Friday, October 12, 2012

පවුල් වාදය තහවුරුයි - එස්.බී.ට බෑ, බැසිල්ට පුළුවන්


විශ්වවිද්‍යාල ආචාර්යවරු දින 100ක් පුරාවට ගෙන ගිය වෘත්තීය අරගලය තුල රාජපක්ෂ පවුලේ බලඅධිකාරය නැවත වටයකින් තහවුරු කරගැනීමට හැකි විය. මෙම සටන ඇරඹීම ජනපති මහින්ද රාජපක්ෂ මහතා මුලින් දැනගෙන සිටියේ නැත. මෙම අර්බුදයේ බරපතල බව දැනගත් වහාම එස්.බී. දිසානායක ඇමති වරයාට දුරකථනයෙන් බැන වැදුන මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කොට තිබුනේ විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ වටිනා කමයි. ඒ අනුව කටයුතු කල එස්.බී. දිසානායක මහතාට රටතුල ලැබුනේ අප්‍රසාදයකි. එස්.බී. දිසානායක මහතා අමුවට
ධනවාදී විසදුම් ප්‍රකාශ කල අතර එය මහජනයා විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ට සෘජු ලෙසම සහාය දක්වන්නට හේතු විය. විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ටද එස්.බී. දිසානායක මහතාගේ මෙම හැසිරීම තමන්ගේ සුළු ධනේෂ්වර පදනම වසා ගැනීමට නොහැකි වී සටනේ දිගටම සිටීමට සිදු විය.
ධනවාදය පුද්ගලික, සාමූහික, හෝ ජාතික අවශ්‍යතාවයන්හිදී හැසිරෙන්නේ තම පංතියේ උවමනාවන් සංයෝග කිරීමටයි. නමුත් එය සාමාන්‍ය ජනතාව දැනගන්නේ නම් අරගල කරයි සටන් කොට නව රජයක් පිහිටුවීමට සූදානම් වේ. මෙම සත්‍ය සැගවීම සදහා ධනපතියන් උපරිම ක්‍රියාමාර්ගයන් ගන්නා අතර ජනතාව මෙම සත්‍ය තම මොල කුහර වලට කාවද්දා ගනිද්දී තමන්ව සෘජු ලෙසම ආරක්ෂා කරන අමු යන්ත්‍ර වූ නීතිය, මිලිටරි බලය, සිරගෙවල් ආදී කල එලි බසී. එස්.බී. නැමති මෝඩයා කටයුතු කරන්නේ තම ජයග්‍රහණය පිළිබද සහතිකය (ධනපති පංති උවමනාව තහවුරු කිරීම) ධනවාදයේ අමු යන්ත්‍ර සූත්‍ර පිළිබද විශ්වාසය තබමින්ය. මෙම අමු යන්ත්‍ර වලට ජනතාව බිය නිසා එස්.බී.ට අකමැතිය.
එස්.බී. ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙද්දී එම තැන ගත්තේ බැසිල් රාජපක්ෂ හා පී.බී. ජයසුන්දරයි. ඒ ධනපති පංතියේ උවමනාවට එරෙහි වීමක් නිසා නොවේ. ධනපති උවමනාව ජනතාවගේ මොල කුහර වලට කාවැදීම වැලක් වීමට මනෝවිද්‍යාත්මක උපාය මාර්ගයන් භාවිතා කරන නිසාවෙනි. (ජනතාව ඇන්දවීමට ඇති දස්කම)  බැසිල් රාජපක්ෂ ඇමති වරයා විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්වත් ජනතාවත් අන්දවන්නේ මෙසේයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරු මානසිකව පැරදවීම.
ආචාර්යවරුන්ගේ ඉල්ලීම් අතර අසාධාරණ ඉල්ලීම් තිබුණ කියලා මම කියන්නේ නෑ. නමුත් රටේ ජනතාවට‍ මේ මොහොතේ දරාගත හැකි සීමාවක් පවතින බැවින් ඒ පිළිබඳව සිතන්නට සිදුවෙනවා.

විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇන්දවීම
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ විධායක කමිටු රැස්වීම මේවන විටත් පැවැත්වෙමින් ඇති නිසා ඒකාබද්ධ මාධ්‍ය හමුවට සහභාගී නොවීමට එකී සම්මේලනයේ අභ්‍යන්තර සාකච්ඡාවේදී තීරණය කරන්නට ඇති නැත්නම් අනිවාර්යෙන් වැඩේට සෙට් වෙලා හිටියේ.

ජනතාව ඇන්දවීම
යළි මෙවැනි අර්බුදයක් ඇති නොවන තැනට කටයුතු කරන්න ඕන නිසාත් ඒවැනි බැරෑරුම් අවස්ථාවක දීර්ඝ කාලීනව සිතා බලා තීරණ ගැනීමට අවශ්‍ය නිසා සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට සිදුවුනා ප්‍රශ්නය විසඳීමට තරමක් කල්ගත වුනේ ඒ නිසා.


දැන් ඉතින් ජනතාව කල්පනා කරන්නේ බැසිල් වැඩේ අනාගන්නේ නැතිව බේරුවා කියායි. පාලක පංතියේ මතය ජයග්‍රහණය කොට ඇත. සටන් කල බලවේග සදුදා සිට පාලක පංතියේ අවමානයට ලක් විය යුතුය.
විශ්වවිද්‍යාල ආචාර්ය වරුන් නැවත තම අධ්‍යයන කටයුතු අරඹන්නේ ශිෂ්‍ය ව්‍යාපාරය සමග ප්‍රතිවිරෝධයක් සදා ගනිමින්ය. එනම් පාගමන් දෙකක් සංවිධානය කරමින් ආචාර්යය සටන අපිරිසිදු බවත් එහි සටන් පාඨයන් වැරදි බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ප්‍රකාශ කල තත්වයක් යටතේයි. අධ්‍යාපන ක්ෂේත්‍රෙය් අරගල පැවතුනේ ගුරු සිසු එකතුවකින් මිස ප්‍රතිවිරෝධයකින් නොවේ. නමුත් ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ආචාර්ය සටන සමග ගැටළුවක් සාදා ගන්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය තම ප්‍රතිපත්තිය ගැන දන්වා පලකල ද්‍රෝහී මාධ්‍ය නිවේදනය සමගයි. එහි සදහන් වූයේ

එහෙත් මෙම පාගමන පිළිබඳ නැගුණු ප‍්‍රධාන ගැටලූ 2ක් ඇත. පළමුවැන්න ආචාර්ය සංගමය තෝරාගෙන ඇති සටන් පාඨය පිළිබඳ ගැටලූවයි. රාජ්‍ය අධ්‍යාපනය සුරකිමු යන්න ඔවුන්ගේ සටන් පාඨයයි. අවිශිබම සටන් පාඨය වන්නේ නිදහස් අධ්‍යාපනය දිනාගනිමු යන්නයි. එහි වෙනස පිළිබඳ යම් ශාස්තී‍්‍රය සංවාදයක් අවශ්‍ය බව අපි දකිමු
දෙවැනි ගැටලූව වන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීම, පාසල් වැසීම, ප‍්‍රතිපාදන කැපීම යන සියල්ල ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගන්නා දේශපාලන පක්ෂයක් වන එජාපය සමග එක්ව මෙම පාගමන යාමයි. ඉහත ප‍්‍රතිපත්ති පිළිගන්නා පක්ෂයක් වන එජාපය හා එවැනි පක්ෂ හැර අනෙක් කිසිඳු දේශපාලන පක්ෂයක් සමග කටයුතු කිරීමට අවිශිබමට ගැටලූවක් නොවේ

ඉතිහාසයේ පලමු වතාවට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය එජාපය සමග කටයුතු කිරීම නවතා ඇත. (අන්තරේ හිටපු කැදවුම් කරුවෙක්වූ උදුල් ප්‍රේමරත්න මහතා අත්අඩංගුවට පත්වූයේ රටේ මතුවන අධ්‍යාපන අර්බුධය ගැන එජාප මූලස්ථානය දැනුවත් කොට පැමිනෙද්දීය) මෙහි දිගුව වන්නේ හෙට දින් ශ්‍රීලනිපය සමග දේශපාලන කටයුතු නතර කිරීමයි. ඒ අනුව අවිශිබම රටේ ලාංකීය ජනතාවගේ සම අධ්‍යාපන අයිතිය සුරැකීමට බහුජනතාවන් ඈදා ගන්නා ව්‍යාපාරයක් නොවන තත්වයකට පත්ව ඇත. වැඩෙන ජන අරගලයට නායකත්වය දෙනවා වෙනුවට ප්‍රබන්ධ කරන ලද අරගල විධීන් ජනතාවට උගැන් වීමට යයි.  ප්‍රගතිශීලි සටන් නියෝජනය කරනවා වෙනුවට මග හරියි. ජනතාවගේ ප්‍රගතිශීලී අරගල තමන්ගේ අච්චුවකට අනුව සකස් නොවන්නේ නම් ඒවා ප‍්‍රතිගාමීත්වයට පාර කපන්නේයැයි පවසමින් ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ පතාකයෙක් වූ අවිශීබම අද දින කුඩා කල්ලියක් බවට පත්වෙමින් පවතී. මෙම ප්‍රතිපත්ති මත හිදිමින් කටයුතු කරනා නිසා ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ අරමුණු හා නායකත්වයේ කාර්ය භාරය බොද වී ඇත. අධ්‍යාපනයේ අර්බුදයට සැබෑ විසඳුම් සොයා ගැනීම සඳහා සමාජ-ආර්ථික-දේශපාලන පරිවර්තනයක් සදහා අරගල කල ඒ සදහා වූ ජන බලවේගයන් සමග අත් වැල් බැද ගැනීමට වුව ශක්තියකින් හෙබි අන්තරය අද දවසේ සටන් පාඨ ගැටළුවක් නිසා අරගලතුල හුදකලා වීම තම අනන්‍ය ගමනෙන් පීලි පැනීමකි. විශ්වවිද්‍යාල ආරම්භයත් සමග ප්‍රගතිශීලි විශ්වවිද්‍යාල සිසුන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයෙන් විමසන කාරණය මෙයයි.
ධනපති පංතියේ කාර්ය එස්.බී. අමුවට කරන විට බැසිල් අන්දවයි. පීඩිතයන්ගේ අරමුණු දිනා ගැනීමට මේ සත්‍ය සියළු දෙනාගේම මොළකුහර වලට කාවද්දනා ක්‍රියාදාමයකට නායකත්වය දිය යුතුය.  නැග එන සැඩ පහරවල් හමුවේ ගමන් කිරීමට ජනතාවට මග කියන දෘෂ්ටියකින් ජනතාව සන්නද්ධ කල හැක්කේ බහුජනයාට නායකත්වය දිය හැකි බහුජනයාගේ පංතිවිඥාණය වර්ධනය කරන, ව්‍යාපාරයකට මිස අරගල මැද ව්‍යාජ විප්ලවාවාදී වැකි දොඩවමින් ජන අරගල පටු කරන කල්ලියකට නොවේ.
අද සටන් කරන බලවේගයන්ගේ විරසකය හෙට විශ්වවිද්‍යාල තුල නිරාකරණය කර නොගන්නේ නම් හෙට දින අධ්‍යාපන අරගලද ලංගම සේවකයින්ගේ අරගලයට නොදෙවෙනි අරගලයක් වනවා නොඅනු මානය. ඒ නිසා සටන් මැදට පැන එහි තමන්ගේ අච්චුවේ සටනක් දැයි සොයා එහි ගමන් මග ස්වභාවය උගන්වන ඒවාට අනුකූල නොවන සටන් මග අරින්නන්ගෙන් ශිෂ්‍ය ව්‍යාපාරය බේරා ගත යුතුය.

No comments:

Post a Comment