Saturday, October 20, 2012

තමිල්නාඩුවට දුරස්ව හමුදා අභ්‍යාස පැවැත්වීමට ඉන්දියාව කටයුතු කරයි


ශ‍්‍රි ලංකා නාවික හමුදාව සමග අඛණ්ඩව අභ්‍යාසවල යෙදීමට සුදානම් බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය ප‍්‍රකාශ කරයි. තමිල්නාඩුව, ආන්ද්‍රා ප‍්‍රදේශ් , කේරලය හා කර්නාටක ප‍්‍රාන්තවලට ඈතින් පිහිටි ප‍්‍රදේශවලදී එම අභ්‍යාසවල යෙදීමට නියමිතයි. ඉන්දීය ආරක්ෂක ප‍්‍රධානීහු ඒ බව විදේශ ප‍්‍රවෘත්ති සේවාවලට ද ප‍්‍රකාශ කළහ. ඉන්දු ශ‍්‍රි ලංකා ආරක්ෂක සබඳතා වර්ධනය කරගැනිමේ වැඩපිළිවෙළට තමිල්නාඩුවේ ඇතැම් දේශපාලන කණ්ඩායම් විරෝධය පළකරයි. එභෙත් එවැනි විරෝධතා මතුවන ප‍්‍රාන්තවලින් දුරස්ථව අභ්‍යාසවල යෙදීමේ
කිසිදු ගැටලුවක් මතුනොවන බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙයි.

No comments:

Post a Comment