Saturday, October 20, 2012

තෙල් සොයායන නෞකාව නාමල් බලාසිටියදී ජනපති අතින් දියඹට


නාරා ආයතනයේ සමුද්‍රිකා පර්යේෂණ නෞකාව ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතින්  දියඹට දියත් කෙරින.  හම්බන්තොට මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරාය පරිශ‍්‍රයේ දි මෙම නෞකාව දියඹට දියත් කිරීමේ උත්සවය පැවැත්විනි. මෙම උත්සව අසවස්ථාවට මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුවූ පා.ම. නාමල් රාජපක්ෂ මහතාද සහභාගී විය. දිවා රාත්‍රී වෙහෙසී රටගොඩනැගීමට මහන්සිවන නාමල් රාජපක්ෂ මහතා මෙම අවස්ථාවට සහභාගීවීම විශේෂත්වයක් බව රජයේ මාධ්‍ය පැවසූයේය. සමුද්‍රිකා නෞකාව, සමුද්‍ර ගවේෂණ,පර්යේෂණ, සහ
ජල ශාස්ත‍්‍රීය මැණුම් කටයුතු සඳහා ම විශේෂිතව නිපදවූ ශ‍්‍රීලංකාවට අයත් ප‍්‍රථම නෞකාවයි. රුපියල් මිලියන 300 ක පමණ වටිනාකමින් යුත් සමුද්‍රිකා නෞකාවේ දිග මීටර 25 කි. මෙම නෞකාව තුළ පර්යේෂකයෝ හත්දෙනෙක් දිවා රාත‍්‍රි පර්යේෂණ කටයුතුවල නිරත වෙති. නෞකාව පර්යේෂණ හා තාක්ෂණික උපකරණ මෙන්ම, නවීන විද්‍යාගාරයකින් ද සමන්විතයි.  පරීක්ෂණවල ප‍්‍රධාන අරමුණක් වන්නේ තෙල් ආකර හඳුනා ගැනීමයි.

No comments:

Post a Comment