් තනි වචනයකින් ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටියේය. මෙය ජන අරගලයක් ලෙස කුලරත්න මහතා පිළිගත් අතර පිරිස තුල දැඩි නොසන්සුන්තාවයක් හටගත් අතර එහි සිටි ජවිපෙ පැරණි සාමාජිකයකු ප්‍රකාශ කලේ මෙය අවස්ථාවාදය බවත් වහාම පරාජය කල යුතු බවත් රෝහණ විජේවීර සහෝදරයාට පිටු පෑ මෙම ‍කට්ටිවාදීන් මේ මහ පොලවේ පැලකල නොහැක්කක් ඉදිරිපත් කිරීම වේදනා සහගත බවත් යැයි පවසමින් නික්ම ගිය අතර ‍ඉතිරිවූ කිහප දෙනා රැස්කල කුලරත්න මහතා තමා පක්ෂයේ දෙවන නායකයා බවත් තමන් අතීතයේ කල කැපකිරීම් ගැනත් මතක්කොට එය පිළිබද තක්සේරුවක් ජවිපෙ නායකයින් තුල නොතිබුන නිසා තමා ඉවත්වුන බවත් කට්ටිවාදීන් තුලත් බරපතල මතවාදී වියවුල් පැනනැගීම තමාට දැනෙන බවත් ඒ නිසා මෙවැනි හමු ආපසු සංවිධානය නොකරන ලෙසත් පිරිසිදු කට්ටිවාදීන් පමණක් ඉදිරියේදී සංවිධානය විය යුතු බවත් ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් පොදුවේ ගත්කල කුරුණෑගල දිස්ත්‍රික්කය සංවිධානය කල ජවිපෙ කට්ටිවාදී පිලේ හමු දෙකම අසාර්ථක වී තිබේ.

No comments:

Post a Comment