Friday, November 4, 2011

ජවිපෙ කට්ටිවාදීන්ට පොඩි රත්නේ එකතු වේ

1983 ජවිපෙ තහනමට ඉතා ආසන්න වකවානුවේ ජවිපෙ දේශපාලන මණ්ඩලයෙන් ඉවත්වූ පොඩි රත්නෙ හෙවත් ADP රත්නායක මහතා මේවන විට ජවිපෙ කට්ටිවාදී පිලේ මහ පුටුවක අසුන් ගන්වා ඇත. කට්ටිවාදී දේශපාලනය වැලදගත් පොඩි රත්නගේ දේශපාලන මතය වූයේ දෙමළ ඊලම් සන්නද්ධ ව්‍යාපරයේ අරගලයට ජවිපෙ පූර්ණ සහයෝගය දැක්විය යුතුබවයි. ලයනල් බෝපගේ මහතා දැරූ ස්වයං තීරණ අයිතිය දීමටත් එහා යමින් LTTE ජනඅරගලයක් බව ඔහු ප්‍රකාශකලා. ඊට එවකට රෝහණ විජේවීර මහතා ඇතුළු දේශපාලන මණ්ඩලය එකග නොවූ නිසා එවකට පක්ෂ ලේකම්ව සිටි ලයනල් බෝපගේ මහතා සහ පොඩිරත්න මහතා ජවිපෙ දේශපාලනයෙන් ඉවත් විය. ජවිපෙ දේශපාලන මණ්ඩලය තුල පරාජයට පත්වූ එම මතවාදය පක්ෂ තුල යටගොස් තිබුණු අතර එය සක්‍රීය කිරීමේ උවමනාවක් ඇත් දැයි සැක සිතුනේ පුබුදු ජාගොඩ මහතා හා අශෝක මහතා ADP රත්නායක මහතා හමුවී අයියේ අපි ආපහු වැඩ කරමු කියා ලංකා පුවත්පත මගින් සංවිධානය කල ජාතික විමුක්ති කථිකාව සදහා සෑදු අභ්‍යන්තර කවයේ සමාජිකත්වය 2011 මාර්තු මාසයේදී ලබා දීමත් සමගයි. ඒ අනුව මැයි 30 පැවති ජාතික විමුක්ති කථිකාවට (වටරවුමෙන් හරි පාරට) ප්‍රේක්ෂකයෙකු ලෙස පොඩිරත්න මහතා සහභාගී විය. 

නමුත් මේ පිළිබද මැයි 30 දා කොළඹ මහජන පුස්ථකාල ශ්‍රවණාගාරයේදී පැවති විවෘත සංවාදය පිළිබද අත්‍යවශ්‍ය පසුසටහනක් වශයෙන් ජුනි 05 ලංකා පුවත්පතේ මේ පිළිබද සමාලෝචනයේදී සුමිත්චාමින්ද මහතා විදර්ශන කන්නන්ගර මහතා පුබුදු ජාගොඩ මහතා සමග පොඩිරත්න මහතාත් එකට තබා සමාලෝචනය ගැනුනි. නවයැයි කියා ගත් නමුත් බොහෝ පැරණි මතයකට එසේ ක්‍රමාණුකූල පැවැත්මක් ලබාදුනි.
ඒ මිතු දමේ දිගුවක් ලෙස මේ මෙහොතේ පොඩිරත්නේ මහතා ජවිපෙ කට්ටිවාදී දේශපාලනයේ සක්‍රීය වී ඇත.

2 comments:

  1. wata raumen partani paratama

    ReplyDelete
  2. jvp eke mehemath matha thiyenawada. adirajyawadin thama mehema hithanne

    ReplyDelete