ඉඩම් අයිතිය සුරකිමු -

සෝමාවතී පුදබිමේ ඉඩම් අක්කර 5000ක් ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරළිධරන් සහ ප්‍රමෝදය වික්‍රමසිංහ දෙදෙනා එක්ව ඇමරිකාවේ ඩෝල් බහුජාතික සමාගමේ තැරැව්කරුවන් වෙමින් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපි ජනතා විමුක්ති පෙරමුණේ හටපු පාර්ළිමේන්තු මන්ත්‍රී සමන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතාගෙන් කල විමසීමේදී ඔහු ලබාදුන් ප්‍රකාෂය.
මේ වෙන කොට මහින්ද රාජපක්ෂ රජය මේ රටේ ජනතාවට අයිති ඉඩකඩම් අක්කර දහස් ගණනින් ලක්ෂ ගණනින් බහුජාතික මාගම්වලට ලබාදෙමින් තියෙනව. අපි දකින්නෙ මේ ඉතිහාසයේ වුනා පරිදිම දැනුත් දෙශපාලකයන්ට ලැබෙන කොමිස් මුදල් වලට දකින්නෙ මේ ඉතිහාසයේ වුනා පරිදිම දැනුත් දෙශපාලකයන්ට ලැබෙන කොමිස් මුදල් වලට සංතෝසම් හැටියට තමයි මේව ලබා දෙන්නෙ. විශේෂයෙන් මහවැලි ව්‍යාපාරය ගත්තත් මිපේ, කවුඩුල්ල, ගල්ඔය ව්‍යාපාරය ගත්තත් ගොවි පවුල්වල ගොවි අම්මලාගෙ තාත්තලාගෙ දෙවෙනි තුන්වෙනි හතරවෙනි පරම්පරාවෙ දරුවො ඉන්නව ඉඩම් නැතුව. සමහර එක ගෙදර අනු පවුල් දෙක තුන ඉන්නව ගෙයක් හදා ගන්න පර්චස් දහයක්වත් නැතුව. මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුගිය මැතිවරණ වලට ඉදිරිපත්කරපු ලියවිලි ගණනාවකම තිබන මේ මහපොලව ඔබගේය මේ සතා සිවුපාවා ඔබගේය මේ ඇල දොල ඔබගේය මම මේ දේශයේ භාරකරුවා පමනි. අයිතිකරුවා ඔබය කියල. ඉතින් අයිතිකරුවන්ට නොදන්වා අයිතිකරුවන්ට නොදී මේ පිටරැටියන්ට බහුජාතික සමාගම්වලට ඉඩම් ලබාදෙන යුගයක් බවට මේක පත්වෙලා තියෙන්නෙ. සොමාවතී සිද්ධිය ගත්තහම එක දෙයක් විතරයි. මේ වගේ අක්කර ලක්ෂගණනින් රට පුරා විකිනෙමින් තියෙනව. අපි දන්නවා මේ සොමාවතිය පුදබිම ආශ්‍රිත රක්ෂිතය කියන්නෙ සරැසාර බිම් තීරයක්. මහවැලි ගග අසබඩ තියෙන බිම් තීරයක්. ඉතින් මේක පසුගිය යුධ සමයේ එල්.ටී.ටී.ඊ ප්‍රෂණ තිබුන සමයේ අවුරුදු 30ක් පමන කාලයක් කිසිකෙනෙකුට අතගහන්න බැරුව තිබුනෙ. ඒකේ සතා සිවුපාව ජීවත්වුනා යුද්ධෙන් මේරට නිදහස්කරගත්ත මවුබිම නිදහස්කර ගත්ත කිවුවට නිදහසක් නෑ. මවුබිමේ දැන් කෑලි විකුණන යුගය ඇවිල්ල තියෙන්නෙ. දැන් අපි දන්නව විදේෂ සමාගම් ඉඩකඩම් ගන්නේ අපේ රටේ කවුරුහරි පුද්ගලයෙක් ඉදිරිපත්කරල සමාගමක් ඉදිරිපත්කරල තමයි එයාගෙ නමට අරගෙන තමයි අරකට්ටිය ඊලගට බුක්ති විදින්න පටන් ගන්නෙ ඒ අනුව කැලිෆෝනියාවේ ඩෝල් කියන සමාගම කළු ඉතිහාසයක් තියෙන සමාගමක්, ලෝකයේ ඉඩම් කොල්ල කමින් යන සමාගමක්, ඉඩම් නිසරු කරමින් යන සමාගමක්, මහා හානිකර රසායනික ද්‍රව්‍ය, මහා හානිකර ලෙඩරෝග ලොකෙට ව්‍යාප්තකරන සමාගමක්, ඒ සමාගම විසින් ලංකාවෙත් ඔය සෝමාවතිය ආශ්‍රිත ඉඩම් බුක්ති විදින්න පටන් අරගෙන තියෙන්නෙ. අක්කර 16600 ක බිමක් තමයි දෙන්න සූදානම්වෙලා තියෙන්නෙ. දැනට අක්කර 5000 ක ඉඩම් තීරුවක් දීල තියෙනව. ඉතින් කනගාටුවට කාරනය දැන් මේ දෙශීය සමාගමේ නියෝජිතයො හැටියට කොටස් කරුවො හැටියට පෙනීසිටිනව ‍ඩෝල් එක්ක ‍බෝල ගහන්න ගිහිල්ල තියෙනව මුත්තයියල, ප්‍රමොදයලා මේ කට්ටිය මේ රටේ කොටස්කාරයො බවට පත්වෙලා තියෙනව. ඒ කට්ටිය මේව අරගෙන අන්තිමට ඩෝල් සමාගමට දීල ඒකෙන් සන්තෝසම් ලබන්නො ලාභ ලබන්නො බවට පත්වෙලා තියෙනව. පලමු වටේ අක්කර 5000ක් එලිපෙහෙලි කරල තියෙන්නේ. මහා කැලෑ විනිශ කරල මහා සරුසාර බිමක් පෙරළල දැන් කෙහෙල් වගාවක් කරමින් යනව. ඉතින් අපි දන්නව මේවට දානනෙ මහා හානිකර රසායනික ද්‍රව්‍ය. විශේෂයෙන්ම වැළිකන්ද පොලොන්නරුව ප්‍රදේශයේ අහින්සක ගොවි ජනතාව තමන්ගෙ ගොවිතැනින් ජීවත්වෙන්න තරම් හැකියාවක් නොලැබෙන නිසා දැන් මේදවස්වල ගොයම් කැපෙනව යල කන්නෙ ආණ්ඩුව පම්පෝරි ගැහුවට නාඩු රුපියල් 28යි සම්බ 30යි කියල අද නාඩු කිලෝ1 රුපියල් 20යි 22කට යන්නෙ. සම්බ කිලෝ 1ක රුපියල් 24ට 25ට 26ට යන්නෙ. ඉතින් දැන් ගොවිය ක්‍රමක්‍රමයෙන් හුරුකරමින් ඉන්නව බහුජාතික සමාගම්වල කුළී කම්කරුවො බවට. ඉතින් ඔය ඩෝල් කම්පැනියෙන් දාන වගාවන් වලට ගිහිල්ල අපේ රටේ ගොවිජනතාව කම්කරු රැකියාව කරනව. උදේපාන්දර 6, 6.30 වෙනකොට ගොවි බිමට යන්න ඕන. හවස 5, 5.30 වෙනකොට ගොවිබිමෙන් එලියට එන්නඕන. මහා විස රසායනත් එක්ක ගොවියන්ට වැඩ කරන්න සිද්දවෙනව. අපි දන්නව කැලිෆෝනියාවෙ ඔය ඩෝල් සමාගම පිළිපීනයේ වගාවක් කරල ඒ වගා භූමියේ වැඩකරපු කම්කරුවො කාලයක් යනකොට වදභාවයට පත්වුනා. ඔවුන්ට දරුවන් හැදීමේ හැකියාවන් නැතිවෙලා ගියා. පසුව සමීක්ෂණය කරනකොට හෙලිවුනේ මේ ඩෝල් සමාගම පාවිච්චි කරපු විශ රසායනික හේතුවෙන් මෙහෙම වුනා කියල. ඒ රටවල මේව කළු ලැයිස්තුවට දාපු සමාගම්. එහෙම සමාගම් තමයි ලංකාවට ගෙන්නල තියෙන්නෙ අතවනල මේ දෙශප්ප්‍රේමී යැයි කියාගන්නා රටේ ජනතාවට ආ‍දරේ යැයි කියාගන්නා ආණ්ඩු ගෙන්නල තියෙන්නෙ. ඉතින් මහින්ද රාජපක්ෂ මැතිතුමා හරියටම උප්පැන්න සහතිකේ අනුව කියනවනම් පර්සි මහේන්ද්‍ර රාජපක්ස මැතිතුමා පහුගිය මැතිවරනෙදි කිවුවෙ වක්කඩෙන් අත සෝදාගෙන මා නාමයෝජනා පත්‍රය අත්සන් කරන්නෙ මේ රටේ ගොවිජනතාව වෙනුවෙන් කියල. ඉත්න් වක්කඩෙන් අත සෝදගත්ත පර්සි මහේන්ද්‍ර මහත්තය අද වෙනකොට ඒ සොදාගත් අතෙන් අත්සන් කරල මේ රටේ ජනතාවට අයිති ගොවි බිම් ජලපෝෂක බිම් අක්කර ලක්ෂ ගණනින් බහුජාතික සමාගම් වෙතට ලබා දෙමින් තියෙන යුගයක් බවට පත්වෙලා තියෙනව. ඉත්න් ඩෝල් සමාගමේ මේ ගොවි බිම් තියෙන්නේ සෝමාවතියේ විතරක් නෙවෙයි. මම ජීවත්වන ගම් ප්‍රදේශයේ මහියංගනය ආසනයේ උල්හිටිය ජලපෝෂක ප්‍රදේශයේ උල්හිටිය කියන්නෙ මහා ජලාශයක් එහි පෝෂක ප්‍රදේශයේ ඉහත්තෑවේ අක්කර දස දහස් ගණනක් බිමට සමතලා කරල අද කාන්තාර ගානට වැටිල තියෙන්නෙ. ඒ ඔය කෙහෙල් වගාව කලේ දැන් අල්ලපු දිස්ත්‍රික්කෙ මොණරාගල දිස්ත්‍රික්කෙ මැණික් ගග අනික් පැත්තෙන් කිරිදිලි ඔය අසබඩ අක්කර විසිදාහකට කිට්ටුව සමතලා කරල තියෙන්නෙ. ඉතින් ඔය විදහට අක්කර දහස් ගණනක් ඩෝල් සමාගමට දීල තියෙනව. ඉතින් සෝමාවතියේ දැන් අක්කර පන්දාහක් වගාව කෙරෙනවා තව අක්කර 11600 ඉදිරියේදී වගා කිරීම සදහා ලබා දීල තියෙනව. දැන් ආණ්ඩුව සූදානම් වෙනව සංචාරක කෘෂිකර්මාන්තය කියල කෘෂිකර්මාන්තය අර්තකතනය කරල සංචාරකයෝ ගෙන්වාගැනීම සදහා සැලළුම් කරනව එතකොට ඔය මහා වනගත භූමි තුල හෝටල් ටිකක් තනල ගොල්ෆ් පිට්ටනි ටිකක් ගහල එහෙම කරන්න පුළුවන් දැන් නිරුවත් වෙරළ තීරයක් හදන්න යනව තව ඉතින් නිරුවත් වනතීර හදන්න පුළුවන්, නිරුවත් වැවු තීර හදන්න පුළුවන්, ඉහැත්තෑවල, තාවුළු වල මේව කරන්න පුළුවන්. මේ ආණ්ඩුව රට ගෙනියන්නෙ ආන්න එහෙම තැනකට. ඉතින් මේක සොචනීය තත්වයක්. මේව තමයි රජය ජනතාවට දේශප්‍රේමිත්වය පෙන්නල කරන දේවල්. මේ තත්වය වෙනස් කරන්න අපි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය හැටියට මේදවස්වල පුළුල් වැඩකොටසක් කරගෙන යනව මේ රටේ ජනතාවගේ අයිතිය රැකගන්න. ඉත්න් ඒකට අපේ රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනව මේ තත්වය තේරුම් අරගෙන මේතත්වය පරාජය කරන්න කවුරුත් එකාවන්ව නැගී සිටින්න කියල. මොකද මෙරටෙන් තුනෙන් එකක් වෙන්කරල තමයි එල්.ටී.ටී.ඊ එක වෙනම රාජ්‍යයක් හදාගන්න හැදුවෙ. ඉතින් මේ රටේම කොටසක් තමයි ඒ වෙනම රටක් හදන්න මහන්සි ගත්තෙ. ඒ අය පැරැද්දුවා. නමුත් දැන් වෙලා තියෙන්නෙ ඒ නිදහස් කරගත්තු මේරටේ භූමි භාගයත් ඇතුළුව දකුනේ තියෙන භූමියත් දැන් බෙදා වෙංකරනව නෙවෙයි විකුනා ඉවර කරනව. ඉතින් නිදහස් කරගත්තායැයි කියන පාලකයින්ගෙන් මෙහෙම වෙන එක මහා සෝචනීය තත්වයක්. නමුත් ඒක තමයි අද දවසේ යතාර්තය. අපි රටේ ජනතාවට කියන්නෙ මේ යතාර්තයට අපි නිකං ඉහ මොල ගලෝනකන් ඉවසගෙන ඉන්න අවශ්‍යතාවයක් නෑ. මේව රැකගන්න ඕනෙ. අනාගත පරම්පරාව වෙනුවෙන් මේව ආරක්ෂා කරන්න ඕනෙ. ආං ඒ කාර්ය භාරය සදහා අප සමග අත්වැල් බැදගමු අපි ඒ සදහා නායකත්වය දෙන්න සූදානම් කියන පණිවිඩය දෙනව.

No comments:

Post a Comment