Saturday, October 20, 2012

සමාජවාදී කියුබාවට සැබෑ ලෙසම සහායකොට ඇත්තේ ජවිපෙ පමණි


ජනතා විමුක්ති පෙරමුණ එහි ආරම්භයේ සිට මේ දක්වාම සමාජවාදී කියුබාවට දෙගඩියාවෙන් තොරව සහයෝගය පළ කිරීම අගයකරනු වස් කියුබානු රජය ජනතා විමුක්ති පෙරමුණට මිත්‍රත්වයේ පදක්කම පිරිනැමීය.
කියුබානු රජය සමග විවිධ සබදතා ලංකාවේ පක්ෂ පවත්වන නමුදු සමාජවාදී සොවියට් දේශය සහ චීනය එම පක්ෂ කෙරේ දැක්වූ ආකල්පයට වඩා වෙනස් ස්ථාවරයක හිදිමින් කටයුතු කරන රටක් ලෙස කියුබාව ප්‍රසිද්ධියට පත්ව ඇත. හිටපු කියුබානු
නායක වරක් 1970 චිලියේ ජනතා ඡන්දයෙන් බලයට පත්වූ අයන්ඩේගේ ආණ්ඩු ආරාධනයෙන් කල සංචාරයකදී අයන්ඩේට සහාය පල කලේ කුඩා පිස්තොලයක් තෑගි වශයෙන් ලබා දෙමිනි. එසේ ලෝක වමේ ව්‍යාපාරයට මහත් බලපෑමක් කල කියුබාව ජවිපෙ සම්බන්ධයෙන් මෙවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම කාගේත් අවධානයට පත්ව තිබේ.
ජවිපෙ වෙනුවෙන් පලකල එම මිත්‍රත්වයේ පදක්කම එහි නායසෝමවංශ අමරසිංහ මහතා විසින් භාරගනු ලැබින.
මෙම පදක්කම් පැළඳවීම ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති කාර්යාලයේදී 19දින  සිදුවිය.

No comments:

Post a Comment